ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රෙත් රැජින

දෙවන මාග්‍රෙත් රැජිණ (උපත 16 අප්‍රේල් 1940 ) යනු ඩෙන්මාර්කයේ වත්මන් රැජිණ මෙන්ම ඩෙන්මාර්ක පල්ලියේ උත්තරීතර අධිකාරිය සහ ඩෙන්මාර්ක ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරියා ද වේ.

වසර 50 කට වැඩි කාලයක් ඩෙන්මාර්කයේ රැජින ලෙස පාලනය කර ඇති එතුමිය, දෙවන එලිසබෙත් මහ රැජිනගේ අභාවයත් සමඟ යුරෝපයේ දීර්ඝතම වත්මන් රාජ්‍ය නායිකාව සහ ලොව දීර්ඝතම කාලයක් සේවය කරන වත්මන් රාජ්‍ය නායිකාව විය .

ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රෙත් රැජින
ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රෙත් රැජින
2012දී මාග්‍රෙත් රැජින
ඩෙන්මාර්කයේ රැජින
රාජ්‍ය සමය1972 ජනවාරි 14 – වර්තමානය
පූර්වප්‍රාප්තිකයානවවන ෆ්‍රෙඩ්රික් රජතුමා
උපත16 අප්‍රේල් 1940 (1940-04-16) (වයස 84)
අමාලියෙන්බර්ග්, කෝපන්හේගන්, ඩෙන්මාර්කය
Spouseහෙන්රික්, ඩෙන්මාර්කයේ වල්ලභ කුමරු (වි. 1967; මි. 2018)
දරුවන්
Detail
සම්පූර්ණ නාමය
Margrethe Alexandrine Þórhildur Ingrid
වංශයග්ලූක්ස්බර්ග් වංශය
පියානවවන ෆ්‍රෙඩ්රික් රජතුමා
මවඉන්ග්‍රිඩ් රැජින
ආගමඩෙන්මාර්ක පල්ලිය
අත්සනඩෙන්මාර්කයේ දෙවන මාග්‍රෙත් රැජිනගේ අත්සන

ඕල්ඩන්බර්ග් රාජවංශයේ කැඩෙට් ශාඛාවක් වන ග්ලූක්ස්බර්ග් රාජවංශයේ උපත ලද මාග්‍රෙත් රැජින ඩෙන්මාර්කයේ නවවන ෆෙඩ්රික් රජතුමාගේ සහ ඉන්ග්‍රිඩ් රැජිනගේ වැඩිමහල් දරුවා වේ . 1953 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් කාන්තාවන්ට සිංහාසනය උරුම කර ගැනීමට අවසර දුන් විට එතුමිය එතුමියගේ පිය රජතුමාගේ නියත උරුමක්කාරිය බවට පත්විය. 1972 ජනවාරි 14 වන දින එතුමියගේ පියාගේ මරණයෙන් පසු මාග්‍රේත් කුමරිය රජකමට පත් විය. කල්මාර් යූනියන් සමයේදී ස්කැන්ඩිනේවියානු රාජධානිවල 1376-1412 කාලයේ පාලකයා වූ පළවෙනි මාග්‍රෙත් රැජිනගෙන් පසුව පත් පළමු ඩෙන්මාර්කයේ පාලක රැජින බවට එතුමිය පත්විය . 1967 දී එතුමිය හෙන්රි ද ලැබෝඩ් ද මොන්පෙසාට් උතුමාණන් සමඟ විවාහ විය, එතුමියට පුත් කුමාරවරු දෙදෙනෙක් සිටී: ඔටුන්න හිමි ෆෙඩ්රික් කුමරු සහ ජෝකිම් කුමරුය . මාග්‍රෙත් රැජින ඇගේ දැඩි පුරාවිද්‍යාත්මක ආශාව සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර ඉතාලිය, ඊජිප්තුව, ඩෙන්මාර්කය සහ දකුණු ඇමරිකාව ඇතුළු රටවල් වල කැණීම් කිහිපයකට සහභාගී වී ඇත . එතුමියට මෙම උනන්දුව ඇගේ මව් පාර්ශවීය සීයා වන ස්වීඩනයේ හයවන ගුස්ටාෆ් ඇඩොල්ෆ් රජතුමාගෙන් උරුම වූවකි, ඇය 1962 දී එට්රුරියා අසල කෞතුක වස්තු සොයා ගැනීමට යම් කාලයක් ගත කළාය .

