අල් පසීනෝ

ඇල්ෆ්‍රඩො ජේම්ස් පසීනො (උපත April 25, 1940) ඇමෙරිකානු ජාතික නාට්‍ය හා චිත්‍රපට නළුවෙකු වන අතරම ඔහු අධ්‍යක්ෂකවරයෙකි .

The Godfather ත්‍රිත්වයේ මයිකල් ක්ලෙනේ ලෙස රඟපෑමෙන් පසුව ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත් විය. සොනි වොර්සික් ලෙස Dog Day Afternoon, ටෝනි මොන්ටානා ලෙස “Scarface”, කාර්ලිටො බිරිගනෙට් ලෙස 1993 දී Carlito's Way, ෆ්‍රෑන්ක් සර්පිකො ලෙස “Serpico”, ලියුටිනන්ට් ක්ලොනල් ෆෑන්ක් ස්ලේඩ් ලෙස “Scent of a Woman”, Lt. වින්සෙන්ට් හැන්නා ලෙස “Heat” සහ රෝයි කෝන් ලෙස “Angels in America” යන චිත්‍රපටි වල ඔහු රඟපෑවේය .1992 දි හොඳම නළුවා ලෙස Scent of a Woman චිත්‍රපටයේ රඟපෑමට ඇකඩමි සම්මානය හිමි විය.මීට පෙර ඔහුගේ නම හොඳම නළුවා සම්මානයට හත් වරක් නිර්දේශ වී ඇත.

Al Pacino
අල් පසීනෝ
උපත
ඇල්ෆ්‍රඩො ජේම්ස් පසීනො

අප්‍රේල් 25, 1940 (1940-04-25) (වයස 83)
නිව්යොර්ක් සිටි, නිව්යොර්ක්, ඇමෙරිකා එක්සත් ජනපදය
උගත් ශාස්ත්‍රාලය
  • Actors Studio
  • HB Studio
රැකියාව
  • නළුවෙකි
  • අධ්‍යක්ෂකවරයෙකි
  • තිරරචකයෙකි
  • නිෂ්පාදකවරයෙකි
සක්‍රීය වසර1967–වර්තමානය දක්වා
සහකරුවා(වන්)
  • Jan Tarrant (1988–1989)
  • Beverly D'Angelo (1997–2003)
දරුවන්3


අල් පසීනෝ උපත ලැබුවේ නිව්යොර්ක්හිදී ඉතාලියානු හා අමෙරිකානු සම්භවයක් සහිත දෙමව්පිය යුවලකටය. අල් පසීනෝගේ වයස අවුරුදු දෙකේ දී ඔහුගේ දෙමව්පියන් වෙන් වුහ. ඉන්පසුව ඔහුගේ මව, ඇයගේ දෙමාපියන් සමඟ වාසයට ගියාය. ඔහුගේ පියා රක්ෂණ සමාගමක අලෙවි නිලධාරියකු ලෙස රැකියාව කළ අතර ඔහුට අයිතිව තිබූ Pacino's Lounge ආපන ශාලාව 1992 දී වසා දැමිණි.ඔහු නිව්යොර්ක් හි Fiorello H. La Guardia High School of Music and the Arts හි ශාඛාවක් වූ High School of Performing Arts පාසලට ඇතුල් විය. එහිදී ඉංග්‍රිසි භාෂාව හැර අනෙක් සියලුම විෂයන් වලින් අසමත් වූ ඔහු පාසලෙන් නෙරපනු ලැබිණි.මෙහිදි තම මව සමඟ ඇතිවූ ආරවූලකදී උරණ වී ඔහු නිවසින් පළා ගියේය. එතැන් පටන් ජීවත් වීම සඳහා විවිධ රැකියා ගණනාවක ඔහු නිරත විය. පණිවිඩකාරයකු ,කොන්දොස්තරවරයකු ,කසල ශෝධකයකු ,ලිපිකරුවකු ලෙස ඔහු සේවය කළේය.

නිව්යොර්ක් රඟහලේ බිම්මහලේ නාට්‍යවල රඟ පෑ ඔහු Herbert Bergh of Studio හා සම්බන්ධ විය. පසු කාලයකදී ඔහු ගේ හොඳම උපදේශකවරයා සහ හොඳම මිතුරා වූ චාර්ලි ලන්ග්ටන් නම් නාට්‍යය ගුරුවරයා මුණගැසීමට ඔහුට හැකිවිය . මේ කාලයේදී රැකියා විරහිතව සිටි ඔහු විටෙක පාරේ නිදා ගැනීමටත් මිතුරන්ගේ නිවස වල නිදා ගැනීමටත් පුරුදු විය.1962 දී අල් පසීනෝගේ මව මිය ගිය අතර 1963 දී ඔහුගේ ජීවිතයේ වැදගත් පුද්ගලයකු වූ ඔහුගේ සීයාද මිය ගියේය.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

යාල ජාතික වනෝද්‍යානයමිනිසාගේ ස්නායු පද්ධතියබුලත් හපයාප‍්‍රාථමික අධ්‍යාපනයකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයස්වසන පද්ධතියමෛත්‍රීපාල සිරිසේන2023 ක්‍රිකට් ලෝක කුසලානයතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයහෘදයාබාධයමහනුවර සම්ප්‍රදායයේ සිතුවම් කලාවරතු දත්ත පොතආනන්ද රහතන්වහන්සේකොහොඹගැට බෙරයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලපානදුරභෛරවී රාගයඑදිරිවීර සරච්චන්ද්‍රපළමුවන ලෝක යුද්ධයතොටගමුවේ ශ්‍රී රාහුල හිමිදකුණු පළාත, ශ්‍රී ලංකාවමඩු දේවස්ථානය2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණයසිංහල සාහිත්‍යයශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවක්‍රීඩාමඩොල් දූවශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවඅධිරුධිර පීඩනයපින්නවල අලි අනාථාගාරයසිංහල මිණුම් ඒකකසමනලයාබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාගෝලීය ආර්ථීක අර්බුදසොකරි නාටකයශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම්ඉන්දු නිම්න ශිෂ්ටාචාරයශ්‍රී ලාංකීය සංස්කෘතියමුවාපහතරට නැටුම්ඉලෙක්ට්‍රෝන බන්ධුතාවරත්න ශ්‍රී විජේසිංහතල් ශාකයචීන ඉතිහාසයශාන්ත ජුසේ වාස් තුමාරුසියානු විප්ලවයයුදෙවුවෝග්‍රහලෝකපෘතුගීසි ලංකාවස්වභාවික පරිසරයඉතාලියශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවගුණදාස කපුගේසිරිල් පොන්නම්පෙරුමඕ‍සෝන් වියනරජරට රාජධානියේ අනුරාධපුර යුගයගැහැණු ළමයිසාරංග දිසාසේකරවැව්කෝට්ටේ යුගයථූපාරාමය, අනුරාධපුරසූර්යාගේ ව්‍යුහයඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය2014 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියසාපේක්ෂතාවාදයසිංහල න-ණ ල-ළ බේදයගාලු කොටුවමහා පත්තිනි දේවාලය, නවගමුවකොළඹ කොටු‍වක්ෂුද්‍ර ජීවීන් සහ රෝගශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයඉත්තෑවාධම්මපදයපර්යේෂණගුත්තිල කාව්‍යයරබින්ද්‍රනාත් තාගෝර්🡆 More