බ්ලැක්බියර්ඩ්

එඩ්වඩ් ටීච් (එඩ්වඩ් ටැච් ලෙසින්ද හැඳින්වුනු, ප.

1680 – 22 නොවැම්බර් 1718), බෙහෙවින් බ්ලැක්බියර්ඩ් ලෙසින් හැඳින්වුනු , යනු බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකානු ජනපදවල නැගෙනහිර වෙරළ අවට ක්‍රියාත්මක වූ, කුප්‍රකට ඉංග්‍රීසි මුහුදු කොල්ලකරුවෙකි. ඔහුගේ ජීවිතයේ මුල් අවදිය පිළිබඳ ඉතා ස්වල්ප අවබෝධයක් පමණක් ඇති මුත්, ඔහු බෝහෝවිට උපදින්නට ඇත්තේ එංගලන්තයෙහි බ්‍රිස්ටල්හිදී බවට සැලකෙයි. නිව් ප්‍රොවිඩන්ස් නමැති බහාමාස දූපතේ පදිංචිවී එහි පදනම්ව ක්‍රියාත්මක වූ කපිතාන් බෙන්ජමින් හෝනිගෝල්ඩ්ගේ නාවුක කණ්ඩායමට 1716දී පමණ ටීච් බැඳීමට පෙරදී, ඈන් රැජිණගේ යුද්ධය අතරතුර, මුහුදු කොල්ල නැව් වල නාවිකයෙක් වශයෙන් ඔහු සේවය කරන්නට ඇත. තමන් විසින් අල්ලාගත් කප්පරයක අණදෙන නිලධාරි වශයෙන් හෝනිගෝල්ඩ් විසින් ඔහු පත් කල අතර, මොවුන් දෙදෙන එකතුව බොහෝ මුහුදු කොල්ලකෑම් සිදු කලහ. ඔවුන්ගේ උපැයීම් ඉහළ නැංවුනේ, ස්ටීඩර් බොනට් විසින්අණ දෙන ලද එක් නැවක් හා සමග අමතර නැව් දෙකක් නැව් සමූහයට එක් කිරීම හා සමග වුවද, 1717 අග වන විට මුහුදු කොල්ලකෑමෙන් විශ්‍රාමයෑමට හෝනිගෝල්ඩ් තීරණය කල අතර නැව් දෙකද ඔහු විසින් රැගෙන යන ලදි.

එඩ්වඩ් ටීච්
— මුහුදු කොල්ලකරු —
බ්ලැක්බියර්ඩ්
බ්ලැක්බියර්ඩ් (ජොන්සන්ගේ ජෙනරල් හිස්ට්‍රි සන්නිදර්ශනය කිරීමට භාවිතා කල ප. 1736 කැටයමක්)
අපනාමයබ්ලැක්බියර්ඩ්
උපතප. 1680
උපන් ස්ථානය(උපකල්පිත) බ්‍රිස්ටල්, එංගලන්තය
මරණය22 නොවැම්බර් 1718
මරණය සිදුවූ ස්ථානයඕක්රකෝක්, කැරොලයිනා පළාත
සක්‍රීය වසර1716–1718
තරාතිරමකපිතාන්
ක්‍රියාන්විත පදනම් ස්ථානයඅත්ලාන්තික්
ආඥාපතිත්වයක්වීන් ඈන්ස් රිවෙන්ජ්, ඇඩ්වෙන්චර්

ටීච් විසින් ප්‍රංශ වෙළෙඳ වැවක් අල්ලා ගෙන එය ක්වීන් ඈන්ස් රිවෙන්ජ් ලෙසින් යළි-නම්කොට, එහි කුවක්කු 40 ක් සවි කළේය. ඔහු බොහෝ ප්‍රසිද්ධ මුහුදු කොල්ලකරුවෙක් වූ අතර, ඔහුගේ විරුදනාමය ව්‍යුත්පන්න වී තිබුණේ ඔහුගේ ඝනට වැඩී තිබුණු කඵ රැවුළ සහ බිය උපදවන පෙනුම නිසාය; ඔහුගේ සතුරන් බියගැන්වීම සඳහා දැල්වූ ‍සේව නූල් තම තොප්පියට ‍යටින් සවි කර ගෙන සිටි බව කියැවේ. මුහුදු කොල්ලකරුවන්ගේ සන්ධානයක් පිහිටවූ ඔහු චාර්ල්ස්ටන්, දකුණු කැරොලයිනා වරාය වටලා අවරෝධ පැනවීය. එහි වැසියන්ගෙන් සාර්ථක ලෙසින් කප්පම් ලබා ගැනීමෙන් පසුව, ඔවුන් වෙතින් ක්වීන් ඈන්ස් රිවෙන්ජ් නැව, උතරු කැරොලයිනාවේ බෙයිෆර්ට්හී වැලි කන්දක ඇමිණිනි. බොනට් හා පැවති ව්‍යාපාරික සම්බන්ධතාවයෙන් මිදුණු ඔහු, බච් නගරයේ පදිංචිවූ අතර, එහිදී ඔහු රාජකීය සමාවක් බාර ගත්තේය. එහෙත් යළි මුහුදු කොල්ලයේ යෙදීම ඇරඹූ ඔහු පිළිබඳ අවධානය වර්ජීනියාවේ ආණ්ඩුකාර ඇලෙක්සැන්ඩර් ස්පොට්ස්වුඩ් වෙත ඇති විය. මුහුදු කොල්ලකරු අත් අඩංගුවට ගැනීම සඳහා සොල්දාදුවන් හා නාවිකයන් කණ්ඩායමක් පිළියෙල කිරීමට ස්පොට්ස්වුඩ් යුහුසුළුවූ අතර, 22 නොවැම්බර් 1718 වන විට එසේ කිරීමට ඔවුහූ සමත් වූහ. දරුණු සටනක් තුලදී, ලුතිනන් රොබට් මේනර්ඩ් විසින් මෙහෙයවුනු නාවිකයන් කුඩා බලකායක් විසින් ටීච් සහ ඔහුගේ පිරිස මරා දැමිණි.