2023 වන විට, මාග්‍රෙත් රැජින රාජෝත්තමාවිය ලෙස නිල රාජ්‍ය සංචාර 42 ක් එරටට පිළිගෙන ඇති අතර ඇය විසින්ම විදේශ රාජ්‍ය සංචාර 55 ක් සිදු කර ඇත. එතුමිය සහ රාජකීය පවුල තවත් විදේශ සංචාර කිහිපයක්ම කර ඇත.ඩෙන්මාර්කයේ රාජාණ්ඩුව සඳහා වන සහයෝගය මාග්‍රෙත් රැජිනගේ පුද්ගලික ජනප්‍රියත්වය මෙන් 82% ක් පමණ අඛණ්ඩව ඉහළ මට්ටමක පවතී.


ඩෙන්මාර්ක රජ පවුල

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයනාමහවැලි ගඟශ්‍රී මහා බෝධිය, අනුරාධපුරජූලි 30ශ්‍රී ලංකාවේ ආර්ථිකයඅනුරාධපුර රාජධානියකාර්මික විප්ලවයතත්ත්‍ව කවශ්‍රී ලංකා ජාතික කොඩියශ්‍රී ලංකාවේ අධ්‍යාපනයශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවමාක් සකර්බර්ග්සඳකඩපහ‍ණේ විකාසනයපළමුවන පරාක්‍රමබාහු රජආසියාවහික්කඩු‍වේ සංචාරක ව්‍යාපාරයපෙර පාසල්මිනිස් හිස්කබලකජුශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අටොලමිගේ ලෝක සිතියමපුරාණ රෝමයප්‍රථමාධාරසමනල කන්දසේවාදායක පරිගණකයසුභාෂිතයඇම්බැක්කේ දේවාලයලෝකෝපකාරයලංකාවේ වාරි කර්මාන්තයසිංහයාඋඩුනුවර ලංකාතිලක විහාරයගාලු කොටුවශ්‍රි ලංකාවේ ජනවාර්ගික අර්බුදයසිංහල මිණුම් ඒකකප්‍රවේගයවියළි කළාපයේ පසමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයජැකලීන් ෆර්නැන්ඩස්ලෝක ජනගහනයමාර්තු 28කොලෙස්ටරෝල්මහාද්වීපසතර සතිපට්ඨානයශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවකුරුණෑගලපැපොලපෘථිවි වායුගෝලයමහියංගනයහෙන්රි ජයසේනලෝකයේ රටවල්Digital object identifierශ්‍රී ලංකාවේ පාංශු වර්ගීකරණයසෛලය (ජීව විද්‍යාව)ලිංගිකත්ව අධ්‍යාපනයශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවබෞද්ධ පන්සල්එඩ්වින් විජයරත්නදානයහෝමෝ ඉරෙක්ටස්අභයගිරි දාගැබශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවයූටියුබ්පෘථිවියෙහි භ්‍රමණයපොදු රාජ්‍ය මණ්ඩලයආර්ථික විද්‍යාවසයිප්‍රස්ථේරවාදයශ්‍රී ලංකාවේ වී ගොවිතැනකෙසෙල් නාමාවලිය - ශ්‍රී ලංකාරසායනික බන්ධනසිරස රූපවාහිනීයශ්‍රී ලාංකේය ඉංග්‍රීසිපනාකඩුව තඹ සන්නසශ්‍රී ලංකාවේ ඉතිහාසය🡆 More