ලංකා ඉතිහාසය-විජයගේ සම්භවය

විජය හා පිරිස් සම්බන්ධ පුරාවෘත්තවල සඳහන් වන විජයගේ මුල් භුමිය ලාල රත්ත හි (ලාට රාෂ්ට්‍ර) සිහපුර (සිම්හපුර) විය හැකිය.

මෙය (වර්තමාන ගුජරාටය) ටොලමිගේ ලරිකා ලෙස හඳුනාගෙන ඇත. සංස්කෘතික ග්‍රන්ථවල ලාල - ලාට දේශ වශයෙන්ද ගැනේ. අල් බිරුනි එය 'ලාර්දේශ්' ලෙස හඳුන්වයි. එක් වීර කාව්‍යයක ඉහළ ඉන්දුස් ප්‍රදේශයේ තිබුණු සිංහපුර රාජධානියක් ගැන කියැවේ. උර්යා, අභිසාර, බාහ්ලිකා දරදා සහ කාම්බෝජ්, යනාදී ස්ථාන එයට මායිම් වේ. 7 වෙනි සියවසේ චීන වන්දනාකාර හියුං සියැං පවා මෙම සිංහ පුර ගැන සඳහන් කර ඇත. (sang-ho-pu-lo) ඔහු සඳහන් කරන්නේ එය ගාන්ධාර (වයඹ පන්ජාබ්) දේශයේ ඉහළ ඉන්දුස් ප්‍රදේශයේ තැනක් බවයි. සමහරු එය ලුණු කඳුවලට ඉහළ ප්‍රදේශයක් යයි කියති. තවත් සිංහපුර නම් ස්ථානයක් ගුජරාටයේ තිබෙන බව සඳහන් වේ. එය ධ්‍රැව සේන නම් මෛත්‍රක රජුගේ අධිකාරි පත්‍රයක සඳහන් කර ඇත. (ක්‍රි.ව.525-545)

කතියාවද්හි "සිගොර්" (සිංගෝර්?) යනු එහි වර්තමාන නමයි. 'හිංගුර්' යනුවෙන් කියැවෙන පුරාන ස්ථාන නමයක් ඉන්දුස් ඩෙල්ටාවේ අන්තිම තුඩුවේ සිට සැතපුම් 40 ක් නැගෙනහිරින් තිබුණි. එය සිංහලයන්ගේ පුරාණ කතාවල සඳහන්වන සිංහපුර යන්නේ නෂ්ඨාවශේෂයක් විය හැක. (හිංගුර්<සිංගුර්<සිංග්පුර්<සිංහපූර්). මහා භාරතයේ සඳහන් වන 'සභාපර්ව' හි ග්‍රාමනෙයා නම් ජන කොටස සිංහලයන්ගේ මුතුන් මිත්තන් යැයිද පෙන්වා දී ඇත. ග්‍රාමනේයාවරුන්ගේ මුල් භූමිය ගාන්ධාර/කාම්බොජ දේශයෙහි සිංහපුර යයි විශ්වාස කළ හැක.එහෙත් එම ජනතාව එහි සිට ඉන්දුස් ග‍ඟේපහළට ආහ. ඉන් පසු පණ්ඩව නකුල විසින් පරදවනු ලැබ සෞරස්ත්‍ර අර්ධද්වීපයට යන්නට ඇත. එහිදී ඔව්හු සෞරස්ත්‍ර අර්ධ ද්වීපයෙහි කුඩා රාජ්‍යයක් පිහිටුවා ගන්නට ඇත. පොදු යුගයට ශත වර්ෂ ගණනාවකට ඉහතදී මෙය සිදුවන්නට ඇත. එම කුඩා රාජ්‍යයට ඔවුන් සිංහපුත්‍ර යනුවෙන් නම් තබන්නට ඇත්තේ ගාන්ධාර/කාම්බොජයේ ඔවුන්ගේ පැරණි සම්බන්ධය සිහිකිරීමට විය හැක.බොහෝ දුරට සිදු විය හැක්කේ ආර්ය භාෂා කථා කරන මුල්ම පිරිස ලෙස අප දන්නා විජය සහ ඔහුගේ 700 ක් වූ පිරිස කතියවාද් හි සිහොර් නම් කොටසට හෝ එසේ නැත්නම් ඉන්දු ඩෙල්ටාවේ නැගෙනහිර පෙදෙසේ හිංගූර් නම් ජන කොටසට අයිති වන්නට ඇති බවයි. එහි සිට ඔව්හු ශ්‍රී ලංකාවට යාත්‍රා කරන්නට ඇත. ජනපදිකයින් ලෙස එහි පදිංචිවන්නට ඇත. ශ්‍රී ලංකාව සමග වයඹ කාම්බොජවරු සම්බන්ධතා තිබුණු බව මෙම කරුණුවලින් අනුමාණ කළ හැක. වැඩි විස්තර සඳහා (Kamboja Colonists of Sri Lanka) බලන්න.

