අංකය පයි

සන්තත භාගය ආවර්තනය නොවන බව නිරීක්ෂණය කරන්න.

අංකය පයි
වෘත්තයක විශ්කම්භය 1 ක් වූ විට එහි පරිධිය π වේ.
සංඛ්‍යා ලැයිස්තුව -අපරිමේය සංඛ්‍යා
ζ(3) – √2 – √3 – √5 – φ – α – e – π – δ
ද්වීමය 11.00100100001111110110…
දශමය 3.14159265358979323846…
හෙක්සා බෙසිමල් 3.243F6A8885A308D31319…
සන්තත භාගය

පයි හෙවත් π ඉතා වැදගත් ගණිතමය නියමයන් අතරින් එකකි. එහි දළ අගය ආසන්න වශයෙන් 3.14159 කි. එය යුක්ලීඩියානු ජ්‍යාමිතියේ දී ඕනෑම වෘත්තයක පරිධිය එහි විෂ්කම්භයට දක්වන අනුපාතයට සමාන වන අතර තවද එය වෘත්තයක ක්ෂේත්‍රඵලය එහි අරයෙහි වර්ගයට දක්වන අනුපාතයට ද සමාන වේ. ගණිතය විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාවේ ඇති බොහෝ සමීකරණවල π අඩංගු වේ. π අපරිමේය සංඛ්‍යාවකි. එනම් m හා n නිඛිල වූ විට m/n ආකාරයේ භාගයක් ලෙස ප්‍රකාශ කළ නොහැක. ඒ අනුව එය දශමය ආකාරයට ලියා අවසන් කළ නොහැකි අතර සමාවර්තනය ද නොවේ. අපරිමේය වීම හැරුණු විට π අත්‍යුත්තර සංඛ්‍යාවක් ද වේ. එනම් නිඛිල මත සිදු කරන වීජ ගණිත කර්ම (බල, වර්ගමූල, ඓක්‍යය ආදී) පරිමිත සංඛ්‍යාවක් ඇසුරින් එය ලබා ගත නොහැකිය. ගණිතයේ ඉතිහාසය පුරාම π හි අගය වඩාත් නිවැරදිව නිර්ණය කිරීමටත් එහි ගුණාංග අවබෝධ කිරීමටත් විවිධ උත්සාහයක් ගෙන තිබේ. මෙසේ π සිත්ගන්නා සුළු ගුණ දැක්වීම හේතුවෙන් එය පොදුවේ සංස්කෘතියේ කොටසක් බවට ද පත්ව ඇත. පයි ලෙස ලියැවෙන π නම් ග්‍රීක අක්ෂරය පරාමිතිය යන අරුත දෙන "περίμετρος", ග්‍රීක වචනය ඇසුරින් 1706 දී විලියම් ජෝන්ස් විසින් උපුටා ගන්නා ලද බව සැලකිය හැකිය. පසුකාලීනව මෙම යෙදුම ලියනැබ් ඉයුලර් විසින් ප්‍රචලිත කරන ලදී. මෙම නියතය ඇතැම්විට වෘත්ත නියතය, ආකිමිඩීස් නියතය (ආකිමිඩීස් සංඛ්‍යා සමඟ පටලවා නොගත යුතුය) හෝ ලුඩෙල්ෆ් සංඛ්‍යාව ලෙස ද හැඳින්වේ.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

නේටෝදෙවොල් මඩුවත්‍රස්තවාදයත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාපොළොන්නරු යුගයනායයෑම්සීගිරි ගීඝනත්වයහුරුළු වැවව්‍යාපාරදිළිඳුබවදකුණු පළාත, ශ්‍රී ලංකාවඌව වෙල්ලස්ස කැරැල්ලසිංහල භාෂාවමන්දාකිණිතිරසාර සංවර්ධනයහෙද සේවයෙහි ඉතිහාසයජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)ලිංගික සංසර්ගික ඉරියව්ශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවකොහොඹා කංකාරියභික්ෂූන් වහන්සේසිංහරාජ වනාන්තරයගබ්සාවමහ පොළොවබෞද්ධ කොඩියකිතුල්සන්දේශ කාව්‍යලිංගාශ්‍රිත රෝගශ්‍රී ලංකා පොලිස් සේවයදිලීරකොහාප්‍රේමසිරි කේමදාසශ්‍රී ලංකා‍ අලියාඅපද්‍රව්‍ය කළමනාකරණයමර්සලින් ජයකොඩිතෙත් කලාපයේ ශාක විවිධත්වයජේසුස් වහන්සේසිංහල සාහිත්‍යයකුට්ටම් පොකුණලංකාවේ වාරි කර්මාන්තයප්ලේටෝයමන් රාගයසිංහයාබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවවිවාහ නීතිය - ශ්‍රී ලංකාකලාවශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවවෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයමහියංගනයකොළඹඉසුරුමුණි කැටයම්පොළොන්නරුව (බහුරුත්හරණය)ඉතිහාසයවෘත්තීය අධ්‍යාපනයඅළු කෑදැත්තාඩයිනසෝරයෝපණ්ඩුකාභය රජසැකිල්ලහික්කඩුවේ සුමංගල තෙරණුවෝලේනාක්ෂුද්‍ර ජීවීන් සහ රෝගපාකිස්ථානයශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවමූලික ජීවන නිපුණතාමාර්ටින් වික‍්‍රමසිංහගස්ලබුපංච මහා වාදකොහොඹදඹදෙණිය යුගයකිරි වෙහෙර, කතරගමඅධ්‍යාපන මනෝ විද්‍යාවසිංහල අකුරුදැඩිමුණ්ඩ දෙවියෝපර්යේෂණජොහන්නස් කෙප්ලර්ගුණදාස කපුගේ🡆 More