මහාදාඨික මහානාග රජ

ඒ භාතික රජ්ජුරුවන්ගේ අභාවයෙන් පස්සේ ඔහුගේ මළනුවන් වන මහාදාඨිකමහානාග නැමැති රජ්ජුරුවෝ රජකමට පත්වුනා.

69. ඒ මහාදාඨික රජ්ජුරුවෝ දොළොස් අවුරුද්දක් රජකම් කළා. නොයෙක් ආකාර වූ පින් පිහිට කරගෙන සිටි ඒ රජ්ජුරුවෝ මහාසෑයේ ගලින් කළ පේසාවළල්ලට පහලින් කිඤ්ජක්ඛ නැමැති පියුම් කැටයම් කළ ගල් ඇතිරෙව්වා.

70. වැලි මළුව විශාල කරවා සැකසුවා. ලංකාවේ සෑම විහාරයකට ම ධර්මාසන කෙරෙව්වා.

71. ඒ රජ්ජුරුවෝ මිහින්තලේ අම්බස්ථල මහාථූපය කෙරෙව්වා. එහි නෙරා සිටින තැන් කරවා, සෑ බැම්ම සවිමත්ව නොපිහිටන විට භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සිහි කරමින්,

72. තමන්ගේ ජීවිතය පූජා කරලා එතන වැතිරුනා. එහි බැම්ම ස්ථිරව පිහිටුවා සෑයේ කටයුතු සම්පූර්ණ කළා.

73. ඉතා දක්ෂ ශිල්පීන් ලවා සියුම් කැටයම් කරවා අඹතල මහා සෑයේ සතර දොරටුවේ රුවන්කණු සතරක් කෙරෙව්වා.

74. චෛත්‍යයට රන් කම්බිලියෙන් කළ, නොයෙක් රුවනින් කළ කඤ්චුකයක් පළන්දලා, රන් බුබුළුවලින් කළ මුතුවැලක් එල්ලුවා.

75. සෑගිරිය පර්වතය අවට යොදුනක් පමණ දුර අලංකාර ලෙස ගමන් මාර්ග සතරක් කරවා සතර පැත්තේ දොරටු සතරක් තැනෙව්වා.

76. වීදිය දෙපැත්තේ සල්පිල් කරවා, ධජ – මල්කරඬු – තොරණ් ආදියෙන් ඒ ඒ තැන සැරසෙව්වා.

77. අවට හැමතැන ම පහන් පේළිවලින් බබළන්ට සැලැස්සුවා. නැට්ටුවන්ගේ රැඟුම්, ගී ගැයුම්, වාදන ආදිය කෙරෙව්වා.

78. කොළොම්හොයේ පටන් සෑගිරිය දක්වා මාර්ගයේ පා දෝවනය කරමින් යන්ට පුළුවන් විදිහට කළාල ඇතිරෙව්වා.

79. ඒ මාර්ගයේ නැටුම්, ගැයුම්, වැයුම්, නාටකයන් ආදිය කෙරෙව්වා. නගරයේ දොරටු සතරේ මහා දන් දුන්නා.

80. මුළු ලක්දිව නිරතුරුව පහන් පෙළින් ආලෝක කළා. හාත්පස මුහුදේත් යොදුනක් ඇතුළත පහුරු බැඳ, කණු සිටුවා, ඒ ඒ තැන්වල පහන් දැල්ලෙව්වා.

81. අම්බස්ථල මහාසෑයට ඒ මහා දාඨික රජ්ජුරුවන් විසින් කරවන ලද ඒ සුන්දර වූ මහා පූජාව ‘ගිරිභණ්ඩ මහාපූජාව’ කියලත් කියනවා.

82. ඒ පූජාව වෙනුවෙන් වැඩම කළ භික්ෂූන් වහන්සේලාට රජ්ජුරුවෝ අට තැනක දන්පොළවල් පිහිටෙව්වා.

83. ඒ අට තැන රන් බෙර ගස්සවා විසිහතර දහසක් භික්ෂූන් වහන්සේලාට මහා දන් පැවැත්තුවා.

84. තුන් සිවුරු සය වතාවක් දුන්නා. බන්ධනගත සත්වයන් නිදහස් කෙරෙව්වා. හැම වෙලාවේ ම සතර දොරටුවේ කරණවෑමියන් ලවා රැවුල් කැප්පෙව්වා.

85. පෙර රජවරුන් විසින් පවත්වාගෙන ආ සියලු පින්කම් ද, තමන්ට වැඩිමහළු සහෝදර භාතික රජ්ජුරුවන් පවත්වාගෙන ආ සියලු පින්කම් ද සියල්ල ම එපරිද්දෙන් ම මහාදාඨික රජ්ජුරුවෝ ඉටු කළා.

86. තමාත්, දේවියත්, ගාමිණී අභය හා තිස්ස යන පුත්කුමාරවරුන් දෙන්නාත්, මගුල් ඇතාත්, මගුල් අශ්වයාත් සංඝයා විසින් වළක්වද්දීත් සංඝයාගේ දාසයන් ලෙසට පැවරුවා.

