චෞසති ජෝගිනී දේවාලය

චෞසති ජෝගිනී මන්දීර් (64 ජෝගිනියන්ගේ දේවාලය)(ඔඩියා: ଚଉଷଠି ଯୋଗିନୀ ମନ୍ଦିର, ହୀରାପୁର) පිහිටියේ නැගෙනහිර ඉන්දියාවේ ඔඩිෂාවේ ප්‍රාන්තයේ අගනගරය වන භුබනේස්වර් සිට 20 km දුරින් පිහිටි හිරාපූර් නම් කුඩා ගම්මානයේ ය.

චෞසති ජෝගිනී දේවාලය
"ଚଉଷଠି ଯୋଗିନୀ ମନ୍ଦିର, ହୀରାପୁର"
චෞසති ජෝගිනී දේවාලය
චෞසති ජෝගිනී දේවාලය, හිරාපූර්
චෞසති ජෝගිනී දේවාලය is located in ඉන්දියාව
චෞසති ජෝගිනී දේවාලය
ඔඩිෂාව තුළ පිහිටීම
චෞසති ජෝගිනී දේවාලය is located in ඔඩිෂා
චෞසති ජෝගිනී දේවාලය
චෞසති ජෝගිනී දේවාලය (ඔඩිෂා)
මූලික තොරතුරු
පිහිටීමහිරාපූර්
භූගෝලීය ඛණ්ඩාංක20°13′35.454″N 85°52′32.141″E / 20.22651500°N 85.87559472°E / 20.22651500; 85.87559472 85°52′32.141″E / 20.22651500°N 85.87559472°E / 20.22651500; 85.87559472
අනුබැඳියාවහින්දු ආගම
දේවතාවාකාලි
උත්සවකාලි පූජා
දිස්ත්‍රික්කයකුර්දා
ජනපදයඔඩිෂා
රටචෞසති ජෝගිනී දේවාලය ඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයHypaethral
සම්පූර්ණ විස්තර
දේවස්ථාන(ය)2
ස්මාරක(ය)3
උන්නතාංශය17 m (56 ft)

මෙම දේවාලය ඉදිකරන ල්දදේ 9වන සියවසේ බ්‍රහ්ම රාජවංශයේ හිරාදේවී රැජින විසිනි.

වෘත්තාකාර සැලැස්මකින් යුතුව නිර්මිත මෙය සම්පූර්ණයෙන්ම නිර්මාණය කොට ඇත්තේ වැලිගල් කුට්ටිවලිනි. වෘත්තාකාර ප්‍රාකාරයට ඇතුළතින් කුටීර පිහිටි අතර, ඒ සෑම කුටීරයකම දෙවඟනකගේ ප්‍රතිමාවක් වේ. එවැනි ප්‍රතිමා 56කට ආසන්න සංඛ්‍යාවක් ඇති අතර, කළු ග්‍රැනයිට් පාෂාණයෙන් නිර්මිත ඒවා ප්‍රාකාරයේ කුටීර තුළ සවිකොට ඇත. මේවා පිහිටියේ කාලි දෙවඟනගේ ප්‍රධාන දේව ප්‍රතිමාවක් වටායි. මෙහි ඇය මිනිස් හිසක් මත සිටගෙන සිටින අතර, එමගින් බුද්ධිය පරදා හදවත ලද ජයග්‍රහණය සංකේතවත් කෙරේ. දේවාලයේ මධ්‍ය පූජාසනයක් (චණ්ඩි මණ්ඩප) ඇති අතර, එහි සතර පැත්තේ සෙසු දේවතා ප්‍රතිමා 8 තැන්පත් කොට ඇත. ඇතැම් ඉතිහාසයන් විශ්වාස කරන්නේ චණ්ඩි මණ්ඩපය තුළ මහා භෛරව ප්‍රතිමාවක් වන්දනයට ලක්වූ බවයි.

සූසැට ජෝගිනී දේවාලය තන්ත්‍රික දේවාලයකි. එහි ගෘහනිර්මාණ ශෛලියට හේතුවී ඇත්තේ තන්ත්‍රික යාඥා චාරිත්‍ර ක්‍රම භූමණ්ඩලය (ස්වභාවයේ පංච මහා ධාතූන්ගෙන් සැදුම් ලත් පරිසරය) හා සම්බන්ධ නිසායි.

ප්‍රදේශයේ පූජකයන්ට අනුව, දේවාලය හා සම්බන්ධ ජනප්‍රවාදය මගින් දුර්ගා දෙවඟන අර්ධ-දේවතාවියන් 64 දෙනාගේ වේශය ලබා ගනිමින් අසුරයකු පැරදූ ආකාරය කියැවේ. සටනින් පසු මෙම සූසැට දේවතාවියන් (ජෝගිනියන්) දුර්ගා දෙවඟනට තමන්ව සිහිපත් කරන්නට දේවාල ගොඩනැගිල්ලක් තනවන ලෙස පවසා ඇත.

