ආර්ථිකය විශ්ලේෂණය

ආර්ථික විද්‍යාවේ විවිධ අංශ නොයෙක් ආකාරයට වර්ග කළද ආර්ථිකයක් විශ්ලේෂණය කිරීම සාමාන්‍යයෙන් සිදු කරනුයේ සූක්ෂම ආර්ථික විද්‍යාව හා සාර්ව ආර්ථික විද්‍යාව භාවිතයෙනි.


සූක්ෂම ආර්ථික විද්‍යාව

සූක්ෂම ආර්ථික විද්‍යාව මඟින් රජයේ රෙගුලාසි දී ඇති විට නියෝජිතයන්ගේ (තනි පුද්ගලයන් හා ආයතන ඇතුළත්ව) හැසිරීම සහ වෙළෙදපල සමඟ ඔවුන්ගේ අන්තර්ක්‍රියා පරීක්ෂා කිරීම සිදු කරනු ලබයි. දෙන ලද වෙළෙඳපලක්, නිෂ්පාදිතයක් සඳහා (ඉරිඟු යයි කියමු) හෝ නිෂ්පාදන සාධකයක සේවාවක් සඳහා (ගඩොල් ඇතිරීම යයි කියමු) විය හැකිය. ඒකකයක් සඳහා විය හැකි එක් එක් මිල ගණන් යටතේ වන ගැණුම්කරුවන්ගේ ඉල්ලුම් ප්‍රමාණවල සහ වෙළෙදුන්ගේ සැපයුම් ප්‍රමාණවල සමස්තය සූක්ෂම ආර්ථික විද්‍යා න්‍යාය මඟින් සලකා බලන අතර වෙළෙඳපලක් සමතුලිතයට ළඟා වන ආකාරය විස්තර කිරීම උදෙසා ඉල්ලුම සහ සැපයුම එකට භාවිතා කරයි. මෙය ඉල්ලුම් හා සැපයුම් විශ්ලේෂණය ලෙස පුළුල්ව හදුන්වනු ලැබේ.එහිදී පූර්ණ තරඟය, ඒකාධිකාරය වැනි වෙළෙඳපල ව්‍යුහයන්ද ඒවායේ හැසිරීම සහ ආර්ථික කාර්යක්ෂමතාවය ගම්‍ය කිරීම සඳහා සූක්ෂම ආර්ථික විද්‍යා න්‍යාය මඟින් පරීක්ෂා කරනු ලබයි. මෙහිදි, සාමාන්‍යයෙන් වෙළෙඳපල හැසිරීම වෙනස් නොවේය යන උපකල්පනය ලිහිල් කරමින්, එනම් ආංශික සමතුලිතයේ සිට විශ්ලේෂණය ආරම්භ කරනු ලබයි. විවිධ වෙළෙඳපල වෙනස්වීම් වලට හා සමතුලිතය දෙසට ඒවායේ ගමන් කිරීම් මෙන්ම අන්තර් ක්‍රියාකාරීත්වය ඇතුළු සියළු වෙළෙඳපල අතර සමස්තයට පොදු සමතුලිත න්‍යාය මඟින් ඉඩ දෙනු ලබයි.


