බෙක්ජේහි රන් ආලේපිත ‍ලෝකඩ සුවඳ දාහකය

බෙක්ජේහි රන් ආලේපිත ලෝකඩ සුවඳ දාහකය 1996 මැයි 30 දින 287වන කොරියානු ජාතික වස්තුව ලෙස නම්කෙරිණි.

වර්තමානයේ මෙම කෞතුක වස්තුව බුයෝ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. මෙය සොයාගන්නා ලද්දේ, 1993දී චුංචොංනම්-දෝහි බුයෝ ප්‍රාන්තයේ න්‍යුංසන්-රි ප්‍රදේශයේ පුරාතන විහාර භූමියක සිදුකළ කැනීම්වලිනි. කැනීම් කටයුතුවල දී හමුවූ පුරාවස්තු 450 අතුරින් විශාලතම සොයාගැනීම වූයේ ද මෙම සුවඳ දාහකයයි.

බෙක්ජේහි රන් ආලේපිත ‍ලෝකඩ සුවඳ දාහකය
බෙක්ජේහි රන් ආලේපිත ‍ලෝකඩ සුවඳ දාහකය
කොරියානු නම
හංගුල්부여 능산리 출토 백제 금동 대향로
හන්ජා扶餘陵山里出土百濟金銅大香爐
ප්‍රතිශෝධිත රෝමානුකරණයBuyeo Neungsan-ri chulto Baekje geumdong daehyangno
මැකූන්–‍රයිෂවර්Puyŏ Nŭngsanni ch'ult'o Paekche kŭmdong taehyangno

බෙක්ජේහි රන් ආලේපිත-ලෝකඩ සුවඳ දාහකය බෙක්ජේ ජනයාගේ කලා කෞශල්‍යයේ මහිමය නිරූපණය කරන අතර, එය කොරියානු කලාවේ අග්‍ර කෘතියක් ලෙස ද සැලකේ.

සුවඳ දාහකය සෙන්ටිමීටර 64ක උසින් යුක්ත ය. එහි දේහයේ විෂ්කම්භය සෙන්ටිමීටර 19ක් වන අතර බර කි‍ලෝග්‍රෑම් 11.8කි. මෙය 6වන සියවසේ දී පමණ නිර්මාණය වන්නට ඇත.

ඉතිහාසය

"පසුගිය සියවසේ කිරුළු පළන් කැනීම් ජයග්‍රහණ අතුරින් එකකි, බෙක්ජේ රන් ආලේපිත ලෝකඩ සුවඳ දාහකය. මෙය බෙක්ජේ රාජවංශ ඉතිහාසය පිළිබඳ අධ්‍යයනයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකිය හැක. යතාර්ථවාදී ලෝකය විශිෂ්ට තාක්ෂණ ක්‍රම සහ කලාත්මක නෙතකින් යුතුව මෘදු අයුරින් නිරූපණයට තැත් කළ බෙක්ජේ ජනයාගේ චින්තනය මෙමගින් විදහා පායි. ඒ වනතෙක් මේ ආකාරයේ සුවඳ දාහකයක් ලෝකයේ කිසිදු ස්ථානයකින් සොයාගෙන නොතිබිණි. සැබැවින්ම මෙය අග්‍රකෘතියක් ලෙස හැඳින්වුව ද එහි පුදුමයට පත් වන්නට දෙයක් නැත", ඉහත පරිදි සඳහන් කරන්නේ චුංචොංනම්-දෝහි සංස්කෘතිය සහ සංචාරක කර්මාන්තය පිළිබඳ වූ වෙබ්අඩවියයි.

