කාලගුණ අනාවැකි කීම යනු සලකනු ලබන පිහිටීමක වායුගෝලීය තත්වය පූර්ව කථනය කරන්නා වූ විද්‍යාත්මක හා තාක්ෂනික ක්‍රමවේදයකි.ඈත අතීතයේ සිටම මිනිසුන් අවිධිමත් ආකාරයෙන් කාලගුණ අනාවැකි කීම සිදු කලද එය විධිමත් ආකාරයට සිදු කරනු ලබන්නේ 19 වන ශතයේ සිටය.කාලගුණ අනාවැකි කීම සිදු කරනු ලබන්නේ සලකනු ලබන පිහිටුම තුල වර්ථමාන වායුගෝලීය තත්වය පිලිබඳ ප්‍රමාණාත්මක දත්ත එක් රැස් කර එය වායුගෝලීය ක්‍රියාවලිය පිලිබඳ විද්‍යාත්මක අවබෝධය තුලින් එම පිහිටීමේ කාලගුණය කෙසේ පරිනාමනය වේ දැයි විශ්ලේශනය කිරීමෙනි.
අතීතයේදී ප්‍රධාන වශයෙන් වායුපීඩනය, කාලීන උෂ්නත්වය හා අහසේ ස්වභාවයේ වෙනස්වීම් පදනම් කරගෙන කාලගුණ අනාවැකි නිකුත් කලද පසුව එය පරිගනකය ආශ්‍රිතව වැඩි වායුගෝලීය දත්ත ප්‍රමාණයක් පදනම් කරගෙන සිදු කරනු ලබයි.කාලගුණ රටාවන් හඳුනාගැනීමේ හැකියාව ,ආකෘති කාර්ය සාධනය පිලිබඳ දැනුම හා ආකෘති නැඹුරුතාව පිලිබඳ දැනුම තුලින් වඩාත් නිවැරදි කාලගුණ අනාවැකි කීමට මිනිසාගේ දායකත්වය අදටද භාවිතයට ගනු ලබයි.වායුගෝලීය ස්වභාවයේ අවුල්සහගත බව, වායුගෝලීය ස්භාවය නිර්ණය කිරීමට ගන්නා සමීකරණ වල සංඛයාතමක , ආරම්භක තත්වයන් නිර්ණය කිරීමේදී ඇති වන දෝෂ හා වායුගෝලීය ක්‍රියාවලිය පිලිබඳ වැරදි අවබෝධය තුලින් කාලගුණ අනාවැකි වල නිරවද්‍යයතාව අඩු වීමට බලපායි. නමුත් සම්මත ආකෘතීන් තුලින් එම දෝෂ මගහරවා වඩාත් නිරවද්‍ය අනාවැකි ලබාගත හැක.
කාලගුණ අනාවැකි ප්‍රයෝජනයට ගන්නා විවිධ පිරිස් කොට්ටාශ සිටී.ඔවුනට තම ජීවිත හා දේපල ආරක්ෂා කරගැනීමට මෙම කාලගුණ ඇඟවීම් මහත් උපකාරී වේ.උෂ්ණත්වය හා වර්ෂාපතනය මත පදනම් වූ කාලගුණ අනාවැකි කෘෂිකර්මාන්තය සඳහා වැදගත් වන අතර එය වෙළඳපොල භාණ්ඩ මිල සඳහාද බලපානු ලබයි.තවද සාමාන්‍ය ජනතාව තම තමන්ගේ එදිනෙදා වැඩ කටයුතුවලදීද එලිමහන් ක්‍රියාකාරකම් කිරීමේදී හා ඒවා සංවිධානය කිරීමේදීද කාලගුණ අනාවැකි උපයෝගී කර ගනී.
