විජය නන්දසිරි

ඉලුක්පිටිය මුදියාන්සේලාගේ විජය නන්දසිරි ශ්‍රී ලාංකික නළුවෙකු, නිවේදකයෙකු, ගායකයෙකු වෙයි.

විදුර දිව නාට්‍යයෙන් කලා දිවිය ඇරඹූ ඔහු මනමේ, සිංහබාහු, කුවේනි, රත්නාවලී වැනි වේදිකා නාට්‍යයන්හි රංගනයෙන් දායක වූයේය. මාතර ආච්චි චිත්‍රපටයෙන් සිනමාවට පැමිණි ඔහු නෑදෑයෝ සිනමාපටයෙන් සිනමා නළුවෙකු ලෙස සිනමාවට අවතිර්ණ විය.

විජය නන්දසිරි
විජය නන්දසිරි
උපත
ඉලුක්පිටිය මුදියාන්සේලාගේ විජය නන්දසිරි

1947 මැයි 06
මහරගම
මියගිය දිනයAugust 8, 2016(2016-08-08) (වයස 69)
කළුබෝවිල ශීක්ෂණ රෝහලේදී
මිය යාමට හේතුවහෘදාබාදය
සතපවන ලද තැනඅගෝස්තු 11 දින,ගල්කිස්ස පොදු සුසාන භූමියේදි
නිවහනකලා පුරය, ගල්කිස්ස
ජාතිකත්වයශ්‍රී ලාංකික
වෙනත් නම්විජේ අයියා සුදු මල්ලී
අධ්‍යාපනයවිද්‍යාකර විද්‍යාලය,මහරගම
රැකියාවරංගන ශිල්පී,නිවේදක
සක්‍රීය වසර1980 - 2016
ප්‍රසිද්ධව ඇත්තේනෑදෑයෝ
ප්‍රධාන නිර්මාණ
මනමේ

සිංහබාහු
සිකුරු හතේ
නෝනාවරුනි මහත්වරුනි

යර්ස් බොස්
උපන් නගරයගල්කිස්ස
කලත්‍රයා(යන්)දේවිකා මිහිරාණි
දරුවන්නවන්ජනා නන්දසිරි රසාන්ජන නන්දසිරි
සම්මානසරසවිය හොඳම නළුවා
ආගමබෞද්ධ

නන්දසිරි මහතා වේදිකාවට, සිනමාවට මෙන්ම රූපවාහිනියටද තම දක්ෂතා ඉදිරිපත් කළේය. නෝනාවරුනි මහත්වරුනි, යර්ස් බොස්, එතුමා, මෙතුමා ටෙලිනාට්‍යන්හි හාස්‍ය උත්පෝදක චරිතයක් වූයේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු සිකුරු හතේ, සුහද කොකා වැනි විකට චිත්‍රපට ඔස්සේ ප්‍රහසන රංගන ශිල්පියකු ලෙස ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.

1966 වසරේදී අමරදාස ගුණවර්ධනයන්ගේ "විදුර දිව" වේදිකා නාට්‍යයෙන් ක්ෂේත්‍රයට පිවිසි ඔහු සිංහබාහු, මහාසාර, නරිබෑනා, ජසයා සහ ලෙන්චිනා, රත්නාවලී, තාරාවෝ ඉගිලෙති, හුණුවටයේ කතාව, කුවේණි, වෘෂභ රාජ, සුබ සහ යස, කුස පබාවතී ආදී වේදිකා නාට්‍ය 40කට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය සපයා ඇත. යස ඉසුරු, නෑදෑයෝ, රේල්පාර, සසර, සඳකඩ පහණ, කිං හන්තර්,බංගලි වලලු ඔහු රඟපෑ චිත්‍රපට අතර වේ. "පුංචි පහේ මං" වැනි වැඩසටහන් ද ඔහු විසින් ඉදිරිපත් කළේය.

පෙර අවධිය

1947 දී උපත ලබා මහරගම විද්‍යාකර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවේය.

පවුල් පසුබිම

ප්‍රවීණ රංගන ශිල්පිනී දේවිකා මිහිරානි ගේ සැමියා වූ ඔහු දෙදරු පියෙකි.

චිත්‍රපට

විජය නන්දසිරි සිය සිනමා ගමනයට ප්‍රවිෂ්ට වන්නේ සතිෂ්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ 'මාතර ආච්චි' චිත්‍රපටයේ සුළු චරිතයකිනි. ඉන්පසු ඔහු නෑදෑයෝ චිත්‍රපටිය හි දෙනෙත් අඳ තරුණයෙකු ලෙස ප්‍රධාන චරිතයක් රඟපෑවේය, 'සිරි පතුල' වැනි චිත්‍රපටවල ද හි ප්‍රධාන චරිතයන්හි රඟපෑවේය. ඇතැම් වේදිකා නළු නිළියෝ වේදිකාවට යම් තරමක් දුරට අවශ්‍ය අධි රංගනය සිනමාවේදී ද එලෙසම පවත්වාගෙන යති. විජය නන්දසිරි මුලින් රඟපෑ චිත්‍රපට හි එසේ වුවද පසු කලෙක සිනමාවට උචිත රංග ශෛලියක් ප්‍රකට කළ ආකාරය දැකිය හැකිය.

