කොරවක් ගල

පැරණි විහාර ගොඩනැගිලිවලට ඇතුළු වන දොරටුව සමග වූ පඩිපෙල දෙපස අත්වැට සේ තනා ඇති නිර්මාණය කොරවක් ගල ලෙස හැඳින්වේ.

පඩිපෙළේ ගමන් කරන්නන්ගේ පහසුව ඇතිකරවීමට හා ඊට අලන්කාරත්වයක් එක් කිරීමට කොරවක් ගල නිර්මාණය කිරන්නට ඇතැයි විශ්වාස කෙරේ. ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාවේ සාංචි හා භාරුත් යන ස්තූප ආශ්‍රිතව ක්‍රි.පූ. 2-1 සියවස් වලට අයත් කොරවක් ගල් දැකගත හැකිවේ.

කොරවක් ගල
අනුරාධපුර රත්න ප්‍රාසාදයෙහි වූ කොරවක් ගලක දැක්වෙන මකර රුව
කොරවක් ගල
මකර රුව වෙනුවට ගජසිංහ රුව දැක්වෙන කොරවක් ගලක් (කුරුණෑගල)

මුල් සමයේ කොරවක් ගල, කැටයම් අවම සරළ ආකාරයේ ඒවා වේ. රුවන්වැලිසෑය මළුවේ උතුරු දොරටුවේ දැකගත හැකි කොරවක් ගල මීට උදාහරණයක් සේ දැක්විය හැක. කුට්ටම් පොකුණේ දැකගත හැකි කොරවක් ගලද, රුවන්වැලිසෑ කොරවක් ගලට සමාන ලක්ෂණ දක්වයි. අනුරාධපුර යුගයේ කොරවක් ගල්හී දැකගත හැකි ලක්ෂණයක් වන්නේ මකර කටින් විහිදී යන ලියවැලක් දක්වා තිබීමයි. මුල් කාලයේ මෙය සරලව නිර්මාණය කොට තිබූවත් පොළොන්නරු යුගය වන විට ඊට කැටයම් රාශියක් එකතු වී තිබේ. කෙසේවූවද පසු කාලීනව කොරවක්‌ ගලේ මකර කැටයම වෙනුවට ගජසිංහ කැටයම එක්‌ වු අවස්‌ථා දැකගත හැකිවේ. එසේම අනුරාධපුර හා පොළොන්නරු යුගවලදී කළුගලින් නිර්මාණය කල කොරවක් ගල පසුකාලීන ගම්පළ හා නුවර යුගය වන විට ගඩොල් හා හුණු බදාම භාවිතයෙන් නිමවා ඇත.

පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන මහතාට අනූව කොරවක් ගල ශ්‍රී ලංකාවේ පැරණි විහාරාරාම ආශ්‍රිත දොරටු කෙරේ භාවිතා කිරීම ඉන්දියානු ආභාසය අනූව සිදුවූවක් වේ. නමුදු කාලය සමග මෙරට කොරවක් ගල ඊට අනන්‍ය ලක්ෂණ ගොඩනගාගෙන ඇත. මුල් සමයේ කොරවක්‌ගල ලී වලින් තිබී පසුව කළුගලින් නිර්මාණය වූ බව පරණවිතාන මහතාගේ අදහසයි.

මේවාද බලන්න

මූලාශ්‍ර

Tags:

ඉන්දියාවභාරුත්ශ්‍රී ලංකාවසාංචිය

🔥 Trending searches on Wiki සිංහල:

පොළොන්නරුව පෞරාණික නගරයඅනගාරික ධර්මපාලමහාවංශයනන්දා මාලනීප්‍රථම සඳ තරණයප්‍රජාතන්ත්‍රවාදයභූපාලි රාගයඑක්සත් ජනපදයකොස්ඩයි⁣නෝසරයන්ශ්‍රී පාදස්ථානයමන්දාකිණික‍ඩොලානශ්‍රී ලංකාවේ දික්කසාද නීතිබුද්ධි ගලනයමූලික අයිතිවාසිකම්තාප රසායනයනිරවි යුද්ධයසිංහල ප්‍රස්ථාව පිරුළුක්‍ෂුද්‍රජීව විද්‍යාවසෙනසුරු ග්‍රහලොවශ්‍රී ලංකාවේ රබර් වගාවදියවැඩියාවලිංගික සංසර්ගික ඉරියව්හුරුළු වැවබුදු පිළිමය හා මුද්‍රාකටු අනෝදාරන්ජන් රාමනායකඉද්දසුරාබදු ආඥා පනතත්‍රි ලක්ෂණසීගිරි ගීක්ෂුද්‍ර ජීවීන් සහ රෝගඡායාරූප ශිල්පීනැගෙනහිර පළාත, ශ්‍රී ලංකාවවළගම්බා රජශ්‍රී ලංකාවේ කුල ක්‍රමයඅභයගිරි දාගැබපාපන්දු ක්‍රීඩාවවිවාහ නීතිය - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවනෙළුම් කුළුණපුරාතන ග්‍රීක ශිෂ්ටාචාරයශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්නමානව සම්පත් කළමනාකරණයජන කවිආයුර්වේදයශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවසිංහරාජ වනාන්තරයශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියපංච මහා වාදවලාකුළු පරිගණනයඅංගුලිමාල පිරිතදිළිඳුබවපාසල්මුහුදශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවසමාජවාදයඑල්ලේකාල් මාක්ස්සාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රපන්සිල්සීගිරි බිතු සිතුවම්ඇන්තූරියම්දානයෆේස්බුක්ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවරන්කොත් වෙහෙරපයිතගරස්කොළඹ පාසල් නාමාවලියපෙරහැර - ශ්‍රී ලංකාබුදුසමය හා පරිසරයපරිගණක මෘදුකාංගශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාධාතුසේන රජපහතරට නැටුම්ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයවිමලරත්න කුමාරගම🡆 More