1640 ගාලු කොටුව වටලෑම

1640 වර්ෂයේ දී ගාල්ලේ පෘතුගීසි කොටුව හෙවත් සැන්ටා කෲස් ඩි ගෝල් වටලෑම, ලන්දේසි–පෘතුගීසි සහ සිංහල–පෘතුගීසි යුද්ධ සමයේ දී සිදු වූ සිදුවීමකි.

ගාලු කොටුව යටතේ දකුණු ශ්‍රී ලංකාවේ ඉතා සශ්‍රීක ව කුරුඳු වගා කළ බිම් ඇතුළත් ගම් 282 ක් පැවතිණි එය පෘතුගීසි ලංකාවේ වැදගත් වෙරළබඩ යුධෝපායික ආරක්ෂක ප්‍රදේශයක් විය උඩරට රාජධානිය සමග සන්ධානගත වී සිටි ලන්දේසීන් විසින් කොමදෝරුවරයෙකු වූ ආකර්ස්ලූට් හි විලෙම් ජේකොබ්සෝන් කෝස්ටර් යටතේ කාර්ය සාධක හමුදාවක් 1640 මාර්තු 8 වන දින ගාලු බොක්කට ගොඩ බස්වන ලදී. පිට පිට සිව් දිනක් කොටුවට කාලතුවක්කු ප්‍රහර එල්ල කර 1640 මාර්තු 13 දින කොටුවට කඩාවැදි ලන්දේසි භටයන් ජය තහවුරු කර ගත්තේ ය. කැප්ටන් ලොරෙන්සෝ ෆෙරෙයිරා ඩි බ්‍රිටෝගේ නායකත්වයෙන් යුතු වූ පෘතුගීසි ආරක්ෂක හමුදාව ප්‍රබල ප්‍රතිරෝධයක් එල්ල කළ අතර බලාපොරොත්තු නොවූ පරිදි ලන්දේසි භටයින්ට වූ මහත් හානිය නිසා “රත්රන් මලක්කාවේ, ඊයම් ගාල්ලේ” (Gold in Malacca, lead in Galle) නම් පිරුළක් ද ඇතිවිය. මෙම ජයග්‍රහණය සමග ලන්දේසීන් පසු කලෙක ගෝව හා දකුණු ඉන්දියාවේ පෘතුගීසි ආරක්ෂක මධ්‍යස්ථාන වලට පහර දීමට පහසු නාවික මූලස්ථානයක් ලෙස භාවිත කළ විශාල තොටුපොළක් පාලනයට නතුකර ගත්තේය. එසේම ඔවුන් ශ්‍රී ලාංකික කුරුඳු වෙළඳාම පාලනයට යටත් කර ගත් අතර දූපතේ ස්ථිර භූමි භාගයක් ද හිමිකර ගත්තේය.

ගාලු කොටුව වටලෑම (1640)
දිනය1640 මාර්තු 8–13
පිහිටුම
පෘතුගීසි බලකොටුව සැන්ටා කෲස් ඩි ගෝල්, ගාල්ල
ප්‍රතිඵලය ලන්දේසි–උඩරට ජයග්‍රහණය
යුද්ධාවතීරයන්
1640 ගාලු කොටුව වටලෑම ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම
1640 ගාලු කොටුව වටලෑම උඩරට රාජධානිය

1640 ගාලු කොටුව වටලෑම පෘතුගීසි අධිරාජ්‍යය

  • 1640 ගාලු කොටුව වටලෑම ලස්කිරිඤ්ඤවරු
    (පෘතුගීසි පාර්ශවයේ ස්වදේශික සෙබළු)
ආඥාපතියන් සහ නායකයන්
විලෙම් ජේකොබ්සෝන් කෝස්ටර්
ඒඩ්‍රියන් කොර්නේලියෝ
දෙවන රාජසිංහ
ලොරෙන්සෝ ෆෙරෙයිරා ඩි බ්‍රිටෝ,
ෆ්‍රැන්සිස්කො ඩි මෙන්ඩොන්සා මනුවෙල්  
හමුදාමය ප්‍රබලතාවය

මුළු බලසේනාව

  • යුරෝපීය සෙබළුන් 3350
  • ගණන නොදත් නාවිකයින්, බැන්ඩා හා මැලේ සෙබළුන්
  • ගණන නොදත් උඩරැටියන්
  • නැව් 24
  • අවම වශයෙන් ඔරු 27ක්

බලකොටුවේ ආරක්ෂක හමුදාව

  • කසාඩෝස් 80, උපහමුදාව 30, ටෝපාස්වරු කණ්ඩායම් 3 ක්
  • ලස්කිරිඤ්ඤවරු 300

අතිරේක භටයන්

  • භටයන් (සොල්දාදෝස්) 400, කසාඩෝස්වරු කිහිපදෙනෙක්
  • ලස්කිරිඤ්ඤවරු 1900, කැනරීස් මස්කටියර්වරු 200, කාෆෙරි දුනුවායන් 180
අපාතිකයන් සහ හානි
යුරෝපීය සෙබළුන් 450 ක් පමණ මරණයට පත්විය (1350ක් පමණ තක්සේරු කර ඇත),
විශාල සංඛ්‍යාවක් තුවාල ලැබීය
යුරෝපීය නොවන හමුදවලට සිදුවූ හානිය නොදනී
පෘතුගීසීන් 170 ක් මියගියේය,
සෙබළුන් හා සිවිල් වැසියන් 700 ක් අල්ලාගනු ලැබීය
යුරෝපීය නොවන හමුදවලට සිදුවූ හානිය නොදනී

පසුබිම

1640 ගාලු කොටුව වටලෑම
1521 දී සිදු වූ විජයබා කොල්ලයට පසු ශ්‍රී ලංකාවේ දේශපාලනික සිතියම. 1538 දී සීතාවක රාජධානිය විසින් රයිගම ද ඒකාබද්ධ කරගන්නා ලදී.

