අලි

අලි ඇතුන් මැමත් සතුන්ගෙන් පැවත එන බව ඇතැමුන් පවසති.මිනිසා ඉතිහාසයේදී බල්ලන්, ගවයන් වැනි සතුන්ගෙන් පසු හීලෑ කරගත් ප්‍රයෝජනවත්ම සත්ත්ව වර්ගය වන්නේද අලි ඇතුන්ය.‍ මෙසේ අලි ඇතුන් හීලෑකරගත් ආකාරය පිළිබඳ කරුණු සඳහන් නොවන නමුත් සමහරුන්ගේ අදහස වන්නේ කුඩා කාලයේ මව මිය යාම නිසා අතරමං වූ අලි පැටියෙක් හෝදඩයම් සඳහා කැපූ වලවල් වල වැටුණු අලි පැටවුන් මිනිසුන් විසින් රැ‍ගෙන ඒම මගින් අලි හීලෑ කරගත් බවය.

අලි
කාලීන ව්‍යාප්තිය: Pliocene–Recent
N
අලි
A female African Bush Elephant in Mikumi National Park, Tanzania.
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
උපවංශය: Vertebrata
වර්ගය: Mammalia
Superorder: Afrotheria
ගෝත්‍රය: Proboscidea
කුලය: Elephantidae
Gray, 1821
Genera
  • Loxodonta
  • Elephas
අලි
අලි ඇතුන්

මෙම අලි ඇතුන් අතීතයේ සිටම බර වැඩ සඳහා මිනිසුන් හා ඩාරා යොදා ගන්නා ලදි.

අලියගේ හැඩරුව

අලියාගේ හැසිරීම මෙන්ම පෙනුමත් අනෙක් බොහෝ සතුන්ට වඩා වෙනස්ය.සුවි‍ශේෂය.අලියාගේ කැපී පෙනෙන ශරීරාංගයක් වන්නේ හොඬවැලය.විවිධ කාර්යයන් සඳහා යොදාගන්නා මේ හොඬවැලේ ක්‍රියාකාරිත්වයට මාංශපේශීන් 40,000 ක් පමණ එකිනෙකට සම්බන්ධව පවතී.හොඬවැල නාසය ලෙසට මෙන්ම අතක් ලෙසටද සමහර අවස්ථාවලදී අලියාට ප්‍රයෝජනවත් වේ.දිය බීමේදී හා ශරීරයට දිය ඉසගැනීමේදී පමණක් නොව සතුරෙකුට පහරදීම සඳහා ශක්තිමත් අයුධයක් ලෙසද යොදාගනී.


අලි ශරීරයේ ඇති අනෙක් සුවිශේෂී අංගයක් වන්නේ කන් යුවලයි. මේ කන් සැකසී ඇත්තේ අවට ඇති ශබ්ද තරංග හැකිතාක් කන් ඇතුළට යොමුවන ලෙසටය. එනිසා අලින්ට ඉතා සුළු ශබ්දයක් පවා ඉතා හොදින් ඇසීමේ හැකියාව ඇත.එමෙන්ම ශරීර උෂ්ණත්වය පිටකිරීමේදී මෙම කන් වැදගත් කාර්යයක් ඉටු කරයි. අලි නිතරම තම දෙකන් වලින් පවන් සලයි. පවන් සලන විට නිතරම කන් සෙලවීම නිසා රුධිර‍යේ ඇති උෂ්ණත්වය කනේ සම හරහා බාහිර පරිසරයට විහිදේ.


අලින්ගේ පෙනිම දුර්වලය.නමුත් ඉතා හොදින් ඉව දැනෙයි.උණුසූමට අකමැති වීමත්, ඇස් පෙනීමේ දුබලතාවය හා හොදින් ඉව දැනිම යන මේ හේතූන් නිසා අලි නිශාචර දිවියකට වැඩි කැමැත්තක් දක්වයි.


අලින්ගේ සම සංවේදී ඉන්ද්‍රියකි.එය සිරුරේ සමහර තැන්වලදි සිනිදු වන අතර සමහර තැන්වලදී ඝන වේ. කන්වල සම ඉතා සිනිදුය. නමුත් සිරුර පසු කොටසේ සම සමහර තැන් වල සම ඝන වේ. සිනිදු හා රළු ලොම් සිරුර පුරා තැනින් තැන විසිරී පවතී අලියෙකුගේ වල්ගයේ ඇති ලොම් ඌ වැඩෙන විට ක්‍රමයෙන් ඝන වී අවසානයේ ප්ලාස්ටික් කෙන්දක් මෙන් ඝන තත්වයට පත් වේ.

