කරණිය මෙත්ත සුත්‍රය

මෙම ලිපියේ අඩංගු මූලාශ්‍ර සිංහල විකිපීඩියාවට වඩා සිංහල එහි සොයුරු ව්‍යාපෘතියක් වන විකිමූලාශ්‍ර වෙත එක්කිරීම යෝග්‍යවේ.

.

විකිපීඩියා මුලාශ්‍ර සංචිතයක් නොවන අතර විකිමූලාශ්‍ර යනු මූලාශ්‍ර සංචිතයකි. While this article does not itself contain source data that should be moved to Wikisource, documents that could be used as sources for or relating to this article could be on Wikisource but currently are not. Please be sure the work and any English translation conforms to Wikisource's copyright and inclusion policies.

කරණිය මෙත්ත සුත්‍රය අර්ථය සමග

 කරණීය මත්‍ථ කුසලෙන යං තං සන්තං පදං අභිසමෙච්ච සක්කො උජූ ච සූජූ ච සුවචො චස්ස මුදු අනතිමානි

අර්ථය (ශාන්ත පදයට පැමිණ වසනු කැමැත්තහු විසින් යමක් කළ යුතු ද? අභිවෘද්ධියෙහි දක්ෂයා එය කට යුතු ය. හේ සමර්ථයෙක් වන්නේ ය. අවංක වන්නේ ය. මැනවින් අවංක වන්නේ ය. කීකරු වන්නේ ය. මෘදු වන්නේ ය. නිහතමානි වන්නේ ය.)

සන්තුස්සකො ච සුභරො ච අප්පකිච්චො ච සල්ලහුකවුත්ති සන්තින්ද්‍රියො ච නිපකො ච අප්පගබ්බො කුලෙසු අනනුගිද්ධො

අර්ථය (සන්තෝෂ ඇත්තෙක් වන්නේ ය. පහසුවෙන් පෝෂණය කළ හැකෙක් වන්නේ ය. ස්වල්ප කටයුතු ඇත්තෙක් වන්නේ ය. සැහැල්ලු පැවතුම් ඇත්තෙක් වන්නේ ය. සන්හුන් ඉඳුරන් ඇත්තෙක් වන්නේ ය. ප්‍රඥාවත් වන්නේ ය. හැඩි දැඩි නොවන් නේ ය. කුලයන්හි නො ඇලෙන්නේ ය.)

නච ඛුද්ධං සමාචරේ කිඤ්චි යෙන විඤ්ඤු පරෙ උපවදෙය්‍යුං සුඛිනො වා ඛෙමිනො හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

අර්ථය (යම් ක්‍රියාවක් නිසා නුවණැති අන්‍යයෝ නින්දා කෙරෙත් නම් එබඳු කුඩා වූ වරදක් පවා නො කරන්නේ ය. සියුල සත්හු සුව අත්තෝ භය නැත්තෝ වෙත් වා. සියලු සත්හු සුවයෙන් යුතු සිත් ඇත්තෝ වෙත් වා. )

යෙ කෙචි පාණ භූතත්ථි තසා වා ථාවරා වා අනවසෙසා දීඝා වා යෙ මහන්තා වා මජ්ඣිමා රස්සඛාණුකථූලා

අර්ථය (කෙලෙස් ඇති සත්වයෝ ද කෙලෙස් රහිත සත්වයෝ ද යන සියලු ප්‍රාණභූත සත්ව කෙනෙක් වෙත් ද දික් වූ හෝ මහත් වූ හෝ මධ්‍යම වූ හෝ කුඩා ශරීර ඇත්තා වූ හෝ ඉතා කුඩා වූ හෝ ස්ථූල වු සත්වයෝ වෙත් ද?)

දිට්ඨා වෙ යෙව අද්දිට්ඨා යෙච දූරෙ වසන්ති අවිදූරෙ භූතා වා සම්භවෙසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

අර්ථය (තම ඇසට පෙනෙන්නා වූ හෝ නොපෙන්නා වූ සත්වයෝ වෙත් ද යම් සත්ව කෙනෙක් දුර හෝ වසත් ද , ළඟ හෝ වසත් ද, උපන්නා වූ යම් සත්ව කෙනෙක් වෙත් ද, හේ ඉපැදෙමින් සිටින යම් සත්ව කෙනෙක් වෙත් ද? )

නපරො පරං නිකුබ්බේථ නාතිමඤ්ඤේථ කත්ථචිනංකඤ්චි ඛ්‍යාරොසනා පටිඝසඤ්ඤා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය

අර්ථය (අනෙකෙක් අනෙකකු නො රවටන්නේය. කිසි තැනෙක්හි ඒ කිසිවකුට අවමන් නො කරන්නේ ය. කය වචන දෙකින් කරන රෝෂණයෙන් ද සිතින් කරන ක්‍රෝධයෙන් ද ඔවුනොවුන්ට දුක් නොකැමති වන්නේ ය.)

