හෙන්රි ජයසේන: ශ්‍රී ලංකාවේ නාට්‍යකරුවෙකි

කලා කීර්ති ආචාර්ය හෙන්රි ජයසේන යනු නවකථාකරුවෙක්, කවියෙක්, නාට්‍ය රචකයෙක්, පරිවර්තකයෙක්, නාට්‍ය නිෂ්පාදක‍යෙක් ආදී ලෙස නන්වෑදෑරුම් කුසලතා දක්වා ඇති අද්වතීය නාට්‍ය කරුවෙකි.

කලා ‍ලෝකයේ ඔහු සුවිශේෂී පරාසයක් නියෝජනය කරන්නේ අග්‍රගන්‍ය නාට්‍ය රචකයෙක් හා නාට්‍ය නිෂ්පාදකයෙක් ලෙසය. ලොව මෙතෙක් පහළ වූ විශිෂ්ට ගණයේ නාට්‍යවේදියෙකු වන බර්ටෝල් බ්‍රෙෂ්ට් මෙරට ප්‍රේක්ෂකයාට හඳුන්වාදීමේ පුරෝගාමියා වූයේ හෙන්රි ජයසේන ය.

හෙන්රි ජයසේන
හෙන්රි ජයසේන: ඔහුගේ අතීතය., නාලන්දා ශිෂ්‍ය ජීවිතය, රැකියාව
උපතජූලි 6, 1931
මියගිය දිනයනොවැම්බර 11, 2009
කළුබෝවිල - ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයලොරෙන්ස් විද්‍යාලය ගම්පහ හා නාලන්දා විද්‍යාලය කොළඹ
රැකියාවචිත්‍රපට නළු සහ
වේදිකා නළු
කලත්‍රයා(යන්)මානෙල් ජයසේන
ආගමබෞද්ධ

ඔහුගේ අතීතය.

1931 ජූලි 6වැනිදා ගම්පහ බ්‍රැන්ඩියමුල්ලේ උපත ලද හෙන්රි ජයසේනගේ මව නවගමුවගේ සිසිලියා පෙරේරාය. පියා බස්තියන් ‍කෝරලගේ ඇල්බට් රුද්‍රිගෝ ජයසේන විය. ඔහු වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. කුඩා හෙන්රි ජයසේන ඇතිදැඩි වුයේ මව් සෙනෙහස තුළ නොව කුඩම්මාගේ සෙනෙහස යටතේය හෙන්රි කුඩා කල ඔහුගේ පවුලේ උදව්යත් ගමේ උදව්යත් ගමේ යහලුවන් ඔහුව හැදින් වුයේ චන්ද්‍රසේම යන නම්නි. නිවසේදී සිංහල, ඉංග්‍රීසි, හා ගණිතය අධ්‍යාපනය ලැබූ හෙන්රි, මුලින්ම පාසල් ගියේ ගම්පහ බ්‍රැන්ඩියමුල්ල රෝමානු කතෝලික පාසලට ය. කොළඹ නාලන්දා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබීය.

නාලන්දා ශිෂ්‍ය ජීවිතය

මෙතුමාගේ ජීව්තයේ තවත්වැදගත්ම සංසිද්දියක් වන්නේ 1945 න් පසු කොළඹ නාලන්දා වේදි ඔහු ප්‍රථම වරට වේදිකා නාට්‍යකට රංගනයෙන් දායක ව්මයි ඵ් ඉන්දියානු දේව කතාවල සත්‍යවාදි හරිෂ් තුලින්බ්හිවු හරිෂ්චන්දු නම් නාටකයේ පුංච් රෝහිත කුමරා ගේචරිතයට පණ පෙව්මයි ඵහිදි මෙතුමා ප්‍රථම වරට තම ජීව්තයේ දී ගුණපාල මලලසේකර මැතිතුමන් ගේ ආශිර්වාදයට පත්ව්ය පසු කාලීනව ඔහු නියත වේදිකාවට පැම්ණිමට මෙම සිදුව්ම බොහෝ සේ ඉවහල් ව්ය නාලන්දා විද්‍යාල‍යේ අධ්‍යාපනය ලබමින් සිටි කාලයේදී, සිරි පෙරේරා (යූ.එස්. පෙරේරා - සිරි අයියා) නිෂ්පාදනය කළ හරිස්චන්ද්‍ර නාpaka ට්‍යයේ රෝහණ කුමාරයාගේ චරිතය ඔහු නිරූපනය කළේය. එය ඔහුගේ වේදිකාවට තැබූ පළමු පියවර විය.