87. භික්ෂූන් වහන්සේලාට කහවණු සය ලක්ෂයක් වටිනාකම ඇති සිවුරු පිරිකර ආදිය පූජා කළා. භික්ෂුණීන් වහන්සේලාට කහවණු ලක්ෂයක් වටිනාකම ඇති සිවුරු පිරිකර පූජා කළා.

88. කරුණු ගැලපීමෙහි දක්ෂ වූ රජ්ජුරුවෝ විවිධාකාර කැප භාණ්ඩ පූජා කරලා තමාවත්, අනිත් බිසොව ආදී පිරිසත් සංඝයාගේ දාසභාවයෙන් අරවා ගත්තා.

89. රජ්ජුරුවෝ රුහුණු ජනපදයේ කාලායන නම් කඳු මුදුනේ මණිනාග පර්වතය නමින් විහාරයකුත්, කළන්ද නමින් විහාරයකුත් කෙරෙව්වා.

90. කුබුකන්දන හොය ඉවුරේ සමුද්‍රවිහාරය නමින් විහාරයකුත්, රුහුණේම හුවාව නැමැති කඳු මුදුනේ චූළනාග පර්වතය නමින් විහාරයකුත් කෙරෙව්වා.

91. තමන් විසින් කරවන ලද පාසාණදීපක විහාරයේදී තමන්ට පැන් ගෙනැවිත් දුන් සාමණේරයන්ගේ,

92. මනා සංවර වූ ඇවැතුම් පැවැතුම් ගැන පැහැදී හාත්පස යොදුන් අටක නින්දගමක් සංඝභෝගයක් කොට රජ්ජුරුවෝ ඒ විහාරයට පූජා කළා.

93. මණ්ඩවාපි විහාරයේ දී රජ්ජුරුවන්ට පැන් ගෙනැවිත් දුන් සාමණේර නමකගේ සංවරකමට පැහැදුණු රජ්ජුරුවෝ ඒ විහාරයටත් නින්දගමක් සංඝභෝගයක් වශයෙන් පූජා කළා.

මාදුවේ සාසන හිමි විසින් පළකරන ලදී

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ගෞතම බුද්ධ පරිනිර්වාණයබල්ලෝපොදු රාජ්‍ය මණ්ඩලයපිළිකාඔලිම්පික්ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවලෝවැඩ සඟරාවශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ ලැයිස්තුවරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවදහඅට සන්නියවැස්සකොස්කජුකම්කරු නීතියතිරසාර සංවර්ධනයබුදුගුණ අලංකාරයඅළු ගිරවාශාන්ත ජුසේ වාස් තුමාපොන්නම්බලම් රාමනාදන්අපෝස්තුළුවරුන් දොළොස් දෙනාසෛලය (ජීව විද්‍යාව)විදේශ ප‍්‍රතිපත්තිසුනාමිමාධ්‍ය නිදහසකිරි වෙහෙර, කතරගමකුට්ටම් පොකුණඋසස් පෙළ දේශපාලන විද්‍යාවතොටගමුවේ ශ්‍රී රාහුල හිමිඅප්‍රේල්සිංහල ජනකවිනව අරහාදී බුදුගුණශ්‍රී ලංකාවේ පළාත් මල්අවුකන බුදු පිළිමයලිංගාශ්‍රිත රෝගපුනරුදයලිංගික ඉන්ද්‍රියන්කුමාරතුංග මුනිදාසපෙර පාසල්ඉන්දු නිම්න ශිෂ්ටාචාරයපණිභාරතකනඋඩරට නැටුම්දේශපාලන විද්‍යාවශ්‍රී ලංකාවේ පාසල් ලැයිස්තුවමී මැසි පාලනයහික්කඩුවේ සුමංගල තෙරණුවෝවිටමින්ලිංගිකත්ව අධ්‍යාපනයරසායනික සූත්‍රඋඩරට ගිවිසුමඅධ්‍යාපන මනෝ විද්‍යාවසිංහබාහුදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අඉන්දියානු ජාතික කොංග්‍රසයමානව ලිංගිකත්වයකාල් මාක්ස්සුදු බිංදුමඵලදායී පාසලකළු වදුරාශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිගැට බෙරයමාළුශ්‍රී ලංකාවේ කතෝලික පල්ලියචෛත්‍යසිංහල පිල්ලම්කැස්බෑවා2004 සුනාමියබදුලු ටැම් ලිපියනව යොවුන්වියලංකා බැංකුවහෙද සේවයව්‍යාපෘති කළමනාකරණයක්‍රි.ව.1818 පළමු නිදහස් සටනසඳකඩපහණජාත්‍යන්තර සබඳතාත්‍රිකුණාමලයතත් වාද්‍ය භාණ්ඩසෝඩියම්🡆 More