ෂාරුක් ඛාන් ගැන වැඩිදුරටත්

උපත 1965 නොවෙම්බර් 2 (වයස 44)

නිව් දිල්ලි, ඉන්දියාව

වෙනත් නම්ෂාහ් රුඛ් ඛාන්, ඛින්ග් ඛාන්, SRK, ඛින්ග් ඔෆ් බොලිවුඩ්

වෘත්තියසිනමා නලුවෙකු, රූපවාහිනි නිවේදකයෙකු, තිර රචකයෙකු

ක්‍රියාකාරී කාලය1988– වර්තමානය දක්වා

විවාහකයාඝෞරි ඛාන් (1991– වර්තමානය දක්වා)


ෂාරුක් ඛාන් (හින්දි: शाहरुख़ ख़ान, උර්දු: شاہ رُخ خان; 1965 නොවෙම්බර් 2 උපත ලැබූ), ඇතැම් විට ෂා රුක් ඛාන් ලෙසද හඳුන්වන මොහු ඉන්දියානු නළුවෙකු සහ බොලිවුඩ් සිනමාවේ කැපී පෙනෙන චරිතයක් වන අතරම චිත්‍රපට නිශ්පාදකයෙකු සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකුද වන්නේය. 1980 දශකයේ රූපවාහිනී නාට්‍ය මාලාවන් කිහිපයක රංගනය ඔහුගේ රංගන දිවියේ ඇරඹුම විය. “දීවානා” (1992) ඔහුගේ මංගල චිත්‍රපටය විය. ඉන් පසුව වාණිජ වශයෙන් සාර්ථක වූ චිත්‍රපට රැසක රංගනයෙන් දායක වූ අතර එහි දැක්වූ රංගනයන් අතිශයින්ම පැසසුමට භාජනය විය. ඛාන්, ෆිල්ම් ෆෙයා සම්මාන 13ක් දිනා ගැනීමට සමත් වූ ඇතර ඉන් 7ක්ම හොඳම නළුවා කොට්ඨාශයේ විය.

අති සාර්ථකම ඉන්දියානු නළුවෙකු වන ඛාන් රඟපෑ, දීල්වාලේ දුල්හනියා ලෙ ජයෙන්ගෙ (1995), කුච් කුච් හොත හෙ (1998), චක් දෙ ඉන්ඩියා (2007), ඕම් ශන්ති ඕම් (2007) සහ රබ් නෙ බනා දි ජොඩි (2008)බොලිවුඩ් සිනමාවේ විශිෂ්ඨතම නිර්මාණයන් වූ අතර කභි කුශි කභි ගම් (2001), කල් හො නා හො (2003),වීර්-සාරා (2004), කභි අල්විද නා කෙහෙනා (2006) සහ මඉ නෙම් ඊස් ඛාන් (2010) වැනි චිත්‍රපට ජාත්‍යන්තර වශයෙන් ආදායම් ඉපැයූ ඉන්දියානු චිත්‍රපට වේ.

2000 වසරේ සිට ඛාන් චිත්‍රපට නිශ්පාදනයට සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කිරීමෙහි යෙදුනි. , ඩ්‍රීම්ස් අන්ලිමිටඩ් (Dreamz Unlimited) සහ රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් (Red Chillies Entertainment) යන නිශ්පාදන සමාගම්හි ආරම්භකයා මෙන්ම අයිතිකරුවාද වන්නේ ඔහුමය. රසිකයින් බිලියන ගනනාවක් ආදරය කරන සහ ශුද්ධ වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 2500 (ඇ.ඩො. මිලියන 540) ලෙස ගනන් බලා ඇති ඛාන් දැනට ලොව අති සාර්ථකම සිනමා තරුව බවට පත්ව ඇත. 2008 වසරෙදී නිව්ස් වීක් සඟරාව ඔහු ලොව වඩා බලවත්ම මිනිසුන් 50 දෙනා අතරට නම් කරන ලදී.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

බලශක්ති සංරක්‍ෂණයශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවබිලාවල් රාගයදඬුලේනාහජ්ත්‍රිපිටකයආයුර්වේදයඇම්බැක්කේ දේවාලයපුරාවිද්‍යාවශ්‍රී ලංකාවේ සිනමාවසැකිල්ලසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ශ්‍රී දළදා මාළිගාවඅනුර කුමාර දිසානායකආදරයකාෆි රාගයසීගිරි ගීලංකා බැංකුවඉද්දසියදිවි නසාගැනීමඍග් වේදඒ.ටී. ආරියරත්නලාඕසයසිද්ධි අධ්‍යයනයමිනිස් ලිංගික ක්‍රියාඑන්සයිමබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවඉලෙක්ට්‍රෝන වින්‍යාසයමඩොල් දූවයුනෙස්කෝශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයරජරට රාජධානියඝනත්වයතිසා වැවලෝක ජනගහනයඇරිස්ටෝටල්පාසල්වික්ටෝරියා උද්‍යානය, නුවරඑළියශ්‍රී ලංකාවේ කුල ක්‍රමයකඩවතදේශබන්ධු තෙන්නකෝන්යමන් රාගයසමනලයාඅළු කෑදැත්තාජර්මනියසිංහල හින්දු අලුත් අවුරුද්දශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවලිංගිකත්ව අධ්‍යාපනයයුරෝපයඋකුස්සාදිලීරතෝමස් අල්වා එඩිසන්ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයරුසියානු-යුක්‍රේන යුද්ධයප්ලූටෝසිංහරාජ වනාන්තරයශ්‍රී ලංකාවේ අධිකරණයඅමරදේවහෝමෝ හැබිලිස්ක‍ඩොලානඑස්. පණීභාරතඉබ්බන්කටුව මහශිලා සුසානයඋඩරට නැටුම්පුවත්පත්ශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවස්ත්‍රී පුරුෂ භාවයලිංගාශ්‍රිත රෝගකැනඩාවග්‍රාම නිලධාරීහබන් කුකුළානෙළුම් කුළුණසාමයදෙමළ භාෂාවකැලණිය රජ මහා විහාරයදේවානම්පිය තිස්ස රජකුවේණි කුමරියශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියා🡆 More