සර්පයෝ

සර්පයින් වසර මිලියන සියයකටත් පෙර සිට මිහිතලයේ වෙසෙන ජීවී විශේෂයකි.ලොව පුරා විවිධ වර්ගයේ සර්ප විශේෂ රැසකට අයත් සාමාජිකයෝ විශාල ප්‍රමාණයක් ජීවත් වෙති.ශ්‍රී ලංකාවේ වෙසෙන සර්ප විශේෂ ගණන අනෙකුත් ආසියානු රටවලට වඩා විශාලය.සර්පයින්ගේ ශරීරය හිස් කබල, කොඳු ඇට පෙළ හා ඉල ඇට වලින් නිර්මාණය වී ඇති අතර වියළි ‍කොරපොතු වලින් වැසී පවතී.බාහිරව ශ්‍රවණේන්ද්‍රියක් පිහිටා නොමැති නිසා වාතය හරහා එන ශබ්ද තරංග ග්‍රහණය කර ගැනීම දුර්වලය.නමුත් ගමන් කරන පෘෂ්ඨය හරහා එන ශබ්ද ග්‍රහණය කර ගැනීමට සමත්ය.මොවුන්ගේ දිව ඉතා සංවේදී අවයවයකි.අවට වාතයේ ස්වභාවය අවබෝධ කර ගන්නේ උඩු ඇන්දේ නාස් පුඩු හා ඇස් අතර පිහිටි සිදුරක් සහිත ඉන්ද්‍රියක් ආධාරයෙනි.ඇසි පිය වෙනුවට විනිවිද පෙනෙන කොරපොත්තක් පිහිටා තිබේ.චලතාපී සත්ව වි‍ශේෂයකි.

සර්ප‍යෝ
සර්පයෝ
Common garter snake,
Thamnophis sirtalis
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
උපවංශය: Vertebrata
වර්ගය: Reptilia
ගෝත්‍රය: Squamata
උපගෝත්‍රය: Serpentes
Linnaeus, 1758
Infraorders
  • Alethinophidia – Nopcsa, 1923
  • Scolecophidia – Cope, 1864
සර්පයෝ
World range of snakes
(rough range of sea snakes in blue)


  • සම්භවය : මීසොසොයික යුගය ක්‍රිටේසීය අවධිය
  • රාජධානිය (kingdom) : Animalia
  • වංශය (phylum): Chordata
  • වර්ගය (class): Reptilia
  • ගෝත්‍රය (order): Serpentes

සර්පයින්ගේ පොදු ලක්‍ෂණ

ගොනුව:සර්පයෙකුගේ කොටස්.jpg
සර්පයෙකුගේ කොටස්
  • ශරීරයේ එක් කෙළවරක පැතලි වූ හිසක් දැරීම
  • කශේරුවක් සහ කපාලයක් සහිත අස්ථි සැකිල්ලක් දැරීම
  • සිරුර මතුපිට අපිචර්මීය කොරළ වලින් වැසී තිබීම
  • පෘෂ්ඨයට සමීපව ශරීරය තබාගෙන ගමන් කිරීම
  • ග්‍රන්ථි රහිත වියළි සමක් දැරීම
  • සංවෘත රුධිර සංසරණයක් හා සම්පූර්ණ ද්විත්ව සංසරණයක් පැවතීම
  • කුටීර තුනකින් යුත් හෘදයක් පැවතීම
  • ඇස, දිව, නාසය සහ සම යන සංවේදී ඉන්ද්‍රියයන් පැවතීම
  • බාහිර කන් සිදුරු නොමැති නිසා ශබ්ද නොඇසීම
  • පංචාංගුලික ගාත්‍රා පැවතීම
  • අභ්‍යන්තර සංසේචනයක් තිබීම
  • කලල පටල විකසනය වීම
  • කවච වලින් වටවූ බිත්තර දැමීමෙන් සහ පැටවුන් බිහි කිරීමෙන් වර්ලයා බෝ කිරීම
  • චලතාපී සතුන් වීම
  • බහිස්‍රාවී ඵලය යුරික් අම්ලය වීම.එය ඝන ස්වරූපයෙන් මළද්‍රව්‍ය සමඟ පිටවීම නිසා මුත්‍රා ලෙස ජල හානියක් සිදු නොවීම
  • හිස් කබලේ අපර කපාල සන්ධාන අග්‍ර එකක් පිහිටයි.කපාල ස්නායු යුගල් 12ක් පිහිටයි
  • පෙනහළු තිබීම
  • බහිස්‍රාවයට වෘක්ක දැරීම

දළ

ගොනුව:විෂ ලබා ගැනීම.jpg

සර්පයින්ගේ දත් මුඛය තුළට වක්‍ර වී පිහිටයි.ගොදුරු රඳවා ගැනීමටත්, ගොදුර ටිකෙන් ටික ගිලීමටත් උඩ හා යටි හනුවේ පිහිටි දත් උපයෝගී වේ.සර්පයින්ගේ විෂ අනුව ඔවුන්ට පිහිටන විෂ දළ ද වෙනස් වේ.