ආරම්භක සභාපති ලෝක අක්ෂි දාන සංගමය දේශබන්දු අක්ෂි ශල්‍ය වෛද්‍ය හඩ්සන් සිල්වා, කරුණාරත්න අබේසේකර, හිටපු දේශිය වෛද්‍ය ඇමති ගෞරවණීය වෛද්‍ය ධර්මසේන ආටිගල, හිටපු වැවිලි ඇමති ගෞරවණීය රුපා කරුණාතිලක, සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂයේ නායක ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග, හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක හා එන්ගලන්ත ලැන්කශයර් ක්‍රීඩක ස්ටැන්ලි ජයසිංහ, වෛද්‍ය ගුණදාස අමරසේකර, ප්‍රවීන චිත්‍රපට නළු රවීන්ද්‍ර රූපසේන, කීර්තිමත් සිවිල් නිලධාරි රිජ්වේ තිලකරත්න ජයසේනයන්ගේ කොළඹ නාලන්දා විද්‍යාලයයේ සමකාලීනයෝය.

වසර 2003 දී ඔහු ඉගෙන ගත් නාලන්දා විද්‍යාලය ඔහුට නාලන්දාවේ වැදගත්ම ආදි සිසුවාට පිරිනමන නාලන්දා කීර්ති ශ්‍රී සම්මානය පිරිනැමුවේය.

රැකියාව

අ.පො.ස උ/පෙළ නිමවා ඵහි ප්‍රතිඵල ඵනතුරු හෙන්රි ජයසේනයන් කොළඹ රෙජිස්ත්‍රාල් කාර්යාලයේ තාවකාලික ලිපිකරුවකු ලෙස වැඩ කරන ලදී. අනතුරුව ඵම උසස් පෙල ව්භාග ප්‍රතිපල මත ඔහු අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේඉංග්‍රිසි උපගුරු මුල්පත් ව්ම භාරගන්නා ලදී. ඵ් අනුව 1950 දී සිංහල ප්‍රාථම්ක පාසලේ ඉංග්‍රිසි උපගුරු තනතුරට පත් වී පදියැල්ලට යන ලදී ඵහිදී ඵම පාසලේ දුප්පත් ළමුන්ගේ අඩු ලුහුඩුකම් දැක ඵ් දරුවන් ගේ දුප්පත්කම පරදා අධ්‍යාපන නගා සිටු ව්මට ව්ශාල මෙහෙවරක් කරන ලදී මේ සදහා ඔහු ප්‍රථම වරට ඵම දුප්පත් පාසලේ දී තම කළා දිව්යේ මංගල සමරුව තබන ලදී. එනම් නාට්‍යක් පිටපත් කර රඟ දක්වා අධාර එකතු කර ගැනිමයි ඵ් සදහා ඔහු ව්සින් තෝරා ගනු ලැබුවේ රාමායනයේ පරිඡෙදයකි. එය ජනකී නම් ව්ය එම නාට්‍ය තුලින් උපයාගත් මුදලින් දුප්පත් දරුවන්ට පොත් පත් ලබා දුනි මෙලෙස කාගේත් සිත් දිනා ගනිම්න් එම පාසලේ වැඩකටයුතු කරගෙන ගියත් ඔහුට එම පාසැලෙන් සමුගැනීමට සිදු ව්යනිශ්ශංක අයියා ගේ දැනුම් දිම මත 1951 දී පාසැල් ගුරුකමට සමුදී ලිපිකරු සේවයට එක්ව්මට ඔහුට සිදු ව්ය. සිත යටින් ගුරු ජීව්තයට ආදරය කරම්න් දියතලාවේ ප්‍රසිද්ධ ඉංජනේරු කාර්යාලයේ සේවයට එක්ව්ය දියතලාවේදී ඔහුගේ ජීව්තයට රසබර අත්දැකීමක් එක්වීය ඒඔහු එක්තරා පාසැල්යන තරුණියකට පෙම් කිරීමයි එහෙත් එය අසාර්ථක ඒකපාර්ශවීය ප්‍රේමයක් ව්ය.

