සිකුරු හතේ

සිකුරු හතේ යනු 2007 වර්ශයේ තිරගත කරන ලද සිංහල විනෝදාත්මක චිත්‍රපටියකි.

මෙය ගිරිරාජ් කෞශල්‍ය විසින් අධ්‍යක්ශණය කරන ලද අතර මෙහි ප්‍රධාන චරිතය වන මංගල ජය කපු මහතාගේ චරිතය විජය නන්දසිරි විසින් නිරූපණය කරයි.

සිකුරු හතේ
සිකුරු හතේ
අධ්‍යක්‍ෂණයගිරිරාජ් කෞෂල්‍ය
රචනයගිරිරාජ් කෞශල්‍ය
තිර රචනයගිරිරාජ් කෞශල්‍ය
කතාවස්තුවගිරිරාජ් කෞශල්‍ය
නිශ්පාදනයනිව් ඉම්පීරියල් ටෝකීස් (හාන්ස් ඇන්ටන් වැන්ටරෙක්ස්)
සිනෙමාරූපණයරුවන් කොස්තා
සංස්කරණයරවීන්ද්‍ර ගුරුගේ
අජිත් රාමනායක
සංගීතයතරුපති මුණසිංහ
Production
company
දි වීඩියෝ ටීම්
නිකුත්වූ දිනය
  • අගෝස්තු 16, 2007 (2007-08-16)

කතාව

මංගල ජය යනු කපු මහතෙකි. ඔහු මූලිකත්වය ගෙන කරන ලද විවාහයන් බොහෝමයක් අසාර්ථක වී ඇත. මංගල ජය බීමතට ඇබ්බැහි වූවෙකි. ඔහුගේ බිරිඳ නිතරම ඔහුට බැන වදියි. විවාහ වන වයසේ සිටින ඔහුගේ දියණියටද සහකරුවෙක් තාම නැත. මේ පිලිබඳව ඔහුගේ බිරිඳ විමසන විට ඔහු නිතරම ඒකිගේ සිකුරු හතේ යැයි පවසයි. දිනක් මොහු විසින් විවාහ කිරීමට නියමිත යුවතියකගේ කොල්ලා ඇතුලු පිරිසක් පැමිණ මොහුට තර්ජනය කිරීමට යාමේදි පොලිස් නිලධාරියෙකු මොහුව බේරාගැනේ. මංගල ජය ට පොලිස් නිලධාරියාට කෑම බීම අරන් දීමට සිදුවෙයි. පොලිස් නිලධාරියා මංගල ජයට තම පොලිස් ලොක්කාගේ දියණියට කටයුත්තක් සිදු කරදීමේ වැඩේ බාර දෙයි. මංගල ජය මේ සඳහා තමන්ට කලින් හමුව තිබූ පොහොසත් පවුලක තරුණයෙක් මේ සඳහා යෝජනා කරයි. දෙපිරිසම වැඩේට කැමතිවෙයි. මෙම තරුණයා බලාපොරොත්තු වන්නේ ශීලාචාර අහිංසක ගැහැණු ළමයෙකි. නමුත් පොලිස් ලොක්කාගේ දි‍යණිය තරමක් සංකර තරුණයකි. මංගල ජය මේ බව තරුණයාට වසන් කරයි.

නමුත් තරුණයා දිනක් නාන තටායක අශීලාචාර ලෙස හැසිරෙන මෙම තරුණය දැක තමන්ව රැවටුවේ ඇයිදැයි අසයි. ඇය පවසන්නේ තමන් කිසිත් නොදන්නා බවත් මංගල ජය මේවා සැලසුම් කල බවත්ය. තරුණයා තුවක්කුවක් රැගෙන මංගල ජය ගේ නිවසට පැමිණ ඔහුට බැන වදියි. මංගල ජය සැඟවී සිටින අතර ඔහුගේ දියණිය පැමිණ තරුණයා ව අස්වසා ලයි. තරුණයා සංසුන් වී අවසානයේ කපු මහතාගේ දියණිය විවාහ කරගැනීමට කැමති බව පවසයි.

රංගනය

ගීතයන්

  • ගීත ප්‍රබන්ධය - බණ්ඩාර ඇහැලියගොඩ, කැළුම් ශ්‍රීමාල්, ගිරිරාජ් කෞශල්ය
  1. නිලට නිලේ නිල් කැටේට - කසුන් කල්හාර, උරේෂා රවිහාරි
  2. සමන්මලී මගේ මලී - රොඩ්නි වර්ණකුල
  3. ඉරහඳ දෙපසේ නම් - සුනිල් පෙරේරා, බන්දුල විජේවීර
  • ගී තනු නිර්මාණ - රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ, තරුපති මුණසිංහ

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුවඑනසාල්ජාතික ගීය - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවපණීභාරතමහවැලි සංවර්ධන වැඩසටහනශ්‍රී ලංකා මහ බැංකුවලංකා බැංකුවශ්‍රී ලංකාවේ මාර්ග සංඥාඔස්කාර් වයිල්ඩ්අවුකන බුදු පිළිමයඅඹපයිතගරස් ප්‍රමේයයසිදුහත් කුමරු පිළිසිද ගැනීම හා උපතවෙදනලාවහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්2004 සුනාමියභූකාරක තැටි වාදයඋපායමාර්ගික කළමනාකරණයඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තවිවාහයස්වාභාවික උපද්‍රවශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවබෝවන රෝගශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමසෝවාන්නිශ්ශංක මල්ල රජදැල්පන්දුප්ලූටෝමහින්ද රාජපක්ෂඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය‍දේශගුණික විපර්යාසතිසා වැව1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතමොස්කව්සෝඩියම්එස්‌. මහින්ද හිමිකාව්‍යශේඛරයශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිඋපායශීලී සැලසුම්කරණයපයිතගරස්රාශි චක්‍රයබෞද්ධ දිනදසුනකෞතුකාගාරරුධිර සංසරණ පද්ධතිය (මානව)රාජ්‍ය සේවා කොමිෂන් සභාවඋසස් පෙළ දේශපාලන විද්‍යාවවැදි සාහිත්‍යයලෝක පුදුමවිවාහ නීතිය - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවභූචලනදෙමළ අක්ෂර මාලාවව්‍යාපාරමොණරවිල කැප්පෙටිපොළටී.බී. ජයාබලශක්ති සංරක්‍ෂණයමිනිස් ලිංගික ක්‍රියාසමාජයජේසුස් වහන්සේවැලිවිට සරණංකර හිමිනොබෙල් ත්‍යාගයශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියදුටුගැමුණුගේ පාලනය සමයප්ලේටෝවිජය කුමාරණතුංගශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවක්‍ෂීරපායි සත්තුකොළඹ විශ්වවිද්‍යාලයමානව ප්‍රජනන පද්ධතියනිරවි යුද්ධයකොහුසරත් ෆොන්සේකාදුර්ගා දේවියකමතමානසික ‍අක්‍රමතාමානව පරිණාමය🡆 More