වසර දහස්ගනනකට පෙර සිටම මිනිසුන් කාලගුණ අනාවැකි කීමට උත්සහ දරා තිබේ. ක්‍රි.පූ.650 කාලයේ විසූ අධිරාජ්‍යවාදියෙකු වූ බෙබෝලොනියස්,වලාකුළු වල ස්භාවය හා ජෝතිෂ්‍ය ඇසුරෙන් අනාවැකි කියූ බව වාර්ථා වේ.තවද ක්‍රි.පූ. 340 දී ඇරිස්ටෝටල් විසින් රචිත Meteorologica නම් ග්‍රන්ථයේ කාලගුණ රටාවන් පිළිබද විස්තර කර ඇත. පසුව Theophrastus විසින් රචිත කාලගුණ අනාවැකි සම්බන්ධ ග්‍රන්ථයක් "Book of Signs" නමින් රචනා කල අතර ක්‍රි.පූ. 300 පමණ වන විට ඉන්දීය තාරකා විද්‍යාඥයකු විසින් කාලගුණ අනාවැකි කීමේ ක්‍රමයක් ගොඩනගන ලදී.ක්‍රි.ව.904 දී Ibn Wahshiyya ගේ Nabatean Agriculture හි වායුගෝලයේ වෙනස්කම් හා ග්‍රහ වස්තු,තාරකා වල වෙනස් වීම් මත පදනම්ව අනාවැකි කීමත් සද ගමන මත පදනම්ව වර්ශාපතනය පිළිබද අනාවැකි කීම සම්භාන්ධවත් සාකච්චා කෙරේ.
අතීත කාලගුණ අනාවැකි කීම එක් එක් සිදුවීම් නිරීක්ෂණය කිරීම හා කාලගුණික රටාවන් අධ්‍යනය කිරීම තුලින් සිදු විය.උදාහරණයක් ලෙස යම් දිනක හිරු රත් පැහැයෙන් බැස ගියහොත් පසු දින යහපත් කාලගුණයක් පවතින බව නිගමනය කළහ.මේවා කාලගුණය පිළිබද බහුශ්‍රුතයන්ගේ නිගමනයන්ය.නමුත්කාලයත් සමග මේවායේ සත්‍යතාවයක් නොමෙති බව තහවුරු විය.
වර්ෂ 1853දී විදුලි ලිපි යෙවීමේ ක්‍රමය සොයා ගැනීමෙන් පසුව නවීන කාලගුණ අනාවැකි ප්‍රකාශ කිරීමේ ක්‍රමය ආරම්භ වී ඇත. ඊට පෙර, දිනකට කාලගුණ වාරතාවක් යැවිය හැකි උපරිම දුර වූයේ සැත්පුම් 100ක් පමණය .නමුත් සාමාන්‍ය ඩුර වූයේ සැත්පුම් 40-75 පමණය (ගොඩබිමින් හා මුහුදින්) .වර්ෂ 1840 අග භාගයේදී විදුලි ලිපි සොයා ගැනීමත් සමගම විශාල දුරකට උවද ක්ෂනිකව කාලගුණ වාර්ථා යැවීමට හැකි විය.
නවීන කාලගුණ අනාවැකි නිකුත් කිරීමේ ක්‍රමයේ නිර්මාතෘවරුන් ලෙස සැලකෙන්නේ රාජකීය නාවික හමුදාවේ නිලධාරී ෆ්රැන්සිස් බියුෆොඩ් සහ ඔහුගේ අනුගාමික රොබට් ෆිට්ස්රෝයි ය. මොවුන් දෙදෙනා එවක බ්‍රිතාන්‍යයේ බලවත් චරිත වූ අතර මොවුන් දියුණු කල විද්‍යාත්මක ක්‍රමවේදය බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව පිලිගත් අතර එය අද පවතින කාලගුණ අනාවැකි නිකුත් කිරීමේ පදනම ලෙස සලකනු ලබයි.
බියුෆොඩ් විසින් සුළන් බල මානය හා කාලගුණ කේත ක්‍රමය නිර්මාණය කල අතර ඔහු එය තම ජීවිතය අනුස්මරනයට පාවිච්චි කලේය. එමෙන්ම ඔහු විසින් නිරවද්‍ය උදම් දර්ශකයක් නිර්මානය කල අතර ඔහුගේ මිතුරෙකු වූ විලියම් වෙවල් එය බ්‍රිතාන්‍ය වෙරළ ආරක්ෂක අංශයට වැඩිඩියුණු කරන ලදී.1854 දී රොබට් ෆිට්ස්රෝයි වෙළඳ මණ්ඩලයේ ප්‍රධානියෙකු ලෙස පත් වූ අතර ඔහු විසින් මුහුදෙහි කාලගුණ දත්ත රැස් කර එමගින් නැවියන්ට සේවයක් සිදු කලේය.
