දෙවන රාජසිංහ රජ

දෙවැනි රාජසිංහ (අභිෂේකයට පෙර මහා අස්ථාන කුමරු) රජු (ක්‍රි:ව 1635 -1687 දක්වා පාලනය කළ) සිංහල රජෙකි.

ඔහු ශ්‍රී ලංකාවේ කන්ද උඩරට රාජධානියේ තෙවැනි සිංහල රජුය. රාජසිංහ රජු පෘතුග්‍රීසීන් ලංකාවෙන් පළවා හැරීමට ලන්දේසීන්ගේ උදව් පැතුවේය. මෙම රජතුමාගේ කාලයේදී දියොගු ද මේලො නම් පෘතුගීසි කපිතාන් ජෙනරාල්වරයා 1638 වරෂයේ දී විශාල හමුදාවක් සමඟ උඩරට ආක්‍රමණය කළේ ය. ගන්නොරුව වෙලේදී දෙවන රාජසිංහ රජු⁣ග් හමුදාව වටකොට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළහ. මේ සටනින්ද පෘතුගීසීන් අන්ත පරාජයක් ලැබීය. ලන්දේසින් 1656 දී පෘතුගීසින්වව පලවා හැරීය . එහෙත් ඒ වන විට ලන්දේසීන්ගේ පරමාර්ථය වී තිබුණේ පෘතුග්‍රීසීන් ලංකාවෙන් පළවා හැරීම පමණක් නොව දිවයිනෙහි ප්‍රධාන යටත් විජිත බලවතා වීම බව උඩුරැටියනට ඒ වන විට පැහැදිළි වී තිබුණි. රාජසිංහ 1645 සිට තම කලින් සතුරු කණ්ඩාම් සමග විටින් විට සටන්වල නිරත වෙමින් සිටියේය.

දෙවන රාජසිංහ
රජ
දෙවන රාජසිංහ රජ
රොබට් නොක්ස්ගේ ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් දි අයිලන්ඩ් සිලෝන් , 1693 ග්‍රන්ථයෙහි දැක්වෙන දෙවන රාජසිංහ රජ
රාජ්‍ය සමය1635 – 6 දෙසැම්බර්1687
අභිෂේකය1635
පූර්වප්‍රාප්තිකයාසෙනරත් රජ
අනුප්‍රාප්තිකයාදෙවන විමලධර්මසූරිය රජ
උපතක්‍රි.ව. 1608
ශ්‍රී ලංකාව
මරණයක්‍රි.ව. 1687 දෙසැම්බර් 6
ශ්‍රී ලංකාව
භූමදානයශ්‍රී ලංකාව
දරුවන්දෙවන විමලධර්මසූරිය රජ
වංශයHouse of Dinajara
පියාසෙනරත් රජ
මවදෝන කැතරිනා රැජිණ

උපත සහ මුල් දිවිය

මහා අස්ථාන කුමරු සෙනරත් රජුගේ සහ කුසුමාසන දේවිය ගේ පුතාය. සිංහලේ අගනුවර සෙංකඩගල කරගත් දෙවැනි පාලකයා වූයේ සෙනරත්ය. පෘතුග්‍රීසීන් දිවයිනේ මුහුදු බඩ වූ බොහෝ ප්‍රදේශ ඔවුනගේ පාලනයට නතු කරගත් හෙයින් දිවයිනෙහි එකම තනි ස්වාධීන ස්වදේශීය රාජ්‍යය බවට කන්ද උඩරට පත්විය. නිතර නිතර සිදු වූ සටන් නිසා උඩරැටියන් පෘතුග්‍රීසීන් කෙරෙහි තද කළකිරීමෙන් පසුවූහ. ශත වර්ෂයකට පමණ කලින් රණකාමී සීතාවක රාජ්‍යය ලබාගත් කෙටිකාලීන ජයග්‍රහණය නිසා යටත් විජිත පාලකයින් පළවා හැරීම කළහැකි දෙයක් බව රාජධානියෙහි බො‍හෝ දෙනෙක් ඒත්තු ගත්හ. ඉතා ළාබාල අවධියේදී කන්ද උඩරට ‍රාජධානියට 1612 දී එල්ල වූ පෘතුග්‍රීසී ආක්‍රමණයේදී රාජසිංහ රජු ප්‍රතිප්‍රහාර එල්ලකිරීම සඳහා සහාය විය.