නාට්‍ය නිර්මාණ

ඵතුමා කුඩා කල සිටම වේදිකාව පිළිබද සිහින මවම්න් ප්‍ර්‍වත් වු අයෙකි.ඵනම් ගම්පහ පාසැලට යම්න් අධ්‍යාපනය හදාරද්දීම ඔහු වේදිකාවට ඩැඩිව ඇළුම් කලේය ව්ශේෂයෙන් ම මේ සදහා අනුබල දෙම්න් ඔහුව ඒ දෙසට නැඹුරු කර ලද්දේ ඵරික් නම් ඥාති සොහොයුරකු ව්සිනි මේ අතැරින්සිදු වු සුව්ශේෂි සිදුව්ම වන්නේ බී ඵ් ජයමාන්නගේ මීගමුවේ ම්නර්වා කණ්ඩායමේ රුක්මණී දේව්ය ප්‍රමුඛකරගනිමින් සැගවුණු පිළිතුර නමින් වේදිකා නාට්‍යක් රඟ දැක්ව්මයි ඒදෙවන ලෝක යුද්ධයෙන් පසු සමයේය ළමා කල උන් හෙන්රි රුක්මණී දේව්ය දැක තම ජීවිතයේ සිහින අතරට වේදිකා සිහිනය ද ඵක්කර ගත්තේය

ඵහෙත් ඔහු තුළ මේ නාට්‍ය සදහා වන ඇල්ම පිළිබද ඔහුගේපවුලේ අයට මහත් බිය ගෙන දෙන්නක් විය ඵම අනියත බිය හේතු කොට ගෙන තම සොහොයුරකු වන නිශ්ශංක අයියාගේ මග පෙන්ව්ම යටතේ ගුවන් විදුලියට ඵක් විමට සිදු විය. ඵහිදි ඔහු ගුවන් විදුලියේ රෙඩියෝ සිලෝන් හි සිරි අයියා ගේ ළමා තීරයට ඵක් විය. ‍මේ ගුවන් විදුලි වැඩසටහන ඔහුව කොළඹ විද්‍යලයකට ඇතුලත් කිරීමට ද හේතු ව්ය. ඵ් කෙසේ වුවද මෙම ගුවන් විදුලිය වැඩසටහන පසුකාලිනව ඔහුගේ වේදිකා රංගනයේදි Stage Fright හෙවත් වේදිකා භීතිය නැති කිරීමට සමත් වු බව වරෙක ඔහු ව්සින්ම පවසා තිබේ.

හෙන්රි, සිංහල වේදිකාව තුළ නොමැකෙන නමක් සනිටුහන් කළ නාට්‍ය රැසක් නිෂ්පාදනය කළේය. 1951 දී නිෂ්පාදනය කළ ජානකී ඔහුගේ පළමු නාට්‍යය විය. එය ඔහු එවකට සේවය කළ දෙහිපේ පදිය පැළැල්ල ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් හා ගුරු මණ්ඩලය සමඟ කළ නාට්‍යයකි. මීට අමතරව හෙන්රි ජයසේනගේ නාට්‍ය නිර්මාණ වන්නේ (පහත බලන්න) මෙතුමා විසින් පරිවර්තනය කරන ලද බ්‍රටෝල් බ්‍රෙෂ්ට්ගේ "ද කොකේසියන් චෝල්ක් සර්කල්" නම් නාට්‍ය හුණුවටයේ කතාව නමින් මෙරට ඉතා ප්‍රසිද්ධියක් ලැබීය.

විවාහය

1962 දී නාට්‍ය ශිල්පිනියක වන මානෙල් ජයසේන හා විවාහ වූ හෙන්රි, එක් දරු පියෙකි. සෞම්‍ය සුධාරක ජයසේන ඔහුගේ එකම පුතුය.

අභාවය

මෙරට ජ්‍යෙෂ්ඨතම නාට්‍යවේදියකු වූ හෙන්රි ජයසේන මහතා 2009 නොවැ 12 දහවල් කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත විය. මිය යන විට අසූ දෙවැනි වියේ පසු වූ ජයසේනයන් වේදිකාව, සිනමාව හා රූපවාහිනිය හරහා සිය කලා කෞශල්‍ය විදහා දැක්වු ජ්‍යෙෂ්ඨ කලාකරුවෙකි.