1859 දී "Royal Charter" නැව විනාශයට පත් වීමට හේතු වූ බිහිසුනු කුණාටුව පිලිබඳ අනාවැකි පල කිරීමට ෆිට්ස්රෝයි ට හැකි විය. ඔහු කාලගුණ වාර්ථා සම්ප්‍රේශණය කිරීමට මධ්‍යස්ථාන 15ක් ඉදි කල අතර එමගින දිනපතා කාලගුණ අනතුරු ඇඟවීම් සිදු විය. නැව් සදහා අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයක් ප්‍රථම වරට 1861 හි පෙබරවාරි මාසයේ ආරම්භ කල අතර එයට විදුලි පණිවිඩ සන්නිවේදන ක්‍රමය භාවිතා කරන ලදී. එමෙන්ම 1863 දී ෆිට්ස්රෝයි විසින් "Weather Book" නමින් ග්‍රන්ථයක් රචනා කල අතර එහි මේ පිලිබඳ වැඩි විද්‍යාත්මක කරුණු අන්තර්ගත වේ.
20 වන ශත වර්ෂයේදී වායුගෝලීය භෞතික විද්‍යාවේ ප්‍රගමනයත් සමගම නවීන සංඛ්‍යාත්මක අනාවැකි කීම ආරම්භ විය. 1922 පළමු ලෝක යුද්ධයේ ගිලන් රථ රියෙදුරෙකු ලෙස සේවය කල ලෙවිස් ෆ්‍රී රිචඩ්සන් විසින් තම කරුණු හා අත්දකීම් අලලා "Weather Predicting by Numerical Process" නමින් ග්‍රන්ථයක් පල කළේය.එහිදී ඔහු තරල ගති විද්‍යාවේ එන සමීකරණ වල කුඩා පද වල අගයන් ගණනයේදී නොසලකා හැරිය හැකි බව ප්‍රකාශ කළේය.
රිචඩසන් විසින් විශාල පිරිසකගේ දායකත්වයෙන් සංඛ්‍යාත්මක ගණනය කිරීම් තුලින් අනාවැකි නිකුත් කිරීම සිදු එහිදී එක් එක් ගනනයේදී සංඛ්‍යාත්මක අස්ථායිතාවය නිසා දෝෂ ඇති වන බව සොයා ගන්නා පරිඝනක භාවිතයෙත් තොරව විශාල ගනනය කිරීම අපහසු බැවින් පලමු පරිඝනක ගත කාලගුණ අනාවැකිය නිකුත් කිරීමට ගනිතග්න්‍යකු වූ ජෝන් වොන් නියෝන් සමත් ඔහු මේ පිලිබද පත්‍රිකාවක් " Numerical Integration of the Barotropic Vorticity Equation " නමින් නිකුත් කලේය. ඒ අතරම ප්‍රායෝගිකව සංඛ්‍යාත්මක කාලගුණ අනාවැකි කීම 1955දී ක්‍රමලේඛනය කල හැකි පරිඝනක ප්‍රචලිත වීමත් සමගම ආරම්භ විය.
ප්‍රථම දිනපතා කාලගුණ වාර්ථාව 1861 අගෝස්තු මස 1 දින "The Times" පුවත් පතේ පල වූ අතර ප්‍රථම කාලගුණ සිතියම එම වර්ෂයේම අගභාගයේදී නිර්මාණය කෙරුනි.1991 දී මහා බ්‍රිතාන්‍යය කාලගුණ සේවයක් වන "Met Office" විසින් ප්‍රථම නාවික කාලගුණ වාර්ථාව රේඩියෝ තරංග ආධාරයෙන් නිකුත් කිරීම ආරම්භ කෙරුනු අතර එමඟින් බ්‍රිතාන්‍යය අවට පවතින සැඩ සුලං හා කුනාටු පිලිබඳ අනතුරු ඇඟවීම සිදු කෙරිනි. ඇමෙරිකා එකසත් ජනපදයේ ප්‍රථම රේඩියෝ කාලගුණ අනාවැකිය 1925 දී එඩ්වඩ් බී රිච්අවුට් විසින් WEEI හි දී නිකුත් කෙරිනි. .
