හඳ රාහු ඇල්ලීම

රාහු ග්‍රහයෙකි.

රාහුගේ මව සිංහිකා වූ හෙයින් ඔහු සෛංහිකේය නම් විය. මේ ග්‍රහයා විසින් චන්ද්‍ර සූර්ය දෙදෙනා ග්‍රහණය කරනු ලබන බව කවිසමයයි. කිරි සයුර කළඹා ලත් අමෘතය දෙවියන් අතර බෙදන කල රාහු අසුරයා සුර වෙසින් පැමිණ අමා බිඳක් ලබා ගත්තේය. හිරු සඳු දෙදෙන ඒ සොරකම විෂ්ණුගේ ස්ත්‍රී අවතාරය වූ මෝහිණීට දැන්වූහ. කෝප වූ මෝහිණි චක්‍රායුධයෙන් රාහුගේ හිස කපා දැමුයේ අමෘතය ගෙලෙන් පහළට යාමට පෙරය. එහෙත් ඊට පෙර ඒ අමෘතය මුව තැවරී තිබූ හෙයින් රාහු හිස අමර විය. කඳ කේතු විය.රාහු වරින් වර හිරු සඳු ග්‍රහණය කරන්නේ ඒ කෝපයෙන් බව කියවේ. මෙම නිසා කවි සමයෙහි චන්ද්‍ර ග්‍රහණය හඳ රාහු ඇල්ලීම යැයි හැඳින්වේ. මෙය පූර්වයෙහි පැවති සංකල්පයක් පමණි. වර්තමානයේදී මෙම තාරකා විද්‍යාත්මක සංසිද්ධිය හැඳින්වීමට මෙම නම නොයෙදෙන අතර චන්ද්‍ර ග්‍රහණය නමම යෙදේ.

තාරකා විද්‍යාත්මකව (හින්දු ජ්‍යෝතිශ්ශාස්ත්‍රයට අනුව), රාහු සහ කේතු යනු අවකාශ ගෝලය ඔස්සේ සූර්යයා සහ චන්ද්‍රයා ගමන් කරන විට ඒවායේ පථයන් ඡේදනය වන ලක්ෂ්‍යයන් දෙකය. ග්‍රහණ සිදුවන්නේ සූර්යයා සහ චන්ද්‍රයා මෙම ලක්ෂ්‍යයන් දෙකෙන් එකක සිටින විට බැවින් රාහු විසින් හිරු හා සඳු ගිලීම යන මිථ්‍යාව ගොඩනැගී ඇත. රාහු විසින් ගිලිනු ලැබූ හිරු හෝ සඳු හෝ ගෙලෙහි ඡේදනය කල තැනට පැමිණ එහි වූ සිදුරෙන් ඉවතට පැමිණි කල ග්‍රහණය අවසන්ව හිරු හෝ සඳු හෝ නැවත දිස්වෙතැයි විශ්වාස කෙරෙයි.

ආශ්‍රිත ලිපි

Tags:

චන්ද්‍ර ග්‍රහණය

🔥 Trending searches on Wiki සිංහල:

අනුරාධපුර පෞරාණික නගරයසිංහබාහුදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයකළුතර බෝධියධම්මපදයනාගරීකරණය - ශ්‍රී ලංකාශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාඅපද්‍රව්‍ය කළමනාකරණයකෘමියෝශ්‍රී ලංකාව තුළ රූපවාහිනියනාගදීප පුරාණ විහාරයශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයපයිතගරස්රාවණා රජසිංහල අක්ෂර වින්‍යාසයඒබ්‍රහම් ලින්කන්මානෙල්පංච නීවරණඑස්. පණීභාරතපරිණාමයරසායනික සූත්‍රශ්‍රී ලංකාවේ ආගමික පසුබිමටජ් මහල්ඉන්දියානු ජාතික කොංග්‍රසයඌව වෙල්ලස්ස කැරැල්ලනිදන්ගත වකුගඩු රෝගයනායකත්වයදුන්හිඳ ඇල්ලබ්‍රිතාන්‍ය ලංකාවභෞතික විද්‍යාවවිෂ්ණුගබ්සාවමුතියංගණ රජ මහා විහාරයජලයඉසුරුමුණියශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවමධ්‍යම පළාත, ශ්‍රී ලංකාවආරුමුග නාවලර්තත් වාද්‍ය භාණ්ඩකන්‍යාභාවයවොලිබෝල්ගිරවුබෞද්ධ කොඩියත්‍රිවිද්‍යාඊශ්‍රායලයචාල්ස් ඩාවින්ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්බාලදක්ෂ ව්‍යාපාරයජාත්‍යන්තර කම්කරු දිනයප්‍රභාසංශ්ලේෂණයඑල්ලේපරිගණකයපංච කල්‍යාණලේ ගැලීමපොන්නම්බලම් අරුණාචලම්පුරාවිද්‍යාවබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයමානව සැකිලි පද්ධතියරිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතයආදරයවික්ටෝරියා උද්‍යානය, නුවරඑළියආර්ථික විද්‍යාවශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවගෝලීයකරණයකෙසෙල්මැක්සිම් ගෝර්කිනිදහස් දිනය (ශ්‍රී ලංකාව)මනෝවිද්‍යාවවන්නම්රටයකුමකටු අනෝදාසංස්කෘතියමුවාලෝක ජනගහනයසන්දේශ කාව්‍යබ්‍රහස්පති ග්‍රහයා🡆 More