නාට්‍ය නිර්මාණ

  • මනමාලයෝ - පරිවර්තන (1953)
  • වැදගත්කම - පරිවර්තන(1954),
  • ඇත්ත කුමක්ද? - පරිවර්තන (1955)
  • පව්කාරයෝ -ස්වත්‍රන්ත්‍ර (1959)
  • ජනේලය -ස්වත්‍රන්ත්‍ර (1962)
  • කුවේණි -ස්වත්‍රන්ත්‍ර (1962)
  • තවත් උදෑසනක් - ස්වත්‍රන්ත්‍ර (1946)
  • මනරංජන වැඩවර්ජන - ස්වත්‍රන්ත්‍ර (1965)
  • අහස් මාළිගා - පරිවර්තන(1966)
  • හුණු වටයේ කථාව -පරිවර්තන (1967)
  • අපට පුතේ මගක් නැතේ -ස්වත්‍රන්ත්‍ර(1968)
  • දිරිය මව සහ ඇගේ දරුවෝ-පරිවර්තන (1972)
  • මකරා - පරිවර්තන(1973)
  • සරන සියොත් සේ පුතුනි හඹා යන -ස්වත්‍රන්ත්‍ර (1975)
  • සිරිසඟ‍බෝ - (ජෝන් ද සිල්වාගේ සිරිසඟ‍බෝ නූර්ති පිටපත යළි නිශ්පාදනය )
  • ජයතු ලංකා - 1983

1956 එදිරිවීර සරත්චන්ද්‍ර මනමේ නිෂ්පාදනය කිරීමත් සමඟ, ලාංකීය නාට්‍ය ක්ෂේත්‍රය තුළ එතෙක් පැවති නාට්‍ය සම්ප්‍රදාය කඩා වැටුනි. මනමේ ආභාශය ලබමින් ශෛලිගත ආකෘතියේ නාට්‍ය නිෂ්පාදනය වන්නට විය. මේ තුළින් නාට්‍ය කලාව මේ යුගයේ අර්බුදයකට පත්ව තිබුණි. නමුත් නිෂ්පාදන ශෛලිය අතින් මනමේ අනුකරණයට නොව ඊට පිටු පෑමට හෙන්රි ජයසේන උත්සාහ ගත්තේය. තමන්ගේ "කුවේණි" නාට්‍යය ශෛලිගත නාට්‍යයක් ලෙස හැඳින්වීමට මැළිවන ඔහු, 1961 නිර්මාණය කළ ' ජනේලය ' නම් නාට්‍යයද ඉහත නාට්‍ය රැල්ලට දුන් කදිම පිළිතුරකි. එම නාට්‍ය නිපදවා ඇත්තේ ශෛලිගත, තාත්වික යන සම්ප්‍රදායේ මනා සංකලනයකිනි. හෙන්රි සිය නාට්‍ය චාරිකාව අරඹන්නේ "මනමාලයෝ", "වැදගත්කම" වැනි පරිවර්තන නාට්‍ය නිෂ්පාදනය තුළිනි. 1959 දී නිර්මාණය කළ "පව්කාරයෝ" ඔහුගේ පළමු ස්වත්‍රන්ත්‍ර නාට්‍ය නිෂ්පාදනයයි. කෙසේ නමුත් හෙන්රි නාට්‍යකරුවෙක් ලෙස ස්ථාපිත වන්නේ කුවේණි නාට්‍යය තුළිනි. එය ප්‍රේක්ෂක විචාරක නොමද ප්‍රසාදයට පාත්‍ර වූ නාට්‍ය නිර්මාණයකි. ස්වත්‍රන්ත්‍ර, අනුවර්තන, පරිවර්තන නිර්මාණ රැසක් කරළියට ගෙන ආ ඔහු, ඒ හැම තැන්හිදීම ස්වකීය අනන්‍යතාවය සනිටුහන් කිරීමට සමත් වීය. ඒ අනුවර්තන හා පරිවර්තන නාට්‍ය කරුණු 2 ක් යටතේ වැදගත්ය.