ලොව ප්‍රථම කාලගුණ සිතියම් සහිත රූපවාහිනි කාලගුණ වාර්ථාව 1936 දී BBC මගින් විකාශය කෙරුනු අතර එය 1949 දෙවන ලෝක යුද්ධයෙන් පසු නොකඩවා විකාශය කෙරුනි.ජෝජ් කොව්ලින් විසින් 1954දී රූපවාහිනී මාධයක් තුලින් ප්‍රථම කාලගුණ වාර්ථාව ඉදිරිපත් කලේය.1940 දී හෝ 1947 දී ඇමෙරිකාවේ DuMont Television හි ජේම්ස් සී ෆිඩර් විසින් පර්යේෂනාත්මක ලෙස රූපවාහිනී කාලගුණ වාර්ථා ඉදිරිපත් කිරීම සිදු කලේය . 1970 සහ 1980 අග භාගයේ ජෝන් කොල්මන් ABC-TV හි ප්‍රථම කාලගුණ නිවේදකයා වූ අතර ඔහු කාලගුණ චන්ද්‍රිකා හා පරිඝනක ග්‍රැෆික් නිර්මාණ උපයෝගී කරගෙන අනාවැකි ඉදිරිපත් කිරීම සිදු කලේය .
සංඛ්‍යාත්මක කාලගුණ අනාවැකි නිකුත් කිරීමේ සරලම අදහස නම් දී ඇති කාලයක් තුල තරල සාම්පලයක ස්භාවය ඇසුරෙන් තරල ගති විද්‍යාවේ හා තාපගති විද්‍යාවේ සමීකරණ භාවිත කර අනාගත අවස්ථාවක තරල ස්භාවය තක්සේරු කිරීමයි.රටක පිහිටුවා ඇති කාලගුණ මධ්‍යස්ථාන වලින් දත්ත ලබා ගනු ලබන්නේ ගොඩබිමේ සහ මුහුදේ මතුපිට පිහිටි ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථාන තුලින් ලබා ගන්නා දත්ත මගිනි.ලෝක කාලගුණ විද්‍යා සංගමය විසින් ලෝකය පුර ඇති කාලගුණ උපකරණ,නිරීක්ෂණය හා කාල නිර්ණය ප්‍රමිතිකරණයකට ලක් කර ඇත.කාලගුණික මධ්‍යස්ථාන තුලින් පැයකට වරක් METAR වාර්ථාද පැය 6කට වරක් SYNOP වාර්ථාද සපයනු ලබයි.එමෙන්ම කාලගුණික බැලූන(Radiosonde) මගින් පරිවර්තීය ගෝලය මෙන්ම අපර්වර්තීය ගෝලය තෙක් දත්ත රැස් කරනු ලබයි. මෙම සාම්ප්‍රදායික දත්ත රැස් කරන ක්‍රම නොමැති ප්‍රදේශ වල කාලගුණික දත්ත ලබාගැනීමට කාලගුණික චන්ද්‍රිකා භාවිතා කරනු ලබයි. එය කාලගුණික බැලුන වලින් ලබාගන්නා දත්ත හා සසදන විට කාලගුණික චන්ද්‍රිකා මගින් විශාල කාලගුණික කලාපයක් ආවරණය කල හැකි නමුත් එයින් ලබා ගන්නා දත්ත වල නිරවද්‍යතාව අඩුය. කාලගුණික රේඩාර් තුලින් වර්ෂාපතනය හා එහි තීව්රතාව පිලිබදව දත්ත ලබා ගත හැකි අතර එමගින් කාලසීමාවක් තුල කාලගුණික තත්වය පිළිබද තොරතුරු ලබාගත හැක. තවද ඊට අමතරව Pulse-Doppler radarWeather radar තුලින් සුලගේ වේගය හා දිශාව සොයා ගත හැක.
commece විසින් ගුවන් පථ වල කාලගුණය සලකා ගුවන් නියමු වාර්ථාද , නැව් මාර්ග සලකා නාවික වාර්ථාද සපයනු ලබයි.පරීක්ෂණ ගුවන් යානා භාවිතා කර සිදු කරන නිරීක්ෂණ ගුවන් ගමන් තුලින් නිවර්තන සුළි කුණාටු සහිත ප්‍රදේශ සහ ශීත කාලයේදී මුහුදු සීමාවේ ගමන් කර පැවතිය හැකි කාලගුණික තත්වයන් පිළිබද දත්ත ලබා දෙයි.
