ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්

ක්‍රිස්තු පූර්ව 800 කට පෙර සිටම ශ්‍රී ලංකාවේ වී ගොවිතැන පැවති බව ලේඛනගත සාධක වලට අනුව හෙළිවේ.

ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල් වල විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
කුලය: Poaceae
ගණය: Oryza
විශේෂය: Oryza Sativa
ද්විපද නාමය: L. Oryza Sativa

මේ බැව් වඩාත් තහවුරු වන්නේ ක්‍රිස්තු පූර්ව 300 සිට ඉදිකරන ලද අති විශාල වාරි මාර්ග සැලැස්ම, ජලාශ හා එකිනෙකට සම්බන්ධ ඇළ මාර්ග පද්ධති වලිනි. මෙම වී ගොවිතැන ආර්ථික ක්‍රියාකාරිත්වයක් පමණක් නොව එය ජීවනෝපාය මාර්ගයක්ද විය. වී වල ප්‍රභේද හැඳින්වීම සඳහා අතීත මුතුන් මිත්තන් විසින් පාරම්පරික,ස්වදේශීය,පාරම්පරික වස්තුව යන නාමයන් භාවිතා කොට ඇත.

කාලයක් ආසියාවේ පෙරදිග ධාන්‍යාගාරය වශයෙන් ප්‍රචලිත ශ්‍රී ලංකාව ස්වදේශීය සහල් වර්ග 2000 කට අධික ප්‍රමාණයක් ලෝකයට හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ වී ගොවිතැන පුජ්‍යත්වයෙන් සලකනු ලබන අතර, මෙම ක්‍රියාවලියේ සත්‍යභාවය ඔප්පු කරන්නේ නිශ්පාදන ක්‍රමෝපායන් සහ නිශ්පාදන ක්‍රියාවලිය ආශ්‍රිත ශුද්ධවන්තකමයි.

නමුත් 16 සහ 18 වන ශත වර්ෂ අතරතුරදී සිදුවූ යුරොපීයන්ගේ සංක්‍රමණය බෝග වගාව කෙරෙහි වැඩි අවධානයක් ලබා දෙනු ලැබූ අතර නැවතත් එම අවධානය 20 වන ශත වර්ෂයේ දී වී ගොවිතැන කෙරෙහි විය. කෙසේ වුවත් ජනගහණය වර්ධනය වීමත් සමඟ, 1930 වර්ෂයේදී H ශ්‍රේණියේ වී වර්ග සමඟ අස්වැන්න වැඩි කර ගත හැකි රසායනික පොහොර භාවිතය හඳුන්වා දී ඇත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1950 වර්ෂයේදී වී අස්වැන්නේ සාමාන්‍ය මෙට්‍රික් ටොන්/හෙක්ටයාර 0.65 සිට මෙට්‍රික් ටොන්/හෙක්ටයාර 1.73 දක්වා ඉහළ ගොස් ඇත.

මෙම ක්‍රියාවලියේදී බොහෝ ශ්‍රී ලාංකික සම්ප්‍රදායික සහල් ප්‍රභේදයන්හි අඩංගු වූ, විශාල ප්‍රමාණයක ග්ලුටැමික් අම්ලය (Glutamic acid), අධිසාන්ද්‍රිය විටමින්, තන්තු සහ අඩු සීනි සාන්ද්‍රණය (Glycemic index) යන ගුණාත්මකභාවයන් රසායනික පොහොර භාවිතය නිසා ජාතියට අහිමි විය .