සාර්ව ආර්ථික විද්‍යාව

සාර්ව ආර්ථික විද්‍යාව මඟින්, ලිහිල් කරන ලද පොදු සමතුලිත න්‍යාය භාවිතාකර පුළුල් සමස්ථය හා ඔවුන්ගේ අන්තර් ක්‍රියාකාරීත්වය පැහැදිලි කිරීම උදෙසා සමස්තයක් ලෙස ආර්ථික තත්ත්වය පරීක්ෂා කෙරේ. ජාතික ආදායම හා නිෂ්පාදනය, සේවා වියුක්ති අනුපාතය හා මිල උද්ධමනය, සහ මුළු පරිභෝජනය, ආයෝජන වියදම හා ඒවායේ ඇතුළත් අංගයන් වැනි උප සමස්ථයන්ද, ඒ තුළ අන්තර්ගත වේ. එමඟින් මූල්‍ය ප්‍රතිපත්තියේ හා පිස්කල් ප්‍රතිපත්තියේ බලපෑමද අධ්‍යයනය කරනු ලබයි.වර්ෂ 1960 දශකයේ පමණ සිට, තරඟකරුවන්ගේ තාර්කීකත්වය, වෙළෙඳපල තොරතුරුවල කාර්යක්ෂම භාවිතය හා අපූර්ණ තරඟය වැනි අමතර එක් කිරීම් සහිතව සූක්ෂම පදනමකින් ආකෘති ගොඩ නැගීම ලෙස සාර්ව ආර්ථික විද්‍යාව විදහා දැක්වුණි. දිගුකලක් මුළුල්ලේ පැවති එම විෂයෙහි සංවර්ධනයේ අසංගතභාවයට මෙමඟින් ආමන්ත්‍රණය කරන ලදී. සාර්ව ආර්ථික විද්‍යාව මඟින් ජාතික ආදායමේ දිගුකාලීන තත්වයට හා වර්ධනයට බලපාන සාධකද සලකනු ලබයි. එවැනි සාධක වලට ප්‍රාග්ධන සම්පාදනය, තාක්ෂණික වෙනස හා ශ්‍රම බලකා වර්ධනය ඇතුළත් වේ.

සටහන්

Economics Analysis_of_the_economy

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

හනුමාන්හේන් ගොවිතැනදේවානම්පිය තිස්ස රජකවුද බෝයිඋඩරට නැටුම්මාර්ටින් වික්‍රමසිංහමහා පත්තිනි දේවාලය, නවගමුවකාමාවචර ලෝකබළලාශ්‍රී ලංකාවේ සර්පයෝඅපද්‍රව්‍ය කළමනාකරණයශ්‍රී ලංකාවේ සිනමාවවිකිපීඩියාහෙන්රි ස්ටීල් ඕල්කට්රුසියාවඛනිජග්‍රහලෝකවිජය (පුවත්පත)ධවල පත්‍රිකාව2023 ක්‍රිකට් ලෝක කුසලානයයුක්රේනයශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ වල් පැලැටිසුමන සමන් දෙවියෝජේසුස් වහන්සේගේ උප්පත්තියපංච කල්‍යාණමිනිත්තුකන්‍යාභාවයසිංහල අක්ෂර වින්‍යාසයසිකුරු ග්‍රහලොවසිංහල සහ හින්දු අලුත් අවුරුද්දහරිත විප්ලවයශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියළමා අපයෝජනයශ්‍රී ලංකාවේ ජාතික සංකේතමහා සිකුරාදාමාරි කියුරිතාරුණ්‍යය හා විවේකයජලයබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්ලංකාවේ වාරි කර්මාන්තයආයුර්වේදයජුදාස් ඉස්කාරි‍යොත්අයන්(III) ඔක්සයිඩයසැළලිහිණි සන්දේශයඩෙංගුචීන ඉතිහාසයසරම්පසුබ පැතුම්එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයසාපේක්ෂතාවාදයත්‍යාග (නීතිය)රාජ්‍ය සේවා කොමිෂන් සභාවයුනෙස්කෝපාසල්දාගැබ්ඇසජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකාගැලලියෝ ගැලලීපළමුවන ලෝක යුද්ධයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයලෝක ජල දිනයගාලු කොටුවසිංහල හෝඩිපෞරුෂත්ව මනෝවිද්‍යාවමිනිස් මොළයදිළිඳුබවසමලිංගිකත්වයේ ඉතිහාසයගබ්සාවඔස්ට්‍රලෝපිතකස්මහින්ද රාජපක්ෂකාබෝහයිඩ්‍රේටමත්ද්‍රව්‍යබඩ ඉරිඟු🡆 More