මුදල්

යම් කිසි ජන සමාජයක විවිධාකාර වූ භාණ්ඩ හා සේවා මිලදී ගෑනීම සඳහා භාවිතා කරන පොදුවේ පිළිගන්නා ඹ්නෑම හුවමාරු මාධ්‍යයක් මුදල් වශයෙන් සැලකිය හැකිය.

මුදල්
යුරෝ කාසි සහ නෝට්ටු
ගොනුව:Lkr-100-sri-lankan-rupees-2.jpg
රුපියල් සියයේ නෝට්ටුවක්.

මුදල්, භාණ්ඩ හා සේවාවන්ගේ ගෙවීම් කිරීමට සහ ණය නැවත ගෙවීම සඳහා සාමාන්‍යයෙන් පිළිගත් දෙයකි. අය කිරීමේ මාධ්‍යයක් ලෙස, වටිනාකමේ ඒකකයක් ලෙස සහ වටිනාකම් සම්භාරයක් ලෙස මුදලේ ප්‍රධාන භාවිතයන් වේ. විලම්භීත ගෙවීමකට මුදල් අවශ්‍ය කරන බව සමහර කර්තෘවරු ප්‍රකාශකර තිබේ.

විශේෂයෙන්ම විශාල ප්‍රමාණයක් සංසරණය වන නීතිමය වලංගුභාවය සහිත මුදල් සහ විවිධ වර්ග වල මූල්‍ය තැන්පතු ගිණුම්, ඉල්ලුම් තැන්පතු, ඉතිරිකිරීමේ ගිණුම් හා තැන්පතු සහතික වශයෙන් මෙම හුවමාරුවන් සඳහා භාවිතා කරන දේ මුදල් වලට අයත්වේ. වර්තමාන ආර්ථිකයේ මුදල් සැපයුමේ කුඩාම කොටස වන්නේ වලංගු මුදල්ය.

මුදල් සත්‍ය වටිනාකමක් ලෙසට පමණක් නොව ආර්ථික විද්‍යාවේ මූලික මූලද්‍රව්‍යයකි. මුදල් ආර්ථික විද්‍යාව අධ්‍යනයේදී අත්‍යාවශ්‍ය දෙයක් වන අතර සහ මූල්‍ය හා සම්බන්ධකරණ ප්‍රභල ආකාරයක්ද වේ. මුදල් නොමැතිකම වෙළඳපොල ආර්ථිකය අකාර්යක්ෂම කිරීමට බලපාන්නේ මුදල් වෙළෙන්දන්ගේ එක වේලාවට සිදුවන වුවමනාවන්ට සහ හුවමාරුව සිදුවීමට පෙර එකසමාන වටිනාකම් සහිත ගිවිසුම්වල අවශ්‍යතාවයන්ට මුදල් අත්‍යාවශ්‍යම සාධකයක් වීම නිසාය. ශ්‍රම අංශයේ සහ වෙළදාමේ දිරිගැන්වීමද මුදලේ භාවිතයක් ලෙස සිතිය හැක.

මුදලේ පරිණාමය

මුදලේ පරිණාමය විවිධ අවස්ථාවන් කිහිපයක් යටතේ පැහැදිලි කළ හැක.

ඍජු භාණ්ඩ හුවමාරුව

මෙම ක්‍රමය යටතේ තම නිෂ්පාදිත භාණ්ඩයේ අතිර්‍රක්තය වෙනත් අයෙකුට දි ඹහුගෙන් තමාට අවශ්‍ය දෙයක් ලබා ගන්නා ලදි. පටු අවශ්‍යතා ඇති ස්වයංපෝෂිත ග්‍රාමීය සමාජයන්හි මෙම භාණ්ඩ හුවමාරු ක්‍රමය පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකිවිය. නමුත් මිනිසුන්ගේ අවශ්‍යතා සංකීර්ණ වීමත් සමග මෙම භාණ්ඩ හුවමාරු ක්‍රමය අසාර්ථක විය.

භාණ්ඩ මුදල්

‍‍‍ඓතිහාසිකව බලන විට විවිධ ද්‍රව්‍ය රැසක්ම විවිධ අවස්ථාවන්හි හුවමාරු මාධ්‍ය ලෙස භාවිතා වී ඇත.

උදා: සිප්පිකටු, ලුණු, දුම්කොළ, තඹ, යකඩ, රත්රන්

රැගෙන යාම අපහසු වීම, ඉක්මනින් විනාශ වීම යනාදී දුෂ්කරතා පැවතීම හේතුවෙන් භාණ්ඩ මුදල් භාවිතයද අසාර්ථක විය.