පෘතුගීසීන් 1505 දී ශ්‍රී ලංකාවට පැමිණ කෝට්ටේ රාජධානිය සමග වෙළඳ සබඳතා ඇතිකර ගත්තේ ය. ඔවුහු කොළඹ කොටුවක් තනවා එය ආරක්ෂාවට හමුදාවක් යොදන ලදී. 1521 දී සිදු වූ “විජයබා කොල්ලය” ලෙස හඳුන්වන සිදුවීමේ දී, කෝට්ටේ රජු සත්වන විජයබාහුගේ පුතුන් තිදෙනා කැරලි ගසා සිය පියාව මරා දැමූහ. ඔවුහු රාජධානිය ඔවුන් අතරම බෙදා ගෙන කුඩා රාජධානි තුනක් බිහිකරන ලදී: කෝට්ටේ, සීතාවක හා රයිගම. මෙම රාජධානි අතර පසුව ඇති වූ එදිරිවාදිකම් නිසා අභ්‍යන්තර දේශපාලනයට සම්බන්ධ වීමට පෘතුගීසීන්ට අවස්ථාවක් හිමිවිය. 1557 දී කෝට්ටේ රාජධානිය පෘතුගාලයට යටත් රාජ්‍යයක් බවට පත්විය. 1591 දී යාපනය රාජධානිය යටත් ව 1594 දී සීතාවක ද පෘතුගීසි බලප්‍රදේශයට ඈඳා ගන්නා ලදී. 1594 අප්‍රියෙල් වන විට මුළු ශ්‍රී ලංකාව ම යටත් කර අවසන් කිරීමේ පෘතුගීසීන්ගේ අපේක්ෂාවට හරස් වූයේ උඩරට රාජධානිය පමණකි.

1640 ගාලු කොටුව වටලෑම

1640 වර්ෂයේ දී ගාල්ලේ පෘතුගීසි කොටුව හෙවත් සැන්ටා කෲස් ඩි ගෝල් වටලෑම, ලන්දේසි–පෘතුගීසි සහ සිංහල–පෘතුගීසි යුද්ධ සමයේ දී සිදු වූ සිදුවීමකි.

1640 ගාලු කොටුව වටලෑම

1640 වර්ෂයේ දී ගාල්ලේ පෘතුගීසි කොටුව හෙවත් සැන්ටා කෲස් ඩි ගෝල් වටලෑම, ලන්දේසි–පෘතුගීසි සහ සිංහල–පෘතුගීසි යුද්ධ සමයේ දී සිදු වූ සිදුවීමකි.

Tags:

ආකර්ස්ලූට්උඩරට රාජධානියකුරුඳුගාල්ලගාලු කොටුවගෝවදකුණු ඉන්දියාවනෙදර්ලන්තයපෘතුගාලයපෘතුගීසි ලංකාවශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

අනුරාධපුර ජේතවනාරාමයශ්‍රී ලංකාවේ රක්ෂිත වර්ගමානසික ‍අක්‍රමතාබුරුම ඉතිහාසයධවල පත්‍රිකාවකොහොඹා කංකාරියමහා සිකුරාදාසොකරි නාටකයසිංහල ප්‍රස්ථාව පිරුළුසොළොස්මස්ථානකාර්මික විප්ලවයහෘදයපාරමිතාසතර අපායථූපාරාමය, අනුරාධපුරඅඹසිංහල අක්ෂර වින්‍යාසයක්ෂණික මෝචනයකුමාරතුංග මුනිදාසඅපෝස්තුළුවරුන් දොළොස් දෙනාකාමාවචර ලෝකඉසුරුමුණි කැටයම්ප්‍රංශ විප්ලවයපළමුවන ලෝක යුද්ධයදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමතාක්‍ෂණයදොං යී (රූපවාහිනී කතාමාලාව)අළු බදාදාඉස්ලාම් යනුබුලත් හපයාශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියශ්‍රී මහා බෝධිය, අනුරාධපුරඅර්ථයඅෂ්ඨ විද්‍යාශ්‍රී ලංකා‍ අලියාක්‍ෂුද්‍ර ජීවීන්දුර පැනීමමල්ගොංගාලේගොඩ බණ්ඩාලිංගික සංසර්ගික ඉරියව්මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයජාතික ගීය - ශ්‍රී ලංකා2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණයයුනෙස්කෝබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවඩයලොග් ආසියාටාඋපසර්ගඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයගුත්තිල කාව්‍යයශ්‍රී ලංකා ජාතික ගීයශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමආර්ථික සංවර්ධනයප්‍රතිශක්තිකරණ පද්ධතියශ්‍රී ලංකාවේ රබර් වගාවඌව වෙල්ලස්ස කැරැල්ලමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිමාලිමාවශ්‍රී ලංකාවේ අධ්‍යාපනයශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවඅධිරුධිර පීඩනය2004 සුනාමියකෙසෙල්පුරාවිද්‍යාවශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිසීගිරියේ ඉතිහාසයශ්‍රී ලංකාවේ කෑගල්ල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රමහ වැව් නාමාවලියවිජයබා කොල්ලයමඩොල් දූවශ්‍රී ලංකාවේ සංගීතයශ්‍රී ලංකාවේ ආදිවාසීන්සීගිරි ගීමුල් ළමාවියේ සංවර්ධනයත්‍රිපිටකයඔසරියඅවුකන බුදු පිළිමය🡆 More