මාතා යථා නියං පුත්තං ආයුසා එක පුත්ත මනුරක්ඛෙ එවම්පි සබ්බභූතෙසු මානසං භාවයෙ අපරිමානං

අර්ථය (යම් සේ මවුතොමෝ ආයුෂයෙන් ස්වකීය පුත්‍රයා රකී ද, එසේම සියලු සතුන් කෙරෙහි අප්‍රමාණ මෛත්‍රි සිත වඩන්නේ ය.)

මෙත්තං ච සබ්බලොකස්මිං මානසං භාවයෙ අපරිමානං උද්ධං අධො ච තිරියඤ්ච අසම්බාධං අවෙරං අසපත්තං

අර්ථය (පමණ රහිත වූ,එසේම පීඩා රහිත වූ වෛර චේතනා රහිත වූ,සතුරන් රහිත වූ සිතෙහි වූ මෛත්‍රිය ද උඩ යට සරස යන සියලු සත්ව ලෝකයෙහි වඩන්නේ ය. )

තිට්ඨං චරං නිසින්නෝ වා සයානො වා යාවතස්ස විගතමිද්ධො එතං සතිං අධිට්ඨෙය්‍ය බ්‍රහ්ම මෙතං විහාරං ඉධමාහු

අර්ථය (සිටිමින් හෝ යමින් හෝ හිඳිමින් හෝ සයනය කරමින් හෝ යම්තාක්කල් නොනිදා ද ඒ තාක්කල් මෛත්‍රී ස්මෘතිය වඩන්නේ ය.)

දිට්ඨිං ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නො කාමෙසු විනෙය්‍ය ගෙධං නහිජාතු ගබ්භසෙය්‍යං පුනරෙතීති

අර්ථය (මිත්‍යාදෘෂ්ටියට නො පැමිණ ශ්‍රොතාපන්න මාර්ග ඥාන දර්ශනයෙන් යුක්තවූයේ වස්තුකාමයෙහි ගිජුබව හෙවත් ක්ලේශ කාමය සකෘදාගාමි අනාගාමි මාර්ග දෙකින් ප්‍රහීණකොට ඒකාන්තයෙන් මවුකුස පිළිසිඳ ගැනීමට නැවත නො පැමිණෙන්නේ ය.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

පරාක්‍රම සමුද්‍රයපංච නීවරණහරිත විප්ලවයබෞද්ධ දිනදසුනඅවුකන බුදු පිළිමයදඹදෙණිය යුගයජලයසොළොස්මස්ථානJalani premadasaපටිච්චසමුප්පාදයබෝවන රෝගශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවසයිමන් නවගත්තේගමසිංහල නාඩගම්කෘෂි කර්මාන්තයකළු කවුඩා2004 සුනාමියජාතික ජන බලවේගයකෙටිකතාමුල් පිටුවආකිමිඩීස් නියමයශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවඅනුරාධපුර ජේතවනාරාමයඅනුරාධපුර පෞරාණික නගරයජන සන්නිවේදනයශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවපොළොන්නරුව වටදාගෙයපරිගණක ඉතිහාසයඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයග්‍රහලෝකබුදු දහමඉන්දු නිම්න ශිෂ්ටාචාරයඑස්‌. මහින්ද හිමිකාවන්තිස්ස රජශ්‍රී ලංකාවේ වී ගොවිතැනශ්‍රී ලංකාවේ නීති පද්ධතියරාජ්‍ය සේවා කොමිෂන් සභාවරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවවිහාරමහා දේවියසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුවායුගෝලීය දූෂණයශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුවසතර සෘධිපාදලෝවාමහාපායසතර සංග්‍රහ වස්තුඉස්ලාමීය විශ්වාසයපින්නවල අලි අනාථාගාරයහින්නෝන්මාදයශ්‍රී ලංකාවේ යටත් විජිත යුගයේ ආර්ථික සහ සමාජ ප්‍රතිපලසුදු කොඩි නඩුවකුරුණෑගල පාසල් නාමාවලියපළමුවන විමලධර්මසූරිය රජසිංහබාහු රජඅනුර කුමාර දිසානායකඌව වෙල්ලස්ස කැරැල්ලදැන්වීම්කරණයසීනිදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයකුරුණෑගලඉන්දියාවචලිතය පිළිබඳ නිව්ටන් නියමමහා මංගල සුත්‍රයතෙරේසා මවුතුමියකෘත්‍රීම බුද්ධියගැලලියෝ ගැලලීගොංගාලේගොඩ බණ්ඩානිල්ලග්ගම බෞද්ධ ස්මාරකසීගිරි ගීසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයඅංගුලිමාල පිරිතපරිසර දූෂණයසිංහල නවකතාවමිනිසාඅභයගිරි විහාරයශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණ🡆 More