විජය නන්දසිරි මුල් කාලයේ සුළු චරිතද නෑදෑයෝ සිනමා පටයෙන් පසු ප්‍රධාන ජවනිකාද 2000 - 2015 වර්ෂවලදී හාස්‍යජනක චරිතයන්හි පෙනී සිටියේය. ඔහු වඩාත් ජනප්‍රිය වූයේ හාස්‍යෝත්පාදක චරිත, චිත්‍රපට හරහාය. සිකුරු හතේ, කිං හන්තර්, කෝ මාර්ක් නෝ මාර්ක් ,සුහද කොකා එවැනි චිත්‍රපටයි.

වසර චිත්‍රපට චරිතය
1973 මාතර ආච්චි පොලිස් නිලධාරියා
1974 වස්තුව
1976 තිලක හා තිලකා
1976 මංගලා
1976 නෑදෑයෝ මහින්ද
1977 ටොම් පචයා
1978 සසර උපාලි රන්කැටිය
1978 සිරි පතුල
1979 සමන්මලී
1979 ගැහැනියක්
1979 හිඟන කොල්ලා රොනල්ඩ් ජයරත්න
1980 මගේ අම්මා
1980 සබීතා
1980 කිඳුරු කුමාරි
1981 එක් දවසක් රෑ
1981 අම්මේ මට සමාවෙන්න
1981 ඉවලුම් ඔරු පෙන්
1981 බංගලි වළලු
1982 වතුර කරත්තය
1982 යස ඉසුරු
1982 රේල් පාර
1983 රන් මිණි මුතු
1983 සිස්ටර් මේරි
1983 මොනරතැන්න 2
1984 හදවතක වේදනා
1984 රන්මලීගේ වාසනාව
1985 චලිත රංගාලි
1985 ඇය වැරැදි ද ඔබ කියන්න
1985 සුදු මාමා
1985 දූ දරුවෝ
1988 සඳකඬ පහන
1989 බදුලු කෝච්චිය
1990 ජය කොතනද
1990 ක්‍රිස්තු චරිතය
1994 ධවල පුෂ්පය
1994 විජය ගීතා
2002 බහුබූතයෝ දිව දෙකේ දෙවියා
2002 පිස්සු ඩබල්
2003 පිස්සු ට්‍රිබල් තාත්තා
2003 ටැක්සි ඩ්‍රයිවර්
2004 ලෙෆ්ට් රයිට් සර්
2004 ඔහොම හරිද
2007 සිකුරු හතේ මංගල ජය
2009 සර් ලාස්ට් චාන්ස් සර් ලාස්ට් චාන්ස්
2010 මගෝ ඩිගෝ ඩයි මගෝ
2010 ක්ෂේම භූමි
2011 කිං හන්තර් හන්තර් රජු
2012 සක්විති දඩයම මැක්සිමස්
2014 කෝ මාර්ක් නෝ මාර්ක් මාර්ක්/පලටුපාන ඇමැති
2015 සුහද කොකා රාජමන්ත්‍රී

ටෙලිනාට්‍ය

  1. . ගමන
  2. . ප්‍රමාද වැඩියි
  3. . හුමාලය
  4. . හිඟන කොල්ලා
  5. . නෝනාවරුණි මහත්වරුනි
  6. . එතුමා
  7. . මෙතුමා
  8. . සඳුන් ගිර ගිනි ගනී
  9. . කතුර
  10. . කොළඹ අහස
  11. . හතරේ කණුව
  12. . ක්ලාස් සිංහල ක්ලාස්
  13. . යස් බොස්
  14. . යස් මැඩම්
  15. . එෆ්.එම් වාසුළිය
  16. . සට කපට
  17. . මැති නැතිදා
  18. .හතර්‍රෙ කණුව

වේදිකා නාට්‍යයන්

විජය නන්දසිරි කලා ලොවට ඇතුලු වූයේ වේදිකාවෙනි. විජය ප්‍රසිද්ධ වේදිකාවට පා තැබුවේ අමරසේන ජයතුංග ගේ "වීදුරු දිව" වේදිකා නාට්‍යය ඔස්සේ 1966 වසෙර්ය. අනතුරුව ඔහු දයානන්ද ගුණවර්ධනයන්ගේ "නරිබෑනා", "ජසයා හා ලෙන්චිනා", "ආනන්ද ජවනිකා" වැනි වේදිකා නාට්‍යවල රඟපාමින් තම කුසලතා ප්‍රකට කළේය. ඔහු වේදිකාවේ වඩාත් ප්‍රසිද්ධියට හා ජන ප්‍රසාදයට පත් වූයේ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මනමේ කුමරු ලෙසය. 1973 සිට 2000 වසර දක්වා පුරා වසර විසි හතක් ඔහු වේදිකාවේ මනමේ කුමාරයා වූයේය.කුස පබාවතී, ශ්‍රී ගජබා හා වෘෂභ රාජ ඔහුගේ නාට්‍යය නිෂ්පාදනයන් විය. ඒ අතරින් "කුස පබාවතී" දර්ශන වාර එක්දහස් පන්සීයකට වැඩි ප්‍රමාණයක් වේදිකා ගත වී තිබීම විශේෂත්වයකි.

