අපරාධය හා දඬුවම

අපරාධය හා දඬුවම (රුසියානු: Преступле́ние и наказа́ние, tr.

එය පළමුවරට 1866 දී ද රෂියන් මැසෙන්ජර් නමැති සාහිත්‍ය සංග්‍රහයේ පළවූ අතර පසුව පොතක් ලෙස මුද්‍රණ ද්වාරයෙන් නිකුත් විය. එය, දොස්තොයෙව්ස්කිව සයිබීරියාවට පිටුවහල් කරන ලදුව, එහි ගතකළ දස වසරකට පසු, නැවත පැමිණීමෙන් අනතුරුව ඔහු විසින් සම්පූර්ණ කරනු ලැබූ දෙවන නවකතාව විය. අපරාධය හා දඬුවම ලෝක සාහිත්‍යය තුළ අග්‍රගණ්‍ය ස්ථානයක ලා සළකනු ලබයි.

අපරාධය හා දඬුවම
අපරාධය හා දඬුවම
කොන්ස්ටන්ස් ගානට් විසින් පරිවර්තිත Crime and Punishment හි 1956 රැන්ඩම් හවුස් මුද්‍රණයක්
කර්තෘෆ්යොදෝර් දොස්තෙයෙව්ස්කි
මුල් මාතෘකාවПреступление и наказание
භාෂාවරුසියානු
ප්‍රභේදයදාර්ශනික නවකතා
මනෝවිද්‍යාත්මක නවකතා
ප්‍රකාශකයාද රෂියන් මැසෙන්ජර් (මාලාව)
ප්‍රකාශිත දිනය
1866
ඕසීඑල්සී26399697
ඩුවි ඩෙසිමල්
891.73/3 20
LC ClassPG3326 .P7 1993

කතා සාරාංශය

රැස්කොල්නිකොව්, පීටර්ස්බර්ග් නුවර විශ්වවිද්‍යාලයඅධ්‍යාපනය ලබන සිසුවෙකි. නමුත් මුදල් අගහිඟකම් නිසා කතාව ආරම්භ වන විට ඔහුගේ විශ්වවිද්‍යාල ගමන නතර වී තිබෙයි. මේ නිසා තමා සතු යම් යම් වටිනා වස්තු, ඇලියෝනා අයිවනොව්නා නම් මුදල් පොලියට දෙන මහළු ගැහැණියක ළඟ උකසට තබා මුදල් ලබා ගැනීමටත්, තම මව සහ සොහොයුරිය ගමෙහි සිට මුදල් එවන තුරු බලා සිටීමටත් ඔහුට සිදුවෙයි. මේ අතරතුරදී යම් භයානක සැලැස්මක් ඔහුගේ සිත තුළ දිවයමින් පවතී.

ඇලියෝනා අයිවනොව්නා ඉතා ලෝභී, සටකපට සහ දැඩි කාන්තාවක වන අතර, රැස්කොල්නිකොව් ඇය හමුවී ඔරලෝසුවක් උකසට තබා මුදල් රැගෙන එන අතරතුර දී බිර වීදුරුවක් බිමට තැබෑරුමකට ගිය අවස්ථාවේ මාමිලාඩොව් නම් මිනිසෙකු ඔහුට හමුවේ. දැඩි ලෙස බීමට ඇබ්බැහි වී සිටින මාමිලාඩොව්, රැස්කොල්නිකොව්ට තමා සහ තම පවුල පිලිබඳ විස්තර පවසයි. ඔහුගේ සෝනියා නම් දියණිය පත්ව සිටින අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව රැස්කොල්නිකොව් විශේෂයෙන් කම්පා වෙයි.

