Treatment And Management Diabetes

දියවැඩියාව යනු කාලික රෝගයකි.

ප්‍රතිකාර ක්‍රම සහ රෝග පාලනය

එය සුවකළ නොහැක. දියවැඩියාව නිසා පසුව කෙ‍ටිකාලීනව සහ දිර්ඝ කාලීනව ඇති වන ගැටළු වළක්වා ගැනීම සදහාත් නිසිකලට නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය. මීට අමතරව රෝගියා දැනුවත් කිරීම, නිවැරදි ආහාර රටාවකට පුරුදු වීම, ව්‍යායාම කිරීම සහ තමා විසින්ම නිවසේදී රුධිර සීනි මට්ටම පරීක්ෂා කර ගැනීම මගින් කෙටි කාලීනව සහ දිගු කාලීනව රුධිර සීනි මට්ටම යහපත් මට්ටමක පවත්වා ගැනීමද එකසේ වැදගත් වේ. සුපරික්ෂාකාරී ලෙස රෝග පාලනය කිරීම මගින් දිගු කාලීනව ඇති වන සංකූලතාවයන් හි අවධානම අඩුවේ. මෙය ආහාර රටාව, ව්‍යායාම සහ බර අඩු කර ගැනීම (දෙවන වර්ගයේ දියවැඩියාව සදහා) , විවිධ දියවැඩියා ඖෂධ භාවිතා කිරීම (දෙවන වර්ගයේ දියවැඩියා සදහා) සහ ඉන්සියුලින් භාවිතා කිරීම (පළමු වන වර්ගයේ සහ ඖෂධ සදහා ප්‍රතිචාර නොදක්වන දෙවන වර්ගයේ රෝගීන් සදහා) මගින් සිදුකර ගත හැකිය. මීට අමතරව දිය වැඩියාව මගින් රුධිර සංසරණ පද්ධතියෙහි රෝග ඇති වීමේ අවධානම අඩුවේ. එම නිසා එදිනෙදා දින චර්යාවන්හි වෙනස් කම් ඇති කර ගැනීම අධි රුධිර පීඩනය සහ අධි කොලේස්ටරෝල් පාලනය කර ගැනීම සදහා උපකාරී වේ. තවද ව්‍යායාම් කිරීම, දුම්පානයෙන් වැළකීම, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පරිභෝජනය කිරීම සහ ඇතැම් අවස්ථා වලදී රුධිර පීඩනය පාලනය කිරීම සදහා විවිධ ඖෂධ භාවිතා කිරීමද නිර්දේශ කෙරේ. බොහෝ පළමු වර්ගයේ දියවැඩියාව සදහා ලබාදෙන ප්‍රතිකාර ක්‍රම වලට NPH ඉන්සියුලින් සහ කෘතිමව නිෂ්පාදනය කරන ලද ඉන්සියුලින් වර්ග වන Humalog, Novolog හෝ Apidra භාවිතා කිරීමද එසේත් නැතිනම් Lantus/Levemir සහ Humalog හෝ Novolog සහ Apidra යන ඉන්සියුලීන් වර්ග වල සංකලනයන්ද භාවිතා වේ. පළමු වන වර්ගයේ දියවැඩියාව සදහා අනෙකුත් විකල්ප ප්‍රතිකාර ක්‍රමයක් වන්නේ ඉන්සියුලීන් එන්නත් කරන කුඩා පොම්පයක් මගින් අදාල හෝමෝනය ශරීර ගත කිරීමයි. Cozmo, Animas, Medtronic, Minimed සහ Omnipod යනු බහුලවම භාවිතා වන එහි ජනප්‍රියතම වෙළද නාමයන්ය.