1.ලොව විවිධ නාට්‍යකරුවන් තම රටවල සිතුම් පැතුම් අනුව නිර්මාණය කළ දැවැන්ත නාට්‍ය අප රටේ සංස්කෘතියට හා සභ්‍යත්වයට ගැලපෙන ලෙස ඉදිරිපත් කිරීම.

2. අනුවර්තනයේදී හා පරිවර්තනයේදී සංයමයකින් යුතුව බස හසුරුවමින් මතු කළ දේශීය අනන්‍යතාවය පරිවර්තන හා අනුවර්තන නාට්‍ය නිෂ්පාදනයෙන් සිංහල වේදිකාවට එක් කළ නැවුම් අත්දැකීම් සම්භාරය හා ප්‍රේක්ෂකයාට ලබා දුන් උසස් රසවින්දනය.

මීට දශක තුනකට පෙර ඔහු නිෂ්පාදනය කළ බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ "ද චෝක් සර්කල්" (හුණු වටයේ කථාව) මෙරට පරිවර්තන නාට්‍ය කලාවේ මුදුන් මල්කඩ ලෙස පිළිගැනේ. හෙන්රිගේ හුණු වටයේ කථාව පරිපූර්ණ නාට්‍යයක් පමණක් නොව, නාට්‍යකරු‍වෙකු ලෙස හෙන්රි ජයසේන විකාශනයේ කූටප්‍රාප්තිය පමණක් නොව, එය නූතන සිංහල නාට්‍ය කලාවේ විකාශනයේ අතිශය වැදගත්බවක් ද ගෙන ඇත. ඔහු අනුගමනය කළ ශෛලිගත , ස්වභාවික හා මිශ්‍ර රංග රීතිය තුළ ගීතයද සුවිශාල මෙහෙවරක් කළේය. හෙන්රි කවදත් ගීතයට හා සංගීතයට ලොල් කළ නාට්‍යකරුවෙකි. ජනේලය, කුවේණි, තවත් උදෑසනක්, දිරිය මව, අපට පුතේ මගක් නැතේ, සරන සියොත් සේ පුතුනි හඹා යන ආදී නාටය ඊට නිදසුන්ය. ඔහුගේ ගීත ජනේලයේදී හාස‍්‍යය උපදවයි. කුවේණි නාට්‍යයේදී දාර්ශනික විය. තවත් උදෑසනක් හි සෞන්දර්යාත්මක විය. හුණු වටයේ කථාවේ දී නව නඑ රසයෙන් අනූන විය.

  • මේක තමයි කන්තෝරුව - මහ රැජිනගෙ කන්තෝරුව (ජනේලය )
  • නොහඩන් කුමරුනි ඇවිල යසෝ ගිනි...
  • සත් සියක් රත් මල් රැගෙන මම...(කුවේණි)
  • උදෑසනක් තවත් උදාවෙලා ඇවිත්...(තවත් උදෑසනක්)
  • පුත නොබලන් හෙළ ගැඹුරුයි...
  • යුද්දෙට මං ගියා...(හුණු වටය)

ආදී ගීත නොඇසූ ප්‍රේක්ෂකයෙකු සිංහල නාට්‍ය රසිකයන් අතර ‍නොමැති තරම්ය. ගීතරචකයෙකු කවියෙකු ලෙස පමණක් නොව වේදිකාව සිනමාව යන අංශ තුනේම ඔහු දස්කම් පාන ලදී.

හෙන්රි 1959 සිට 1996 දක්වා වසර 39 ක කාලය තුළ චිත්‍රපට 19 ක රඟ පා ඇත. ඔහු රඟ පෑ ගම්පෙරළියේ පියල්ගේ චරිතය ප්‍රේක්ෂකයන්ට කිසිදා අමතක නොවන චරිතයක් විය. චිත්‍රපටය රූපගත කිරීමට පෙර ඊට පාදක වූ 'ගම්පෙරළිය' 15 වරක් කිය වූ බව (චරිතය අවබෝධ කර ගැනීමට) හෙන්රි පවසයි.