අලින්ගේ පාද වංගෙඩි මෙන් මහතය.මෙම පාද සකස් වී ඇත්තේ අලින්ගේ සිරුරේ විශාල බර දරා ගැනීමට හැකිවන පරිදිය.එමෙන්ම පාදවල අස්ථි ඉතා ශක්තිමත්ව වැඩී ඇත්තේ සිරුරේ බර දරා ගැනීමට හැකිවන පරිදිය. එමෙන්ම පාදයේ යට විලුඹ කොටස කොට්ටයක් මෙන් විශාල වී සැකසී තිබේ. මේ නිසා සිරුරේ බර දරා ගැනිමට මෙන්ම බොහෝ දුර ඇවිද යාමටද පහසු වී ඇත. කකු‍ලේ පතුල ඝන වන අතර එහි පැළුම් හා රේඛා සටහන් දැකිය හැකිය. මෙය ගල් උඩ නැගීමේදී හා කදු බෑවුම් මත යන විට ලිස්සායාම වලක්වා ගැනීමට උපකාරී වේ.


අලින්ගේ දන්ත පද්ධතියද සුවිශේෂී වේ. එය මිනිසා හා අනෙක් ක්ෂීරපායී සතුන්ගේ දන්ත පද්ධති වලට වඩා ප්‍රමාණයෙන් , හැඩයෙන් හා වැඩෙන ආකාරයෙන් විවිධ වේ. මිනිසා හා අනෙක් ක්ෂීරපායී සතුන්ගේ ජීවිත කාලයේදී දන්ත පද්ධති 2 ක් ඇතිවන අතර අලින්ට තම ජීවිත කාලයේදී දන්ත පද්ධති 6 ක් ඇති ජෙරාඩ් ටියුට් එකෙ හොදින් ක්‍රියාකාරකම කියවා මෙම ප්‍රශ්න සමඟ පිළිතුරු මාවෙත එවන්න ෆොස්පේට්

Image:Elephants_tung.jpg|හොඬ වැල Image:Tung.jpg|හොඬවැල දිය බීමට යොදාගනී Image:Elephants_Tung_3.jpg|හොඬවැල ආහාර ගැනීමට යොදාගනී Image:Elephants_Eare.jpg|අලියාගේ කන් Image:Elephants_legs.jpg|අලියාගේ පාද Image:Baby_1.jpg Image:Elephant_A.jpg Image:Elephant_B.jpg

අලින්ගේ ජීවන චර්යාවන්

අලියා අර්ධ ජලජ සත්ත්වයෙකි. එනිසාම දිනකට පැය කිහිපයක්වත් දියට බැස කාලය ඔවුන්ට අවශ්‍ය වේ. අලින්ගේ සිරුරේ විශාල මාංශපේශී ක්‍රියාකාරිත්වය නිසා විශාල උෂ්ණත්වයක් ඇති වේ. එම ශරීර උෂ්ණත්වය අඩු කරගත හැකි පහසු ක්‍රමයක් වන්නේ දියට බැස සිටීම හා දහවල් උණුසුම් අවස්ථාවලදී ක්‍රියාශීලී නොවී සිටීමය. අලින්ගේ දිය කෙළි වෙහෙසක් නොමැතිව බලා සිටිය හැකි තරම් සුන්දරය. චමත්කාරජනකය.

අලියා සම්පූර්ණයෙන්ම ශාක භක්ෂක සත්ත්වයෙකි. ඔවුන්ගේ දිනපතා ආහාරය 70% පමණ අඩංගු වන්නේ විවිධ තණකොළ වර්ගය. කොළ වර්ග පමණක් නොව දිවුල් වැනි පළතුරු මෙන්ම කැළේදී කන්නට නොලැබෙන පොල්කොළ, කිතුල්, අන්නාසි, කෙසෙල්බඩ හා කෙසෙල්ගෙඩිද අලින්ට රසවත් ආහාර වේ. එමෙන්ම හේන් වල වගාකෙරෙන වට්ටක්කා, පුහුල්, පැණි කොමඩු, කුරක්කන්, බඩ ඉරිඟු වැනි ආහාර වලටද මොවුන් විශේෂ කැමැත්තක් දක්වයි.අලි මිනිස් ගැටුමේ මුලාරම්භයද මෙය වේ.එනම් තම හේන් විනාශ කරන අලි තම සතුරන් ලෙසට මිනිසුන් සිතයි.


අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵල

මෙම අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ අලි පරපුර වඳවෙමින් පවතින හා අනාගතයේ දුර්ලභ සත්ත්ව ඝනයට වැටෙන සත්ත්ව වර්ගයක් ලෙස හැදින්වේ.අද වන විට ලෝකයේ ඉතිරිව ඇත්තේ අලි විශේෂ 2 ක් පමණි.ඒ අප්‍රිකානු හා ආසියානු අලියාය.

ශරීරයෙන් විශාල වුවද අලියා මිනිසාට හිතවත් මෙන්ම අහිංසක සත්ත්වයෙකි.සත්ත්ව ලෝකයේ දැවැන්තයා වන අලියා ආරක්ෂා කරගැනීම මිනිස් සංහතියේ වඟකීම වේ.

කලාව

අලි බැලීමත් බලි බැලීමත් ඇතිවන්නේ නැහැ යැයි කියමනක් අපේ ජනවහරේ එයි.අලින්ගේ හැසිරීම මිනිසුන්ගේ සිත් සතන් ඇදගන්නා තරම් අපුරුය.මෙවන් කියමනක් අපේ ජනවහරේ එන්නේ ඒ මිනිසා හා අලියා අතර ඇති සම්බන්ධය ‍බොහෝ ඈත කාලය දක්වා දි‍වෙයි.ඒ ගැන ඇති මුල්ම සාක්ෂිය වන්නේ ගල් යුග‍යේ මිනිසුන් ජීවත්වුණු ගල් ගුහාවල ඇති අලින්ගේ රූපසටහන්ය.කැළේ යද්දී මෙම අලින්ගේ රූප සටයන් සි‍තෙහි ‍හොදින් කාවැදීම හේතු කොටගෙන ‍මොවුන් නැවත පැමිණි පසු මෙම රූප ගල් ලෙන්වල නිර්මාණය කරන්නට ඇත.

මේ අඩවියත් බලන්න

අඩවියෙන් බැහැර පිටු

ආශ්‍රිත ග්‍රන්ථ

මිහිමඬල සගරාවෙනි

Tags:

අලි යගේ හැඩරුවඅලි න්ගේ ජීවන චර්යාවන්අලි කලාවඅලි මේ අඩවියත් බලන්නඅලි අඩවියෙන් බැහැර පිටුඅලි ආශ්‍රිත ග්‍රන්ථඅලි

🔥 Trending searches on Wiki සිංහල:

අටමස්ථානරුහුණු කතරගම දේවාලයශ්‍රී ලංකා ජාතික කොඩියඋඩරට නැටුම්අභිධර්මයබුලත් හපයානියඟයශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවචෛත්‍යමින්නේරිය වැවහබන් කුකුළානීතිය - හැඳින්වීමඩී.එස්. සේනානායකපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරසතර සතිපට්ඨානයසොළොස්මස්ථානහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්බලශක්ති සංරක්‍ෂණයසූත්‍ර පිටකයශ්‍රී ලංකා ජාතික ගීයශ්‍රී ලංකා කොටියානීතියඅලිගිරවුශ්‍රී ලංකා පොලිස් සේවයJalani premadasaදස පණතගෞතම බුදුන්ගේ ධාතූන්අභය වැවකෝමාරිකාඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යසිංහල සහ හින්දු අලුත් අවුරුද්දසියඹලාජාතික ජන බලවේගයබක් පසළොස්වක පෝයකොළඹපලිබෝධනාශකඅධ්‍යාපන මනෝ විද්‍යාවදකුණු සහ අග්නිදිග ආසියානු අලුත් අවුරුද්දශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසසොරබොර වැවශ්‍රී ලංකාවේ වල් පැලැටිවැදි සාහිත්‍යයමද්දුම බණ්ඩාරදික්කසාදයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයවාරියපොල ශ්‍රී සුමංගල හිමිභගමණියශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාමහ පොළොවසුද්ධෝදන රජමහියංගනයපේශි පටකයසිංහල ජනයාශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)ලාඕසයඅනුරාධපුර පෞරාණික නගරයශ්‍රී ලංකාවේ පුරාවස්තුනාට්‍ය කලාවපරිගණක ඉතිහාසයදැල්පන්දුසිංහබාහු රජපාසල් උපදේශකඅෂ්ඨ විද්‍යාඑල්ලේකන්තලේ වැවවෙසක් උත්සවයනව අරහාදී බුදුගුණබට ඇටි කුකුළාත්‍රිවිද්‍යාබුදු දහමස්වයං වින්දනයසමගි ජන බලවේගයශාන්ති නිකේතන විද්‍යාපීඨයබෞද්ධ කොඩියසේනක බිබිලේඅනගාරික ධර්මපාල🡆 More