  1. මනමේ - එදිරිවීර සරත්චන්ද්‍ර
  2. සිංහබාහු - එදිරිවීර සරත්චන්ද්‍ර
  3. රත්නාවලී
  4. රංකඳ
  5. විශ්ව සුන්දරී
  6. නරියා සහ කේජු
  7. සුබ සහ යස
  8. චිත්‍රගේ ප්‍රේම කතාව
  9. තාරාවෝ ඉඟිළෙති - ලූෂන් බුලත්සිංහල
  10. ඒකා අධිපති
  11. වහලක් නැති ගෙයක්
  12. තහංචි
  13. බක තපස්
  14. සිරිසඟබෝ
  15. කුවේණි
  16. හුණුවටයේ කතාව
  17. විශ්ව සුන්දරී
  18. කුස පබාවතී
  19. වෘෂභරාජ
  20. බල්ලොත් එක්ක බෑ - රවින්ද්‍ර ආරියරත්න
  21. මල්වඩම් අනව්ශ්‍යයි
  22. විදුර දිව
  23. දෙවියොත් දන්නෙ නෑ - සරත් කුලාංග
  24. අලුත් හොරෙක් ඕනෑ

සම්මාන

  • 2007 දී විකට චරිතයකට රඟපැ හොඳම නළුවා ලෙස ප්‍රථම වරට සම්මාන ලබා ගැනීය.

වියෝව

ඔහු මිය ගියේ 2016 වසරේ අගෝස්තු 08 දිනයි. ඔහුව රෝහලට ගෙන එන විටත් මියගොස් සිටි බව ඔහුගේ වෛද්‍යවරයා පැවසා ඇත.

බාහිර ලිපි

විජය නන්දසිරි සඳහා IMDb හි ඇති තොරතුරු

මූලාශ්‍ර

Tags:

විජය නන්දසිරි පෙර අවධියවිජය නන්දසිරි චිත්‍රපටවිජය නන්දසිරි ටෙලිනාට්‍යවිජය නන්දසිරි වේදිකා නාට්‍යයන්විජය නන්දසිරි සම්මානවිජය නන්දසිරි වියෝවවිජය නන්දසිරි බාහිර ලිපිවිජය නන්දසිරි මූලාශ්‍රවිජය නන්දසිරිමනමේසිංහබාහු

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවපැපොලඉතිහාසයසිංහල සදැස් පද්‍ය සාහිත්‍යඅනුර කුමාර දිසානායකථූපාරාමය, අනුරාධපුරසාන්ත. බෙනඩික් විදුහල, කොළඹසිංහල ව්‍යාකරණඅළු බදාදාධම්මපදයසත්තුත්‍රිපිටකයසංචාරක කර්මාන්තයපොල්සංදේශ කාව්‍යස්වස්ථතාවආර්ථික සංවර්ධනයආදිවාසීන්සනත් ජයසූරියරසායනික සූත්‍රවිනෝදාස්වාදයසිද්ධි අධ්‍යයනයපළමුවන ලෝක යුද්ධයයශෝදරාශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාබර්ගර් ජනයාසෞඛ්‍යයපෘෂ්ඨවංශීන්ජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවපණ්ඩුකාභය රජලංකාවේ වාරි කර්මාන්තයබෝවන රෝගපේශි පටකයපදාර්ථයනත්තලසීගිරි ගීනාලන්දා විද්‍යාලය, කොළඹගෞතම බුද්ධ පරිනිර්වාණයජාතික ගීය - ශ්‍රී ලංකාපරිගණක ඉතිහාසයසුදු බිංදුමශ්‍රී ලංකාවේ අධ්‍යාපනයශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවමනමේලෝක ආහාර අර්බුදයසිංහල සාහිත්‍යයනැනෝ තාක්‍ෂණයනිල් මානෙල්ක‍ඩොලානදෙමලිච්ච්චාමරියානා අගාධයයුරේනස්එල්ලේ ක්‍රීඩාවේ රීතිමහත්මා ගාන්ධිගූගල්E01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)තල් ශාකයක්ෂුද්‍ර ජීවීන්ගාල්ලදඬුලේනාපොළොන්නරුව පෞරාණික නගරයඌව වෙල්ලස්ස කැරැල්ලඅපද්‍රව්‍ය කළමනාකරණයආචාර්ය එස්‌. පනීභාරතප්‍රේමසිරි කේමදාසප්‍රභාසංශ්ලේෂණයබුද්ධි ගලනයසතරවරම් දෙවිවරුබළලාධාතුසේන රජශ්‍රී ලංකාවේ නීති පද්ධතියලෝක සෞඛ්‍ය සංවිධානයජංගම දුරකථනයේ උපතශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයමන්නාරම බයෝබැබ් ගසයගුලිය විසි කිරීම🡆 More