සූර සහ කපටි නායකයෙකු වූ ටීච්, බලය යෙදීම බැහැර කොට, ඒ වෙනුවට ඔහුගේ බියජනක පෙනුම භාවිතා කොට ඔහු විසින් සොරකමට පාත්‍රවූවන්ගෙන් බලාපොරොත්තු වූ දේ ලබා ගති. සාම්ප්‍රදායික ක්‍රෑර මුහුදු කොල්ලකරුවෙකු ලෙස ඔහු වර්තමානයේ දැක්වීමට හාත්පසින්ම විරුද්ධ ලෙසින්, ඔහුගේ යාත්‍රා වලට අණ දීමේදී ඔහුගේ කාර්ය මණ්ඩලයේ සහය ඇතිව එය සිදු කල අතර, ඔහුගේ අත් අඩංගුවට පත්වූවන්හට හිරිහැර කල බවක් හෝ මරා දැමූ බවක් හෝ වාර්තා නොමැත. ඔහුගේ මරණයෙන් පසුව බහුමනට පාත්‍රවූ අතර මුහුදු කොල්කෑම-තේමා කර ගත් ප්‍රභේද කිහිපයක ප්‍රබන්ධ කෘතීන් සඳහා පෙළඹවීම් ඇති කිරීමට සමත් විය.

Tags:

බටහිර ඉන්දීය කොදෙව්බහාමාස්මුහුදු කොල්ලකෑම

🔥 Trending searches on Wiki සිංහල:

මිහින්තලයඅනුරාධ දූල්ලෑව විජයරත්නඅකුණුශක්තියසංගීතයඔලිම්පික්ශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලසෞරග්‍රහ මණ්ඩලයදෙමළ අක්ෂර මාලාවපළමුවන ලෝක යුද්ධයබිම්මල් වගාවසිරස රූපවාහිනීයමධ්‍යම සැකසුම් ඒකකයශ්‍රී ලංකාවේ ආදි වාසීන්ජාතික නාමල් උයනඉස්ලාම්සිංහල අක්ෂර වින්‍යාසයශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසඅවුකන බුදු පිළිමයමානව සැකිලි පද්ධතියමානවවාදී මනෝවිද්‍යාවකන්නගි අම්මන්උසස් පෙළ දේශපාලන විද්‍යාවසඳකඩපහණඩෙංගුහික්කඩුවපොළොන්නරුව පෞරාණික නගරයඉසුරුමුණියවියුණු සටහනමාක්ස්වාදයකාල් රෝජර්ස්පොහොරඉසුරුමුණි කැටයම්බාලදක්ෂ ව්‍යාපාරයඩී.එස්. සේනානායකගණිතයශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයකෝට්ටේ යුගයදඹදෙණිය යුගයශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩපලිබෝධනාශකහෝමෝ ඉරෙක්ටස්ශ්‍රී ලංකාවේ දුෂ්කර පාසල්සියඹලාගොංගාලේගොඩ බණ්ඩාවිදුලි ක්ෂමතාවසිනෙ රූ උපසිරැසි (Cineru.lk)ද්විත්ව සටහන් පොත් තැබීමේ ක්‍රියාවලියමහාවංශයහික්කඩුවේ සුමංගල තෙරණුවෝඑළාර රජජූලි 30ක්‍ෂුද්‍ර ඡිවින් වර්ගීකරණයමහියංගනය රජ මහා විහාරයකාව්‍යයේ මුඛ්‍යාංගසොළොස්මස්ථානයබදුලු ටැම් ලිපියපරාක්‍රම සමුද්‍රයආසියාවඉංග්‍රීසි භාෂාවමානව විද්‍යාවකාව්‍යශේඛරයජේතවනාරාමය, අනුරාධපුරදකුණු ආසියාවපළමුවන විජයබාහු රජබැක්ටීරියාකොස්ගාල්ලවිද්‍යාවකොවිඩ්-19 එන්නතශ්‍රී ලංකාවේ ක්‍රීඩාවබෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්සාහිත්‍යයපරිගණක ඉතිහාසයපරිගණක ජාල🡆 More