රිච්මන්ඩ් කාසල්

බ්‍රිතාන්‍ය ලංකාවේ සිටි මහමුදලිවරයෙකු වූ එන්.

ඩී. ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධනගේ මාලිගය රිච්මන්ඩ් කාසල් නම් වේ. එය කළුතර පලාතොට අක්කර 42ක භූමිභාගයක ඉදිකොට තිබේ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ මහා බාරකරුගේ පාලනයේ පවතී.

රිච්මන්ඩ් කාසල්

ඉතිහාසය

ආතර් ද සිල්වා වරක් ඉන්දියාවේ සිදුකල සංචාරයකදී දුටු මහාරාජා මන්දිරයක් පිළිබඳව සිත් ඇතිවීම මෙම මන්දිරය ඉදිකිරීමට හේතු පාදක වී යැයි තොරතුරු සඳහන් වේ. ඒ අනූව ඉදිකරනු ලැබූ රිච්මන්ඩ් කාසල් මැදුරෙහි ගෙවැදීම, ආතර් ද සිල්වා විසින් 1910 වර්ෂයේ මැයි 10 වන දින පැවැත්වූ සිය විවාහ මංගල්‍යය සමගම සිදුකරන ලදී.

එතැන් පටන් වර්ෂ 31ක් දරුවන් නොමැතිව සිය මැතිණියද සමග රිච්මන්ඩ් කාසල් හී දිවි ගෙවූ ආතර් ද සිල්වා, කිසියම් හේතුවක් මත 1941 ජූලි මස 4 වැනි දිනදී නොතාරිස් එස්. ජේ. එස්. කදිරගාමර් ඉදිරිපිටදී අත්සන් කොට, රිච්මන්ඩ් කාසල් ඇතුළු තමා සතු සියළු වත්කම් ශ්‍රී ලංකාවේ මහා භාරකාර දෙපාර්තමේන්තුවට පවරා දෙන ලදී. ඒ මෙම මන්දිරය ඔහුගේ ඇවෑමෙන් අනතුරුව අනාථ දරුවන් වෙනුවෙන් රැකවරණය සළසන ස්ථානයක් බවට සහ අනෙකුත් වතුපිටි වල ආදායම එම දරුවන්ගේ නඩත්තුව වෙනුවෙන් වෙන්විය යුතු බවට අවසන් කැමැත්ත ප්‍රකාශ වන පරිදිය.

ගෘහය

රිච්මන්ඩ් මැදුරෙහි ඉදිකිරීම් වෙනුවෙන් අමුද්‍රව්‍ය සමහරක් විදේශ රාජ්‍යයන්ගෙන් රැගෙන ආ බව පැවසෙයි. මැදුරට අවශ්‍ය ගඩොල් හා උළු ඉන්දියාවෙන්ද, තේක්ක හා ඕක් දැව බුරුමයෙන්ද, ජනෙල් වීදුරු ආදිය ඉතාලියෙන් හා නාන කාමර හා ගෙබිම මැටි පුවරු එංගලන්තයෙන්ද ගෙන්වා ගත් බව සඳහන් වේ. මෙම අමුද්‍රව්‍ය කොළඹ වරායේ සිට කළුතරට නැව් මගිනුත්, එතැන් සිට කළු ගඟ ඔස්සේ බත්තල් මඟිනුත් මන්දිරය ඉදි වන භූමිය වෙත ගෙන එනු ලැබ තිබේ.

ගෘහයෙහි වූ සම්පූර්ණ උළුවහු ප්‍රමාණය 99 ක් වේ. ජනෙල් ප්‍රමාණය 38 කි. පහත මාලයේ හා උඩු මහලේ වූ කාමර ප්‍රමාණය 14 කි. ඉන් බිම් මහලේ කාමර 5ක්ද, කන්තෝරු කාමර 2ක්ද, පින්තූර කාමරයක් හා නැටුම් ශාලාවක් වේ. මීට අමතරව පෝටිකෝවක්, බැල්කනියක්, මැද සාලයක් හා මැද මිදුලක් එහි දැකගත හැකි වේ. උඩුමහලේ කාමර 6ක්, නාන කාමර සහිත වැසිකිලි 4ක්, බැල්කනියක් හා තවත් එක් හිස් අවකාශයක් වේ.

උඩු මහලට නැගීම වෙනුවෙන් තරප්පු පේලි දෙකක් තිබෙන අතර ඉන් එකක් සේවකයින්ගේ භාවිතය පිණිස ඉදිකොට තිබේ. උඩුමහලට නගින තරප්පු පෙල මදක් ඉහලට වන්නට කොටසේදී, දෙපසට බෙදී යන අයුරින් තනා තිබේ. නිදන කාමරයන්හී බිත්ති, ශබ්ද පිටතට හා ඇතුලතට ගලා ඒම වැළකෙන පරිදි ඉදි කොට තිබේ. බිත්තියක් අඩියකට වඩා පළල් වන අතර එහි මධ්‍යයේ හිස් අවකාෂයක් රැඳෙන පරිදි ලෑලි කූඩුවක් සකස් කොට ඒ මත බදාම යොදා ඇත.

