ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල්

ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් (ගම්බෝල් ගේ පුදුම ලෝකය) යනු බෙන් බොක්ලට් (Ben Bocquelet) විසින් නිර්මාණය කරන ලද, කාටූන් නෙට්වර්ක් (Cartoon Network Development Studio Europe) විසින් නිෂ්පාදනය කරන ලද බ්‍රිතාන්‍ය, හාස්‍යමය ලමා කාටූන් මාලාවකි.

ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල්
The Amazing World of Gumball
ගොනුව:The-amazing-world-of-gumball-4e53309f21ed5.jpg
ප්‍රභේදයහාස්‍යමය
ආකෘතියද්විමාන ස්වරූපය
ත්‍රිමාණ ස්වරූපය
තැනුවේBen Bocquelet
අධ්‍යක්ෂණය කලේMic Graves
Voices ofLogan Grove (Seasons 1–3)
Jacob Hopkins(Season 3)
Kwesi Boakye (Seasons 1–3)
Terrell Ransom, Jr. (Season 3)
Kyla Rae Kowalewski
Teresa Gallagher
Dan Russell
Composer(s)Ben Locket
සම්භව රටද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් එක්සත් රාජධානිය
ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් ඇමරිකානු එක්සත් ජනපද
භාෂාව(න්)ඉංග්‍රීසි
කථාවාර සංඛ්‍යාව6
කථාංග ගණන222 (කථාංග ලැයිස්තුව)
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)Ben Bocquelet
Michael Carrington
Daniel Lennard
නිෂ්පාදක(යෝ)Joanna Beresford (Season 1)
Sarah Fell (Season 2–)
ධාවන කාලයමිනිත්තු 11 (දල වශයෙන්)
නිෂ්පාදන සමාගමBoulder Media Limited
Dandelion Studios
Studio SOI
Cartoon Network Development Studio Europe
ප්‍රචාරණය
මුල් නාලිකාවකාටූන් නෙට්වර්ක් (Cartoon Network)
මුල් ධාවනයමැයි 3, 2011 (2011-05-03) – වර්ථමානය
බාහිර සබැඳි
වෙබ් අඩවිය

සාරාංශය

කථාවේ ප්‍රධාන චරිතය වන්නේ නිල් පැහැ පූසෙකු වන ගම්බෝල් වොටර්සන් වේ. කථාංග ගොඩනැගෙන්නේ ගම්බෝල් සහ ඔහුගේ පවුලේ උදවියත්, පාසලේ මිතුරන් හා අනෙකුත් සෙසු පිරිස් වටායි. බොහොමයක් කථාංග තුල පෙන්වන්නේ ගම්බෝල් විවිධ කරදර වලට මුහුණ දෙන ආකාරයත්, එම කරදර වලක්වා ගනිමින් හෝ තව තවත් අවුල් කර ගනිමින් ඒවා විසදීමට අන් අයගේ සහයෝගය ලබා ගන්නා ආකාරයත් වෙයි.

කාටූන් මාලාව පුරාවට රසවත් දෙබස් සහ පසුබිම් සංගීතය යොදා ගැනීම හේතුවෙන් ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල්, ළමා හා තරුණ ප්‍රජාව අතර අතිශය ජනප්‍රිය වී තිබෙයි.