මෙම දත්ත භාවිතා කර කාලගුණික ආකෘති සැකසීම ආරම්භ කරනු ලබයි.අවිධිමත් කාලපරාස තුල සිදු කරන්නා වූ දත්ත අවශෝෂණය හා අරමුණු විශ්ලේෂණය තුලින් තත්ව පාලනයකින් යුත් ගණිත ඇලගෝරිදම ලබා ගත හැක.එම දත්ත කාලගුණ ආකෘතියේ ආරම්භක අවස්ථාව ලෙස සලකනු ලබයි. වායුගෝලීය භෞතික විද්‍යාව හා ගති විද්‍යාවේ ඇති පොදු සමීකරණ ඇසුරෙන් මුලික සමීකරණ නිර්මාණය කර ඇත.දත්ත විශ්ලේෂණය තුලින් මෙම සමීකරණ නිර්මාණය කර ඇත.එක අවස්ථාවක කාලගුණික තත්වය ගෙන එය සමීඅරණය ඇසුරෙන් ආසන්න අනාගතයේ කාලයකදී කාලගුණය පිළිබද අනාවැකි ලබාගත හැක.පසුව එය ඇසුරෙන් නැවත නැවත සමීකරණය භාවිතා කර අපට අවශ්‍ය කාල සීමාව තුල කාලගුණ අනාවැකිය ලබාගත හැක.
කාලගුණ අනාවැකි ප්‍රකාශ කිරීමේ සරලම ක්‍රමය වනුයේ අද පවතින කාලගුණ තත්වය ඇසුරෙන් පසු දින කාලගුණය පුර්වකථනය කිරීමයි.මෙය වලංගු වන්නේ ස්ථාවර කාලගුණයක් පවතින ප්‍රදේශ වල නිවර්තන ප්‍රදේශ වල ගිම්හාන සමය පමණි.මෙම ක්‍රමය නිශ්චල කාලගුණික රටා මත දැඩි ලෙස රඳා පවතී.මෙම ක්‍රමය කෙටි කාලීන මෙන්ම දිගු කාලීන කාලගුණ අනාවැකි සඳහාද භාවිත කල හැක.
බරෝමිටරයෙහි පීඩනය සහ එහි පිඩනයට ඇති නැබුරුව (කාලයත් සමග පීඩනයේ සිදුවන වෙනස් වීම් ) භාවිතා කොට කාලගුණ අනාවැකි කීම 19වැනි සියවසේ සිට කරගෙන එනු ලැබිණි.පීඩනයේ විශාල වෙනසක් සිදු වීම,විශේෂයෙන්ම එහි අගය 3.5 hPa ට වඩා වැඩි වීම මගින් කාලගුණයේ විශාල වෙනසක් අත් දැකිය හැකි විය.පීඩනයේ පහත වැටීම වැඩිනම් අඩු පීඩනයක් ලගවෙනවා යි සලකනු ලැබිණි.තවද වැසි ලැබීමේ වැඩි ඉඩකඩද තිබුණි.පීඩනයේ වැඩිවීම මගින් පැහැදිලි අහසක් බලපොරෝත්තු වුනි.
කඳුකර ප්‍රදේශවල කාලගුණ අනාවැකි පල කිරීමේ වැදගත් ක්‍රමයක් ලෙස අහස නිරීක්ෂණය හැදින්විය හැක. ඝන වලාකුළු තට්ටුවක් ඉහල වලාකුළු තට්ටුවක් ආක්‍රමණය කිරීම ආසන්නයේම වර්ෂාපතනය ලැබීමේ පෙරනිමිති පල කරයි.එමෙන්ම රාත්‍රී කාලයේ සඳ වටා ඒකාකාර තුනී වලාකුළු වළල්ලක් ලෙස පිහිටීම ආසන්න කාලසීමාවේදී වැසි සහිත උණුසුම් කාලගුණයකට අනාවැකි පල කරයි.උදෑසන මීදුම් සහිත කාලගුණය යහපත් කාලගුණයක්ද උදෑසන දැඩි සුලන් සහිත කාලගුණය වර්ෂාව සහිත දිනයකටද අනාවැකි පල කරයි.එමෙන්ම අකුණු සහිත කාලගුණය ඉදිරියේදී ශීත දේශගුණයක් පුර්වකථනය කරයි.