කඩදාසි මුදල්

කඩදාසි ව්‍යවහාර මුදල් භාවිතය ප්‍රචලිත වී ඇත්තේ හුවමාරු මාධ්‍යයක් වශයෙන් ඵය ලබා දෙන පහසුව නිසාය. මුදල් නෝට්ටු පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි අතර, ඒකරාශී කර තබා ගැනිමද පහසුය.

බැංකු මුදල්

වාණිජ බැංකු පවත්වාගෙන යන ඉල්ලුම් තැන්පත් හෙවත් ජංගම ගිණුම්වල ශේෂ බැංකු මුදල් ලෙස හඳුන්වයි. ජංගම ගිණුම් වල ශේෂ ගනුදෙනු සඳහා භාවිතා කරන්නේ චෙක්පත් නිකුත් කිරීමෙනි. චෙක්පත් ව්‍යවහාර මුදල් ලෙසම ගනුදෙනු සඳහා භාවිතා කරයි. බැංකු මුදල් ව්‍යවහාර මුදල් මෙන්ම 100% ක්ම ද්‍රවශීලතාවයෙන් යුක්ත යැයි පිළිනොගනී.එහෙත් බැංකු මුදල් ආසන්න මුදල් වලට වඩා ද්‍රවශීලතාවයෙන් යුක්තය.

මුදල් වල ලක්ෂණ

  • පොදු පිළිගැනීම
  • සමජාතීය වීම
  • පහසුවෙන් හදුනාගත හැකිවීම
  • කල්පැවතීම
  • පහසුවෙන් ගෙනයා හැකිවීම
  • කුඩා කොටස්වලට බෙදිය හැකිවීම
  • හිඟකමක් තිබීම
  • වටිනාකම සමබරව පැවතීම
  • පහසුවෙන් නිපදවිය නොහැකිවීම

මුදලේ කාර්යයන්

  • විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කිර්‍රම - එනම් භාණ්ඩ හුවමාරුවේදී අතරමැදියෙකු ලෙස ක්‍රියාකිර්‍රම
  • වටිනාකම මැනීමේ මිනුම්දණ්ඩක් වීම - නූතන මුදල් ආර්ථීකයන්හි වටිනාකම සැසඳීමට, වටිනාකම මැනීමට මුදල් භාවිතය ඉතා වැදගත් වී ඇත.
  • විලම්භීත ‍ගෙවුම් මාධ්‍යයක් ලෙස ක්‍රියාකිර්‍රම - වර්තමාන ගණුදෙනුවක වටිනාකම අනාගතයේදී ගෙවිය හැකිවීම.
  • වටිනාකමේ සන්නිධියක් ලෙස ක්‍රියාකිර්‍රම- මුදල් රැස් කර තබා ගත හැකි වීම.
  • ආයෝජන මාධ්‍යයක් ලෙස ක්‍රියාකිර්‍රම

මුදලේ වටිනාකම

මුදලේ වටිනාකම යනු භාණ්ඩයක් හෝ සේවාවක් සමඟ හුවමාරුවේදී එහි ඇතිවන වටිනාකම හෙවත් මුදලේ ක්‍රයශක්තියයි. එනම් මුදලින් මිලදී ගතහැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි. මෙය මිලමට්ටම මත රඳා පවතිනු ඇත.

ශ්‍රී ලංකාවේ මුදල්

මුදල් නීති පනතේ 49වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ පරම අධිකාරිය හා බලය ශ්‍රී ලංකා මහ බැංකුවට හිමිවේ. ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නිකුත් කරන ලද මුදල් නෝට්ටු හා කාසි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිමිකම් වන අතර ඒවා ශ්‍රී ලංකාව ඇතුලත ඕනෑම මුදල් ප්‍රමාණයක් ගෙවීම සඳහා නීත්‍යානුකූල මුදල් ලෙස සැලකේ.

1952/1953 වර්ෂයන්හි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රථම වරට ව්‍යවහාර මුදල් නෝට්ටු නිකුත්කරීම ආරම්භ කරන ලදී. එහෙත් නෝට්ටු සඳහා දේශීය ලාංඡන යොදා ගැනීමත්, සිංහල භාෂාව යොදා ගැනීමත් 1956දී සිදුවිය. 1963දී මහ බැංකුව ප්‍රථම වරට කාසි නිකුත් කිරීම ආරම්භ කරන ලදී. දැනට රු 5000, රු 2000, රු 1000, රු 500, රු 100, රු 50, රු 20 හා රු 10 යන අගයන්ගෙන් යුත් මුදල් නෝට්ටුද රු 10, රු 5, රු 2, රු 1 හා ශත 50, ශත 25 යන අගයන්ගෙන් යුත් කාසිද නිකුත් කෙරේ.