1980 වසරේ පටන්, 90% ක ප්‍රමාණයක වගා බිම් වල semi-dwarf යන නමින් කියනු ලැබූ අලුතින් වැඩිදියුණු කරන ලද වී වර්ගයක් වගා කරනු ලැබුහ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ 95% වී නිෂ්පාදනය දෙමුහුන් ප්‍රභේදයි. මෙම දෙමුහුන් ප්‍රභේද වී නිෂ්පාදනය සඳහා රසායනික ද්‍රව්‍ය, අකාබනික පොහොර සහ කෘමිනාශක ද්‍රව්‍ය යොදා ගනු ලබන්නේ අඩු මිලකට වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණින්ය. නමුත් වර්තමානයේ ගෝලීය ප්‍රවනතාවය අනුව කාබනික පොහොර යෙදු ආහාර භාවිතයේ ඇති ප්‍රතිලාභත්, කෘෂිරසායනික හා කෘමිනාශක තුල ඇති අවධානමත් සහ යටත් විජිත යුගයට පෙර ජිවත් වූ මිනිසුන්ගේ කායශක්තිය හා දිර්ගායුෂ පිළිබඳ සැලකිල්ලට ගෙන නැවතත් පාරම්පරික සහල් කෙරෙහි අවධානය යොමු කොට ඇත.


සුවඳැල්

මෙහි පරිවර්තක නාමයෙන් අදහස් වනුයේ සුවඳයි. රසැති සහ ප්‍රණීත සුදු වී වර්ගයකි. මෙම සහල් භාවිතයෙන් සමෙහි පැහැය වර්ධනයද, කටහඩෙහි ස්වභාවය වර්ධනයද, කායික ශක්තිය වර්ධනයද සිදු කර ගත හැකි අතර දියවැඩියාව වැනි රෝග පාලනය කිරීමේ හැකියාවක්ද ඇත. මේ අතර සමබර කායික වර්ධනයක් සඳහාද මෙවා බෙහෙවින් උපකාරී වේ.

මෙම සහල් වල ඇති කිරි රසය නිසා උත්සව අවස්ථාවන් සඳහා භාවිතයට ඉතාමත් සුදුසුය. සුවඳැල් වී වල පෝෂ පදාර්ථ වලින් 90% ක් කාබොහයිඩේ‍්‍රට්ද, 7% ක් අසංස්කෘත ප්‍රෝටීන්ද, 0.7% ක් අසංස්කෘත මේදයද සහ 0.1% ක ප්‍රමාණයක අසංස්කෘත තන්තුද වේ.

සුවඳැල් යනු පාරම්පරික වස්තුන්ගෙන් එකක් වන අතර මෙය ලංකාවේ දක්ෂිණ පහත බිම් ආශ්‍රිතව වගා කරනු ලබයි. මේ හේතුවෙන් මෙම වී වගාවන් සඳහා විශාල කාලයක් ගත වේ. අස්වැන්න නෙලීම සඳහා මාස 3 හෝ 3.5 ක කාලයක් ගතවේ.

කළු හීනටි

ඖෂධීය ගුණාංගයන්ගෙන් පෝෂිත තවද රතු කැකුළු සහල් වර්ගයක් ලෙසින් හඳුන්වන කළු හීනටි හාල් දිනපතා ආහාරයට සුදුසු වන අතර විශේෂයෙන් ගර්භනී හා කිරි දෙන මව්වරුන් සඳහා නිර්දේශිතය. කායික ශක්තිය වර්ධනය කරන අතර ආහාර දිරවීම සඳහා අවශ්‍ය තන්තු බහුලව ඇත. දියවැඩියාව පාලනය කිරීමට සහ සර්ප විෂ නැසීම සඳහාද උපකාරී වේ. කළු හීනැටි සහල් වලින් පිසින ලද කැඳ කහ උණ රෝගීන් සඳහා ඖෂධයක් ලෙස සැලකේ.

මා වී

රත් පැහැයට හුරු දුඹුරු වර්ණයෙන් යුත් කාබොහයිඩේ‍්‍රට් අඩු ප්‍රෝටීන් වලින් සහ තන්තු බහුල වී වර්ගයකි. අනෙකුත් පොදු වී වර්ග හා සසඳන විටදී මා වී 25% සිට 30% දක්වා අඩු Glycemic Index (GI) වලින් යුක්තය.මෙහි පෝෂ්‍යදායී කාබොහයිඩේ‍්‍රට් 84.5% ක් ද, ප්‍රෝටීන් 9.4% ක් ද, මේදය 3,6% ක් ද, තන්තු 1.1% ක් ද අඩංගුය. පෙර රැජිනියන් මෙම මා වී භාවිතයට වඩාත් ඇළුම් කල අතර, ඉතාමත් සිහින් හැඩති සිරුරක් පවත්වා ගෙන යාමට මෙවා උපකාරී වී ඇත. මෙවා තුලින් ශරීරයේ දැවිල්ල පහකර සිහිලැල් ගතියෙන් පවත්වා ගත හැකි බවට විශ්වාසයක්ද ඔවුන් තුල පැවතීය. මා වී හාල් මාංශ සමග ආහාරයට ගැනීමෙන් සුරාමත අඩු කල හැකිය.

