බ්‍රේකිං බෑඩ්

බ්‍රේකිං බෑඩ් (ඉංග්‍රීසි:Breaking Bad) යනු වින්ස් ගිලිගන් විසින් නිර්මාණය කර නිෂ්පාදනය කරනු ලැබූ, අපරාධ ගණයේ ඇමරිකානු රූපවාහිනී ටෙලිනාට්‍ය මාලාවකි.

මෙම ටෙලිනාට්‍ය මාලාව පළමු වරට විකාශය වූයේ 2008 ජනවාරි 20 සිට 2013 සැප්තැම්බර් 29 දක්වා AMC ( ඒ එම් සී (රූපවාහිනී නාලිකාව) ) කේබල් නාලිකාවේය. එය කතාමාලා 5ක් වශයෙන් විකාශය විය. මෙහි ප්‍රධාන චරිතය වන වෝල්ටර් වයිට් (බ්‍රයන් ක්‍රැන්ස්ටන්) යනු කතාව ආරම්භයේදීම තමාට පෙනහළු පිළිකාවක් ඇති බව දැනගන්නා, ඇමරිකානු උසස් පාසල් රසායන විද්‍යා ගුරුවරයෙකි. මොහු තම මරණයට පෙර තමාගේ පවුල ආර්ථිකව ශක්තිමත් කිරීම අරමුණු කරගෙන අපරාධකරුවෙකු බවට පත්වී මෙතම්ෆෙටමින් නමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනයටත්, ඒවා විකිණීමටත් යොමුවෙයි. ඔහු මේ සඳහා ඔහුගේම පෙර ශිෂ්‍යයෙකුව සිටි ජෙසී පින්ක්මන් (ආරන් පෝල්) තම හවුල්කරුවා ලෙස සම්බන්ධ කරගනී. මෙම ටෙලිනාට්‍ය මාලාවට පාදක වී තිබෙන්නේද, එය නිර්මාණය කර තිබෙන්නේද, ඇමරිකා එක්සත් ජනපදයේ, නිව් මෙක්සිකෝ ජනපදයේ, ඇල්බකර්කිව් නම් නගරයයි.

බ්‍රේකිං බෑඩ්
"බ්‍රේකිං බෑඩ්" ටෙලිනාට්‍ය මාලාවේ මාතෘකා තිර දර්ශනය. මෙය නිර්මාණය කර ඇත්තේ බ්‍රෝමීන් (Br) සහ බේරියම් (Ba) යන රසායනික මුලද්‍රව්‍ය වල සංකේත යොදාගනිමිනි.
ප්‍රභේදයඅපරාධ
ත්‍රාසජනක
Contemporary Western
Black comedy
තැනුවේවින්ස් ගිලිගන්
රඟපෑම
  • Bryan Cranston
  • Anna Gunn
  • Aaron Paul
  • Dean Norris
  • Betsy Brandt
  • RJ Mitte
  • Bob Odenkirk
  • Giancarlo Esposito
  • Jonathan Banks
  • Laura Fraser
  • Jesse Plemons
ඇරඹුම් තේමාව"Breaking Bad Theme"
Composer(s)Dave Porter
සම්භව රටඇමරිකා එක්සත් ජනපදය
භාෂාව(න්)ඉංග්‍රීසි
කථාවාර සංඛ්‍යාව5
කථාංග ගණන62 (කථාංග ලැයිස්තුව)
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)
  • වින්ස් ගිලිගන්
  • Mark Johnson
  • Michelle MacLaren
නිෂ්පාදක(යෝ)
  • Stewart A. Lyons
  • Sam Catlin
  • John Shiban
  • Peter Gould
  • George Mastras
  • Thomas Schnauz
  • Bryan Cranston
  • Moira Walley-Beckett
  • Karen Moore
  • Patty Lin
ස්ථානය(න්)ඇල්බකර්කිව්, නිව් මෙක්සිකෝ, ඇමරිකා එක්සත් ජනපදය.
සිනෙමාරූපණය
  • Michael Slovis
  • John Toll ("Pilot")
ධාවන කාලය47–58 minutes
නිෂ්පාදන සමාගම
  • හයි බ්‍රිජ් එන්ටටේන්මන්ට්
  • ග්‍රෑන් වයා ප්‍රඩක්ෂන්ස්
  • සෝනි පික්චර්ස් ටෙලිවිෂන්
ප්‍රචාරණය
මුල් නාලිකාවඒ එම් සී (රුපවාහිනී නාලිකාව)
රූප ආකෘතිය16:9 අධි-විභේදන රූපවාහිනිය
මුල් ධාවනයජනවාරි 20, 2008 (2008-01-20) – සැප්තැම්බර් 29, 2013 (2013-09-29)
කාලානුක්‍රමය
සබැඳි දර්ශනBetter Call Saul
Metástasis
බාහිර සබැඳි
වෙබ් අඩවිය