මුදල් වල විවිධ ආකාරයන්

භාණ්ඩ හා සේවා මිලදී ගත හැකි ණය ගෙවිය හැකි ඕනෑම ස්වරෑපයක දැයක් මුදල් නම් වේ. මුදල් වන ප්‍රධාන වැදගත් කම් හුවමාරැ මාධ්‍යයක් වීම, ගබඩා කල හැකි වීම හා මැනිය හැකි වටිනාකමක් ඇති දෙයක් වීමයි. සමහර කතෘන් මුදල් යනු " සම්මත විලම්භිත ගෙවිම් මාධ්‍යයක්" ලෙස හදුන්වා ඇත.

මුදල් වලට සංසරනය වන ව්‍යවහාර මුදල් මෙන්ම, ඉතිරි කිරිමේ ගිණුම්, ඉල්ලුම් තැන්පතු හා තැම්පතු සහතික අයත් වේ. ත්මන් සමාජයේ ව්‍යවහාරික මුදල් යනු, මුදල් වල කුඩාම ඒකකයයි.

මුදල් යනු ඝනව වටිනාකම ඇති‍ ඒකකයක් නොව, ආර්ථිකයේ පිලිගත් වටිනාකමක් ඇති ඒකකයකි. මුදල් යනු ආර්ථික විද්‍යාවේ ඇති මුල්‍යමය කටයුතු වලට තිබෙන විශ්වාසදායකම ඒකකයි. මුදල් නොමැති සමාජයකදි භාණ්ඩ හුවමාරැ කරගැනීමේදි භණ්ඩ ඇති වුවමනාව හා එහි වටිනාකම මැනිම යනු ගැටළු සහගත විය. මුදල් භාවිතය වෙළද ‍හා කම්කරැ ක්පේස්ත්‍ර දියුණුවට හේතු විය.

මුදල් වල ප්‍රාමානික සංකල්පය මෙම සංකල්පයේදි වියදමේ අගය හා මුදල් ප්‍රමාණය අතර ධනාත්මක සබදතාව විග්‍රහ කරයි.

මුල්‍යමය ප්‍රතිපදාව (Monetary Policy)

ආණ්ඩුව, මහා බැංකුව හෝ මුල්‍යමය ආයතන විසින් මුදල් සැපයුම මුදල් ප්‍රමාණය මුදල් සදහා වියදම / පොලි අනුපාතය

ආර්ථිකයේ ස්ථායිතාව හා වර්ධනය උදෙසා පාලනය කිරිමේ ක්‍රමය මුල්‍යමය ප්‍රතිපදාව මුල්‍යමය ප්‍රතිපතාදව සංසාමන්‍යයෙන් ප්‍රසාරණය ප්‍රතිපදාවක් (expansionary policy ) හෝ සංකෝචන ප්‍රතිපදාවක් වේ. (Concretionary Policy) ප්‍රසාරනයේදි ආර්ථිකයට ඇති මුදල් සැපයුම ඉහල නංවන අතර, පොලි අනුපාතය අඩුකර මන්ධාව දමනයදි විරැකියාව නැතිකිරිමට භාවිතා වේ. සංකෝචන ප්‍රතිපදාවේ දි ආර්ථිකයට ඇති මුදල් සැපයුම අඩුකරන අතර, උද්දමනයට‍ පිළියෙලක් ලෙස පොලි අනුපාතය වැඩි කර සිදු කරයි. මුල්‍යමය ප්‍රතිපදාව, ආණ්ඩුවක ණය ගැනිම්, බදු හා වියදම් පිළිබද සලකන රාජ්‍යය ප්‍රතිපදාවට වඩා වෙනස් වේ.

මුදලේ ප්‍රමාණාත්මක න්‍යාය

ආර්ථික විද්‍යාවේදී, මුදලේ ප්‍රමාණාත්මක න්‍යායෙන් අදහස් කරන්නේ සියළු මිලගණන් වල හෝ වියදම් වල සාමාන්‍ය වටිනාකම ප්‍රමාණාත්මකව මුදලින් සඳහන් කිරීමය.

මූල්‍ය ප්‍රතිපත්තිය

මූල්‍ය ප්‍රතිපත්තිය පවත්වාගෙන යනු ලබන රට පාලනය කරන ආණ්ඩුව මහ බැංකුව හෝ මූල්‍ය බලධාරීන් ආර්ථිකයේ වර්ධනය සහ ස්ථාවරත්වය උදෙසා මුදල් සැපයුම, මුදලේ වලංගුතාව සහ මුදලේ වියදම හෝ පොලී අනුපාත පාලනය කරනු ලබයි. ඉතාම යෝග්‍ය ප්‍රසස්ත මූල්‍ය ප්‍රතිපත්තිමය ශිල්ප කෙසේ යොදාගන්නේද යන්න ‍මූල්‍ය න්‍යාය මඟින් සලසා දී ඇත.