ප්‍රධාන චරිත

  • ගම්බෝල් වොටර්සන් – වයස අවුරුදු 12 ක් වන නිල් පැහැ පූසෙකි. නිතරම පාහේ කරදර වල පැටලෙන, තරමක් මෝඩ, යම් යම් දේ සඳහා සැලසුම් නිර්මාණය කලත් අවසානයේ ඒවා කනපිට පෙරලෙන හා පෙරලාගන්නා චරිතයකි. නමුත් ඔහු ඉතා පක්ෂපාතී, බැරෑරුම් ලෙස සිතන, කරුණාවන්ත හදවතක් සහිත පූසෙකි.
  • ඩාර්වින් වොටර්සන් – ඩාර්වින් යනු වොටර්සන් පවුල විසින් දරුකමට සාදාගත්, රන් මාළුවෙකි. ගම්බෝල්ගේ සමීපම සහ හොඳම මිතුරාද වෙයි. කුඩා දේටත් නිතරම සංවේදී වන තරමක් ප්‍රචණ්ඩ හැසිරීම් මුසු චරිතයකි.
  • අනෙයිස් වොටර්සන් – ගම්බෝල් හා ඩාර්වින්ගේ, අවුරුදු 4 ක් වයසැති රෝස පාට හා (හාවා) සහෝදරියයි. වයසට සාපේක්ෂව ඇය ඥාණවන්ත හා මුහුකුරා ගිය ස්වභාවයක් පෙන්වයි.
  • නිකොල් වොටර්සන් – නිකොල් යනු නිල් පැහැ, පවුලේ වගකීම් දරනා පූස් මවයි. බොහෝ විට දරුවන්ගේ වැරදි වැඩ නිසා කරදරයට හා කෝපයට පත්වන චරිතයකි.
  • රිචඩ් වොටර්සන් – රෝස පැහැ මහත, වොටර්සන් පවුලේ හා (හාවා) පියායි. කථාව තුල කමින් බොමින් සහ නිදා ගනිමින් සිටිනා කම්මැලිම චරිතය ඔහු වෙයි.
  • පෙනී ෆිට්ස්ගරල්ඩ් – ගම්බෝල් ගේ අතිශම ප්‍රියතම ගැහැණු ලමයා ලෙස හුවා දක්වයි.

කථාංග

ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් කථාංග මාලාවන්
සමය කථාංග සංඛ්‍යාව ප්‍රදර්ශනය (එ.ජ.) ඩීවීඩී නිකුත් වූ දින
මුල් දිනය අවසන් දිනය Region 1
1 36 මැයි 3, 2011 (2011-05-03) මාර්තු 13, 2012 (2012-03-13) අගෝස්තු 28, 2012 (2012-08-28) (වෙළුම 1)
ජනවාරි 15, 2013 (2013-01-15) (වෙළුම 2)
අගෝස්තු 13, 2013 (2013-08-13) (වෙළුම 3)
2 40 අගෝස්තු 7, 2012 (2012-08-07) දෙසැම්බර් 3, 2013 (2013-12-03) January 28, 2014
3 40 TBA 2014 TBA TBA

ප්‍රතිචාර

විචාර

ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් පිළිබඳ බෙහොමයක් පිරිස සුභවාදී විචාර ඉදිරිපත් කරයි. කාටූනයේ පවතින ආකර්ශනීය රූපරාමු, සංගීතය, සහ හාස්‍යය බෙහෝදෙනාගේ පැසසුමට ලක්ව තිබේ."

තක්සේරුව

2011 මැයි 3 දින, ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් හි මුල් දර්ශනය එක්සත් ජනපදයේ මිලියන 2.120 නැරඹූ බව සඳහන්ය.

