සත්ත්ව ප්‍රඡාව වඳවී යාම

වර්තමානයේ ලෝකයේ විවිධ පරිසර පද්ධතිවල සිටින සත්ත්ව ග්‍රහණයන් වඳ වී යමින් සිටියි.ශිෂ්ටාචාර යුගවලදි සතුන්ට වැදූම් පිදූම් කරමින් අදහන ලද නමුත් දැනට ලෝකයේ සත්ත්ව වීශේෂ 4000ක් පමණවඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇත.

වීශේෂයේන් ජනගහනයේ වර්ධනය, මිනිස් අවශ්‍යතා පුලුල් වීම,කාර්මික දියුනුව හා තරඟකාරි ආර්ථික රටාව මේ සඳහා බලපා ඇත.

සත්ත්ව ප්‍රඡාව වඳවී යාම
සතුන් දඩයම

මිට අමතරව ව්‍යාපාරික අමුදව්‍ය ලබා ගැනිම සඳහා සතුන් දඩයම ඒනම් සතුන් මරා ඔවුනගේ සම්, නිය,අං,මස්,වෙළදාම ආහාර සඳහා සතුන දඩයම ,පර්යේෂණ සඳහා යොදා ගැනිම,පරිසර දුෂණය ,වනාන්තර ඒළි කිරීම නිසා සතුන්ගේ වාසාස්ථාන අහිමි වීම, ලෝකයේ විවිධ ප්‍රදේශවල සිදුවන යුද්ද හා සිවිල අරගල සතුන් වඳ වී යාමට හේතු වේ. යුද්දවලදී භාවිතා කරන රසායනික අවි,රොකට්, බිම් බෝම්බ යනාදිය නිසා සතුන් අනතුරට පත් වේ.

ලෝකයේ වඳ වී යාමේ තර්ජනයට ලක් වී ඇති සත්ත්ව විශේෂ

  • පැන්ඩා,
  • සුදු හා කලුරයිනෝසිරස්
සත්ත්ව ප්‍රඡාව වඳවී යාම 
රයිෙනා්සිරස්
  • අප්‍රිකානු ඇතුන් හිම දිවියා,
  • කෝලා,සිංහයින්
  • බෙංගාල කොටි

ලෝකයේ විවිධ පරිසර පද්ධතිවල සිටින සත්ත්ව වීශේෂ වැදගත් වේ. ඒනම් වයුගෝලිය සමතුලිතාවය පවාත්වා ගැනීම, ආහාරදාමවල කුමවත් පැවැත්ම සඳහා, පරිසරයේ ස්වභාවික සෙෳන්දර්ය පවාත්වා ගැනීම සත්ත්ව ප්‍රජාව වැදගත් වේ.ඊට අමතරව සත්ත්ව ප්‍රජාවේ ආර්ථිකමය වැදගත්කමක්ද ඇත.බොහෝ රටවල සංචාරක ව්‍යාපාරය සඳහා සතුන් වැදගත් වී ඇත. එමේන්ම විවිධ ඹෳෂද වර්ග නිපදවිමටද සතුන් උපකාරි වේ.උදාහාරනඃ

  • රයිනෝසිරස්ලේ අංවලින් බෙහෙත් පෙති නිපදවයි.
  • තල්මස් දත්වලින් ඹෳෂධ නිපදවයි.
  • විවිධ වානර වර්ග මඟින් පිළිකා නාශාක ඹෳෂද නිපදවයි.

සත්ත්ව ප්‍රජාව ආරක්ෂා කිරීම් පියවර

1සත්ත්ව අභය භූමි හා ආරාක්ෂිත කලාප ඇති කිරීම.

සත්ත්ව ප්‍රඡාව වඳවී යාම 
පැන්ඩා

2 ජලජ ප්‍රදේශ හා ගොඩබ්ම් ප්‍රදේශ දුෂණය වැළැක්වීම.

3 සතුන් දඩයම් කිරිම සම්බන්ධව විවිධ නීති පැනවීම.

4වන සතුන්ගේ වටිනාකම,දුර්වලත්වය,සාමන්‍ය ජනතාවගේ අවධානයට යොමු කරවිම.

5 සතුන්දඩයම් කිරීම තම ජිවන වෘත්තිය කරගත් පුද්ගලයන්ට තම ජිවන තත්වය ඉ හල නංවා ගැනිමට විකල්ප ක්‍රම හදුන්වා දිම.

6 විවිධ ජාත්‍යන්තර සම්මුති ඇති කර ගැනීම.

7 ලෝක වන සත්ත්ව අරමුදල ,ඒක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහන මඟින් වන සතුන් සංරක්ෂනය පුනරුත්ථාපනය සඳහා ණය හා සහානාධර ලබා දීම.

8 නිවර්තන වර්ෂා වනාන්තර එළි කිරිම හා‍ ජෛව විවිධත්වය ඇති සතුන් විනාශය තඑනම් කිරීමට ගැනිම.