එක්සත් රාජධානිය වැනි රටවල දියවැඩියා රෝගීන් සදහා ප්‍රතිකාර ක්‍රම බහුලව ලබාදෙනුයේ රෝහල් වලින් පිටතය. රෝහල් මගින් විශේෂිත ප්‍රතිකාර ලබාදෙන්නේ රෝගයෙහි සංකූලතා ඇති විට, රුධිර සීනි මට්ටම අපහසු වු විට හෝ සමීක්ෂණ අවස්ථාවන්හි දී පමණි. ඇතැම් අවස්ථා වලදී සාමාන්‍ය වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරුවන් කණ්ඩායමක් ලෙස රෝගියා සදහා ප්‍රතිකාර ලබාදීමට තම අත්දැකීම් බෙදා ගනිති. අක්ෂි විශේෂඥයින්, පාද රෝග චිකිත්සකයින්, ආහාර වේදීන්, භෞත චිකිත්සකයින්, විශේෂ පුහුණුව ලද හෙදියන් හා අනෙකුත් ඒ පිළිබද පුහුණුව ලද පුද්ගලයන් විසින් සාමුහිකව කණ්ඩායමක් ලෙස ප්‍රතිකාර ලබාදීමේ දී ක්‍රියාකාරී වෙති. සංවර්ධිත රටවල (උදා - ඇමරිකා එක්සත් ජනපදය වැනි) ජනතාව සෞඛ්‍ය සේවා ලබාගැනීමේදී යන වියදම තමාවිසින් දැරිය යුතු අතර එම නිසා ඔවුන් හට දියවැඩියාව වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට යන වියදම ඉතා අධික වේ. ලබාගන්නා ප්‍රතිකාර ක්‍රම හා ඖෂධ වලට අමතරව අවම වශයෙන් සති තුනකට හෝ හයකට වරක් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබාගැනීම අවශ්‍ය වේ.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ජයමංගල ගාථාහෘදයාබාධයවලාකුළු පරිගණනයස්ටීවන් හෝකිංසෛලය (ජීව විද්‍යාව)ක්‍ෂීරපායි සත්තුඩඩ්ලි සේනානායකදෙමළ ජනතාවඅමරදේවහින්දු ධර්මයහෙන්රි ස්ටීල් ඕල්කට්ආයුර්වේදයශ්‍රී ලංකාවේ ශිලා ලිපිකැලණිය රජ මහා විහාරයබර්ටෝල් බ්‍රෙෂ්ට්ඝනත්වයශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවපළමුවන පරාක්‍රමබාහු රජඩොල්ෆින්සිංහල පදසාම්ප්‍රදායික සිංහල විවාහආනන්ද කුමාරස්වාමිටෙනිසන් පෙරේරාලිංගාශ්‍රිත රෝගසිලින්ඩරසඳකඩපහ‍ණේ විකාසනයසන්නිවේදනයඔක්සිජන්නිශ්ශංක මල්ල රජභික්ෂු සාසනයබළලාසිංහල සහ හින්දු අලුත් අවුරුද්දතොටගමුවේ ශ්‍රී රාහුල හිමිආනන්ද රහතන්වහන්සේසත්තුවිද්‍යාවG.C.E. (General Certificate of Education) Ordinary Level (Sri Lanka)භාෂාවශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්හෙළ ගණන් ක්‍රමයනිදහස් දිනය (ශ්‍රී ලංකාව)රබින්ද්‍රනාත් තාගෝර්තෙත් කලාපයේ ශාක විවිධත්වයඅර්ථයකුණකටුවාබ්‍රිතාන්‍ය ලංකාවබර්ගර් ජනයාපයි (අංකය)මානසික ‍අක්‍රමතාසිංහල පිල්ලම්සමාධි බුදු පිළිමයකොළඹමිරිසවැටියජලය පවිත්‍ර කිරීමඑච්.ආර්. ජෝතිපාලමහියංගනයවධ හිංසාවමනෝ විශ්ලේෂණවාදයනව අරහාදී බුදුගුණනීතියරුධිර සංසරණ පද්ධතිය (මානව)ඉස්ලාම්මනෝවිද්‍යාවවැදි ජනයාශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමවිර පුරන් අප්පුතනි වචන (සිංහල භාෂාව)ආනන්ද විද්‍යාලය, කොළඹහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයහරිත විප්ලවයශ්‍රී ලංකාවේ ආර්ථිකයඑස් පහ (5S) ක්‍රමයමහත්මා ගාන්ධිසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයසීලමෛත්‍රී බුදුරජාණන් වහන්සේසත්ත්ව වංශ🡆 More