සමුද්‍ර මන්ථනය භගවත පුරාණයේ සහ විෂ්ණු පුරාණයේ විස්තර කර ඇති හින්දු ඉතිහාසයේ සඳහන් කථාංගයකි .
සමුද්‍ර මන්ථනය අමෘතයේ ආරම්භය පැහැදිලි කරයි .
සමුද්‍ර මන්ථනය භගවත පුරාණයේ සහ විෂ්ණු පුරාණයේ විස්තර කර ඇති හින්දු ඉතිහාසයේ සඳහන් කථාංගයකි .
සමුද්‍ර මන්ථනය භගවත පුරාණයේ සහ විෂ්ණු පුරාණයේ විස්තර කර ඇති හින්දු ඉතිහාසයේ සඳහන් කථාංගයකි .
ස්වර්ග රාජ්‍යයේ රජු වූ ඉන්ද්‍ර දෙවියන්ට දුර්වාස මුනිවරයා හමු වූ අතර, ඔහු තමාට ලැබුණු විසින් දෙන ලද විශේෂ මල්මාලයක් (සමහර මූලාශ්‍රවල එය ශිව දෙවියන් විසින් ලබාදෙන ලද පර නොවන මල් මාලයක් ලෙස සඳහන් වේ) ඉන්ද්‍ර දෙවියන්ට පිරිනැවීය.ඉන්ද්‍ර දෙවියන් මල් මාලය පිළිබඳව වැඩි සැලකිල්ලක් නොදක්වා, එය ලබාගෙන තම වාහනය වූ ඓරාතව ඇතාට ලබාදුන් අතර ඓරාවත එය විනාශ කළේය.වහා කිපෙන සුළු සෘෂිවරයෙක් වූ දුර්වාස සෘෂිවරයා කෝපයට පත්විය.එතුමා ඉන්ද්‍ර ඇතුළු සියලු දෙවිවරුන්ට සියලු ශක්තිය, බලය සහ වාසනාව අහිමි වන ලෙස ශාප කළේය.
මෙම සිදුවීමෙන් පසු ඇති වූ සටන්වලදී, දේවයන් පරාජයට පත් වූ අතර , බලිගේ නායකත්වයෙන් යුත් අසුරයන් විශ්වයේ පාලනය ලබා ගත්හ .දෙවියන් විෂ්ණු දෙවියන්ගෙන් පිහිට පැතූ අතර එතුමාගේ උපදෙස් පරදි අමරණීයත්වයේ අමෘතය සඳහා සමුද්‍රය කැළඹීමටත් එයින් ලැබෙන සම්පත් බෙදා ගැනීමටත් දෙවියන් හා අසුරයන් අතර එකඟතාවක් ඇති කර ගත්තේය.
සමුද්‍ර මන්ථනය භගවත පුරාණයේ සහ විෂ්ණු පුරාණයේ විස්තර කර ඇති හින්දු ඉතිහාසයේ සඳහන් කථාංගයකි .
මන්දාර පර්වතය දණ්ඩක් සේ යොදා ගෙන ශිව දෙවියන්ගේ ගෙලවටා එතී සිටින වාසුකී නාග රාජයා කඹයක් සේ යොදා සාගරය කැළඹීය. මෙහිදි දෙවියන්ට වාසුකීගේ වලිගය කොටසත් අසුරයන් වාසුකිගේ හිස කොටසත් ලැබුණි. අසුරයන්ට හිස කොටස ලබා දීමට හේතුව මන්තනය අතරතුරදී වාසුකීගේ මුවෙන් විෂ පිටවීම නිසාය.
සමුද්‍ර මන්ථනය භගවත පුරාණයේ සහ විෂ්ණු පුරාණයේ විස්තර කර ඇති හින්දු ඉතිහාසයේ සඳහන් කථාංගයකි .
මන්දාර පර්වතය කිරි සයුරේ තැබූ විට එය ගිලෙන්නට පටන් ගත්තේය.දෙවිවරු විෂ්ණු දෙවියන්ගේ සහය පැතූ අතර විෂ්ණු දෙවියන් කුර්ම අවතාරය (කැස්බෑවෙකුගේ ස්වරූපයක්) ලබාගෙන මන්දාර පර්වතය දරා ගෙන සිටියේය.