මේවා ක්ෂය රෝගීන් සඳහා අනුමත වන අතර විරේකය සඳහා ඉතා පලදායි ප්‍රතිකාරයකි. එමෙන්ම මේවා දියවැඩියාව, ක්ෂය රෝගය, මලබද්ධය, අර්ශෂ් හා හෘද්වාහිනි රෝග සඳහා ඉතා යෝග්‍ය වන අතර තරබාරුකම පාලනය සඳහාද වැදගත් වේ. මා වී සහල් තැම්බීමට පෙරාතුව හොඳින් පෙඟවිම ඉතා සුදුසුය. සිහින්ව කපා ගත් ලුණුකොල, ලීක්ස් මිශ්‍ර කර පිසූ බත් සමග පිළිගන්වනු ලබන දියලබු ව්‍යංජනය (පොලිකිරි, කුළුබඩු හා ඉතා සුළු ප්‍රමාණයක තෙල් එක්කර පිසිනු ලබන) සම්ප්‍රදායික කැම වර්ගයක් ලෙස හඳුන්වනු ලැබේ.

ආගමික උත්සව කටයුතු සඳහා මා වී යොදා ගනු ලබන අතර ඉන් එහි ඓතිහාසික වැදගත්කම පිළිබිඹු කරනු ලැබේ.දාගැබ් වල කොත තුල අඩංගු පුජනිය ධාතු කරඬුව තුල මා වී ද තැන්පත් කරනු ලබන බව ජනප්‍රවාද වල කියැවේ.

පච්චපෙරුමල්

පච්චපෙරුමල් යන නාමයෙන් කියවෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ වර්ණය යන්නයි. පාරම්පරික සිංහල සංස්කෘතිය දිව්‍යමය සහල් ලෙස සලකන්නේද මේවාය. මෙම සහල් බොහෝ විට දන් දීම සදහා යොදා ගනු ලැබිය. මේවා ගුණාත්මක රතු සහල් වර්ගයක් වන අතර පිසීමේදී ප්‍රංශයේ බර්ගන්ඩ් වයින් වල රතු පැහැය ගනු ලබයි. දිනපතා ආහාරය සඳහා ඉතා යෝග්‍ය වන මෙම සහල් පොෂ්‍යදයිත්වයෙන් සහ ප්‍රෝටීන් වලින් සපිරිය.

දියවැඩියා හා හෘද්වාහිනි රෝගීන්ට පච්චපෙරුමල් පරිපුර්ණ අහාරයකි.

කුරුළු තුඩ

මේවා ප්‍රෝටීන් හා මේදයන්ගෙන් සපිරි මනෝහර හා පොෂ්‍යදායි රතු සහල් විශේෂයකි. ඉතා කදිම රසයකින් හෙබි මෙම සහල් පිත්තාශ ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමේ, පුරුෂ කාම ශක්තිය වැඩි කිරීමේ සහ බෙලහිනතාවය මඟහැරවීමේ හැකියාවන්ගෙන් යුක්ත වේ.

රත්දැල්

මෙය සිරෝසිස් රෝගයෙන් පීඩා විඳින්නන්ට සහනයක් ගෙන දෙනු ලබන ඉතා රසවත් රතු සහලකි. රත්දැල් වලින් සාදනු ලබන තලප සහ හොද්ද වයිරස් උණ රෝගීන් සඳහා ඉතා යෝග්‍ය වේ. මේවා මානසික ආතතිය නිසාවෙන් හට ගනු ලබන කුෂ්ඨ සඳහාද නිර්දේශිත වන අතර මුත්‍රාශ ආශ්‍රිත රෝගයන්ට සහනයක් ගෙන දීමේ හැකියාවක්ද මේවාට ඇත. එමෙන්ම මළපහ කටයුත්ත පහසුවෙන් සිදු කර ගැනීමටත් ශරීරය සිහිල්ව පවත්වා ගෙන යාමටත් මෙම සහල් උපකාරී වේ.

