ශ්‍රී ලංකාභිමාන්‍ය

ශ්‍රී ලංකාභිමාන්‍ය (ඉංග්‍රීසි: Sri Lankabhimanya) යනු පුද්ගලයෙකු විසින් ජාතිය වෙනුවෙන් විදහා පෑ කැපීපෙනෙන සහ විශිෂ්ඨ සේවය උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන ශ්‍රී ලංකාවේ ඉහළම සිවිල් ජාතික ගෞරව අභිධානයයි.

එය සමස්ථ රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් පිළිගන්වනු ලබයි. මෙම ගෞරවාභිධානය සමකාලීනව දැරිය හැක්කේ ශ්‍රී ලාංකිකයන් පස්දෙනෙකුට පමණක් වන අතර, පුද්ගලයෙකුගේ මරණයෙන් අනතුරුවද මෙම අභිධානය පිරිනැමිය හැකි වේ. සාම්ප්‍රදායිකව අභිධානලාභියාගේ නාමය ඉදිරියෙන් දේශබන්ධු යන්න, පදවි නාමයක් හෝ උපසර්ග නාමයක් ලෙස භාවිතා කරනු ලැබේ. 1986 වර්ෂයේ සිට මේ වන විට මෙම ගෞරව නාමය පුද්ගලයෝ අට දෙනෙකුට පමණක් පිරිනමා තිබේ.

ශ්‍රී ලංකාභිමාන්‍ය ගෞරවාභිධාරීන් ලැයිස්තුව
වසර අභිධානලාභියා ක්ෂේත්‍රය ජනාධිපති
1986 රණසිංහ ප්‍රේමදාස දේශපාලනය ජේ.ආර්. ජයවර්ධන
1993 ඩිංගිරි බණ්ඩා විජේතුංග දේශපාලනය රණසිංහ ප්‍රේමදාස
2005 ආතර් සී. ක්ලාක් විද්‍යාව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
2005 ලක්ෂ්මන් කදිර්ගාමර් දේශපාලනය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
2007 ඒ.ටී. ආරියරත්න සිවිල් සේවය මහින්ද රාජපක්ෂ
2007 ලෙස්ටර් ජෙම්ස් පීරිස් සිනමාව මහින්ද රාජපක්ෂ
2007 ක්‍රිස්ටෝපර් වීරමන්ත්‍රී අධිකරණය මහින්ද රාජපක්ෂ
2017 අමරදේව සංගීතය මෙෙත්‍රීපාල සිරිසේන
2023 කරු ජයසූරිය දේශපාලනය රනිල් වික්‍රමසිංහ

මූලාශ්‍ර

Tags:

ඉංග්‍රීසි භාෂාවශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ ජනාධිපති

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවශ්‍රී ලංකාවේ ආර්ථිකයජන කවිඑස්‌. මහින්ද හිමිබුද්ධ ප්‍රතිමාඑල්ලේටජ් මහල්පවුලඋපසර්ගචේ ගුවේරාසෞඛ්‍යයශ්‍රී ලංකා නාවික හමුදාවශුද්ධවූ මතෙව් තුමාගේ සුභාරංචියකෝට්ටේ යුගයමන්ද පෝෂණයපරිගණක මෙහෙයුම් පද්ධතිඅතුල විජේසිංහලිංගික ඊර්ෂ්‍යාවකෙටිකතාශ්‍රී ලංකාවේ ජනාධිපතිපිළිකාසමාජයසරත් ගුණපාලකළු කවුඩාක්ෂුද්‍ර ජීවීන් සහ රෝගනිදහස් දිනය (ශ්‍රී ලංකාව)සංකේතය (රසායනික මූලද්‍රව්‍යය)හතරවන පරාක්‍රමබාහු රජශ්‍රී පාදස්ථානයශ්‍රී ලාංකීය සංස්කෘතියලෙප්ටොස්පයිරෝසිස්සතර අගතිනෙළුම්ගෞතම බුදුන්ගේ ධාතූන්කාව්‍යශේඛරයවිවාහයඅවුකන බුදු පිළිමයසීතාවක පළමුවන රාජසිංහ රජුබුදුගුණ අලංකාරයසොළොස්මස්ථානකෙසෙල්රණසිංහ ප්‍රේමදාසඅඹශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයමහා ප්‍රජාපතී ගෝතමීජන සන්නිවේදනයඉන්දියාවසමනලයාශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියමුල් පිටුවජාවා (ක්‍රමලේඛන භාෂාව)අම්මාආර්ථික සංවර්ධනයශුද්ධවූ පේදුරු තුමාක්ලෝරීන්මත්ද්‍රව්‍යකතෝලික සභාවවයඹ පළාත, ශ්‍රී ලංකාවඉතාලියකජුආර්ය අෂ්ඨාංගික මාර්ගයලංකාවේ කැලෑ බළලුන්සිදුහත් කුමරු පිළිසිද ගැනීම හා උපතවෙරළුශුද්ධාත්ම ඵලඊශ්‍රායලයදාම්සුනාමිභූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලියහෙළ ගණන් ක්‍රමයදෙමළ ජනතාවආයුර්වේදයසාපේක්ෂතාවාදයමහාවංශයරැකියා ආතතියමරියතුමිය (ජේසුස් වහන්සේගේ මෑණියෝ)🡆 More