හින්දු ධර්මය තුළ මනුෂ්‍යයාට ආත්මයක් ඇත යන දැඩි අදහස දැකගත හැකිය.
මෙය පුද්ගල ආත්මය සහ පරමාත්මය යනුවෙන් කොටස් දෙකක් වේ. සාංඛ්‍ය නම් ගුරුකුලයට අයත් හින්දු දර්ශනිකයෝ පුරුෂ යන සංකල්පය යටතේ ද, වේදාන්ත දර්ශනිකයෝ බ්‍රහ්මන් යන පුළුල් සංකල්පය යටතේද ආත්මය අර්ථ දැක්වූහ.
පුදගලයෙකු ජීවත්ව සිටින විට ඔහුගේ ආත්මය විවිධ කටයුතු කීරිමට ඔහු මෙහෙයවයි. හෙතම මිය ගිය විට ඔහුගේ ශරීරය ඉතිරිව තිබෙනු දැක ගත හැකිය. එහෙත් ඒ තුළ ආත්මයක් නොමැති බැවින් ඊට ක්‍රියාත්මක වීමට නොහැකිය. බෞතික ශරීරයට ලිංගයක් තිබෙනමුත් ආත්මයට ලිංගයක් නැත. ඇස බඳු ඉන්ද්‍රියයක්ද ආත්මය සේ ගත නොහැකිය. මන්ද තවත් ඉන්ද්‍රියයන් පහක් ඇති නිසාය. ඇස ආබාධිත වුව ද කන, නාසය, දිව සහ මනස ආදි ඉන්ද්‍රියයන් ක්‍රියාත්මකවන නිසාය. පුද්ගලයා කවර ස්ථානයක සිටියත් සැප, දුක, කැමැත්ත, ක්‍රෝධය සහ ස්වෝත්සාහය ආදිය ඔහු තුළ ක්‍රියාත්මක වන ගහෙයින්, ආත්මය පැතිර පවතින්නකි. පුද්ගලයා විශාල වූවත්, කුඩා වූවත්, ආත්මය ශරීරයට අදාළ වන සේ ලොකු හෝ කුඩා ආදි වශයෙන් වෙනස් ස්වරූප නොගනී. එය නිත්‍ය සියලු තැන්හී කල්හී පවතින්නකි. පුද්ගලයෙකුට ඔහුගේ ආත්මය "අහං" (මම) යන හැඟීම මගින් ඔහුගේ මනසට ප්‍රත්‍යක්ෂ වේ. ආත්මයේ සමස්ථය වන්නෙ පරමාත්මයයි.
This article uses material from the Wikipedia සිංහල article ආත්මන් (හින්දු ආගම), which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.