පරෙවි සන්දේශය

පරෙවි සන්දේශය, ගිරා සන්දේශය, සැලළිහිණි සන්දේශය, කොවුල් සන්දේශය, හංස සන්දේශය, යන මේ සන්දේශ කෝට්ටේ යුගයේ රචනා වූ ඒවාය.

කෝට්ටේ යුගයේ දී බිහි වූ මුල්ම සන්දේශ කාව්‍යය ලෙස පරෙවි සන්දේශය හඳුන්වා දිය හැක.තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන් විසින් පරෙවි සන්දේශය ලියන ලදී. ඒ බව පරෙවි අස්නේ සඳහන් වන, “කඳ කුමරුන් වර ලද පසළොස්   වයසවදහළ රහල් වැඩි තැන කල රුවු   සඳෙස” කියමනෙන් පැහැදිලි වෙයි. ශ‍්‍රී රාහුල හිමියන් වාසය කළේ තොටගමුවේය. නමුත් පරෙවියා පිටත් කර හරින්නේ එවකට අගනුවර ලෙස සැලකෙන ජයවර්ධනපුරයේ සිටයි. දෙවිනුවර උපුල්වන් දේවාලයට පරෙවියා සන්දේශය රැගෙන යයි.ශ‍්‍රී රාහුල හිමියන් මුලින්ම පරෙවියාට ආසිරි පතන්නේ මෙවැනි ගීයකිනි.සැරද පරෙවිඳු සඳ – පඬුවන් සුරත් සරණින්පහළ හළ කිරි මුහුදින් - සහ පබළ පලු සක්වන්! “සුදු සිරුරත් රතු පාට වන් වූ පතුලත් නිසා හරියට කිරි මුහුදින් පහළ වූ පබලා දලුවලින් යුක්ත හක්ගෙඩියක් බඳු පරෙවි රජතුමාණෙනි බොහෝ කල් ජීවත් වන්න” නූතනයේ කෝට්ටේ නමින් හැඳින්වෙන ප‍්‍රදේශය අතීතයේ ජයවද්දන පුරය නම් විය. මේ පුරය අලගක්කෝනාර නම් ඇමතිවරයා විසින් ගොඩ නගන ලදී. මෙහි සිටි බලවත්ම මහ රජාණෝ හයවැනි පැරකුම්බා වෝය. දොන් ජුවන් ධර්මපාල රජතුමා රජකම් කළ ජයවර්ධන පුරය පරෙවි කතුවරයා වර්ණනා කරන්නේ මෙසේය. කළ සුලකළ හෙළ රුවනින් තුඟු   නැබළලෙළ සිසිලින් පිරි පිරි වෙතැ පවුරු   දුලඅළලත වරු කිරණව මත් පහර   පළපළ කළෙ සළා දී නැගි වට තරග   වැළජයවර්ධන පුරයේ මහ පවුර සුදු පාට මාණික්‍යයෙන් කරන ලද්දේය. ඒ පවුර අසල දිය අගලක් වේ. ඒ දිය හැම විටම ඝෝෂා කරන්නේය. ඝෝෂා කරන විට ඉවුරේ ඉතා උසට ඇති පවුර බැබළෙයි. දිය අගලේ ඇති පවුර කෙසේ බැබළෙන්නේද කිවහොත් කිරි දියෙන් වෙන් කර ගැනීමට කිරි සයුර කුරටියෙන්  (කෝටුවෙන්) කළඹන විට උසට නැඟුන රළ පේළිය වැනි යැයි කියයි. මීට අමතරව පරෙවි සන්දේශ කතුවරයා ජයවර්ධන පුරයේ රජකම් කරන ලද පැරකුම්බා රජුගේ කීර්තිය තේජස අපූර්වට වර්ණනා කරයි. තවද මඟ වැනුම් පොකුණු වැනුම් දෙවි නුවර වැනුම, රැඟුම් වැනුම, උපුල්වන් සුරිඳු වැනුම ආදී වැනුම් විශාල ප‍්‍රමාණයක් සන්දේශයට ඇතුළත් කර තිබේ. පද්‍ය 230 කින් සමන්විත වූ පරෙවි සන්දේශයෙන් සමකාලීන සමාජ ආර්ථික දේශපාලන තොරතුරු රැසක් අනාවරණය කර ගත හැකිය. මේ අනුව පෙනී යන්නේ තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමි ලිවූ පරෙවි සංදේශය ඉතා විශිෂ්ට සන්දේශ කාව්‍යයක් බවයි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

සාහිත්‍යයආප්තෝපදේශඖෂධවේදයශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කගාලු කොටුව1000000000000 (number)කැලණිය රජ මහා විහාරයචීනයශ්‍රී ලංකාවේ ශිලා ලිපිකොළඹ බස් මාර්ගදර්ශනයරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවකාලයපරිගණක දෘඩාංගසිංහල අක්ෂර වින්‍යාසයඅළු බදාදාඔලිම්පික්මනෝවිද්‍යාවඅනුරාධපුර රාජධානියඩයලොග් ආසියාටානවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයකොළඹ ජාතික කෞතුකාගාරයදෙවන පරාක්‍රමබාහු රජඅට්ටික්කාමහා මංගල සුත්‍රයරතු දත්ත පොතකන්‍යාභාවයභූචලනසියදිවි නසාගැනීමයූටියුබ්ආදිවාසීන්සංස්කෘතියමුනිදාස කුමාරතුංගප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)දඹුල්ල රජමහා විහාරයශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවගණිකාවශ්‍රී ලංකාවේ විදුලි බලයඅභ්‍යවකාශයස්වභාවික වෘක්‍ෂලතාසියඹලාශිව දෙවියන්මානව සැකිලි පද්ධතියඉංග්‍රීසි භාෂාවබුදුගුණ අලංකාරයසීගිරි බලකොටුවටොලමිගේ ලෝක සිතියමක්‍ෂුද්‍ර ජීවීන්ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයවිකිමීඩියා පදනමඋඩුනුවර ලංකාතිලක විහාරයමහාභාරතයජාත්‍යන්තර මූල්‍ය අරමුදලකොහාරබින්ද්‍රනාත් තාගෝර්මහින්දාගමනයපෘෂ්ඨවංශීන්ථූපාරාමයමුස්ලිම්ජේසුස් වහන්සේපුරාවස්තුසිංහල ජනයාආර්ය අෂ්ඨාංගික මාර්ගයශ්‍රී ලංකාවේ 1987-89 කැරැල්ලබිසෝ කොටුවජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවදීපවංශයශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)ලේ ගැලීමකාෆි රාගයඅභය වැවවර්ණ සබැඳි සිද්ධාන්තකඩොලාන පරිසර පද්ධතියආර්ථික විද්‍යාව🡆 More