ශ්‍රී ලංකා ජාතික කෞතුකාගාරය

කොළඹ කෞතුකාගාරය යනුවෙන් ප්‍රථමයෙන් හඳුන්වනු ලැබූ වර්තමාන ජාතික කෞතුකාගාරය පිහිටුවන ලද්දේ 1877 ජනවාරි 01 දිනය.

එදා ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරි එහි ආදිකර්තෘ විය. වර්ෂ 1872 දී ග්‍රෙගරි ආණ්ඩුකාර පදවියට පත් කිරීමත් සමඟ ප්‍රසිද්ධ කෞතුකාගාරක අවශ්‍යතාව සම්බන්ධයෙන් අවධානය යොමු කරලීමට ඉදිරිපත් වූයේ රාජකීය ආසියාතික සමිතිය (ලංකා ශාඛාව)යි. ඉතාලි ගෘහනිර්මාණ ශිල්පයට අනුව නව ගොඩනැගිල්ලක් සඳහා සැලසුම් සකස් කිරීමට එදා ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ වාස්තුවිද්‍යාඥයා වශයෙන් සේවය කළ ජේ.පී. ස්මිදර් සමත් විය. මෙහි ඉදිකිරීම් 1876 දී නිම වූ අතර, 1877 දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලදී.

කෞතුකාගාර බලධාරිහූ 1877 හා 1999 අතර කාලවකවානුව තුළ දේශයේ සංස්කෘතිය හා ස්වාභාවික උරුමයේ අභිවර්ධනය පිළිඹිබු වන පරිදි කෞුතකාගාර කටයුතුක්‍රියාවට නගන ලදී. මේ අනුව වරින්වර වෙනත් පැති කිහිපයක් ඊට එක් කරන්නට යෙදුණි. පිලිවෙලින් ආචාර්යආතර් විලීගේ සහ ආචාර්ය ජොශප් පියර්සන්ගේ අධීක්ෂණය යටතේ පුස්තකාලය ඇතුලත් නැගෙනහිර කොටසත්, ශිලාගාරය සඳහා බටහිර කොටසත් වෙන් කෙරිණ. ආචාර්ය පී.ඊ.පී. දැරණියගල, ආචාර්ය පී.එච්.ඩී.එච්.ද සිල්වා සහ සිරිනිමල් ලක්දුසිංහ යුගවලදී ඔවුන්ගේ අධීක්ෂණය යටතේ නව ඉදිකිරීම් සිදුවිය. එසේ වෙනම ගොඩනැංවූ ප්‍රදර්ශනාගාර අතර උතුරු දෙසින් වූ කොටසෙහි ස්වභාවික ඉතිහාස කෞතුකාගාරය පිහිටුවිණ. අනෙකෙහි ශ්‍රවණාගාරය අන්තර්ගත විය. පුස්තකාලය, මානව වංශ හා මානව විද්‍යා අධ්‍යයන අංශ ආදිය ව්‍යාප්ත කරලීමෙහිලා මෙම ගොඩනැගිලි මගින් පහසුකම් සැපයී ඇත.

ජාත්‍යන්තර තලයට කෞතුකාගාරය සංවර්ධනය වෙත් ම,ආචාර්ය පී. ඊ. පී. දැරණියගල යුගයෙදී මෙම ආයතනය ජාතික කෞතුකාගාරයක තත්වයට පත්විය. තවද යාපනය,මහනුවර සහ රත්නපුර යන නගරවල ශාඛා කෞතුකාගාර පිහිටුවීමත් සමඟ 1942 අංක 31 දරණ ආඥාපණතින් මෙම ආයතනය වෙනම දෙපාර්තමේන්තුවක් බවට පත්විය. දැනට ව්‍යාප්තව ඇති ශාඛා කෞතුකාගාර සංඛ්‍යාව නවයකි. එසේම පාසල් විද්‍යා වැඩසටහනක් සහ සංචාරක කෞතුකාගාර සේවයක් ද අතිරේක වශයෙන් දියත්ව ඇත.

බ්‍රිතාන්‍ය රජය විසින් මහනුවර අවසාන රජුගේ සිංහාසනය හා ඔටුන්න මෙහි තැන්පත් කිරීම කෞතුකාගාර එකතුවේ අගය දෙගුණ තෙගුණ වීමට බෙහෙවින් බලපෑවේය. විවිධ එකතූන් හැරුණුවිට විෂය අනුව ප්‍රදර්ශණ කුටි සංවිධානය කිරීමේ හේතුවෙන් එකම වහලක් යටදී ශ්‍රී ලංකාවේ පැරුණි සංස්කෘතිය අධ්‍යයනය උදෙසා අවස්ථාව සැලසී ඇත. බිම් මහල ඓතිහාසික යුගවල අනුක්‍රමයටත් උඩුමහල විෂය පදනම අනුවත් සංවිධානය කිරීම තුළින් එකී තත්වය තව දුරටත් වැඩි දියුණු වී ඇත.


මෙයත් බලන්න

වැඩි දුර කියැවීමට

Tags:

කොළඹජනවාරි

🔥 Trending searches on Wiki සිංහල:

විජය කුමාරණතුංගදේශබන්ධු තෙන්නකෝන්ඇසළ (ගස)මොනරානියුමෝනියාවසිංහල හෝඩිපාසල්සිලින්ඩරපළමුවන පරාක්‍රමබාහු රජශ්‍රී දළදා මාළිගාවනාගදීප පුරාණ විහාරයජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයසිංහබාහුදළදා පෙරහැරහෙන්රි ස්ටීල් ඕල්කට්කොළඹ පාසල් නාමාවලියඇල්ගීතෙරේසා මවුතුමියව්‍යාපෘති කළමනාකරණයදඹදෙණිය යුගයළමා අපයෝජනයසිංහල රාජධානියක්‍ෂුද්‍රජීව විද්‍යාවආරෝග්‍යශාලාලෝක ජනගහනයදියවැඩියාවලාඕසයඇඩ්වාන්ස්ඩ් මයික්‍රෝ ඩිවයිසර්ස් ඉන්කෝපරේෂන්කුරුල්ලෝභෞමික ග්‍රහලෝකඅන්තර්ජාලයසිංහල භාෂාවක‍ඩොලානසිංහල සන්ධිමානව ප්‍රජනන පද්ධතියගිරවුයමන් රාගයරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවබුලත් හපයාසිංහල අක්ෂර වින්‍යාසයතාප රසායනයහබන් කුකුළාත්‍රිකුණාමලයලෝක පුදුමඅනගාරික ධර්මපාලඑනසාල්ශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාශ්‍රී ලංකා ගුවන් හමුදාවදඹුල්ල රජමහා විහාරයශ්‍රී ලංකාවේ උතුරු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවනිල් මානෙල්නියඟයජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකාලංකා බැංකුවලිංගිකත්ව අධ්‍යාපනයසිරිමාවෝ බණ්ඩාරනායකපණිභාරතඉන්දු නිම්න ශිෂ්ටාචාරයලුණුජොහන්නස් කෙප්ලර්කලා වැවඡායාරූප ශිල්පීසිංහල සාහිත්‍යයමෛත්‍රී බුදුරජාණන් වහන්සේඋසස් පෙළ දේශපාලන විද්‍යාවශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයසමාජ විද්‍යාවවියපත් වීමගෝඨාභය රාජපක්ෂඇඩොල්ෆ් හිට්ලර්සිංහල ජන නාටකඩයලොග් ආසියාටාජාතික ගීය - ශ්‍රී ලංකාහලාවතමිනිස් දත්ජයමංගල ගාථා🡆 More