ඇගයීම්

වසර සම්මානය කාණ්ඩය නිර්දේශය ප්‍රතිපලය
2011 Annecy International Animated Film Festival හොඳම රූපවාහිනී නිපැයුම "The Quest" ජයග්‍රාහක
Annie සම්මානය හොඳම ලමා සජීවීකරණ රූපවාහිනී නිපැයුම ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් ජයග්‍රාහක
Directing in a Television Production Ben Bocquelet and Mic Graves නිර්දේශිත
Music in a Television Production Ben Locket නිර්දේශිත
Voice Acting in a Television Production Logan Grove නිර්දේශිත
British Academy Children's සම්මානය සජීවීකරණය ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් ජයග්‍රාහක
රචනය Jon Foster සහ James Lamont ජයග්‍රාහක
Royal Television Society සම්මානය දරුවන්ගේ වැඩසටහන "The Quest" නිර්දේශිත
2012 Annie සම්මානය හොඳම ලමා සජීවීකරණ රූපවාහිනී නිපැයුම "The Job" නිර්දේශිත
Directing in a Television Production or Broadcast Venue Production Mic Graves – For "The Job" නිර්දේශිත
ASTRA සම්මානය හොඳම ලමා සජීවීකරණ රූපවාහිනී වැඩසටහන ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් ජයග්‍රාහක
British Academy Children's සම්මානය සජීවීකරණය ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් ජයග්‍රාහක
BAFTA Kids' Vote – Television ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් ජයග්‍රාහක
රචනය Ben Bocquelet, Jon Foster and James Lamont ජයග්‍රාහක
Broadcast සම්මානය හොඳම ලමා වැඩසටහන ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් නිර්දේශිත
ජාත්‍යන්තර Emmy Kids සම්මානය හොඳම ලමා සජීවීකරණය ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් ජයග්‍රාහක
Irish Film & Television සම්මානය හොඳම ලමා / තරුණ වැඩසටහන ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් නිර්දේශිත
2013 British Academy Children's සම්මානය සජීවීකරණය ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් නිර්දේශිත
BAFTA Kids' Vote – Television ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් නිර්දේශිත
රචනය ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් ලේඛක
(Ben Bocquelet, Jon Brittain, Tom Crowley, Jon Foster,
Mic Graves, Chris Garbutt, James Lamont and Tobi Wilson)
ජයග්‍රාහක

මේවාද බලන්න


මූලාශ්‍ර

Tags:

ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් සාරාංශයද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් ප්‍රධාන චරිතද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් කථාංගද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් ප්‍රතිචාරද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් මේවාද බලන්නද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් මූලාශ්‍රද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් භාහිර සබැදිද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල්

🔥 Trending searches on Wiki සිංහල:

ගැලලියෝ ගැලලීශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවඋෂ්ණත්වයතෝමස් අල්වා එඩිසන්මාළුඋපායශීලී සැලසුම්කරණයදරු නැලවිලි ගීඅලෙවිකරණයනග්නත්වයශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවපරිගණක ඉතිහාසයපන්සියපනස් ජාතක පොතඌව වෙල්ලස්ස කැරැල්ලත්‍රිකුණාමලයව්‍යාපාරජැක්සන් ඇන්තනීරුධිර සංසරණ පද්ධතිය (මානව)වැස්සසොලොස්මස්ථානpkgfwශ්‍රී ලංකාවේ අධිකරණයදළදා වහන්සේක්ෂුද්‍ර ජීවීන්රඹුටන්ප්‍රජාතන්ත්‍රවාදයමහත්මා ගාන්ධිඑක්සත් ජාතීන්ගේ සංවිධානයඋද්ධමනයඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියමහනුවරසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයසරත් ෆොන්සේකාවිෂ්ණුරාවණා රජමානව සම්පත් කළමනාකරණයපෘතුගීසි ලංකාවමෛත්‍රී බුදුරජාණන් වහන්සේබැඩ්මින්ටන්සිරිමාවෝ බණ්ඩාරනායකපේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයයු‍රේනස්චාමර වීරසිංහවිධායක ඡනාධිපතිසුසන්තිකා ජයසිංහජී‍.බී. සේනානායකචතුරාර්ය සත්‍යයක්ෂණික මෝචනයපාසල්දියවැඩියාවසෝවාන්ශ්‍රී ලංකාවේ අපරාධමහා ප්‍රජාපතී ගෝතමීචිත්‍රපට ඉතිහාසයඇසළ (ගස)මානසික ‍අක්‍රමතාසොළොස් මහා ජනපදකුණකටුවාඉන්දියාවේ දේශපාලන පක්ෂෆේස්බුක්2004 සුනාමියඊශ්‍රායලයකාෆි රාගයටොලමිගේ ලෝක සිතියමසිද්ධාර්ථ කුමරුයුගල පද, සිංහල භාෂාවපැපොලඅෂ්ඨ විද්‍යාකන්‍යා පටලයජාත්‍යන්තර සම්මත පොත් අංකයකළු කුහරවසභ රජවිර පුරන් අප්පුදයානන්ද ගුණවර්ධනආකල්පතිසා වැවඅනුරාධපුර රාජධානියඅනුරාධපුර යුගය🡆 More