1.නීලකණ්ඨ
සාගර මන්ථනයේදී ශිව දෙවියන් හලාහල විෂ පානය කල ලෝකයට යහපත සැලසීය. මෙහිදී මෙම මාරාන්තික විෂ ශිව දෙවියන්ගේ පාර්වතියගේ (සමහර ග්‍රන්ථ වලට අනුව තාරා දේවියගේ) උපකාරය හේතුවෙන් ශිව උගුරේ රැදුණු අතර එම සිදුවීමෙන් පසු ශිව දෙවියන්ට නීලකණ්ඨ යන නම ලැබුණි
සමුද්‍ර මන්ථනය භගවත පුරාණයේ සහ විෂ්ණු පුරාණයේ විස්තර කර ඇති හින්දු ඉතිහාසයේ සඳහන් කථාංගයකි .
සාගර මන්ථනයේ දී වටිනා රත්නයන් පහළ වූ අතර ඒවා අසුරයන් හා දේවයන් අතර බෙදී ගියේය. සාමාන්‍යයෙන් රත්නයන් 14 ක් ලෙස ගණන් ගත හැකි වුවද, සමහර ලියවිලිවල ලැයිස්තුව රත්න 9 සිට 14 දක්වා පරාසයක පවතී.බොහෝ ලැයිස්තුවලට ඇතුළත් වන්නේ:
• ලක්ෂ්මි දේවිය: සෞභාග්‍යයේ දේවිය. විෂ්ණු දෙවියන්ගේ පතිනිය බවට පත්විය
•අප්සරා : රම්බා , මේනකා , පුන්ජිස්ථලා වැනි විවිධ දිව්‍ය අප්සරාවන් දේවලෝකයට පිටත් විය.
•වරුණි : ඇය අයිති වූයේ අසුරයන්ටය.
•කාමධේනු හෝ සුරභිධේනුව: සෘෂිවරුන්ට ලබා දුන්බව ඇතැම් ග්‍රන්ථ වල සඳහන් වේ.
•ඓයිරාවත:ඉන්ද්‍ර දෙවියන්ගේ වාහනය බවට පත්විය.
•උච්චයිශ්‍රවස් : දිව්‍ය හිස් හතක් ඇති අශ්වයා, අසුර රජ බලීට දෙන ලදී.
•කෞස්තුභ : විෂ්ණු විසින් පැළඳ සිටින ලෝකයේ වටිනාම මාණික්‍ය (දිව්‍ය ආභරණය).
•කල්පවෘක්ෂය: දේවයන් විසින් ඉන්ද්‍රලෝකයට ගෙන ගිය කිසිදා මැකී නොයන හෝ මැලවී යන මල් සහිත දිව්‍ය ප්‍රාර්ථනා ඉටු කරන ගසකි.
•ශාරංග : විෂ්ණුට දුන් බලවත් දුන්නකි.
•චන්ද්‍ර : ශිවගේ හිස අලංකාර කළ චන්ද්‍රයා.
•ධන්වන්තරි : අමරණීයත්වයේ අමෘතය සමඟ "දේවයන්ගේ වෛද්‍ය" . (සමහර විට, වෙනම රත්න දෙකක් ලෙස සැලකේ )
•හලාහල : ශිව විසින් ගිල දැමූ විෂ.
මෙම ලැයිස්තුව පුරාණයෙන් පුරාණයට වෙනස් වන අතර රාමායණයේ සහ මහා භාරතයේ ද තරමක් වෙනස් වේ . පහත රත්න එකතු කිරීමෙන් ලැයිස්තුව සම්පූර්ණ කෙරේ :
•ශංඛ : විෂ්ණුගේ හංකාව
•අලක්ෂ්මී: අවාසනාව දේවතාවිය
•වරුණ දෙවියන් ලබා ගත් කුඩය
•ඉන්ද්‍ර දෙවියන් විසින් අදිතට ලබා දුන් කරාබු
This article uses material from the Wikipedia සිංහල article සාගර මන්ථනය, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.