ජෝගිනී ප්‍රතිමා මගින් සත්ත්වයකු, රාක්ෂයකු හෝ මිනිස් හිසක් මත සිටගත් කාන්තා රුවක් නිරූපණය වේ. මෙමගින් ශක්ති (ස්ත්‍රී බලය) විජයග්‍රහණය නිරූපණය වේ.මෙම ප්‍රතිමා මගින් කෝපය, ශෝකය, සතුට, ආශාව සහ ප්‍රීතිය වැනි විවිධ දෑ සංකේතවත් කෙරේ.

මෙවැනි දේවාල ඔඩිෂාවේ බලන්ගීර් දිස්ත්‍රික්කයේ රාණිපූර්-ජාරියාල් අඩවියෙන් සහ ඉන්දියාවේ තවත් ස්ථාන හතකින් හමුවේ.

64 යන සංඛ්‍යාව හින්දු පුරාණෝක්තිවේදය තුළ විවිධ ආකාරවලින් හමුවේ. මෙය නිදසුන් ලෙස කාලය සහ කලාවන් දැක්විය හැත. මෙම දේවාල සංකීර්ණයේ නඩත්තු කටයුතු සිදුකරනු ලබන්නේ ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව මගිනි.

මේවාත් බලන්න

  • චෞසත් යෝගිනී දේවාලය, ජබල්පූර්
  • යෝගිනී § සූසැට යෝගිනී දේවාල

ආශ්‍රේයයන්

ගැලරිය

බාහිර සබැඳි

සැකිල්ල:Khordha district සැකිල්ල:Shakti temples in Odisha


This article uses material from the Wikipedia සිංහල article චෞසති ජෝගිනී දේවාලය, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.

Tags:

චෞසති ජෝගිනී දේවාලය මේවාත් බලන්නචෞසති ජෝගිනී දේවාලය ආශ්‍රේයයන්චෞසති ජෝගිනී දේවාලය ගැලරියචෞසති ජෝගිනී දේවාලය බාහිර සබැඳිචෞසති ජෝගිනී දේවාලයor:ଚଉଷଠି ଯୋଗିନୀ ମନ୍ଦିର, ହୀରାପୁରඉන්දියාවඔඩිෂා

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවඑස්. පණීභාරතපංච කල්‍යාණපුත්තාණ්ඩුභාවනාස්ටීවන් හෝකිංදෙවොල් මඩුවඅක්මාවේ තෙල්පවුලඅභ්‍යවකාශ ගවේෂණයපරිගණක ඉතිහාසයකුසල් සහ අකුසල්පන්සල් වචනසුළඟකේතුවසමනලයාසිරිත් මල්දමපාපන්දු ක්‍රීඩාවශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපසිංහල උපසර්ගග්‍රාම නිලධාරීඝනත්වයමොස්කව්ශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවඅටමස්ථානසංවර්ධිත රටවල්බිලාවල් රාගයස්වභාවික වෘක්‍ෂලතාශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවකන්‍යාභාවයමත්ද්‍රව්‍යවිල්හෙල්ම් වුන්ඩ්ශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියනිදහස් දිනය (ශ්‍රී ලංකාව)දයානන්ද ගුණවර්ධනශාන්ති නිකේතන විද්‍යාපීඨයකශේරුවසිංහල වර්ණ මාලාවනියඟයබැක්ටීරියාදේවානම්පිය තිස්ස රජගුරුවරුන්ගේ දිනයචර්යා විද්‍යාවසිංහල සන්ධිවිධායක ඡනාධිපතිගොක් කලාවමයිනාකාලී දෙවඟනපෘථිවියෙහි භ්‍රමණයකෘෂිකර්මයසර්වෝදයඅවුරුදු කුමරිය තේරීමශ්‍රී ලංකාවේ සංගීතයඅවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (ලියනාඩෝ)රොඩීඑස් පහ (5S) ක්‍රමයකැලණිය රජ මහා විහාරයනිවනශ්‍රී ලංකාවේ කැටයම් කලාවඅර්ථයඩයලොග් ආසියාටාE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)සෞරග්‍රහ මණ්ඩලයකුණකටුවාවිටමින්මුස්ලිම්අංගුලිමාල පිරිතසෞඛ්‍යයශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිදීඝ නිකායනෙළුම්කලා වැවයාල ජාතික වනෝද්‍යානයබටතොට ලෙනසතර සතිපට්ඨානයසමලිංගිකතාව🡆 More