ආණමඩුව තෝනිගල සෙල් ලිපිය

ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයට අයත් ආණමඩුව පිහිටි තෝනිගල සෙල් ලිපිය මෙරට දිගම සෙල්ලිපිය ලෙස සැළකේ.

එය පුත්තලම-කුරුණෑගල මාර්ගයේ, පුත්තලම සිට කිලෝ මීටර 24 ක් පමණ දුරින් පිහිටා තිබේ.

ආණමඩුව තෝනිගල සෙල් ලිපිය
ආණමඩුව තෝනිගල සෙල් ලිපිය
සෙල්ලිපි අංක 1

ජනප්‍රවාද

ආණමඩුව තෝනිගල ප්‍රදේශය වටා විජය හා කුවේණි සම්බන්ධ ජනප්‍රවාදයක් වේ. විජය සහ කුවේණි සිය දරුවන්ද සමඟ අවසාන කාල පරිච්ඡේදයේ ආණමඩුව ප්‍රදේශයේ වාසය කළ බව තෝනිගල සෙල්ලපිය හා පරමාකන්ද රජ මහා විහාරයේ වූ සෙල් ලිපිය සාක්ෂි දරයි. විජය හා කුවේණිගේ නෑදෑයින් අතර හටගත් සටනින් ජයගත් විජය රජු පසුව කුවේණිය හැර දමා යන අවස්ථාවෙදී, ඔහු පසුපස ලුහුබැඳ ගිය කුවේණියට නවතින ලෙස දන්වා විජය රජතුමා විසින් අණ ඉරක් ගලේ ඇද ගිය බව ජනප්‍රවාදයේ සඳහන් වේ. එතැන් සිට කුවේණිය ලතෝනි දුන් බවත්, එම ස්ථානය ලතෝනිගල වශයෙන් හැදින්වූ බවත්, පසුව තෝනිගල වූ බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.

තෝනිගල ගිරි ලිපිය 1

මෙම ගිරි ලිපිය, ක්‍රි. ව. 1වන සියවසේ ගාමිණී අභය රජ සමයට අයත් වේ. පූර්ව බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් හා පුරාණ සිංහල භාෂාවෙන් නිර්මිත වේ.

අන්තර්ගතය

ප්‍රමුඛ අභයගේ පුත් ප්‍රමුඛ තිස්සගේ වැව අවගිරික-තිස්ස-පබ්බත විහාරයේ පැමිණි නොපැමිණි සිව් දිග භික්ෂූන් වහන්සේලාට ප්‍රධානය කර ඇත. ගාමිණී අභය රජ විසින් අවනගරක සහ තව්රිකියනගරක යන ස්ථාන දෙකද එම විහාරයට නියම කරන ලදී. ප්‍රමුඛ අභයගේ පුත් තිස්ස විසින් මෙම දීමනා පැමිණි නොපැමිණි සිව්දිග සංඝයාට නියම කරවන ලද බැව් සදහන්ය.

තෝනිගල ගිරි ලිපිය 2

ආණමඩුව තෝනිගල සෙල් ලිපිය 
සෙල් ලිපි අංක 2

මෙම ගිරි ලිපියද, ක්‍රි. ව. 1වන සියවසේ ගාමිණී අභය රජ සමයට අයත් වේ. පූර්ව බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් හා පුරාණ සිංහල භාෂාවෙන් නිර්මිත වේ.

අන්තර්ගතය

ප්‍රමුඛ (ප්‍රධාන) අභයගේ පුත් වූ තිස්ස විසින් මෙම වැවද, ගාමිණී අභය රජ විසින් අවනගරක හා තව්කිරිය යන ස්ථාන දෙකද, අවගිරික තිස්ස පබ්බත විහාරයෙහි භික්ෂූන් වහන්සේලා වෙත පූජා කල බව මෙම ශිලා ලිපියෙහි දැක්වේ.

මේවාද බලන්න

මූලාශ්‍ර

Tags:

ආණමඩුව තෝනිගල සෙල් ලිපිය ජනප්‍රවාදආණමඩුව තෝනිගල සෙල් ලිපිය තෝනිගල ගිරි ලිපිය 1ආණමඩුව තෝනිගල සෙල් ලිපිය තෝනිගල ගිරි ලිපිය 2ආණමඩුව තෝනිගල සෙල් ලිපිය මේවාද බලන්නආණමඩුව තෝනිගල සෙල් ලිපිය මූලාශ්‍රආණමඩුව තෝනිගල සෙල් ලිපියආණමඩුවකුරුණෑගලපුත්තලමපුත්තලම දිස්ත්‍රික්කයවයඹ පළාත,ශ්‍රී ලංකාවශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

බුද්ධ ප්‍රතිමාඉන්දියාවරැකියා ආතතියනෙළුම් කුළුණමාළුනිශ්ශංක මල්ල රජපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරඅපරාධ නීතියස්වභාවික වෘක්‍ෂලතාඅකුණුදෙමළ භාෂාවමාතලේ කැරැල්ලආගම්මී ගසක්ෂුද්‍ර ජීවීන්ධවල පත්‍රිකාවහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයනෙප්චූන්මනමේමහ පොළොවශ්‍රී ලංකා යුද්ධ හමුදාවශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයඩී.එස්. සේනානායකතිස්සමහාරාමයවට්ස්ඇප්ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියබක් පසළොස්වක පෝයජෝන් ලොගී බෙයාඩ්සන්නිවේදනයඅටමස්ථානසමලිංගිකතාවබල්ලෝලංකා බැංකුවපවුලසොකරි නාටකයආදරයඑක්සත් ජනපදයසෙම්ප්‍රතිශ්‍යාවනාලන්දා විද්‍යාලය, කොළඹශ්‍රී දළදා මාළිගාවඉසුරුමුණියදෙමළ ජනතාවරාවණා රජශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවබුදු දහමමහා කාශ්‍යප රහතන් වහන්සේශාන්ති නිකේතන විද්‍යාපීඨයප්ලේටෝබෝධි ඝරබක් පසළොස්වකයුරෝපයසීලලේ ගැලීම2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණයJalani premadasaස්වභාවික පරිසරයඑච්.ආර්. ජෝතිපාලශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවමුදල්පසළොස්වක පොහොය දොළහථූපාරාමයකොළඹපර්යේෂණවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගවොලිබෝල්නාගරීකරණය - ශ්‍රී ලංකාශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවසියම් මහ නිකායගඩලාදෙණිය විහාරයසිංහබාහු රජමධ්‍යම සැකසුම් ඒකකයමහවැලි සංවර්ධන වැඩසටහනපළමුවන ලෝක යුද්ධයබුදුගුණ අලංකාරයශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවආනන්ද කුමාරස්වාමි🡆 More