උල්පත් විහාරයේ බුද්ධ ප්‍රතිමාව

උල්පත් විහාරයේ බුද්ධ ප්‍රතිමාව (චීන: 中原大佛; සරල චීන: 山大佛; සම්ප්‍රදායික චීන: 魯山大佛) යනුවෙන් හඳුන්වනු ලබන්නේ චීනයේ හෙනාන්හි ලුෂාන් ප්‍රාන්තයේ ෂාඕකුන් නගරයේ පිහිටා ඇති දැවැන්ත බුද්ධ ප්‍රතිමාවකි.

වෛරෝචන බුදුන් වහන්සේ‍ගේ රුව නිරූපිත මෙම ප්‍රතිමාව වර්ෂ 1997 සිට 2008 දක්වා කාලය තුළ ඉදිවූවකි. මෙම ප්‍රතිමාව පිහිටා ඇත්තේ චීනයේ ජාතික අබාධ මාර්ගය අංක. 311 ආසන්නයේ ෆොඩුෂාන් දර්ශනීය පෙදෙස තුළ ය. 128 m (අඩි 420) ක් උසැති මෙම බුද්ධ ප්‍රතිමාව, 20 m (අඩි 66) ක් උසැති පද්මාසනයක් මත වැඩ හිඳින අයුරින් නිර්මාණය කොට තිබේ. උල්පත් විහාරයේ මෙම බුද්ධ ප්‍රතිමාව ලොකයේ උසම ප්‍රතිමාව ලෙස සලකනු ලබයි.

උල්පත් විහාරයේ බුද්ධ ප්‍රතිමාව
中原大佛
උල්පත් විහාරයේ බුද්ධ ප්‍රතිමාව
ඛණ්ඩාංක33°46′30″N 112°27′03″E / 33.775082°N 112.450925°E / 33.775082; 112.450925 (උල්පත් විහාරයේ බුද්ධ ප්‍රතිමාව (ලුෂාන්, චීනය)) 112°27′03″E / 33.775082°N 112.450925°E / 33.775082; 112.450925 (උල්පත් විහාරයේ බුද්ධ ප්‍රතිමාව (ලුෂාන්, චීනය))
පිහිටීමෆොඩුෂාන් දර්ශනීය පෙදෙස, ලුෂාන් ප්‍රාන්තය, හෙනාන්, චීනය
ප්‍රභේදයප්‍රතිමාව
උස128 m (අඩි 420)
අවසන් කළ දිනය1 සැප්තැම්බර් 2008

විස්තරය

මෙම බුද්ධ ප්‍රතිමාවට අමතරව එම ප්‍රතිමාව පිහිටුවා ඇති 25 m (අඩි 82) ක් උසැති පාදම/ගොඩනැගිල්ල ද සැලකිල්ලට ගත්විට මෙම ස්මාරකයේ සම්පූර්ණ උස ලෙස 128 + 25 = 153 m (අඩි 502) ක් ලැබේ. 2008 ඔක්තෝබර් මාසය වන විට මෙම ප්‍රතිමාව පිහිටුවා ඇති කඳු ගැටය තවත් අමතර පාදස්තල දෙකක් පිහිටුවීම පිණිස යළි හැඩගන්වමින් පැවතිණි. ඉන් ඉහළ පාදම 15 m පමණ උසැති ය. ඒ අනුව වර්තමානය වන විට මෙම ස්මාරකයේ සම්පූර්ණ උස ලෙස 208 m (අඩි 682) ක් ලැබෙන බව පැවසේ.

මෙම ව්‍යාපෘතිය සමස්තයක් ලෙස සැලකූ විට සම්පූර්ණ පිරිවැය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 55ක පමණ වියදමක් දරන්නට සිදුවන්නට ඇති බව ඇස්තමේන්තුගත කෙරිණි. ඉන් මිලියන 18ක්ම බුද්ධ ප්‍රතිමා‍ව වෙනුවෙන් වැය විය. මුලින් ඇස්තමේන්තුගත කෙරුණේ මෙම ප්‍රතිමාව තඹ කැබලි 1,100ක් (තඹ ලෝකඩ හෝ පිත්තල නොවේ) ආධාරයෙන් වාත්තු කොට තැනවීමටයි. බුද්ධ ප්‍රතිමාවේ සම්පූර්ණ ස්කන්ධය ටොන් 1,000ක් පමණ වේ. බුද්ධ ප්‍රතිමාවට පහළින් බෞද්ධ විහාරයක් ද ඉදිකොට තිබේ.