මෑතක් වනතෙක්ම පුළුල්ව පිළිගැනුණේ බෙක්ජේ සුවඳ දාහකය හන් රාජවංශයේ බක්සන් (හංගුල්: 박산 향로, හන්ජා: 博山香爐) දාහකවලින් අනුකරණය කෙරුණක් බවයි. නමුත් ඉතිහාසඥයින් සහ පුරාවිද්‍යාඥයින්ගෙන් සැදුම්ලත් කොරියානු පර්යේෂක කණ්ඩායමක් විසින් සිදුකළ විශිෂ්ට අනාවරණයත් සමග එය අසත්‍ය බව පෙනී ගියේ ය. මෙය පුරාතන චීන මූලාකෘතිවලින් වෙනස් වන්නේ එහි සැලැස්ම සහ ව්‍යූහය හේතුවෙනි. විශේෂයෙන්ම සංගීතඥයින් පස්දෙනාගේ කැටයම එයට හේතු වී ඇත. මෙහි හන් රාජවංශ සුවඳ දාහකවල අලංකරණ මෝස්තර අංග දක්නට නොලැබේ. මීට අමතරව, කැටයමේ ඇතුළත් එක් සංගීත භාණ්ඩයක් මෙම අධ්‍යයනයට තවත් ඉඟියක් ලබා දෙයි. 'වන්හම්' (හංගුල්: 완함, හන්ජා: 阮咸) නැමැති මෙම සංගීත භාණ්ඩය 7වන සියවසේ දී පළමු වරට ටෑං රාජවංශය වෙත හඳුන්වා දෙන ලද්දේ බෙක්ජේ රාජධානිය අභාවයට යාමෙන් පසුවයි. පසුකාලීන 8වන සියවසේ ටෑං රාජවංශ යුගයේ දී මෙම සංගීත භාණ්ඩය අතිශයින් ජනප්‍රියත්වයට පත් විය. මේ බව ටෑංහි නව ග්‍රන්ථය (සම්ප්‍රදායික චීන: 新唐書) තුළ සඳහන් වේ. එහි දැක්වෙන්නේ 'වන්හම්' උපකරණයට එහි නාමය ලබාදෙන ලද්දේ ටෑං යුගයේ එකල ප්‍රමුඛ කලා ශිල්පියකුගේ ගෞරව නාමය අනුව ය. මෙය සිදුවූයේ බෙක්ජේ සුවඳ දාහකය නිමවා සියවසකට පමණ පසුව ය. 'වන්හම්' සම්භවය වූයේ කිසිල් ගුහාවල කුචාවෙන් වන අතර, එහි මෙම සංගීත භාණ්ඩයේ මුල්ම ස්වරූපය තවමත් දැකගත හැක.

බෙක්ජේ දාහකය තාත්වික අයුරින් නිමවා ඇති අතර, එය ත්‍රිමාන ස්වභාවයකින් යුක්ත ය. සුවඳ දාහකය තුළ බෞද්ධ සහ තාඕවාදී තේමා දක්නට ලැබෙන අතර, ඇතැමුන් අදහස් දක්වන්නේ එහි ඊසානදිග ආසියානු සංස්කෘතික තේමාවන් සංකේතවත් කරන බවයි. මෙහි මකර සහ ෆීනික්ස් ‍රුව යිං සහ යැං මෝස්තරයක් බව යෝජනා වී ඇති අතර, මෙය සොයාගන්නා ලද්දේ බෞද්ධ විහාරයක තිබී බැවින් එයට පක්ෂව අදහස් ගණනාවක් ‍ඉදරිපත් වී ඇත. කෙසේනමුත්, මෙම කෞතුක වස්තුවේ ඇති අනන්‍ය ස්වභාවය හේතුවෙන් මෙම දාහකය මුතුන්මිත්තන්ගේ වතාවත් සඳහා හෝ විශේෂිත උත්සවයක් සඳහා භාවිතා වන්නට ඇතැයි සිතිය හැක.

පෙනුම

සුවඳ දාහකය ප්‍රධාන කොටස් හතරකින් සමන්විත ය. එනම්: දේහය, පියන, ෆීනික්ස්-හැඩැති මිට සහ ආධාරක ඵලකයයි.