තවද අන්තර් ජාතික වන සතුන් වෙළදාම පිළිබද එක්සත් ජාතින්ගේ සංගමය යටතේ වන සත්ත්ව වෙළදාම වැළැක් විමට කටයුතු කර ඇත.එ සඳහා රටවල් 120ක් අත්සන් තබා ඇත. ඊට අමතරව වන සතුන් සුරැකිම සඳහා වු ලෝක සංගමය,ලෝක වන සත්ත්ව අරමුදල,වන සතුන් අරක්ෂා කිරීමට විවිධ පියවර ගෙන ඇත.වන සතුන් ආරක්‍ෂා කිරීම‍ට විවිධ ක්‍රියාමාර්ග ‍ගෙන ඇත. ජනක හෙට්ටිආරච්චිගේ අදහස අනුව 1946 පිහිට වූ ජාත්‍යන්තර තල්මස් කොමිසම මගින් තල්මසුන් වදවීම වැලැක්වීමට පියවර ගෙන ඇත.වන සතුත් සුරකීම සඳහා වූ ලෝක සංගමය මගින් අනවසරව වන සත්ව වෙළදාම වැළැක්වීමට විවිද ක්‍රියාමාර්ග ගනිමින් සිටී.ලෝකයේ නීත්‍යාණුකූල නොව

සත්ව වෙළදාම් කරන ප්‍රධාන සතුන්

  • කොටි-සම්
    සත්ත්ව ප්‍රඡාව වඳවී යාම 
    සිංහයා
  • වානර වර්ග හි සිංහ සම්
  • පක්ෂින් වර්ග
  • උරග
  • විසිතුරැ මසුන්මේt
  • අැතුන්-අැත්දල
    සත්ත්ව ප්‍රඡාව වඳවී යාම 
    අප්‍රිකානු අලියා

සතුන් අපනයනය කරන ප්‍රධාන රටවල්

  • මෙක්සිකෝව
  • බ්‍රසිලය
  • ආජෙන්ටිනාව
  • කෙන්යාව
  • චීනය
  • ඉන්දියාව වැනි රටවල් හදුනාගෙන ඇත.එසේම වන සතුන් ආනයනය කරන ප්‍රධාන රටවල් ලෙස එක්සත් ජනපදය ,ප්‍රංශය,ජපානය,ජර්මනිය,බ්‍රිතාන්‍ය,වැනි රටවල් හදුනාගෙන ඇත.නමුත් ලෝව විවිධ රටවල ව්‍යාපාරික අමුදව්‍ය ලබා ගැබිමට සතුන් දඩයම් කිරීම වැලැක්විමට ලොව සැම රටක්ම උත්සහා ගනි.ඒ අතර තල්මස් දඩයම ,ඇතුත් දඩයම හා රටකට ආවේනික සතුන් දඩයම් කිරිම තහනම් කර ඇත.මෙම කටයුතු වැළැක්විමට ජාත්‍යාන්තර සම්මුති ඇති කරගෙන ඇත. එමෙන්මදුර්ලභ සතුන් නැවත බෝකිරීම සඳහා ද පියවර ගෙන ඇත.

" වර්ෂයකට කෙන්යාවේ වන සතුන් නැරඹිම සඳහා එරටටක් සිංහයෙකු වසරකට ඩොලර් 5,15,000 පමණ උපයා දෙනු ලබයි.නමුත් සිංහයෙකු මරා සම් ලබාගතහොත් ඉන් ඩොලර් 5,15,000 පමණ උපයා දෙනු ලබදෙයි. එමෙන්ම රැවනඩාව හා ටැන්සානියාව යන රටවල් ද විශාල වශයෙන් වන සතුන් පදනම් කරගෙන සංචාරන කටයුතු සිදු කරයි."(හෙට්ටිආරච්චි,2006) "සමාන්‍යයේන් වර්ෂයකට ඇතුන් 70,000 පමණ දල ලබාගැනිම සඳහා මරනු ලබයි.මෙම ඇත්දල විසිතුරැ භණ්ඩ සැදිමට සංවර්ධිත රටවල් විසින් අනය නය කරයි. මේ නිසා අප්‍රිකානු රටවල ඇතුන් අඩු වෙමින් පවති.1981-89 කාලය තුළ සුඩානයේ ඇතුන් ගහනය 84% ද, සැම්බිරියාවේ 80% ද ,කෙන්යාවේ 75% ද ටැන්සානියාවේ 80% ද ඇතුන් අඩු වී ඇත.ලෝකයේ විවිධ වෙරළශ්‍රිත කලාපවල සිටින විසිතුරැ මත්සයින් අල්ලා අපනයනය කිරිම ද බහුලව සිදුවන සත්ත්ව වෙළදාමකි.එමෙන්ම 1900 දී සාගරවල තල්මස් වීශේෂ මිලියන 4.4 පමණ සිටි අතර අද වන විට එය මිලියනයක් දක්වා අඩු වී ඇත.1925-1975 කාලය තුල තල්මසුන් මිලියන 1.5 පමණ අඩු වී ඇත.1988 දි එක්සත් ජනපදය විසින් මත්ස්‍යයින් මිලියන 25 ,උරගයින් මිලියන 1.2 ක්පමණ නිවර්තන කලාපීය රටවලින් ආනයනය කර ඇත. බෝහෝ දුරට මෙම සතුන් නැව් මඟින් හා වෙනත් නිත්‍යානුකුල නොවන මාර්ග ප්‍රවහනය කරන නිසා ඉන් 10-40% පමණ මිය යයි."(හෙට්ටිආරච්චි,2006)''''