ඉදිරි පැය 6ක කාලය පිළිබද අනාවැකි පල කිරීම කෙටි කාලීන අනාවැකි පල කිරීම ලෙස හඳුන්වනු ලබයි.මෙම කාල සීමාව තුල මද වැසි තත්වයන් අකුණු සහිත කාලගුණික තත්වයන් පිලිබඳ වඩා නිරවද්‍ය අනාවැකි පල කල හැක.රේඩාර් දත්ත,චන්ද්‍රිකා දත්ත ඇසුරෙන් වඩා නිරවද්‍ය හා ඉක්මන් කාලගුණ අනාවැකි පැය කීපයක කාලයක් තුල ප්‍රකාශ කිරීමට මෙම ක්‍රමයෙන් හැකියාව පවතී.
අතීතයේ කාලගුණ අනාවැකි ප්‍රකාශ කරන පුද්ගලයා එය පිළිබද පුර්ණ වගකීම ගත යුතුය.සියලුම නිරීක්ෂන දත්ත පිළිබඳව වුවද වගකීම ඔහුට පැවරුණි.නමුත් වර්තමානයේ කාලගුණ අනාවැකි සඳහා පුද්ගල සහභාගීත්වය සීමා වී ඇත.සියලුම කටයුතු කාලගුණ ආකෘතියේ පරිදි සිදු වේ.ගැලැපෙන හා සුදුසු ආකෘතිය තෝරා දීමට පමණක් පුද්ගල සහභාගීත්වය අවශ්‍ය වේ.එමඟින් පුද්ගලයින් විසින් ඇති වන අනාවැකි දෝෂ අවම කර වඩා ඉක්මන් ක්‍රියාවලියක් සිදු කල හැක.අනාගතයේදී වර්තමානයේ පවතින පුද්ගල සහභාගීත්වයත් අඩු වනු ඇතැයි අනාවැකි පල කල හැක.
ප්‍රතිසම කාලගුණ අනාවැකි ප්‍රකාශ කිරීමේ ක්‍රමය තරමක සංකීර්ණ අනාවැකි ඉදිරිපත් කිරීමේ ක්‍රමයක් ලෙස හදුන්වනු ලබයි.එහිදී පසුගිය කාල සීමාව තුල පැවති කාලගුණ තත්වයන් විශ්ලේෂණය තුලින් අනාගත කාලගුණය පිලිබඳ අනාවැකි පල කිරීම සිදී කරනු ලබයි.මෙය සංකීර්ණ ක්‍රමයක් වනුයේ මෙහිදී අනාගත කාලගුණ අනාවැකියට අදාළ පුර්ණ ප්‍රතිසමයක් කලාතුරකින් පවතින බැවිණි.මෙය රටා හඳුනාගෙන සිදු කරන අනාවැකි ප්‍රකාශ කිරීමක් ලෙසද හදුන්වනු ලබයි.
බොහෝ කාලගුණ අනාවැකි වල අවසන් පාරිභෝජකයා වනුයේ මහජනතාවයි.සුලිකුනාටු මගින් සුලි සුලන් ඇතිවිය හැකි අතර බයානක අකුණු සැර මඟින් විදුලි බිඳ වැටීම් සහ ජීවිත අනතුරු පවා සිදු විය හැක.අධික හිම පතනය හා අධික වර්ෂාව ගමනාගමනයට බාධා පමුණුවන අතර පහත බිම් වලට ගං වතුර තත්වයන්ද ඇති කරනු ලබයි.අධික උණුසුම හා අධික ශීතල ජීවිත අවදානම් පවා ඇතිකල හැකි අතර දැඩි නියඟය වගාවන් විනාශ කර දමයි.
