අනුෂ්කා ෂර්මා: ඉන්දීය නිළි

අනුෂ්කා ෂර්මා (1988 මැයි 1) යනු ඉන්දීය චිත්‍රපට නිළියක හා නිෂ්පාදකවරියක වේ.

හින්දි සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිණියක වන ඇය ෆිල්ම්ෆෙයාර් සම්මානලාභිනියකද වේ.

අනුෂ්කා ෂර්මා
අනුෂ්කා ෂර්මා: ඉන්දීය නිළි
අනුෂ්කා ෂර්මා (2012)
උපත1 මැයි 1988 (1988-05-01) (වයස 35)
අයෝධ්‍යා, උත්තර් ප්‍රදේශ්, ඉන්දියාව
නිවහනමුම්බායි, ඉන්දියාව
ජාතිකත්වයඉන්දියානු
අධ්‍යාපනයබැංගලෝර් විශ්වවිද්‍යාලය
රැකියාව
  • නිළියක
  • චිත්‍රපටි නිෂ්පාදිකා
සක්‍රීය වසර2007–වර්තමානය තෙක්

1988 වසරේ මැයි මස පළමුවන දින අයෝධ්‍යාහී උපත ලබන අනුෂ්කා හැදීවැඩෙන්නේ බැංගලෝරය තුලයි. 2007 වසරේදී මෝස්තර නිරූපණ ශිල්පී වෙන්ඩල් රොඩ්රික්ස්ගේ නිරූපිකාවක් ලෙස සහභාගී වන ඇය පසුව වෘත්තීය වශයෙන් ඒ පිළිබඳව හැදෑරීමට මුම්බායි වෙත සංක්‍රමණය වූ අතර එහිදී යශ් රාජ් චිත්‍රපටහී හඬ පරික්ෂණයකට සහභාගීව, සිය ප්‍රථම සිනමා පටය වූ රබ් නෙ බනා දි ජෝඩිහී (2008) ශාරුක් ඛාන් සමග රංගනයේ යෙදීමට අවස්ථාව හිමිකර ගත්තාය. එම චිත්‍රපටයෙහි අනුෂ්කා විසින් සිදුකල රංගනය උදෙසා 2008 වසර සඳහා පැවැත්වූ ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලදී ඇය හොඳම නිළිය වශයෙන්ද නාම නිර්දේශයට ලක් වූවාය. පසුව 2010 වසරේදී තිරගත වූ බද්මාෂ් කම්පණි සහ බෑන්ඩ් බාජා බාරත් යන චිත්‍රපටි සඳහාද රංගනයෙන් දායක වූ ඇය, බෑන්ඩ් බාජා බාරත් සිනමාපටය වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලදී දෙවන වරටත් හොඳම නිළිය ලෙස නාම නිර්දේශයට ලක් විය.

2012 වසරේ තිරගත වූ ජබ් තක් හේ ජාන් චිත්‍රපටියෙහි අනුෂ්කා විසින් සිදුකල වාර්තා චිත්‍රපටි නිෂ්පාදිකාවකගේ චරිතය වෙනුවෙන් ඇය එම වසරේ ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලදී හොඳම සහය නිළිය ලෙස සම්මානයට පාත්‍රවිය. මීට අමතරව ඇය විසින් රංගනයෙන් දායක වූ ලේඩීස් වර්සස් රිකී බාහ්ල් (2011), මාතෘ කි බිජ්ලී කා මන්ඩෝලා (2013) හා බොම්බේ වෙල්වට් (2015), යන සිනමාපට විචාරකයින් අතර අවධානයට හා වාණිජ වශයෙන් සාර්ථකත්වයටද පත්විය. එසේම අනුෂ්කා දායක වූ 2014 වසරේ නිකුත් වූ පීකේ චිත්‍රපටිය එම කාලය තුල ඉන්දියානු චිත්‍රපටියක් විසින් හිමිකරගත් වැඩිම ආදායමක් වාර්තා කිරීමට සමත් විය. අනුෂ්කා හා ඇගේ සහෝදරයා විසින් 2014 වසරේ නිෂ්පාදනය කරන ලද අපරාධමය සිනමා පටයක් වූ එන්එච්10 (2015) චිත්‍රපටියෙහි ප්‍රධාන චරිතය අනුෂ්කා විසින් සිදු කරන ලදී.

Tags:

බොලිවුඩ්

🔥 Trending searches on Wiki සිංහල:

මානව සංවර්ධන දර්ශකයමනෝ විශ්ලේෂණවාදයඉරානයශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිලක්දිව දේශීය ආහාරමය අල වර්ගකාව්‍යශේඛරයආදරයදකුණු කොරියාවඅටුවාත්‍රිවිද්‍යාගම්පහ පාසල් නාමාවලියමී මැසි පාලනයරක්‍ෂණයවෙසක් උත්සවයසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුමුල් පිටුවතාරුණ්‍යය හා විවේකයරතු දත්ත පොතවැල්පාපන්දු ක්‍රීඩාවඉන්දුනීසියාවසිංහල ව්‍යාකරණඅනුරාධපුර ජේතවනාරාමයසිංහබාහු රජකෘත්‍රීම බුද්ධියකඩොලාන පරිසර පද්ධතියදෙවන ලෝක යුද්ධයකෝළම්දෙවි දේවතාවියෝමරියානා අගාධයවිවාහයකශේරුවඝනත්වයචාලක නියුරෝනයගජමන් නෝනාමඩු දේවස්ථානයඋපසර්ගD. J. Wimalasurendraකාලස් පුයිජ්දෙමොන්මහාසේන රජසාක්‍ෂිසේනක බිබිලේභූචලනග්‍රහලෝකඅපරාධ නීතියතිසා වැවශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවවැස්සශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවසයිකෝසියාවලක්දිව රාජාවලියහෙන්රි ස්ටීල් ඕල්කට්නන්දා මාලනීනිල්ලග්ගම බෞද්ධ ස්මාරකසූත්‍ර පිටකයමහියංගනයශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවවේවැල්කැටිය සෙල් ලිපියමුල් ළමාවියේ සංවර්ධනයශ්‍රී ලංකාවේ සංගීතයසිංහල අකාරාදි අනුපිලිවෙලමිනිසාගේ ස්නායු පද්ධතියමද්දුම බණ්ඩාරඅයිසැක් නිව්ටන්ළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාක්‍ෂය රෝගයකතෝලික සභාවඅපද්‍රව්‍ය කළමනාකරණයසුනාමිශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයශාකජී‍.බී. සේනානායකබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්සිංහල හෝඩිඋඩරට නැටුම්🡆 More