1982 ආරම්භයත් සමඟ රුපවාහිනිය මෙරටට පැමිණී තැන් සිට සිනමා සහ නාට්‍ය ක්ෂේත්‍රයේ කුසලතා දැක්වූ ලාංකීය කලාකරුවෝ ක්‍රමයෙන් රුපවාහිනිය හරහාද ප්‍රේක්ෂකයන් ඇමතූහ. 1983-88 කාලයේ හෙන්රි ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය හෙබවූ අතර ඒ කාලය තුළ ඔහුගේ පරිපාලනමය හැකියාව ප්‍රත්‍යක්ෂ කරන්නට වු නිසා ඔහුගේ කලා දායකත්වය අඩු විය.

1990 දශකයේ ඔහු මෙරට ජනතාව අතරට වඩාත්ම පිවිසියේ ඔහුට වඩාත් හුරු පුරුදු නාට්‍ය හා චිත්‍රපට මාධ්‍යයෙන් නොව ටෙලි නාට්‍ය තුළිනි. නෑදෑයෝ, දු දරුවෝ, මානව වාරණ වැනි ජනප්‍රසාදයට පත් වූ මාලා නාටක කීපයක කුශලතා දැක්වීමට හෙන්රි සමත් විය. නාට්‍යකරුවෙකු ලෙස පමණක් නොව සාහිත්‍යධරයෙකු ලෙසද සිය කුසලතාව පළකළ හෙතෙම මිනිසුන් වූ දරුවෝ (1965), ලාසරස් (1999) යන නවකථා දෙකක් පළ කරන ලදී. තම ජීවිත කථාව කරළියක කථාවක්, නිම් නැති කථාවක් 1, 2 ලෙස වෙළුම් තුනකින් 1996 දී පළ කර තිබේ.

සිය දීර්ඝ නාට්‍ය චාරිකාවේ දී අවස්ථා කීපයකදීම ඔහු සම්මාන වලින් පිදුම් ලැබීය. 1963 දී කුවේණි නාට්‍යය රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම රචනය, හොඳම නිළිය, නිෂ්පාදනය, සංගීතය යන අංශ වලින් සම්මාන ලැබීය. 1979 'හඳයා' චිත්‍රපටයේ රංගනයට හොඳම සහය නඑවාට හිමි සරසවි සම්මානයද, හංස විලක්, බැද්දේගම යන චිත්‍රපටවල රංගනය උදෙසා සරසවි සම්මානත් ඔහුට ලැබී ඇත. 1988 වසරේ කලාශූරී සම්මානය ලැබූ ඔහු සුමති ටෙලි සම්මාන උළෙළේ දී ජීවිතයේ එක් වරක් කලාකරුවෙකුට හිමිවන සම්මානය දිනා ඇත.

හෙන්රි ජයසේන නම් නාට්‍යකරුවා පිළිබඳ තිස්ස අබේසේකර මහතා මෙසේ කියයි. ..."සිංහල නාට්‍ය කලාව උදෙසා තම ජීවිතයේ හොඳම කාලය වැය කළ හෙන්රිට හොඳ වැඩක් කළා යැයි හිත පුරාසතුටු විය හැක. මින් පසු එකම නාට්‍යයක්වත් බිහි නොකළත් හෙන්රිගේ නම නාට්‍ය වංශයේ ඉහළින්ම ලියවෙන්නට හුණු වටයේ කථාව පමණක් ප්‍රමාණවත් ය..."

හුණු වටයේම එන පරිදි "දෙයක් වේ නම් එය සුදූස්සාටම අයිති විය යුතු..." යන්න සනාථ කළ පුද්ගලයෙක් ලෙස ඔහු හැඳින්විය හැකිය. හුණු වටයේ කථාවේ අසඩක්, ගම්පෙරළියේ පියල්, මනමේ නාට්‍යයේ මනමේ කුමරු, දු දරුවෝහි සුදු සීයා ලෙස මෙරට රසික මතකයේ නොමැකී රඳමින් හෙන්රි ජයසේන ‍අප අතර සදා සජීවී කලාකරුවෙක් ලෙස රඳනු ඇත.

