ගුණදාස අමරසේකර

ආචාර්ය ගුණදාස සූරියආරච්චි අමරසේකර (ඉංග්‍රීසි: Gunadasa Amarasekara) ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට සිංහල නවකතාකරුවෙකි; කෙටිකතාකරුවෙකි; කවියෙකි; විචාරකයෙකි; චින්තකයෙකි.

ගුණදාස අමරසේකර
ගුණදාස අමරසේකර
උපත1929 නොවැම්බර් 12 (age 95)
යටලමත්ත, ගාල්ල, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව සිංහල, ශ්‍රී ලාංකික
අධ්‍යාපනයයටලමත්ත ක.වි
නාලන්දා විද්‍යාලය, කොළඹ
රැකියාවදන්ත වෛද්‍ය
ප්‍රසිද්ධව ඇත්තේසාහිත්‍ය නිර්මාණය, විචරය සහ දේශපාලන මතවාද
ආගමබෞද්ධ

ජීවන සටහන්

ඔහු ගාල්ල දිස්ත්‍රික්කයේ යටලමත්ත ප‍්‍රදේශයේ ගුරු නිවසේ 1929 නොවැම්බර් 12 වැනි දා උපත ලැබී ය. අමරසේකරගේ මව පාසැල් ගුරුවරියකි. පියා සිංහල වෙද මහතෙකි. ගාල්ල මහින්ද සහ colombo නාලන්දා විද්‍යාලය යන විද්‍යාල වලින් මූලික සහ ද්විතීයික අධ්‍යාපනය ලැබීය. ආරම්භක සභාපති ලෝක අක්ෂි දාන සංගමය දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වා, කරුණාරත්න අබේසේකර, හිටපු දේශිය වෛද්‍ය ඇමති ගෞරවණීය (වෛද්‍ය) ධර්මසේන ආටිගල, හිටපු වැවිලි ඇමති ගෞරවණීය රුපා කරුනාතිලක, සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂයේ නායක ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග, ප්‍රවීන චිත්‍රපට නළු සහ වේදිකා නළු, නාටක කර්තෘ ආචාර්ය හෙන්රි ජයසේන, හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක හා එන්ගලන්ත ලැන්කශයර් ක්‍රීඩක ස්ටැන්ලි ජයසිංහ, චිත්‍රපට නළු රවීන්ද්‍ර රූපසේන, චිත්‍රපට නළු ආනන්ද වීරකෝන්, කීර්තිමත් සිවිල් නිලධාරි රිජ්වේ තිලකරත්න ගුණදාස අමරසේකරසේකරයන්ගේ නොළඹ නාලන්දා විද්‍යාලයයේ සමකාලීනයෝය.

ලංකා විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වන අමරසේකර වෘත්තියෙන් දන්ත වෛද්‍යවරයෙකි. සිය සාහිත්‍ය සේවාව උදෙසා ආචාර්යඋපාධියෙන් පුද ලැබුවෙකි.

අමරසේකර නූතන ලාංකීය සාහිත්‍යයේ බොහෝ අවදානයට ලක් වූ පේරාදෙණි ගුරුකුලයේ සමාරම්භකයෙකි. සිය නිර්මාණවල වස්තු විෂය සහ ලේඛන ශෛලිය නිසා හෙතෙම සාහිත්‍ය ලෝකයේ මහත් ආන්දෝලනාත්මක චරිතයක් විය. පසුකාලීනව ගන්ධබ්බ ආපදානය වැනි කෘති මඟින් සිය මුල් නිර්මාණ සහ සාහිත්‍ය දර්ශනය පිළිබඳ ස්වයං විවේචනයක නිරත වූ අමරසේකර නව දැක්මකින් නිර්මාණකරණයට පිවිසිණි.

1970 න් පසු ඔහු සමාජ සංස්කෘතික සහ දේශපාලනික විවේචනයන්ට යොමු විය. 1980 සිට වර්තමානය දක්වා සිංහල විද්වත් සංවාදය තුළ ආධිපත්‍යය දරන ජාතික චින්ත සතවාදය නිර්මාණය කිරීමට නලින්ද සිල්වා සමග ගුණදාස අමරසේකරද පුරෝගාමී විය.

කෝට්ටේ යුගයෙන් පසු ක්‍රමයෙන් පරිහානියට පත් සිංහල කවිය නැවත සම්ප්‍රදාය සිය සම්ප්‍රදාය මත පිහිටුවීමෙහිලා අමරසේකර මූලික විය. 18 මත් සිව්පදයට සිර වූ ජනප්‍රිය කොළඹ කවිය මෙන් ම ඊට විකල්පයක් ලෙස ගෙන ආ නිසඳැස් කවිය ද ප්‍රතික්ෂේප කළ ඔහු සිංහල කවියේ අගමුල සොයා ගියේ ය. ඡන්දසින් විනිර්මුක්තව සිංහලෙන් කවි ලිවිය නොහැකි බව අවධාරණය කළ අමරසේකර වස්තු විෂයට අනුකූල විවිධ විරිත් ඔස්සේ සදාතනික පද්‍ය නිර්මාණ ගොන්නක් නිර්මාණය කළේ ය.

සිංහල සාහිත්‍යය විෂයයෙහි අමරසේකරගේ සම්ප්‍රදානයට බුහුමන් ලෙස 2008 නොවැම්බර් මස සිට 2009 නොවැම්බර් දක්වා අමරසේකර ප්‍රත්‍යාවලෝකණ වසර ලෙස නම් කර තිබේ.