රටවල් කීපයක රජයන් විසින් රාජ්‍ය නියෝජිත ආයතන මඟින් කාලගුණ අනාවැකි නිකුත් කර ජනතාවට අයහපත් කාලගුණෙන් සිදු වියහැකි ආපදා අවම කිරීමට කටයුතු කරයි.එමෙන්ම ජනතාවට වැදගත් වන කාලගුණ අනාවැකි නිකුත් කිරීමටද ඒවා සරල හා ප්‍රයෝජනවත් ලෙස නිකුත් කිරීමටද කටයුතු කල යුතුය.උදාහරණයක් ලෙස National Oceanic and Atmospheric Administration National Weather Service (NWS) සහ Environment Canada Meteorological Service (MSC). සාම්ප්‍රදායික ලෙස පුවත් පත් ,රුඋපවහිනි හා රේඩියෝ මගින් කාලගුණය පිලිබඳ දල අනාවැකි ජනතාවට දැනුම් දෙනු ලබයි.එමෙන්ම අන්තර්ජාලය තුලින්ද මෙය සාර්ථක ලෙස සිදු කල හැක.
කාලගුණ අනාවැකි තමන්ගේ එදිනෙදා කටයුතු වලට අත්‍යාවශය පුද්ගලයින් සිටියි.
ගුවන් ගමන් වලදී කාලගුණය ඉතා සංවේදී කරුණක් වන අතර ඉතා නිරවද්‍ය කාලගුණ අනාවැකි අත්‍යවශ්‍ය වේ.ඝන මීදුම හෝ අසාමාන්‍ය ඉහල නැංවීම් වලින් වලකා ගැනීමට කාලගුණ අනාවැකි ප්‍රයෝජනවත් වේ.එමෙන්ම කැලඹුම් සහගත තත්වයන්,අයිස් මිදීම් වැනි තත්වයන් ගුවන් ගමනාගමනයට විශාල ලෙස බලපෑම් ඇති කරයි.එමෙන්ම අකුණු ගැසීම් තුලින්ද බාධා පැමිණේ.අධික වර්ෂාව ,සුලිකුනාටු ,විදුලි කෙටීම් තුලින් ගුවන් යානා වල එන්ජිම පවා ක්‍රියා විරහිත විය හැක.මෙවැනි අවස්ථා වලදී ගුවන් පථය වෙනස් කිරීමට පවා සිදු වන අවස්ථා ඇත.
සුළගේ දිශාව හා සුළගේ වේගය මත වානිජමය හා නැවත නිපදවිය හැකි ජල ප්‍රවාහයන්ගේ සීමා ඇති විය හැක.මුහුදු රල,එහි උස හා උදම් බලපෑම් මගින් නාවික ගමනාගමනයේ ආරක්ෂාවට බලපෑම් ඇති විය හැක.එම නිසා නාවික ගමනාගමනයේදී කාලගුණ අනාවැකි නිකුත් කිරීමට රේඩියෝ තරංග මාධ්‍ය යොදා ගනී.උදාහරණ ලෙස MAFOR (නාවික කාලගුණ අනාවැකි සේවය) හැදින්විය හැක.
කිසියම් දිනක කෘෂිකාර්මික කටයුතු සඳහා යෙදිය යුතුද නැතිද යන්න තීරණය කිරීමට ගොවීන් කාලගුණ වාර්ථා භාවිතා කරයි.උදාහරණයක් ලෙස පිදුරු වේලීමට වියලි කාලගුණයක් යෝග්‍ය වේ.අධික වියලි කාලගුණය කපු,තිරිඟු හා ඉරිඟු වගාවන් වලට අහිතකර ලෙස බලපායි.එමෙන්ම අධික ශීත කාලගුණයද බොහෝ වගාවන්ට හානි පමුණුවයි.උදාහරණයක් ලෙස දොඩම් වගාවට හා පීච් වගාවන්ට අධික හිම පතනය හානි පමුණුවයි.
සුළඟ,වර්ෂාව හා ආර්ද්‍රතාව පිලිබඳ කාලගුණ අනාවැකි ලැව්ගිණි පාලනයට හා වලක්වාගැනීමට ඉතා වැදගත් වේ.එක් එක් දර්ශක උදාහරණ ලෙස Forest fire weather index සහ Haines Index මඟින් ස්භාවිකව හෝ මිනිස් ක්‍රියාකාරකම් නිසා ලැව්ගිණි ඇති වීමේ අවදානමක් ඇති කලාප නිරූපනය කර ඇත.