මෙරට ජ්‍යෙෂ්ඨතම නාට්‍යවේදියකු වූ හෙන්රි ජයසේන මහතා 2009 නොවැ 12 දහවල් කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත විය. මිය යන විට අසූ දෙවැනි වියේ පසු වූ ජයසේනයන් වේදිකාව, සිනමාව හා රූපවාහිනිය හරහා සිය කලා කෞශල්‍ය විදහා දැක්වු ජ්‍යෙෂ්ඨ කලාකරුවෙකි. ප්‍රවීණ රංගනවේදිනි මානෙල් ජයසේන ප්‍රිය බිරිඳගේ වියෝවෙන් දැඩි ලෙස කම්පාවට පත් ව නිහඬ ජීවිතයක් ගත කළ හෙන්රි ජයසේන මහතා නුගේගොඩ පදිංචිය අතහැර තම එකම පුතුණුවන් වන සුදාරක සහ දරු මුණුපුරන් සමඟ ගල්කිස්සේ කලාපුරයේ පදිංචිව සිටියේ ය.

ආශ්‍රිත ග්‍රන්ථ

කුවේණී නාට්‍ය


කරලියේ පෙරළියක්

ආශ්‍රිත

Tags:

හෙන්රි ජයසේන ඔහුගේ අතීතය.හෙන්රි ජයසේන නාලන්දා ශිෂ්‍ය ජීවිතයහෙන්රි ජයසේන රැකියාවහෙන්රි ජයසේන නාට්‍ය නිර්මාණහෙන්රි ජයසේන විවාහයහෙන්රි ජයසේන අභාවයහෙන්රි ජයසේන නාට්‍ය නිර්මාණහෙන්රි ජයසේන ආශ්‍රිත ග්‍රන්ථහෙන්රි ජයසේන ආශ්‍රිතහෙන්රි ජයසේනකලා කීර්තිබර්ටෝල් බ්‍රෙෂ්ට්

🔥 Trending searches on Wiki සිංහල:

දීඝවාපීමායා (ත්‍රිමාන චිත්‍රපටිය)එස් පහ (5S) ක්‍රමයපොළොන්නරුව (බහුරුත්හරණය)සන්නාහ යුද්ධ රථරජරට රාජධානියස්ත්‍රී පුරුෂ භාවයසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවියපත් වීමගම්පොල රාජධානියගෞතම බුද්ධ පරිනිර්වාණයවාමන ග්‍රහලෝකඅලිවට්ස්ඇප්ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කIUCN Red List of extinct speciesශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිවිධායක ඡනාධිපතිපූජාවලියසුනාමිමානව විද්‍යාවසමාධි බුදු පිළිමයරූපවාහිනියපාහියංගලසෞරග්‍රහ මණ්ඩලයනාම රූපවිනය (බුද්ධාගම)රසායනික සූත්‍රආටානාටිය සූත්‍රයදේශගුණයඅපද්‍රව්‍ය කළමනාකරණයශ්‍රී ලංකාවේ සර්පයෝමානව පැපිලෝමා වෛරසයඉංග්‍රීසි භාෂාවඅධ්‍යාපන මනෝවේදයසිංහල භාෂාවඒ.ටී. ආරියරත්නමිශ්‍ර සිංහල හෝඩියහින්දු දෙවිවරුන්ගේ ලැයිස්තුවමද්දුම බණ්ඩාරඅෂ්ඨපානකුට්ටම් පොකුණගූගල්මිනිස් මොළයඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයශ්‍රි ලංකාවේ සාක්ෂරතාවහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඡායාරූප ශිල්පීඋඩරට ගිවිසුමවළගම්බා රජලන්දේසි ලංකාවථූපාරාමය, අනුරාධපුරසොළොස්මස්ථානමුල් ළමාවියේ සංවර්ධනයඩන්කන් වයිට්ෆ්ලොරන්ස් නයිටිංගේල්බුද්ධාගමසතර සතිපට්ඨානයදහඅට සන්නියලිංගික අතවරයමොණරා සහ සෙබඩපරිගණකයනුවරඑළියජන කවියුගල පද, සිංහල භාෂාවඅක්මාවේ තෙල්ද්විතීය අධ්‍යාපනයසතරවරම් දෙවිවරුශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවපරිණාමයකාව්‍යශේඛරයඅයිසැක් නිව්ටන්නොබෙල් ත්‍යාගයස්වභාවික පරිසරයදස මහා යෝධයෝමහා සිකුරාදාශ්‍රී ලංකා ජාතික කොඩියනියුමෝනියාව🡆 More