වෙනත් ගැටළු අත්පත් කර ගත් ප්‍රදේශ වල තත්වය අත්පත් කර ගත් පලස්තීන භුමියන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් බටහිර ඉවුර හා ගාසා තීරය පදන්ම කරගෙන යොදා ගන්නා යෙදුමකි.
මෙම ප්‍රදේශය 1967 දින හයේ යුද්ධයේ දී ඊශ්‍රායලය විසින් ඊජිප්තුවෙන් හා ජෝර්දානයෙන් අත්පත් කර ගන්නා ලද්දකි. ඊශ්‍රායල රජය විසින් යොදා ගන්නා යෙදුම වන්නේ . මතබේදාත්මක භුමි ප්‍රදේශ ˝ වන අතර එම යෙදුම භාවිතයට හේතුවක් වන්නේ එම ප්‍රදේශ පිළිබද පැහැදිලි අයිතියක් කීමට හැකි රාජ්‍යයක් නොවීමයි. එමෙන්ම ඊශ්‍රායලය 1967 දී මෙම ප්‍රදේශය තම බලයට යටත් කර ගන්නා විට ක්‍රියාකාරි තානාපති සේවාවක්ද එහි ක්‍රියාත්මක වුයේ නැත. සමහර ඊශ්‍රායල ජාතිකයන් විසින් පුරතීතයේ සිට පැවත එන ඓතිහාසික නම් වන ජුඩියා හා සමේරියා ( Judia and Samaria) යන නම් වලින් මෙම ප්‍රදේශ ආමන්ත්‍රණය කරති.
1980 දි ඊශ්‍රායලය විසින් සම්පුර්ණයෙන්ම නැගෙනහිර ජෙරැසලම අල්ලා ගන්නා ලදී. එක්සත් ජාතීන්ගේ සංවිධාන හා එම අවුරැද්දේ අගෝස්තු 20 වැනිදා මෙම ඈදා ගැනීම අනුමත කිරිම ප්‍රතික්ෂේප කරන ලදී. ඊශ්‍රායලය කිසිවිටෙක බටහිර ඉවුර හෝ ගාසා තීරය ඈදා ගනු ලැබුවේ නැත. එමෙන්ම එක්සත් ජාතින්ගේ සංවිධානය ඉල්ලීම් කරනු ලැබුවේද ˝ සියළුම සතුරැ ඉල්ලීම් හා ප්‍රචණ්ඩත්වයන් අවසන් තර ස්වාධිපත්‍යය භෞමික අඛණ්ඩතාවය හා මෙම ප්‍රදේශය තුළ සැළකිය යුතු සියළු රටවල් දෙශපාලන නිදහසට ගරැ කිරිම සහ තර්ජන හෝ බලහත්කාර ක්‍රියාවන්ගෙන් මිදුණු ආරක්ෂාකාරි හා පිළීගනු ලැබු දේශ සිමා තුළ සාමයෙන් ජිවත් වීමේ හැනියාව ට ගරැ කල යුතු වේ. එමෙන්ම ඊශ්‍රායල හමුදාව මෑත කාලිනව ගැටුම් වලින් තම බලය ට නතු කර ගත් භූමි ප්‍රදේශ වලින් ඉවත් කර ගත යුතු වේ. අවසානයේ ඉදිරිපත් කළ වාක්‍යයේ තේරැම හා අභිලාෂය විවාදාත්මකය. ඊශ්‍රායලයේ ස්තාවරය වී තිබුනේ බටහිර ඉවුරේ බහුතර අරාබි ජාතිකය්න වෙසෙන ප්‍රදේශ ( විශාල යුදෙව් ජනාවාස හැරෙන්නට ) සහ සම්පුර්ණයෙන්ම ගාසා තීරය නිදහස් පලස්තීන රාජ්‍යයකට එක් විය යුතු බවයි. කෙසේ වෙතත් මෙම රාජ්‍යයේ නිශ්චිත දේශ සිමා මොනවද යන්න ගැටළු සහගතයි.
වර්ෂ 2000 දී උදාහරණයක වශයෙන් ඒහුඩ් බරාක් විසින් යසර් අර්පත් වෙත සම්පුර්ණ ගාසා තීරය හා 92% ක් වන බටහිර ඉවුර ඇතුළත් ස්වාධීන පලස්තිනයක් නිර්මාණයට කැමැත්ත පළ කරන ලදී. ආරක්ෂක සීමා කිරිම් හේතුවෙන් බරාක් විසින් පුළුල් නැවත සිය රට පැමිණිමට දැක්වු විරෝධතාවයන් නිසා අර්ෆත් විසින් මෙම යෝජනාව පුතික්ෂේප කරන ලදි.
සමර පලස්තීනුවන් පුකාශ කරන්නේ මේවා සියළු බටහිර ඉවුර ගාසා තිරය හා නැගෙනහිර ජෙරැසලම අදාල බවයි. ඊශ්‍රායලය බවස්නනේ විවිධ ආරක්ෂක හේතුන් නිසා මෙම සියළු ප්‍රදේශ ඇදැගැනීම නොකරන බවටත් එමෙන්ම එම කාලවකවානුවේදී පිලිගත හැකි කානාපති සම්මුතිය ක් නොමැතී වීම හේතු කොට ගෙන මෙම ප්‍රදේශ වල අයිතිය හා දේශ සිමා සංවාදයට විවෘත වන බවයි. පලස්තිනය පවසනිනේ මෙම කොන්දේසිය සීමා කිරිම ඔවුන්ගේ අයිතිය බරපතලව කඩ කරනු ලබන බවයි. සාකජ්ජා ක්‍රියාමාර්ග වලදී ඔවුන් පවසන්නේ මෙම භුම් ප්‍රදේශ වල දේශ සිමා අඩු කිරිමට උත්සහ කිරිමට කටයුතු කිරිම ඔවුන්ගේ ප්‍රධාන අභිලාෂයන්ට එරෙහිව සිදුවන සතුරැ ක1ියාවක්බවයි. ඊශ්‍රායලය මෙම භුමිය පිළිබදව වාද විවාද පැවැත්විය යුතු බවත් අවසානයේ දී අවසන් දේශ සීමා පිලිබද එකගත්වයට පත් විය යුතු බවයි.
හමාස් වැනි අනෙක් පලස්තීන කණ්ඩායම් අවධාරණයකරනු ලබන්නේ පලස්තීනය විසින් බටහිර ඉවුර ගාසා තීරයය හා නැගෙනහිර ජේරැසලම පමණක් පාලනය කිරිම නොකළ යුතු බවත් සියළු සැබැ ඊශ්‍රායල භුමිය ද ඊට අදාල විය යුතු බවත්ය. මෙම හේතුව මත හමාස් සංවිධානය සාම ක්‍රියාවලිය දකින්නේ ˝ආගමිකව අකැප හා දේශපාලනිකව ලගා කර ගත නොහැකි දෙයක් ලෙසයි.˝
This article uses material from the Wikipedia සිංහල article වෙනත් ගැටළු, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.