අඩවිෙයන් බැහැර පිටු

EXTINCTION OF SPECIES සංරක්ෂණය කළ පිටපත 2007-12-04 at the Wayback Machine

MASS EXTINCTION UNDERWAY



ෙම අඩවිය බලන්න

[අලි]

අශ්‍රිත ග්‍රන්ථ

පාරිසරික භුෙගා්ලය විද්‍යාව පරිසර කළමනාකරණය හා සංරක්ෂණය ෙලා්ක පරිසර අර්බුදය.ජනක ෙහට්ටි අාරච්චි

Tags:

සත්ත්ව ප්‍රඡාව වඳවී යාම ලෝකයේ වඳ වී යාමේ තර්ජනයට ලක් වී ඇති සත්ත්ව විශේෂසත්ත්ව ප්‍රඡාව වඳවී යාම සත්ත්ව ප්‍රජාව ආරක්ෂා කිරීම් පියවරසත්ත්ව ප්‍රඡාව වඳවී යාම සත්ව වෙළදාම් කරන ප්‍රධාන සතුන්සත්ත්ව ප්‍රඡාව වඳවී යාම සතුන් අපනයනය කරන ප්‍රධාන රටවල්සත්ත්ව ප්‍රඡාව වඳවී යාම අඩවිෙයන් බැහැර පිටුසත්ත්ව ප්‍රඡාව වඳවී යාම ෙම අඩවිය බලන්නසත්ත්ව ප්‍රඡාව වඳවී යාම

🔥 Trending searches on Wiki සිංහල:

මොණර කුඩුම්බියදෙමලිච්ච්චාගෞතම බුද්ධ පරිනිර්වාණයහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයසිංහරාජ වනාන්තරයශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියලෝකයේ රටවල්අතුරලියේ රතන හිමිමුගලන් රහතන්වහන්සේමත්ද්‍රව්‍යකෘෂිකර්මයතාරකා විද්‍යාවකුප්පමේනියසීගිරි බිතු සිතුවම්වෛරසදික්කසාදයනන්දා මාලනීමනමේයූටියුබ්ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවශ්‍රී ලංකාවේ කුල ක්‍රමයපළමුවන පරාක්‍රමබාහු රජශ්‍රී ලංකාවේ ඉතිහාසයජෝන් ලොගී බෙයාඩ්බෝධිපාක්‍ෂික ධර්මඕපනායක යෝධ පුස් වැලනීතිය - හැඳින්වීමමන්නාරම බයෝබැබ් ගසශ්‍රී මහා බෝධිය, අනුරාධපුරඅටමස්ථානසෙනසුරු ග්‍රහලොවපණීභාරතඑච්.ආර්. ජෝතිපාලපාලිවසභ රජඉන්දියාවඅනුරාධපුර යුගයටොලමිගේ ලෝක සිතියමදෙවන රාජසිංහ රජරන්කොත් වෙහෙරබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිනාගරීකරණය - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවකලාවබුදුගුණ අලංකාරයබුධදර්ශනයගම්පොල රාජධානියවිද්‍යාවහික්කඩුවේ සුමංගල තෙරණුවෝසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවසත්ත්ව වංශපවුලවිකිහලාවතනෙළුම් කුළුණගෞතම බුදුරජාණන් වහන්සේකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩමෞර්ය අධිරාජ්‍යයඅයිසැක් නිව්ටන්සිංහල න-ණ ල-ළ බේදයරන්ජන් රාමනායකපින්නවල අලි අනාථාගාරයශ්‍රී ලංකාවේ නර්තනයන්අන්තිම කැමති පත්‍රයයාල ජාතික වනෝද්‍යානයසප්ත බොජ්ඣංගඅභය වැවවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගවර්ණ සබැඳි සිද්ධාන්තපරිගණක දෘඩාංගඋඩරට නැටුම්කුරුඳුවත්ත රාජකීය විද්‍යාලයකෘෂි කර්මාන්තයසොරබොර වැව🡆 More