විදුලි හා ගෑස් නිෂ්පාදන ආයතන තමන්ගේ නිෂ්පාදන වල ඉල්ලුම පුර්ව නිගමනය කර ඒ සඳහා සුදානම් වීමට කාලගුණ අනාවැකි භාවිතා කරයි.ඔවුන් දෛනික උණුසුම් කිරීමට හෝ සිසිලනයට භාවිතා කරන නිෂ්පාදන වල නිෂ්පාදන ප්‍රමාණය නිර්ණය කිරීමට මෙය භාවිතා කරයි.මෙය දෛනික සාමාන්‍ය උෂ්ණත්වය මත රඳා පවතියි. සාමාන්‍ය සිසිලන උෂ්ණත්වය උණුසුම් කිරීමේ නිෂ්පාදන වලටත් සාමාන්‍ය උණුසුම් උෂ්ණත්වය සිසිලන නිෂ්පාදන වලටත් ප්‍රයෝජනවත් වේ.එමගින් ඔවුන්ගේ නිෂ්පාදන වල ඉල්ලුම නිගමනය ගත හැක.
අනෙකුත් වානිජමය ආයතනද තමන්ගේ වෙළදාම් වලට කාලගුණය නිසා සිදු විය හැකි පාඩු මග හරවා ගැනීමට කාලගුණ අනාවැකි සඳහා අවධානය යොමු වීම වැඩි වෙමින් පවතී. උදාහරණයක් ලෙස සුපිරි වෙළඳ සැලවල් කාලගුණයට අදාලව තමාගේ වෙළඳ භාණ්ඩ තීරණය කරනු ලබයි.
රාජකීය ගුවන් හමුදාව(RAF) මගින් කාලගුණ තොරතුරු ලබා ගැනීමට වෙනම ජංගම ඒකකයක් පිහිටුවා ඇති අතර එක බ්‍රිතාන්‍යයේ කාලගුණ ආයතනයක වනMet Office සමග ඒකාබද්දව කටයුතු කරයි.
පෞද්ගලික අංශ මෙන්ම හමුදාවන්ද තමන්ගේ ක්‍රියාන්විත සේනා වලට ඉදිරි කාලගුණ තත්වය පිළිබද අනාවැකි ලබා දෙනු ලබයි.හමුදාමය කාලගුණ අනාවැකි සපයන්නන් යම්කිසි ක්‍රියාන්විතයකට පෙර මෙන්ම පසු කාලගුණ තත්වයද වාර්තා කල යුතුය.එක්සත් ජනපද නාවික හමුදාව විසින් තමන්ට මෙන්ම අනෙකුත් සාමුහික රටවලට පැසිපික් හා ඉන්දියන් සාගර හරහා පවතින සුළි කුණාටු පිලිබඳ අනාවැකි පල කිරීම Joint Typhoon Warning Center හරහා සිදු කරනු ලබයි.
එක්සත් ජනපදය තුල එක්සත් ජනපද ගුවන් හමුදාවට හා එක්සත් ජනපද යුද හමුදාව කාලගුණ අනාවැකි නිකුත් කිරීම එක්සත් ජනපද ගුවන් හමුදාව මගින් සිදු කරනු ලබයි.ගුවන් හමුදා කාලගුණ අනාවකි මගින් ක්‍රියාන්විත සිදු වන ප්‍රදේශ වල මෙන්ම ක්‍රියාන්විත සිදු නොවන ප්‍රදේශ වල පවා කාලගුණ අනාවැකි නිකුත් කිරීම සිදු කරයි.එක්සත් ජනපද වෙරල ආරක්ෂක ආයතනය මගින් නැව් වලට අයිස් කඳු මගින් විය හැකි අනතුරු වැලක්වා ගැනීමට අනතුරු ඇඟවීම සිදු කරනු ලබයි.ප්‍රධාන හමුදා 4ම තමන්ගේ කාලගුණ වැඩකටයුතු සඳහා වෙනම සේනාංකයන් පුහුණු කරනු ලබයි.
ස්තුති!
This article uses material from the Wikipedia සිංහල article කාලගුණ අනාවැකි කීම, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.