උරුලෑවා

දිගු ශරීරයක් , උල් හිසක් හා රවුම් කන් ඇති උරුලෑවන්ගේ කකුල් ඉතා කෙටි ය.

වලිගය දිග ය. බළල් පවුලට අයත් සත්වයෙකු වුවත් කලවැද්දා හා උගුඩුවා තරම් වත් ජනප්‍රිය සුරතලෙකු බවට උරුලෑවා පත්නොවන්නේ උගේ පීනල් ග්‍රන්ථිය නිසා ය. උන්ගේ යටි බඩේ එය පිහිටයි. ඔවුන්ගේ බඩ යට ලෝම ඝනව පිහිටනවා. සිරුරේ ඉහළ තිබෙන ළා වර්ණය පහළට යන විට තද පැහැයක් ගන්නවා. කෝපි පාට හිස , සුදු හොම්බ හා කර වටේ මාල ලෙස පිහිටන රේඛා ඉතා පැහැදිලි ය. වළලු හත අටක් ලෙස රේඛා ඇති වලිගේ කෙළවර සුදු ය. පැටවුන්ගේ ලෝම ඉතා මෘදු ය. ආසියාවේ බොහෝ රටවල මේ සත්වයා දැකිය හැකි වුවත් ලංකාවේ සිටින උප විශේෂය අප රටට ආවේණිකයි.


අප රටේ සෑම පෙදෙසකම දැකිය හැකි උරුලෑවා අඩි 5000ක් තරම් උස සීත කදුකරේ පවා වාසය කරයි. කැලෑ පාලුවේ පරිසර හානි හේතුවෙන් වර්තමානයේ උරුලෑවා කෑලෑවට වඩා තේ වතු හා ගෙවතු ආශ්‍රිතව දැක ගත හැකිය. පළතුරු , කුඩා පක්ෂින් , කෘමීන් , ශාක කොටස් වැනි ආහාර සේම කිරි , පාන් , බත් වැනි ආහාරත් උරුලෑවන්ගේ මෙනූවට ඇතුළත්.

උරුලෑවා විහිදන සුවඳට වශී වුණ පිරිසකුත් සිටින බව පැවසූ විට ඔබ පුදුම වේවි . උපන් දා සිට මියෙන තෙක්ම උරුලෑවා පීනල් ග්‍රන්ථියෙන් සුවඳ විහිදවනවා. ඒ ආරක්ෂක උපක්‍රමයක් ලෙසයි. යාපනයේ වශී ගුරුකම් කරන උදවිය උරුලෑවා මරන එකම හේතුව යන්ත්‍ර මන්ත්‍ර කටයුතු සඳහා පීනල් ග්‍රන්ථිය ලබා ගැනීම පමණම ය.

එය ඉතා සෝචනීය තත්ත්වයකි. දියුණු යැයි පවසන සමාජයක අප සතුව පමණක් ඇති ( රතු දත්ත පොතට පවා ඇතුළත්ව ඇති ) මෙම උරුලෑ උප විශේෂය පරිසර සංරක්ෂණය , සමාජ දැනුවත්භාවය වැනි ක්‍රියාමාර්ග ඔස්සේ රැකගැනීම කාලීන යුතුකමක් වන්නේ ය.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

යුද්ධලිබරල්වාදයකොහාරථවාහන පොලිසියජාත්‍යන්තර මූල්‍ය අරමුදලපරිගණක වෛරසබල්ගේරියාවවිටමින් Aගොටුකොලආදරය2014 යුක්‍රේනයේ රුසියානු සන්නද්ධ හමුදා මැදිහත්වීමත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාවළගම්බා රජList of countries and dependencies by areaඅනගාරික ධර්මපාලකන්තලේ වැවශ්‍රි ලංකාවේ ජනවාර්ගික අර්බුදයගල් පොත සෙල් ලිපිය2023 ක්‍රිකට් ලෝක කුසලානයකලා වැවබ්‍රහස්පති ග්‍රහයාදස මහා යෝධයෝඇබාසුසිල් ප්‍රේමජයන්ත්ඉන්දියාවක්ෂණික මෝචනයඔස්ට්‍රලෝපිතකස්ස්වසන පද්ධතියපරිසර දුෂණය ප්‍රභවයන් සහ හේතුඑදිරිවීර සරච්චන්ද්‍රනිශ්ශංක මල්ල රජශ්‍රී ලංකාවේ සිනමාවතාක්‍ෂණයකඩදොර විහාරයහින්නෝන්මාදයයමන් රාගයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයමලල ක්‍රීඩා - ජවන හා පිටිය ඉසව්මහනුවරමහියංගනය රජ මහා විහාරයනාමල් උයනමඩු දේවස්ථානයකෘත්‍රීම බුද්ධියගැලලියෝ ගැලලීමිනිස් මොළයබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්අම්බලන්ගොඩමොණරවිල කැප්පෙටිපොළකාල් මාක්ස්ජේසුස් වහන්සේශ්‍රී ලංකාවේ කම්කරු නීතියනොබෙල් ත්‍යාගයඉත්තෑවාදැන්වීම්කරණයඋපාධිමිහින්තලයදාගැබ්ගුත්තිල කාව්‍යයජංගම දුරකථනයේ උපතසුදු බිංදුමත්‍රිවිද්‍යාඅමෙරිකා එක්සත් ජනපද ඩොලර්ශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාදොන් බාරොන් ජයතිලකසොළොස්මස්ථානශ්‍රී ලංකා කොටියාකළු වදුරාශ්‍රි ලංකා‍‍වේ මුද්‍රණ කර්මාන්ත‍යචන්දන ලියනාරච්චිශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිඑස්‌. මහින්ද හිමිනායකත්වයදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයකජුශිව දෙවියන්කෝට්ටේ යුගයශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයඕ‍සෝන් වියන🡆 More