අර්ධනාරීශ්වර

අර්ධනාරීශ්වර (සංස්කෘත: अर्धनारीश्वर) යනු ශිව සහ පාර්වතී දේවියගේ සංයුක්ත ස්වරූපය යි.

අර්ධනාරීශ්වර අර්ධ-පුරුෂ සහ අර්ධ-ස්ත්‍රී ලෙස නිරූපනය කර ඇති අතර, මැදින් සමානව බෙදී ඇත. දකුණු අර්ධය සාමාන්‍යයෙන් ශිව වන අතර ඔහුගේ සම්ප්‍රදායික ගුණාංග විදහා දක්වයි.

අර්ධනාරීශ්වර
අර්ධනාරීශ්වර
අර්ධනාරීශ්වර
දේවනාගරීअर्धनारीश्वर
සංස්කෘත පරිවර්තනයArdhanārīśvara
අනුබැඳියශිව සහ පාර්වතී දේවියගේ සංයුතිය
වාහනයනන්දි සහ සිංහයා

මුල්ම අර්ධනාරීශ්වර රූප ක්‍රි.ව. පළමුවන සියවසේ සිට කුෂාන් යුගයට අයත් වේ. එහි නිරූපණ ශිල්පය ගුප්ත යුගයේදී පරිණාමය වී පරිපූර්ණ විය. පුරාණ සහ විවිධ නිබන්ධනවල අර්ධනාරීශ්වරගේ පුරාවෘත්ත සහ ප්‍රතිමූර්තිය ගැන දක්වා තිබේ. අර්ධනාරීශ්වර යනු භාරතය පුරා බොහෝ ශිව කෝවිල් වල දක්නට ලැබෙන ජනප්‍රිය ස්වරූපයකි, නමුත් මෙම දෙවියන්ටම කැප කර ඇති දේවස්ථාන ඇත්තේ ස්වල්පයකි.

අර්ධනාරීශ්වර නියෝජනය කරන්නේ විශ්වයේ පුරුෂ සහ ස්ත්‍රී ශක්තීන්ගේ සංශ්ලේෂණයයි (පුරුෂ සහ ප්‍රකෘති). එහි දෙවියන්ගේ ස්ත්‍රි තත්වය වන ශක්ති, දෙවියන්ගේ පුරුෂ තත්වය වන ශිවගෙන් වෙන් කළ නොහැකි වන ආකාරය නිදර්ශනය කරයි. මෙම මූලධර්මවල එකමුතුව සියලු නිර්මාණයන්ගේ මූලය සහ ගර්භාෂය වේ. තවත් මතයක් නම් අර්ධනාරීශ්වර යනු ශිව දෙවියන්ගේ සර්ව ව්‍යාප්ත ස්වභාවයේ සංකේතයක් බවයි.

නිරුක්තිය

අර්ධනාරීශ්වර යන නාමයේ තේරුම "අඩක් ස්ත්‍රියක් වූ දෙවියන්" යන්නයි. අර්ධනාරීශ්වර ස්වරූපය අර්ධනරනාරි (අර්ධ පුරුෂයා-ස්ත්‍රිය), අර්ධනාරිශ, අර්ධනාරිනටේශ්වර (අඩක් ස්ත්‍රියක් වූ නර්ථනයේ දෙවියන්), නරනාරි, අම්මිඅප්පන් (දෙමළ භාෂාවන් මව සහ පියා) ආදි නාමයන්ගෙන්ද ආමන්ත්‍රණය කරයි. ගුප්ත යුගයේ ලේඛක පුෂ්පදන්ත ඔහුගේ මහිංනාස්තාවේ මෙම ස්වරූපය දේහර්ධඝටනා ("ඔබ සහ ඇය එක් සිරුරේ අර්ධයන් සේ") ලෙස සඳහන් කරයි. විෂ්ණුධර්මෝත්තර පුරාණයේ සඳහන් කොට ඇත්තේ ගෞරීශ්වර ලෙසයි.

ආශ්‍රේයයන්

Tags:

පාර්වතීශිව

🔥 Trending searches on Wiki සිංහල:

මහාසේන රජස්කන්ධයතොටගමුවේ ශ්‍රී රාහුල හිමිඑදිරිවීර සරච්චන්ද්‍රඅටමස්ථානජංගම දුරකථනශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණ2015 ජන්ද හිමි නාම ලේඛණයදුන්හිඳ ඇල්ලඅධ්‍යාපන මනෝ විද්‍යාවඉස්ලාම්කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයඊශ්‍රායලයමාලදිවයිනශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියසත්තුකොරියාවේ ඉතිහාසයදෙවි දේවතාවියෝශ්‍රී ලංකාවේ යටත් විජිත යුගයේ ආර්ථික සහ සමාජ ප්‍රතිපලශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවඅම්මාසිංහල අක්ෂර මාලාවඉන්දියාවේ ඉතිහාසයශ්‍රී ලංකාව ආවේණික මසුන්ඩෙංගුවොලිබෝල්ජලභීතිකාවමුන්නේශ්වරම් කෝවිලද්විත්ව සටහන් පොත් තැබීමේ ක්‍රියාවලියසෝමාවතිය විහාරයලන්දේසි ලංකාවමුල් පිටුවඅභයගිරි දාගැබඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවසබරගමු නැටුම්අකුණුමානව බහිස්ස්‍රාවී පද්ධතියශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවමිල ඉල්ලුම් නම්‍යතාවයපෘථිවියේ ජල ව්‍යාප්තියවාරියපොල ශ්‍රී සුමංගල හිමිආර්ය අෂ්ඨාංගික මාර්ගයශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිආර්ථික විද්‍යාවඅධ්‍යාපනයහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයසතර අගතිජාතික ගීය - ශ්‍රී ලංකාකැණීමශ්‍රී ලංකාවේ සිනමාවදැන්වීම්කරණයබුද්ධත්වයට පත්වීමතොරතුරු තාක්‍ෂණයශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයස්ත්‍රී පුරුෂ භාවයමී මැසි පාලනයපොළොන්නරුව වටදාගෙයමනෝ විශ්ලේෂණවාදයදීඝ නිකායඅත්අඩංගුවට ගැනීම, ශ්‍රී ලංකාවඅහරකුක්කාඅභිධර්මයත්‍රිලක්‍ෂණබෝධිපාක්‍ෂික ධර්මගෝලයකාව්‍යශේඛරයශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයසොකරි නාටකයශ්‍රී ලංකා නාවික හමුදාවශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවකඩවතසෙංකඩගල රාජධානියහැරී පොටර්ශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිකළුතරගූගල්🡆 More