එළඟිතෙල් සමග පදම් කල, බඳින ලද හා කුඩු කරන ලද නිවුඩු රත්දැල් සහල් බඞ විරේකය සඳහා ඵලදායි ප්‍රතිකර්මයකි. මුත්‍රශ්‍ර ගල් සහ පිත්තාශ ගල් නිවාරණය කිරීමේ හැකියාවක් මෙම සහල් සතු බව ප්‍රත්‍යක්ෂ වී ඇත. රත්දැල් සහල්, සාරණ (Boerhavia diffusa), සීනි, වියළි මිදි සහ නැවුම් එළකිරි වලින් සාදන ලද තලප ක්ෂය රෝගීන් හා පෙනහළු රෝගීන් සඳහා ඉතා යෝග්‍ය වේ.

මඩතවාලු

මෙවා තවත් සම්ප්‍රදායික රතු සහල් වර්ගයකි. ආයුර්වේද ප්‍රතිකර්ම වලදි ප්‍රතිශක්තිකරන පද්ධතිය වඩා ශක්තිමත් කරවීම සඳහා බොහෝ සෙයින් මෙම සහල් යොදා ගනු ලබයි.

හැටදා වී

රතු සහල් වර්ගයක් වන අතර දියවැඩියව පාලනය සඳහා උපකාරී වේ. ශරීරයේ දැවිල්ල පහකර සිහිලැල් ගතියක් ලබා දේ. මෙමඟින් ජෛව විසංතුලනය නිසා ඇතිවන රෝගයන්ට සහනයක් ලබා ගත හැකි බව කියවේ. එමෙන්ම කායික ශක්තිය වැඩි කර ගැනිමටද, හෘද්වාහිනි රෝග, ලේ, වමනය යනාදි රෝගයන් සඳහාද බෙහෙවින් උපකාරි වනු ඇත.


ක්‍රියාකාරිත්වය පිලිබඳ වූ ගුණ

පහත සඳහන් පෝෂ්‍ය පදාර්ථ ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල් වල අඩංගු බව ඉහත කරුණු සනාථ කිරීම සඳහා කරන ලද බොහෝ පරීක්ෂණ වලින් හෙළි වී ඇත.


1. අලෝහමය මුලද්‍රව්‍යන් (Selenium) - සහල් කෝප්පයක 27.3% ක දෛනික අගයක් වූ අලෝහමය මුල දව්‍ය වල ඇති වැදගත් සාධකයක් වන ඛනිජ වලින් සමහර පිළිකා සෛල, හෘද රෝග, දැවිල්ල අැතිකරන සාධකයන්, රක්තවාතාකාර, සන්ධි ඉදිමීම යනාදීය අඩු කිරීමේ ප්‍රබල හැකියාවක් ඇති බව දැන ගැනීමට ලැබේ. Brazil Nuts, Sunflower Seed, කෙලවල්ලා, halibut (මත්ස්‍ය වර්ගයක්), සාඩින්, flounder (මත්ස්‍ය වර්ගයක්), salmon (සැමන් මාලු වර්ගයක්) , මස් (ගවමස්, පීකුදු, බැටළු පැටියන්ගේ මස්, ඌරුමස්), තිරිඟු ඇට, බාර්ලි, oats (ධාන්‍ය වර්ගයක්) අලෝහමය මුලද්‍රව්‍යන් වලින් හෙබි අාහාර සඳහා උදාහරණ වේ.