මෙහි පියන වටා, ස්තර පහකින් යුක්තව තුනී කඳු 74ක් මුදුන තෙක් විහිදී යන අයුරින් වාත්තු කොට නිමවා ඇත. මෙහි පියන ද විවිධ කැටයම්වලින් සමන්විත අතර, එහි විවිධ සංගීත භාණ්ඩ රැගත් සංගීතඥයින් පස්දෙනකු ද, වෙනත් මිනිස් රූ දහසයක් සහ ව්‍යාඝ්‍රයන්,මකරුන් හා මුවන් ඇතුළු සත්ත්ව රූ තිස් නවයක් ද දැකගත හැක. මීට අමතරව පියනේ වෙනස් ආකාරවල දර්ශන ද කැටයම් කොට ඇති අතර, වෘක්ෂ ආකාර සයක්, ගල් පර්වත, පාරවල්, දිය ඇලි සහ විල් ඒ අතර වේ. මෙමගින් තාඕවාදී තාපසයින්ගේ පරමාදර්ශී භූමිදර්ශනවාදය සංකේතවත් කෙරේ. කඳුවැටියේ උසැති මුදුන් පහක පක්ෂින් පස්දෙනකු ලැග සිටිනු නිරූපිත ය. පියනේ මුදුන මකර රුවකින් විසිතුරු කොට ඇත. පියනට වාතාශ්‍රය ලැබීම සඳහා සිදුරු පහක් ද දැකගත හැකි අතර, ෆීනික්ස් පක්ෂියාගේ ලයෙහි ඇති සිදුර තුළින් සුවඳ දුම් මුදාහරින්නට ඇත.

පියනෙහි අග්‍රය මුතු ඇටයක් දරා සිටින බොංහ්වං (ෆිනික්ස්) රුවකින් අලංකාර කොට ඇත. බොංහ්වං රුවේ වල්ගය ආරුක්කුවක ආකාරයෙන් වක්‍ර වී ඇත.

දාහකයේ දේහය පොබයන නෙළුම් පොහොට්ටුවක අයුරින් නිර්මාණය කොට ඇත. නෙළුම් පොහොට්ටුවෙහි පෙතිවල පාර්ශ්වික පෘෂ්ඨයේ සත්ත්ව රූ විසි හය් දැකගත හැකි අතර, මේ අතර මත්ස්‍ය රූ, දිව්‍යමය මෘග රූ සහ පක්ෂි රූප වේ. ඇතැම් සත්ත්වයින් නෙළුම් පෙති මත ලැගුම්ගෙන සිටින අතර, තවත් සමහර සත්ත්වයින් මුදුනෙහි ඇතුළත් කොට ඇත.

ආධාරක ඵලකය මකර හැඩයෙන් යුක්ත වන අතර, එහි මුඛය එයට ආධාරව ඇති දේහයේ පාදම වෙත මුහුණලා ඇත. මකර රුව වටා වලාකුළු ආකාර ලෝකඩ සැරසිල්ලක් දැකගත හැකි අතර, මකර රුවේ වල්ගය වක්‍ර හැඩයක් ගෙන තිබීම නිසා සචල පෙනුමක් ලබා දී ඇත.

පුරාවිද්‍යාත්මක වැදගත්කම

මෙම පුරාවිද්‍යාත්මක සොයාගැනීම හන් රාජවංශයේ සුවඳ දාහකවලින් වෙනස් වන බව ‍බොහෝ අන්තර්ජාතික ඉතිහාසඥයින්, පුරාවිද්‍යාඥයින් සහ ග්‍රන්ථ කතුවරුන්ගේ අදහසයි. කුචාවලින් සංගීත උපකරණය සම්භවය වූ බවට වන අදහස නිසා සේද මාවත හා සම්බන්ධ නව මතයක් යෝජනා වී ඇත. මේ නිසා කොරියානු අර්ධද්වීපයේ තුන් රාජධානි සහ පුරාතන ජපානය වෙත එකල භූ‍ගෝලීය-දේශපාලනික සමතුලිතතාව, සංස්කෘතික හුවමාරුව සහ වෙළඳ මාර්ග පිළිබඳ නව අදහස් ඉදිරිපත් වෙමින් පවතියි. වෙනත් වචනවලින් කිවහොත්, එම සංගීත උපකරණය ටෑං රාජවංශය තුළ වන්හම් ලෙස නම් කිරීමටත් ප්‍රථම බෙක්ජේ සුවඳ දාහකය තුළ දක්නට ලැබේ.