වෝල්ටර්ගේ පවුලේ සාමාජිකයන් වන්නේ ඔහුගේ බිරිඳ ස්කයිලර් වයිට් (ඇනා ගන්), ඔහුගේ පුතු වන ෆ්ලින් ලෙසද හඳුන්වන වෝල්ටර් වයිට් කනිෂ්ඨ (ආර් ජේ මයිට්) සහ හොලී වයිට් (එලනෝ ඈන් වෙන්රිච්) වේ. එමෙන්ම ස්කයිලර් ගේ නැගණිය වන මාරි ස්ක්‍රේඩර් (බෙට්සි බ්‍රැන්ඩිට්) සහ ඇගේ සැමියා වන පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ නිලධාරී හෑන්ක් ස්ක්‍රේඩර්ද (ඩීන් නොරිස්) මෙහි චරිත වේ.

ලොව ඕනෑම කාලයක නිකුත් වූ විශිෂ්ඨතම රුපවාහිනී ටෙලිනාට්‍ය මාලාවලින් එකක් ලෙස මෙම බ්‍රේකිං බෑඩ් ටෙලිනාට්‍ය මාලාව පුළුල්ව පිළිගැනේ. මෙහි අවසාන කොටස විකාශය වන විට එය ඇමරිකාවේ වැඩියෙන්ම නැරඹු කේබල් රුපවාහිනී වැඩසටහන් වලින් එකක් බවට පත්ව තිබිණි. බ්‍රේකිං බෑඩ් ටෙලිනාට්‍ය මාලාව ප්‍රයිම්ටයිම් එමී සම්මාන 16ක්, සැටලයිට් සම්මාන 8ක්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 2ක්, පීබෝයි සම්මාන 2ක්, සහ එක් පීපල්ස් චොයිස් සම්මානයක් ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබූ ටෙලිනාට්‍ය මාලාවකි. 2014 වසරේදී මෙම ටෙලිනාට්‍ය මාලාව, ලොව ඕනෑම කාලයකදී වැඩිම ප්‍රේක්ෂක ඇගැයුමකට (ratings) පාත්‍ර වූ ටෙලිනාට්‍ය මාලාව වශයෙන් ගිනස් ලෝක වාර්තා අතරට එක්විය.


නිෂ්පාදනය

සංකල්පය

Fox නාලිකාව සඳහා The X-Files වැනි ටේලිවෘතාන්ත නිර්මාණය කරන වින්ස් ගිලිගන් විසින් නිර්මාණය කරනු ලබන තවත් එක් කෘතියකි බ්‍රේකිං බෑඩ් (ඉංග්‍රීසි:Breaking Bad).

වින්ස් ගිලිගන්ට අනුව Breaking Bad යන පදයෙහි අර්ථය "නිරය නැංවීමට" යන්නයි. නමුත් ලිලී රෝත්මන්ට අනුව මෙහි අර්ථය "නිරය නැංවීමට" යන්නට වඩා ගැඹුරට නොයන බවයි. තවදුරටත් මෙය විග්‍රහ කරන ඔහු පවසන්නේ මෙහි අර්ථය 'නරක අතට හැරීම', 'වල් වැදීම' හෝ 'අධිකාරිය නොතැකීම' යන්න අර්ථවත් කල හැකි බවයි.

මෙමෙ කතාවට අදාල සංකල්පය වින්ස් ගිලිගන් හට පහල වී ඇත්තේ, ඔහුගේ සහෝදර රචකයෙකු වන Thomas Schnauz සමග ඔවුන්ගේ රැකියාව සම්බන්දව කරන විහිළුවක් වන "රථයක පිටුපස මත්ද්‍රවය නිෂ්පාදනය කරමින් රට වටා යෑම" යන්න තේමාකොට ගෙනයි.

