කෝවක්කා

කෝවක්කා යනු ඖෂධීමය අගයක් ඇති වැල් වර්ගයකි.

කෝවක්කා
කෝවක්කා
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(unranked): Angiosperms
(unranked): Eudicots
(unranked): Rosids
ගෝත්‍රය: Cucurbitales
කුලය: Cucurbitaceae
ගණය: Coccinia
විශේෂය: C. grandis
ද්වීපද නාමය
Coccinia grandis
(Carolus Linnaeus) Joachim Otto Voigt

මෙය Coccinia grandis යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලැබේ දකුණු ආසියානු රටවල වියළි කලාපය තුළ බහුලව දක්නට ලැබේ. කෝවක්කා ගෙඩි ලපටි කාලයේදී කොළ පැහැයෙන් දිස්වන අතර ඉදුණ ගෙඩි අලංකාර රතු පැහැයක් ගනී. කෙම් ගෙඩිය ලෙසින් ද කෝවක්කා ගෙඩිය පැරණි පොතපතෙහි හඳුන්වා තිබේ.

භාවිතය

ආහාරමය ප්‍රයෝජන ලෙස කෝවක්කා මැල්ලුම, කෝවක්කා කැඳ, හා කොවක්කා ව්‍යංජනය භාවිතා වන අතර කෝවක්කා වැලෙහි ලපටි කොළ මැල්ලූම් සෑදීම සදහා භාවිතා කරයි.

ඖෂධීය ගුණ

කෝවක්කා කොළ මැල්ලූම දියවැඩියා රෝගීන්ට හොද ඔසුවක් ලෙස සිංහල වෙදකමේ දී හැඳින්වේ. හේන් ගොවිතැන් කිරීමට කැලය කපන අවස්ථා වලදී කෝවක්කා වැල්ද කැපී යයි, එවිට කොවක්කා වැලෙන් වෑස්සෙන ජලය එකතු කර පානය කිරීමෙන් පිපාසය ඉක්මණින් සංසිදෙන බව ගොවීන්ගේ විශ්වාසය වේ.

සාහිත්‍යය

කෝවක්කා ගෙඩියේ පැහැය ගිරවාගේ හොටෙහි පැහැයට සමාන වීම නිසා ගිරා සංදේශයේද කෝවක්කා ගෙඩිය පිළිබඳව සඳහන් වන අතර මහා කවි කාලිදාසයන් කාන්තාවන්ගේ තොලෙහි පැහැය වර්ණනා කිරීම සහාද කෝවක්කා ගෙඩියේ පැහැය යොදාගෙන තිබේ.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

අධ්‍යාපනයJalani premadasaශ්‍රී ලංකාවේ මැණික්භාෂාවසිබිල් වෙත්තසිංහසිංහල සහ හින්දු අලුත් අවුරුද්දජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලපරිණාමයබල්ලෝඑල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිවිල් ජනයාට සිදුකළ ප්‍රහාර ලයිස්තුවලෝ වැඩ සඟරාවඅභය වැවමිනිසාසිංහල සාහිත්‍යයමහගම සේකරශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයජපානයසංචාරක කර්මාන්තයතෝමස් අල්වා එඩිසන්කෝළම්ධර්ම සංගායනාඑවරස්ට් කන්දමොණරවිල කැප්පෙටිපොළරොසලින්ඩ් ෆ්‍රෑන්ක්ලීන්සැතපුමමුහුදඋඩුනුවර ලංකාතිලක විහාරයසමාජ ඉගෙනුම් වාදයරුවන්වැලිසෑයඝනත්වයශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයඋද්ධමනයකෙටිකතාකලාවදුටුගැමුණු රජජන සන්නිවේදනයශ්‍රී ලංකා පොදුජන පෙරමුණගාලු කොටුවසේනක බිබිලේමයිනාශ්‍රී ලංකාවේ මාර්ග සංඥාපොන්නම්බලම් රාමනාදන්නේටෝඅන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩයසිද්ධි ලෙබ්බේමාතලේ කැරැල්ලමහා ප්‍රජාපතී ගෝතමීලෝක ජල දිනයබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිවන්නම්ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනබාලදක්ෂ ව්‍යාපාරයවිෂ්ණුඅළු කෑදැත්තාසෞඛ්‍යයශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කඑල්ලේගාල්ලඉංග්‍රීසි භාෂාවසද්ධර්ම රත්නාවලියසිද්ධාර්ථ කුමරුජාතිකවාදයසිංහල රාජධානියහෙද සේවයමඩොල් දූවචන්ද්‍රයාසකස්කඩනව අරහාදී බුදුගුණසෙනරත් පරණවිතානඋපසර්ගසිංහල පිල්ලම්ජාත්‍යන්තර මූල්‍ය අරමුදලදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයසිංහල හෝඩි🡆 More