මූල්‍ය ප්‍රතිපත්තිය සාමාන්‍යයෙන් යොමු වන්නේ එක්කෝ සංකෝචනාත්මක ප්‍රතිපත්තියකට නැතිනම් ප්‍රසාරණාත්මක ප්‍රතිපත්තියකටය. සංකෝචනාත්මක ප්‍රතිපත්තියෙන් ආර්ථිකයේ මුදල් සැපයුම අඩු කරන අතර ප්‍රසාරණාත්මක ප්‍රතිපත්තියෙන් මුළු මුදල් සැපයුම වැඩි කරනු ලබයි. සංකෝචනාත්මක ප්‍රතිපත්තිය සාම්ප්‍රදායකව භාවිතා කරනු ඇත. අඩු පොලී අනුපාත වලින් පසුබෑමට ලක්වූ සේවා ව්‍යුක්තිය, රැකියා හිඟය හා තරඟ කිරීමට උද්දමනය හා සටන් කිරීමට පොලී අනුපාතය ඉහල දැමීම සංකෝචනාත්මක ප්‍රතිපත්තියේ අරමුණක් වන්නේය. රාජ්‍ය ණය ගැනීම්, රාජ්‍ය වියදම්, රාජ්‍ය බඳුකරණය සදහන් පිස්කල් ප්‍රතිපත්තිය මූල්‍ය ප්‍රතිපත්තියෙන් වෙනස්වේ.

ආශ්‍රිත

Tags:

මුදල් මුදලේ පරිණාමයමුදල් වල ලක්ෂණමුදල් මුදලේ කාර්යයන්මුදල් මුදලේ වටිනාකමමුදල් ශ්‍රී ලංකාවේ මුදල් වල විවිධ ආකාරයන්මුදල් මුදලේ ප්‍රමාණාත්මක න්‍යායමුදල් මූල්‍ය ප්‍රතිපත්තියමුදල් ආශ්‍රිතමුදල්

🔥 Trending searches on Wiki සිංහල:

ලිංගිකත්ව අධ්‍යාපනයමත්ද්‍රව්‍යචෙස්ලිංගික ඊර්ෂ්‍යාවයෝනි මාර්ගයසංකේතය (රසායනික මූලද්‍රව්‍යය)කලා වැවශ්වසන රෝගඍතුසද්ධර්ම රත්නාවලියරත්න ශ්‍රී විජේසිංහශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝආයුර්වේදයඋදම්හෝමෝ හැබිලිස්රාග (සංගීතය)පිදුරුතලාගලවිලියම් ෂේක්ස්පියර්ආනන්ද රහතන්වහන්සේසරත් ගුණපාලඅභයගිරි විහාරයඅවුරුදු කුමරිය තේරීමසිදුහත් කුමරු පිළිසිද ගැනීම හා උපතගාල්ලසංවිධානගල් විහාරයඅට විසි බුදුවරුමිශ්‍ර සිංහල හෝඩියවෛද්‍ය විද්‍යාවශ්‍රී ලංකාවේ ආගමික පසුබිමලෝ වැඩ සඟරාවලිංගික සංසර්ගයදස පණතපොන්නම්බලම් රාමනාදන්රැකියා ආතතියඉල්ලුම සහ සැපයුමශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාශ්‍රී ලංකාවේ දියඇලිලිංගික ඉන්ද්‍රියන්කමතඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවදියවැඩියාවභගමණියසිංහල සන්ධිශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරඇඳුම්සුළඟශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවඉතාලියමී ගසලෝකයේ රටවල්ශ්‍රී ලංකාවේ වල් පැලැටිඉස්සන් වගාවමනෝ විශ්ලේෂණවාදයශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්වලව්වසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුපාස්කු උත්සවයනාගදීපයධම්මපදයශ්‍රී ලංකාවේ සිනමාවසිංහල න-ණ ල-ළ බේදයපාචනයකොහාසෞරග්‍රහ මණ්ඩලයඕලු මල්මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයදයානන්ද ගුණවර්ධනගණිකාවරූපවාහිනියඅනුරාධපුර ජේතවනාරාමයශ්‍රී ලංකාවේ පළාත් මල්බ්‍රිතාන්‍ය ලංකාවසේවා වියුක්තියපූජාවලිය🡆 More