ටේලිවෘතාන්තය අවසන් කිරීමට ප්‍රථම වින්ස් ගිලිගන් විසින් ප්‍රකාශ කර ඇත්තේ වෝල්ටර් වයිට් ගේ චරිතය ලිවීමට ඉතාම අපහසුවුයේ එම චරිතයේ පවතින ගුප්ත බව නිසා බවයි. පසුව ඔහු පවසා ඇත්තේ "මට මෙම ටේලිවෘතාන්තය හැමදාම මතක් වේවි. ඒ උනත් හොදින් හිත බලන විට වෝල්ටර් වයිට්ව මගේ හිසෙන් ඉවත් කිරීමත් මට එක අතකින් සැනසීමක්" කියාය.

සංවර්ධන ඉතිහාසය

මෙම නිර්මාණයෙහි මුල් පිටපතේ සදහන් වන පරිදි රූගත කිරීම් පැවැත්වීමට තීරණය කර ඇත්තේ 'රිවර් සයිඩ්' සහ 'කැලිෆෝනියා' යන ප්‍රදේශ වලයි. නමුත් සෝනි ආයතනයේ යෝජනාවකට අනුව 'නිව් මෙක්සිකෝ' වලද රූගත කිරීම් සිදුකර තිබේ. මෙම රුගත කිරීම් වලදී මූලික වශයෙන් 35mm වර්ගයේ කැමරාවක් භාවිත කරන ලදී. සාමාන්‍යයෙන් මෙහි එක පරිච්චේදයක් සදහා අමෙරුකානු ඩොලර් මිලියන 3 (ශ්‍රී ලංකානු රුපියල් මිලියන 400ක් පමණ) පමණ වියදම් කර ඇති බවයි.

Tags:

අපරාධ

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියානාසාවැල්වැව්හෝමෝ හැබිලිස්අනුරාධපුර යුගයසිරිමාවෝ බණ්ඩාරනායකශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවමානෙල්ඇල්බට්‍ අයින්ස්ටයින්ශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියබුද්ධාගමමුහුදනායකත්වයවී බිස්සආවර්තිතා වගුවශ්‍රී ලංකාවේ මාර්ග සංඥානත්තලගැට බෙරයඅර්ජුන රණතුංගජේතවනාරාමය, අනුරාධපුරශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයසිංහල අකුරුශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිආනන්ද විද්‍යාලය, කොළඹටොලමිගේ ලෝක සිතියමරාමසාන් උත්සවයවිධායක ඡනාධිපතිශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයයමන් රාගයපරිගණක මෘදුකාංගශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවඋභය ජීවීන්උකුස්සාශ්‍රී ලංකාවේ පළාත්කෘත්‍රීම බුද්ධියපොළොන්නරු යුගයනෙළුම් කුළුණශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවශ්‍රී ලංකාවේ අධිකරණයකුවේණි කුමරියශ්‍රී ලංකා යුද්ධ හමුදාවගිරවුබළලාබුදු දහමශාන්ත ජුසේ වාස් තුමාජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවහෘදයාබාධයගෞතම බුදුරජාණන් වහන්සේඋපායශීලී සැලසුම්කරණයමානව සැකිලි පද්ධතියසාරිපුත්ත රහතන්වහන්සේනැගෙනහිර පළාත, ශ්‍රී ලංකාවඅක්මාවශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවපැපොලනෙප්චූන්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයකජුපාලිත තෙවරප්පෙරුමආතර් වී. දියෙස්ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කපරිගණක මෙහෙයුම් පද්ධතිඅධ්‍යාපන මනෝ විද්‍යාවදිළිඳුබවනග්නත්වයවියළි කළාපයේ පසඩයි⁣නෝසරයන්ඩුබායිකාල් මාක්ස්ස්වාභාවික උපද්‍රවමද්දුම බණ්ඩාරතෛපොංගල්ලිංගික අප්‍රාණිකත්වයසුදු බිංදුමඑල්ලේපාපන්දු ක්‍රීඩාව🡆 More