වසර 2009 දී ඔහු ඉගෙන ගත් නාලන්දා විද්‍යාලය ඔහුට නාලන්දාවේ වැදගත්ම ආදි සිසුවාට පිරිනමන නාලන්දා කීර්ති ශ්‍රී සම්මානය පිරිනැමුවේය.

කෘතීන්

නවකතා

  • ධාතුසේන
  • කරුමක්කාරයෝ
  • යළි උපන්නෙමි
  • දෙපා නොලද්දෝ
  • ගන්ධබ්බ ආපදානය
  • අසත්‍ය කථාවක්
  • පේ‍්‍රමයේ සත්‍ය කථාව
  • ගමනක මුල
  • ගම්දොරින් එළියට
  • ඉණි ම‍ඟේ ඉහළට
  • වංකගිරියක
  • යළි මඟ වෙත
  • දුරු රටක දුකට කිරියක
  • ගමනක මැද
  • අතරමඟ
  • ගමනක අග


කෙටිකතා

  • රතු රෝස මල(1953)
  • ජීවන සුවඳ(1960)
  • එක ම කථාව(1969)
  • එක්ටැමෙන් පොළවට
  • කථා පහක්
  • ගල් පිළිමය සහ බොල් පිළිමය
  • මරණ මංචකයේ දුටු සිහිනය
  • පිළිම ලොවයි පියවි ලොවයි
  • විල් තෙර මරණය
  • කවන්ධයක කතන්දරය?
  • කියනු මැන දිවි අරුත


පද්‍ය

  • භාව ගීත (1955)
  • උයනක හිඳ ලියූ කවි (1957)
  • අමල්බිසෝ
  • ගුරුළු වත
  • ආවර්ජනා
  • අසක් දා කව

විචාර

  • අලියා සහ අන්ධයෝ (1966)
  • අබුද්දස්ස යුගයක්
  • අනගාරික ධර්මපාල මාක්ස්වාදීද ?
  • ගණඳුරු මැදියම දකිනෙමි අරුණලූ
  • අරුණලුසෙරෙන් අරුණෝදයට
  • ජාතික චින්තනයයි සහ ජාතික ආර්ථිකයයි
  • සිංහල කාව්‍ය සම්ප්‍රදාය
  • සමාජ-දේශපාලන විචාර I
  • සමාජ-දේශපාලන විචාර II
  • නොසෙවුනා කැඩපත - නවකතාවේ පරිහානිය

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

බාහිර බැඳි සහ ආශ්‍රිතයන්

Tags:

ගුණදාස අමරසේකර ජීවන සටහන්ගුණදාස අමරසේකර කෘතීන්ගුණදාස අමරසේකර ආශ්‍රිත ලිපිගුණදාස අමරසේකර මූලාශ්‍රගුණදාස අමරසේකර බාහිර බැඳි සහ ආශ්‍රිතයන්ගුණදාස අමරසේකරඉංග්‍රීසි භාෂාව

🔥 Trending searches on Wiki සිංහල:

කන්තලේ වැවසඳකඩපහණශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්ශ්‍රී ලංකාවේ ඉතිහාසයසමලිංගිකතාවපදාර්ථයයාපහුව බලකොටුවහින්නෝන්මාදයටයිටැනික් (නෞකාව)හුණු ගල්කලා වැවසෞරග්‍රහ මණ්ඩලයමිනිස් ඇසමහා මංගල සුත්‍රයදෙමළ භාෂාවපළමුවන පරාක්‍රමබාහු රජදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමසූත්‍ර පිටකයහිරුමහගම සේකරරුධිර සංසරණ පද්ධතිය (මානව)චන්ද්‍රයාපන්සල් වචනනීතියවෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයපාලිත තෙවරප්පෙරුමදිවාලිසිංහල වෙදකමකාබනික ගොවිතැන්කරණයධම්මපදයකුඹුක්පංච කල්‍යාණලෝකයේ රටවල්හෙන්රි ජයසේනකාලස් පුයිජ්දෙමොන්මුරගලඅභය වැවජීව විද්‍යාත්මක මනෝ විද්‍යාවසිංහල නිපාත පදමහින්දාගමනයසොරබොර වැවසුළඟතෙත් කලාපයේ ශාක විවිධත්වයඅලිශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුවස්වභාවික වෘක්‍ෂලතාඋණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (ඇපෙන්ඩිසයිටීස්)දඹුල්ල රජමහා විහාරයගුත්තිල කාව්‍යයආසියාවපළමුවන විමලධර්මසූරිය රජශ්‍රීලංකන් ගුවන් සේවයපේශි පටකයපර්යේෂණරූපවාහිනියමඩොල් දූවරුවන්වැලිසෑයශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවඋපායශීලී සැලසුම්කරණයනිකොලා ටෙස්ලාදෙවොල් මඩුවසෙංකඩගල රාජධානියවිටමින්අටමස්ථානපැලෑටිභෛරවී රාගයඅංගුලිමාල පිරිතහස්තරේඛා ශාස්ත්‍රයපරිගණකයශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවසරම්පතොටගමුවේ ශ්‍රී රාහුල හිමිසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයපාසල්විවිධ ආකාරයේ කෝණශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව🡆 More