මේ අතර රැස්කොල්නිකොව්ට තම මවගෙන් ලිපියක් ලැබෙන අතර එහි සඳහන් වන්නේ ඔහුගේ සොයුරිය ඩුන්යා, පීටර්ස්බර්ග්හි නීති උපදේශකයෙකු වන පීටර් පෙට්‍රොවිච් ලූෂින් සමඟ විවාහ වීමට අදහස් කරගෙන සිටින බවයි. ඩුන්යා, මාෆා පෙට්‍රොවුනා නම් කාන්තාවකගේ නිවසට ගොස් ඇගේ දරුවන්ට ඉගැන්වීම් සිදු කරන අතර දී මාෆා පෙට්‍රොවුනාගේ සැමියා වන ස්විඩ්‍රිගේයිලොවූ, ඩුන්යාට අයුතු යෝජනා ඉදිරිපත් කළ බැව් ප්‍රසිද්ධියට පත් වීමෙන් ඇගේ කීර්තියට හානි වී ඇති බැවින් මේ විවාහ යෝජනාව ඇයට ආශිර්වාදයක් බවත්, තම සොහොයුරාගේ යහපත උදෙසා එම ධනවත් නීති උපදේශකයා සමඟ විවාහ වීමට ඇය ඉඳුරා කැමැත්ත පළ කළ බවත් රැස්කොල්නිකොව් මැතිණිය තම ලිපියෙන් වැඩි දුරටත් දන්වා එවයි.

Tags:

en:WP:IPA for Russianw:en:The Russian Messengerඉංග්‍රීසි භාෂාවනවකතාවසයිබීරියාව

🔥 Trending searches on Wiki සිංහල:

පෝෂක පදාර්ථශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජමැලේරියාවතෙත් කලාපයේ ශාක විවිධත්වයශ්‍රී ලංකාවේ ශිලා ලිපිසිංහල නාම විශේෂණඅහුකෙටිකතාතාරකා විද්‍යාවවිජිතපුර සටනමහවැලි ගඟබිසෝ කොටුවවිජය රජරසායන විද්‍යාවකන්‍යාභාවයමහායානදුන්හිඳ ඇල්ලසිරිත් මල්දමශ්‍රී ලංකාවේ අපරාධදඩයම (චිත්‍රපටය)වධ හිංසාවශ්‍රී ලංකාවේ ආදිවාසීන්සිංහල ජනකවිශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයසතර අගතිකන්‍යා පටලයඇසළ (ගස)සමාජ විද්‍යාවසමාජයඅභයගිරි දාගැබමිල ඉල්ලුම් නම්‍යතාවයවිෂ්ණුශ්‍රී ලංකාවේ අධ්‍යාපනයඅකිරා කුරෝසාවාජයන්ති කුරු උතුම්පාලක්‍රීඩාසිංහලේසතර සෘධිපාදදෙවන පරාක්‍රමබාහු රජමුද්රාණයමුවාදස මහා යෝධයෝඉසුරුමුණියඅන්නාසි වගාවබෞද්ධ කොඩියබලශක්ති සංරක්‍ෂණයලෝකෝපකාරයශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවබ්‍රිතාන්‍ය ලංකාවදිළිඳුබවසිංහල වර්ණ මාලාවරබින්ද්‍රනාත් තාගෝර්හෙළ ගණන් ක්‍රමයඇඩොල්ෆ් හිට්ලර්ලෝ වැඩ සඟරාවනන්දා මාලනීකලාවඅනුරාධපුර රාජධානියලාදුරුධර්ම සංගායනාප්‍රථමක සංඛ්‍යා - ප්‍රථමක සංඛ්‍යාවල ලක්ෂණඩැනියෙල් ක්‍රේග්හිරුපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්සමාධි බුදු පිළිමයබුද්ධඝෝෂ හිමිසිකුරු ග්‍රහලොව2023සීගිරි බලකොටුවශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයආනන්ද රහතන්වහන්සේඩොරේමන්සිරිල් පොන්නම්පෙරුමක‍ඩොලානනිදහස් දිනය (ශ්‍රී ලංකාව)ත්‍රිකෝණමිතික ශ්‍රිතයන්හී අවකලනයදේශපාලන විද්‍යාව🡆 More