රාජසිංහ රජු පිය රජුගෙන් පසු 1635 දී කිරුළ හිමිවිය. (සමහරක් මූලාශ්‍රවල වර්ෂය 1629 ලෙසද සඳහන් වේ)

වැදගත්කම්

රාජසිංහ රජුගේ කාලයේ සිදු වූ ඉතා වැදගත් සිදුවීමක් වූයේ ලන්දේසීන් විසින් පෘතුග්‍රීසීන් පලවා හැරීමයි. එක් යුරෝපීය බලවතෙකුගේ කරදරයෙන් මිදීම සඳහා එවැනිම තවත් යුරෝපීය බලවතෙකුගේ සහය පතා ඔවුන් ළඟා කර ගැනීම කන්ද උඩරට රාජ්‍යයට පාරාවළල්ලක් විය. තමන් පෘතුග්‍රීසීන් නිසා විඳි කරදරකාරී තත්වයට දැනුදු මුහුණ පා සිටින බව කන්ද උඩරට රාජධානියට තේරුම් ගියේය. රටේ ජනතාව ඔවුන්ගේ ආගමට හරවා ගැනීම සහ ඔවුන්ගේ සංස්කෘතික ආධිපත්‍යය බලෙන් පැටවීම සම්බන්ධයෙන් ලන්දේසීන් එතරම් සැළකිලිමත් නොවූහ. එසේ වුවද යුරෝපීයයන් ඉතා කපටි සහ ඔවුන්ගේ කටයුතුවලදී ගෞරවනීය ලෙස කටයුතු කරන්නන් නොවූ බව පෙනී ගියේය.

උඩරට රාජධානියේ අභ්‍යන්තර තත්වය ක්‍රමයෙන් අස්ථාවර තත්වයකට පත් විය. රාජසිංහ යුගයේදී උඩරට දේශපාලන කටයුතු කළ බලවත් පවුල්, 18 වෙනි සියවසේදී වැඩි බලයක් උරුම කරගත්හ. සැළකිය යුතු කරුණක් වන්නේ රාජසිංහ රජු මැරීමට ගත් උත්සාහයන් සාමාන්‍ය දෙයක් වූ බවයි. ශ්‍රී ලංකාව දේශීය වශයෙන් ස්ථාපිත තනි රාජ්‍යයක් බවට පත් වීමේ සිහිනයේ ක්‍රමික ක්ෂය වීමක් රාජසිංහ පාලන යුගයේදී ද දක්නට ලැබුණි.

මේවාද බලන්න

දෙවන රාජසිංහ රජ
කොනප්පු බණ්ඩාර රාජවංශය
උපත: 1608 මරණය: 25 නොවැම්බර් හෝ 6 දෙසැම්බර් 1687
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
සෙනරත්
මහනුවර රජ
1635–25 නොවැම්බර් 1687
අනුප්‍රාප්තික
දෙවන විමලධර්මසූරිය

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයසොළොස්මස්ථානශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවඑක්සත් ජාතීන්ගේ සංවිධානයලෝක ජල දිනයආප්තෝපදේශආතර් වී. දියෙස්නියඟයශ්‍රී ලංකාවේ ගමනාගමනයලංකා බැංකුවඉංග්‍රීසි භාෂාවභෛරවී රාගයක්ෂුද්‍ර ජීවීන් සහ රෝගඅන්තර්ජාලයකොරියානු භාෂාවමහාද්වීපE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)මඩොල් දූවමුහම්මද් නබිකනපොරොන්දම්ධාතුසේන රජතෙත් කලාපයේ ශාක විවිධත්වයජේසුස් වහන්සේගේ උප්පත්තියසසුන සුරැකි සංගායනාකොළඹ ජාතික කෞතුකාගාරයපසළොස්වක පොහොය දොළහදුන්හිඳ ඇල්ලනාගරීකරණයපිදුරුතලාගලසැළලිහිණි සන්දේශයචීනයපුවත්පත්හේන් ගොවිතැනශ්‍රී ලංකා ජාතික ගීයවිවාහ නීතිය - ශ්‍රී ලංකාසොකරි නාටකයපන්සියපනස් ජාතක පොතතිසා වැවභික්ෂු සාසනයශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවප්‍රස්තාව පිරුළු යනුසාන්ත. බෙනඩික් විදුහල, කොළඹශ්‍රී ලංකා කලු වදුරාජලයබිසෝ කොටුවශ්‍රී ලංකාවේ ජාතික කොඩියමෛත්‍රීපාල සිරිසේනසාමයශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයකටුස්සාමලල ක්‍රීඩා - ජවන හා පිටිය ඉසව්පෙරහැර - ශ්‍රී ලංකාශිව දෙවියන්පෙබරවාරි 13ස්ටීවන් හෝකිංමනෝ විශ්ලේෂණවාදයරාජ්‍ය නොවන සංවිධානශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවසමාජ විද්‍යාවසිංහල සහ හින්දු අලුත් අවුරුද්දමොසිල්ලා ෆයර්ෆොක්ස්උගුඩුවාකැබිලිත්තෑවේ සියඹලා ගසප්ලූටෝරනිල් වික්‍රමසිංහමහින්ද රාජපක්ෂමෛත්‍රී බුදුරජාණන් වහන්සේගැලලියෝ ගැලලීසුරතාන්තයඅපරාධ නීතියසෙංකඩගල පෙරහැර මංගල්‍යයනාලන්දා විශ්වවිද්‍යාලයකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාගිබ්ස් ශක්තියසීගිරි ගීවිද්‍යාත්මක ක්‍රමය🡆 More