උල්පත් විහාරයේ බුද්ධ ප්‍රතිමාවට එම නාමය හිමිවූයේ ආසන්නයේ පිහිටි ටියෑන්රුයි උණු දිය උල්පත හේතුවෙනි. මෙම උල්පතෙහි ජලය 60°Cක උෂ්ණත්වයෙන් යුතුව බුබුළු නගමින් පවතින අතර, එහි ජලයේ ඇති ඖෂධීය ගුණය හේතුවෙන් ප්‍රදේශය පුරා ප්‍රකට වී තිබේ. චීනයේ ටෑං රාජවංශ සමයේ නිර්මාණය වූ ෆෝක්වාන් විහාරය තුළ "වාසනාවේ ඝණ්ටාරය" නැමැති ඝණ්ටාරයක් පිහිටුවා තිබේ. මෙය මකර හිස් ශිඛරය මත ගොඩනගා ඇත. මෙම ලෝකඩ ඝණ්ටාරය ටොන් 116ක බරින් යුක්ත යැයි සඳහන් වේ.

ගැලරිය

උල්පත් විහාරයේ බුද්ධ ප්‍රතිමාව 
දුරස්ථ දසුනක්
දුරස්ථ දසුනක් 
උල්පත් විහාරයේ බුද්ධ ප්‍රතිමාව 
බුද්ධ ප්‍රතිමාවේ පාදය
බුද්ධ ප්‍රතිමාවේ පාදය 

මේවාත් බලන්න

සැකිල්ල:Height comparison of notable statues

  • උස අනුව ප්‍රතිමා ලැයිස්තුව

මූලාශ්‍ර

බාහිර සබැඳි

වාර්තා
පූර්වප්‍රාප්තිකයා
උෂිකු දායිබුත්සු
110 m (අඩි 361)
ලොව උසම ප්‍රතිමාව
2002–වර්තමානය
පදවිය හොබවයි

සැකිල්ල:Buddhist temples in China

Tags:

උල්පත් විහාරයේ බුද්ධ ප්‍රතිමාව විස්තරයඋල්පත් විහාරයේ බුද්ධ ප්‍රතිමාව ගැලරියඋල්පත් විහාරයේ බුද්ධ ප්‍රතිමාව මේවාත් බලන්නඋල්පත් විහාරයේ බුද්ධ ප්‍රතිමාව මූලාශ්‍රඋල්පත් විහාරයේ බුද්ධ ප්‍රතිමාව බාහිර සබැඳිඋල්පත් විහාරයේ බුද්ධ ප්‍රතිමාවචීන භාෂාවචීනයවෛරෝචන බුදුන් වහන්සේසම්ප්‍රදායික චීන අක්ෂරසරල චීන අක්ෂර

🔥 Trending searches on Wiki සිංහල:

මහවැලි ගඟවෛරසඇන්තූරියම්ස්වභාවික පරිසරයසිංහල මිණුම් ඒකකචෙස්ශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිශ්‍රී ලාංකීය සංස්කෘතියසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයදේශපාලන න්‍යායසරත් ගුණපාලසිංහරාජ වනාන්තරයශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයශ්‍රී ලංකාවේ ඌව පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නය1000000000000 (number)ඝනත්වයලිංගාශ්‍රිත රෝගපරිගණකයස්තූපබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවසුසන්තිකා ජයසිංහමහා මංගල සුත්‍රයප්‍රතිරෝධකයl42ehමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිඅනුර කුමාර දිසානායකවිවාහ නීතිය - ශ්‍රී ලංකාදඹුල්ල රජමහා විහාරයශ්‍රී වික්‍රම රාජසිංහ රජඇඩොල්ෆ් හිට්ලර්දියලුම ඇල්ලමාර්ටින් වික‍්‍රමසිංහපුරාවස්තුසෞඛ්‍යයසඳකඩපහණපලතුරු වර්ග ලැයිස්තුවපළමුවන විජයබාහු රජකාලයපිළිකුත්තුව රජ මහා විහාරයවැදි ජනයාහිරුමාක්ස්වාදය සහ රාජ්‍ය ප්‍රතිපත්තිශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවමහත්මා ගාන්ධිශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවශ්‍රී ලංකාවේ පළාත්ආනන්ද කුමාරස්වාමිරංජිත් සියඹලාපිටියයාල ජාතික වනෝද්‍යානයසතර මහා අපදේශශ්‍රී ලංකාවේ කම්කරු නීතියශ්‍රී ලංකාවේ ඉතිහාසයඔස්ට්‍රලෝපිතකස්කම්කරු නීතියසිංහල භාෂාවත්‍රිවිද්‍යාසෙනරත් පරණවිතානපහතරට නැටුම්දන්ත කුමරු හේමමාලා කුමරියලන්දේසි ලංකාවශ්‍රී ලංකා නිදහස් දිනයවැහි ලිහිණියාදිලීරවෙරළබඩ කලාපසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමටී.බී. ජයාවලාකුළු පරිගණනයසංඝමිත්තා තෙරණියවිද්‍යුත් තැපෑලසිරිමාවෝ බණ්ඩාරනායකවේල්ස් කුමර විදුහලඅකුණුකාංසා අක්‍රමතාවයග්‍රහලෝකප්‍රස්තාව පිරුළු යනු🡆 More