විෂ දළ වර්ග

  • Ophisthoglyphous

මාපිලුන්, ඇහැටුල්ලන් වැනි සුළු විෂ සහිත සර්පයන්ට මෙම දළ පිහිටයි.මුඛයේ මඳක් කෙළවරට වන්නට මෙම දළ පිහිටීමත්, දළයන්හි වූ පීල්ලෙහි ගැඹුර අඩු නිසාත් කාර්යක්‍ෂම ලෙස මොවුන්ට විෂ ඇතුළු කළ නොහැක.

  • Proteroglyphous

උග්‍ර විෂැති කරවලුන්ට සහ නාගයන්ට මෙම දළ පිහිටයි.මුඛයේ ඉදිරි කෙළවරට වන්නට පිහිටා ඇති මෙම දළ තුළ ඇති පීල්ල ගැඹුරුය.ඒ නිසා දෂ්ඨනයේදී සාර්ථක ලෙස විෂ ශරීරගත වේ.

  • Solenoglyphous

තිත් පොළඟා, වැලි පොළඟා වැනි සර්පයන්ට මෙම සිහින් නාලයක් වැනි විෂ දළ පිහිටයි.විෂ ග්‍රන්ථියේ සිට දිවෙන මෙම නාලය දළය කෙළවරින් විවෘතව දක්වයි.ඒ නිසා මෙය ඉතා කාර්යක්‍ෂමව විෂ ඇතුළු කරන දියුණුම දළ වර්ගයකි.

විෂ

සර්පයන් විසින් ගොදුරු අල්ලා ගැනීමට හා ගොදුරු කරගත් ආහාරය දිරවීමට මෙන්ම ආරක්‍ෂාවට ද විෂ උපයෝගී කර ගනී.සර්ප විෂ බහුලව ප්‍රෝටීන් අඩංගු ජලීය මිශ්‍රණයකි.කහ හෝ දුඹුරු වර්ණයන්ගෙන් යුක්ත වේ.ජලයට වඩා ඝනකමින් වැඩිය.ඛේට ග්‍රන්ථීන් විශේෂණය වීමෙන් විෂ ග්‍රන්ථි නිර්මාණය වී ඇත.සර්ප විෂෙහි අඩංගු එන්සයිම ප්‍රභේද 30ක් පමණ වේ.මේ අතර ප්‍රධාන වන එන්සයිම තුනක් වේ.

  • හයලුරොනිඩේස් (සර්ප විෂ ශරීරය පුරා පතුරුවයි.සෛල එකට බැඳ තබන හයලුරොනික් අම්ලය විනාශ කරයි.පටක ලිහිල් වේ.)
  • ෆොස්ෆොලිපේස් (විෂ ගමන් ගන්නා මගදී හමුවන දේහ සෛල වල සෛල පටක විනාශ කරයි.)
  • ප්‍රෝටිනේසස් (දෂ්ටනය අවට පටක කුණු වීමත් රුධිර කේශ නාලිකා බිඳ දමමින් ලේ ගැලීමත් සිදු කරයි.)