වර්තමාන ඔරිස්සාවේ තිබුණු කාලිංග දේශයේ පුරාණ අගනුවර වූ සිංහපුරය එම සිංහපුරයම වන්නට ඇත. නිශ්ශංක මල්ලගේ විස්තරයක සඳහන් වන්නේ කාලිංග දේශයේ අගනුවර සිංහපුර බවයි. මයිල්වාකනපුලවර් විසින් 18 සියවසේ ලියන ලද යාල්පානවයිපවමාලෙයි කෘතියෙහි උක්කිර සින්ගන් නමැති ‍රජෙකු ගැන සඳහන් වේ. විද්වතුන් කියන්නේ මොහු කාලිංග මාඝ බවයි. චූලවංශය සඳහන් කරන්නේ කාලිංග මාඝ යනු ඉන්දියාවේ නැවතී සිටි විජයගේ සහෝදරයෙකුගෙන් පැවත එන්නෙකු බවයි. යාල්පානවයිපවමාලෙයි කෘතිය ඉතිහාස කරුණු අඩංගු ලේඛණයක් ලෙස පිළි නොගත්තද මධ්‍ය කාලීන දෙමළ ජනයා විජය පුරාවෘත්තය ගැන පැහැදිලි දැනීමක් ඇතිව සිටින බැවින් ඔවුන් සිංහල රජු කාලිංග වැසියෙකු ලෙස හඳුනා ගනිති.



References

http://en.wikipedia.org/wiki/Vijaya#Origins_of_the_Viyaya_Clan

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ළමා අපයෝජනයසිද්ධාර්ථ කුමරුමීකිරිසංස්කෘතියගාල්ලශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසඇඩොල්ෆ් හිට්ලර්මායා දේවිය (බුදුන් වහන්සේගේ මෑණියන්)ඉන්ෆ්ලුවෙන්සාපෘථිවි වායුගෝලයජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවනිඛිලයෝනි මුඛය10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”දියවැඩියා රෝගීන්ගේ දෙපාආචාර්ය එස්‌. පනීභාරතශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවඅධ්‍යාපන මනෝ විද්‍යාවයුරෝපයේ ජාතික රාජ්‍යමී ගසශ්‍රී ලංකාවේ බුද්ධාගමවෘත්තීය අධ්‍යාපනයසමාජානුයෝජනයක්‍රි.ව.1818 පළමු නිදහස් සටනඅනුරාධපුර ජේතවනාරාමයදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමආකිමිඩීස් නියමයමහනුවර යුගයේ සිතුවම් කලාවධර්ම සංගායනාශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවහෙළ ගණන් ක්‍රමයක්ෂුද්‍ර ජීවීන් සහ රෝගසිංහල අත් බෙහෙත්පෙර පාසල්වෛරස් පිළිබඳ හැඳින්වීමක්පෘථිවියෙහි භ්‍රමණයන්‍යෂ්ටික ශක්තියශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවකොරෝනා වෛරසයශ්‍රී මහා බෝධිය, අනුරාධපුරමාණික්කාවත (ටෙලිනාට්‍යය)දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත (ශ්‍රී ලංකා)ශ්‍රී ලංකාවේ පාසල් ලැයිස්තුවදෙවන ලෝක යුද්ධයලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්දිලීරසිංහල භාෂාවත්‍රිපිටකයබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාජෛව විවිධත්වයලතා මංගේෂ්කාර්ලංකාවේ කැලෑ බළලුන්බුදු දහමපළමුවන ලෝක යුද්ධයශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික බෞද්ධ අධ්‍යාපනයඅපද්‍රව්‍ය කළමනාකරණයයුද්ධරූපවාහිනියේ ඉතිහාසයලංකාවේ වාරි කර්මාන්තයගෞතම බුද්ධ පරිනිර්වාණයමහියංගනය රජ මහා විහාරයශ්‍රී ලංකාවේ වල් පැලැටිපොළොන්නරුව පෞරාණික නගරයපුරාවිද්‍යාව පිලිබද නිර්වචන1829 බ්‍රේල්පරිණාමයසාම්ප්‍රදායික සිංහල විවාහඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපඅන්තර්ජාලයශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කසමස්ථානිකවැලිවිට සරණංකර හිමිස්වභාවික වෘක්‍ෂලතා🡆 More