උද්‍යානය

රිච්මන්ඩ් කාසල් උද්‍යානයෙහි නිමවන ලද පොකුණක් දැක ගත හැකි වන අතර බිත්ති වලට සවිකොට ඇති සිංහ මුහුණු මගින් පොකුණට ජලය ගලා එන ආකාරයට එය නිමවා තිබේ. එසේම ග්‍රීක කැටයම් ශිල්පයට සමාන වූ කිරිගරුඩෙන් නෙලන ලද ප්‍රථිමා දොළහක් සහ, මුදලිගේ නිදන කාමරයට මුහුණලා කුඩා දරුවන් සත් දෙනෙකුගේ හා එය මධ්‍යයේ දරුවක නලවන මවකගේ ප්‍රථිමා මෙම උද්‍යානයෙහි දැකගත හැකිවේ.

වත්මන

වර්ථමානයේ මෙහි රිච්මන්ඞ් කාසල් පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයක් හා පිරිමි ළමයින් සඳහා රැක බලා ගැනීමේ මධ්‍යස්ථානයක් වේ.

ආශ්‍රිත

බාහිර සබැඳි

Tags:

රිච්මන්ඩ් කාසල් ඉතිහාසයරිච්මන්ඩ් කාසල් ගෘහයරිච්මන්ඩ් කාසල් උද්‍යානයරිච්මන්ඩ් කාසල් වත්මනරිච්මන්ඩ් කාසල් ආශ්‍රිතරිච්මන්ඩ් කාසල් බාහිර සබැඳිරිච්මන්ඩ් කාසල්කළුතරබ්‍රිතාන්‍ය ලංකාවමහමුදලි

🔥 Trending searches on Wiki සිංහල:

වැදි භාෂාවලෝකයේ රටවල්ත්‍රිලක්‍ෂණයදෙමළ භාෂාවබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිආර්ය අෂ්ඨාංගික මාර්ගයශ්‍රී ලංකාවේ නගර සභා ලැයිස්තුවපුවත්පත්කොළඹසාමයතත් වාද්‍ය භාණ්ඩසරම්පත්‍රස්තවාදයආදිවාසීන්පොන්නම්බලම් රාමනාදන්චලිතය පිළිබඳ නිව්ටන් නියමහරප්පා ශිෂ්ඨාචාරයඑස්‌. මහින්ද හිමිපොළොන්නරුව පෞරාණික නගරයතණ්හාවත්‍යාග (නීතිය)සාරිපුත්ත රහතන්වහන්සේශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කසියඹලාරාජ්‍ය සේවා කොමිෂන් සභාවශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලපවුලපේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයVesakමහනුවර පාසල් නාමාවලියසිංහල ප්‍රස්ථාව පිරුළුශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයසංචාරණයේ නව ප්‍රවණතාස්වයං වින්දනයසිඟාලෝවාද සූත්‍රයදෙවන ලෝක යුද්ධයඍතුජේසුස් වහන්සේනිදන්ගත වකුගඩු රෝගයකෘත්‍රීම බුද්ධියබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාවැස්සකලා වැවමී මැසි පාලනයකන්‍යාභාවයසිංහල සන්ධිඇසළ (ගස)දකුණු පළාත, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අකාර්මික විප්ලවයශ්‍රී ලංකා ජාතික ගීයලිංගිකත්ව අධ්‍යාපනයශ්‍රී ලංකාවේ ක්‍රීඩාවරුසියානු-යුක්‍රේන යුද්ධයමහා පත්තිනි දේවාලය, නවගමුවශාක අභිජනනයශ්‍රී ලංකා සන්නද්ධ හමුදාතොරතුරු තාක්‍ෂණයසිරිත් මල්දමව්‍යාපෘති කළමනාකරණයකෝට්ටේ යුගයකම්කරු දිනයසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාපාසල්මිනිසාරක්‍ෂණයමිශ්‍ර සිංහල හෝඩියසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයශ්‍රී ලංකාවේ ආගමික පසුබිමමාරි කියුරිපළමුවන විජයබාහු රජහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයකෘෂි කර්මාන්තයමාලිනී ෆොන්සේකාශ්‍රී ලංකාවේ ජාතික සංකේතශ්‍රී ලංකාවේ දියඇලිතල් ශාකයමඩොල් දූවරත්නපුර🡆 More