සර්ප දශ්ඨනය

ප්‍රථමාධාර ලබා දීම

ගොනුව:Giving first aid.JPG


විෂ සහිත සර්පයෙකු දෂ්ට කළ විට ප්‍රථමාධාර ලබා දීම

  • රෝගියා සර්පයාගෙන් ඉවත් කරන්න.
  • රෝගියාගේ බිය තුරන් කරන්න.
  • ඇඳුම් ලිහිල් කරන්න. විෂ සහිත සරපයෙකු දෂ්ට කළ ස්ථානය ඉදිමීමට ලක් විය හැකිය.එම නිසා එවැනි ස්ථාන වල මුදු, වළලු ආදිය ඇත්නම් ඉවත් කරන්න.
  • ලේ ගමනාගමනය වේගවත් කරන ක්‍රියාකාරකම් වලින් විෂ ශරීරය පුරා පැතිරවීම වේගවත් කරන නිසා එවැනි ක්‍රියාකාරකම් වලින් වළකින්න.
  • දෂ්ටනයට ලක් වූ ස්ථානය කැපීමෙන් හෝ මුව තබා විෂ ඉරීමෙන් වළකින්න.
  • දෂ්ටනයට ලක් වූ ස්ථානය සබන් සහ ජලයෙන් සෝදන්න.
  • තුවාලය තදින් වෙලන්න.
  • දෂ්ටනයට ලක්වූ අවයවය සෙලවීමෙන් වැළැක්වීම සඳහා පතුරක් තබා වෙලන්න.භාවිතා කරන පතුරේ කෙළවර හදවතේ මට්ටමට වඩා පහළින් තබන්න.
  • ‍රෝගියා සන්සුන්ව සහ ආරක්‍ෂාකාරීව තබන්න. වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන තෙක් විවේක ගැනීමට සලස්වන්න.රෝගියා සිහිසුන් වී නොමැති නම් දියර වර්ග පානය කිරීමට දෙන්න.
  • තැඹිලි වතුර, මත්පැන් සහ ඇස්ප්‍රීන් අඩංගු ඹෟෂධ වර්ග පානයට ලබාදීමෙන් වලකින්න.

විෂ නැති සර්පයෙකු දෂ්ට කළ විට ප්‍රථමාධාර ලබා දීම

විෂ නැති සර්පයෙකු සර්පයෙකු දෂ්ට කළ විට ජීවිත අවදානමක් නොමැති වුවද වේදනාව සහ ආසාදන තත්වයන් ඇති විය හැකිය. මේ නිසා,

  • තුවාලය ප්‍රවේශමෙන් පිරිසිදු කරන්න.පිරිසිදු ජලයෙන් ‍සෝදන්න.
  • ප්‍රතිජීවකයක් ආලේප කරන්න.
  • තුවාලය වෙලන්න.ආසාදිත ස්ථානය ආරක්‍ෂා කිරීමට සහ ආසාදනය වැළැක්වීමට මෙය උපකාරී වේ.

Tags:

සර්පයෝ සර්පයින්ගේ පොදු ලක්‍ෂණසර්පයෝ දළසර්පයෝ විෂ දළ වර්ගසර්පයෝ විෂසර්පයෝ සර්ප දශ්ඨනයසර්පයෝ ප්‍රථමාධාර ලබා දීමසර්පයෝ

🔥 Trending searches on Wiki සිංහල:

අනුරාධපුර රාජධානියශ්‍රී වික්‍රම රාජසිංහ රජශ්‍රී ලංකාව ආවේණික මසුන්ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයසන්දේශ කාව්‍යසීගිරි ගීබුධසාගර විද්‍යාවශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුවනෙළුම්සර්වෝදයගිරවුහෙන්රි ස්ටීල් ඕල්කට්ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවසතර අපායශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයමහින්දාගමනයලෝක පුදුමරන්ජන් රාමනායකදරු නැලවිලි ගීනර්තනයඋසස් පෙළ දේශපාලන විද්‍යාවශ්‍රී ලංකාවේ අධිකරණයශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවපන්සිල්කොළඹ විශ්වවිද්‍යාලයසතර සතිපට්ඨානයඅපද්‍රව්‍ය කළමනාකරණයලංකා බැංකුවභූචලනමහාභාරතයහෙළ ගණන් ක්‍රමයශ්‍රී ලංකාවේ දියඇලිමරියානා අගාධයබුදු දහමඅමරදේවහලාවතඅශ්වයාඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරසිංහල අකාරාදි අනුපිලිවෙලජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලඅක්මාවශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවකෝළම්තාප රසායනයමනෝ විශ්ලේෂණවාදයශ්‍රී ලංකාවේ ආදිවාසීන්බෞද්ධ භාවනාවිධායක ඡනාධිපතිමහාද්වීපමධ්‍යම සැකසුම් ඒකකයකුඹුක්එච්. ඇල් ද සිල්වාබ්‍රහස්පති ග්‍රහයාපණ්ඩුකාභය රජහිරුඅකුණුශ්‍රී ලංකා කොටියාපොදු නීතියමුදු කරවලාඅවුරුදු කුමරිය තේරීමවෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවසිංහල අක්ෂර වින්‍යාසයනිල් මානෙල්ලෝක ජනගහනයනිශ්ශංක මල්ල රජමහාවංශයදෙවන ලෝක යුද්ධයධවල පත්‍රිකාවහික්කඩුවේ සුමංගල තෙරණුවෝනාගරීකරණයසජිත් ප්‍රේමදාසසාම්ප්‍රදායික සිංහල විවාහසමගි ජන බලවේගයපළමුවන විමලධර්මසූරිය රජදමයන්ති දර්ශා🡆 More