මේවාත් බලන්න

ආශ්‍රේයයන්

බාහිර සබැඳි

Tags:

බෙක්ජේහි රන් ආලේපිත ‍ලෝකඩ සුවඳ දාහකය ඉතිහාසයබෙක්ජේහි රන් ආලේපිත ‍ලෝකඩ සුවඳ දාහකය පෙනුමබෙක්ජේහි රන් ආලේපිත ‍ලෝකඩ සුවඳ දාහකය පුරාවිද්‍යාත්මක වැදගත්කමබෙක්ජේහි රන් ආලේපිත ‍ලෝකඩ සුවඳ දාහකය මේවාත් බලන්නබෙක්ජේහි රන් ආලේපිත ‍ලෝකඩ සුවඳ දාහකය ආශ්‍රේයයන්බෙක්ජේහි රන් ආලේපිත ‍ලෝකඩ සුවඳ දාහකය බාහිර සබැඳිබෙක්ජේහි රන් ආලේපිත ‍ලෝකඩ සුවඳ දාහකයකොරියාවේ ජාතික වස්තූන්

🔥 Trending searches on Wiki සිංහල:

ආවර්තිතා වගුවසිදත් සඟරාවශ්‍රී ලංකාවේ ආදිවාසීන්පුවත්පත්ඔලිම්පික්ආගම්1000000000000 (number)බර්ගර් ජනයාශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියශ්‍රී ලංකා ජාතික කොඩියදෙමළ භාෂාවප්‍රභාසංශ්ලේෂණයචෛත්‍යශ්‍රී ලංකාවේ ශිලා ලිපිස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයප්‍රතිරෝධකයලංකා බැංකුවතෙත් කලාපයේ ශාක විවිධත්වයමනෝවිද්‍යාවඅපරාධ නීතියකෙටිකතාභාෂාවේ සම්භවයසෝවාන්බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිබ්‍රහස්පති ග්‍රහයාස්ථිති විද්‍යුතයජැක්සන් ඇන්තනීජේතවනාරාමය, අනුරාධපුරසමලිංගිකතාවඑල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිවිල් ජනයාට සිදුකළ ප්‍රහාර ලයිස්තුවමුහම්මද් නබිපාස්කු උත්සවයචන්ද්‍ර කුමාර කඳනාරච්චිජාතික ගීය - ශ්‍රී ලංකාවිද්‍යුත් තැපෑලශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගකන්‍යාභාවයදෙමළ ජනතාවත්‍රිකුණාමලයශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවලෝවාමහාපායහරිතාගාර ආචරණයළමා අපයෝජනයඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යපුරාවිද්‍යාවමිනිස් ආහාර ජීරණ පද්ධතියඑනසාල්ප්‍රාදේශිය සභාටජ් මහල්සතර මහා අපදේශඅර්ථයඕෂනියාවආකල්පපළමුවන විජයබාහු රජකෝල්බෲක් කැමරන් ආණ්ඩුක්‍රමයශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අරජරට රාජධානියේ අනුරාධපුර යුගයඅභය වැවආනන්ද විද්‍යාලය, කොළඹආසියාවඔස්ට්‍රලෝපිතකස්ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියඒ.ටී. ආරියරත්නප්‍රධාන දුම්රිය මාර්ගය (ශ්‍රී ලංකාව)උසස්කිරීම සහ පහත හෙලීමලෝ වැඩ සඟරාවජල විදුලියආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක‍ඩොලානඕ‍සෝන් වියනමහින්දාගමනයඋභය ජීවීන්රතන සූත්‍රයස්වයං වින්දනය🡆 More