2. මැංගනීස් (Manganese) - සහල් කෝප්පයක වන 88.0 % ක මැංගනීස් ස්නායු සහ ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරිත්වයට ඉවහල් වේ. එන්සයිම 300 කට අධික ප්‍රමාණයකට සහසාධකයක් වශයෙන් ක්‍රියා කරනු ලබන අතර ශරීරයේ ග්ලුකෝස් සහ ඉන්සියුලින් ශ්‍රාවය නිපදවන එන්සයිම සඳහා උපකාරී වේ. මැංගනීස් බහුලව අඩංගු අනෙකුත් අාහාර වන්නේ කොකෝවා කුඩු, දුඔුරු චොකලට්, තල ඇට, තල තෙල් සහ බෙල්ලන් වර්ග වේ.

3. ස්වභාවිකව නිපදවෙන තෙල් (Naturally Occurring Oils) - මෙම හෘදයට හිතකර තෙල් වලින් LDL කොලෙස්ටරෝල් අඩු කරයි. මිට සමාන පෝෂ්‍ය ගුණය ඇති අාහාර වර්ග වනුයේ ඉරිගු, ඔලිව්, අලි ගැට පේර සහ පොල්ය.

4. ශාක රසායනයන් (phytochemicals) - අධ්‍යනයන් මගින් පෙන්වා දී ඇති පරිදි සතියකට සය වතාවක් ශාක රසායනයන් ප්‍රයෝජනයට ගැනීමෙන් ධමනි වල සිරවිම් අඩු කරන අතර හෘද රෝග වලට කාරක වන හයිකොලේස්ටරෝල් අඩු කිරීමේ ප්‍රවනතාවයක්ද ඇත. එයට හේතුව වන්නේ රෝග නාශක ශාක රසායනයන් අඩංගු වන හෙයිනි. මේ හා සමාන පෝෂ්‍ය ගුණය අඩංගු අාහාර වන්නේ ඕට්, බාර්ලි, ක්විනොන්, තිරිඟු, රයි සහ ඉරිඟුය.

5. ඔක්සිහාරක (Antioxidant) - ඔක්සිහාරක ගුණය අඩංගු අාහාර වනුයේ බ්ලුබෙරි සහ ග්‍රීන් තේ පමණක් නොවේ. කාර්මික තාක්ෂණික ආයතනය (ITI) (No.10715TG6) මගින් කරන ලද අධ්‍යනයකින් පෙන්වා දී ඇත්තේ පාරම්පරික සහල් වල ඉතාමත් උසස් ඔක්සිහාරක ගුණයන් අඩංගු වන බවයි.

6. තන්තු (Fiber) - එක් සහල් කෝප්පයක අඩංගු දෛනික තන්තු අගය 14.0 % කි. එහි අැති තන්තුමය වටිනාකම නිසා සෞඛය සම්පන්න අාහාර ජීර්ණ ක්‍රියාවලියකට මග පාදන අතර ශරීරයේ බර අඩු කිරීමට උපකාරී වේ. එක් බත් කෝප්පයක් ආහාරයට ගැනීමෙන් අනතුරුව, කුඩා ප්‍රමාණයක් වෙනුවට වැඩි අහාර ප්‍රමාණයක් ගැනීමට පෙලඔවීමක්ද අැති වේ. මේ හා සමාන ආහාර වර්ග වනුයේ තිරිඟු, ප්ලැක්ස් ඇට වර්ග, ධාන්‍ය, බෝංචි, දිවුල්, අලිගැට පේර සහ ගස්ලබු වේ.

7. අඩු සීනි දර්ශකය (Low glycemic index) - සුදු සහල් සහ සුදු පාන් වල මෙන් නොව මෙම පාරම්පරික සහල් වල ගුණයක් වන්නේ ශරීරයේ සීනි (ග්ලුකෝස්) මට්ටම ස්ථාවරව සහ ක්‍රමානුකුලව පවත්වා ගැනීමට උපකාරී විමයි. යම් පුද්ගලයෙක් දුඔුරු සහල් සතියකට දෙවරක්වත් පරිභෝජනය කරන්නේ නම් දියවැඩියාව හට ගැනීමේ ප්‍රවනතාවය 2% සිට 11 % දක්වා අඩු කර ගැනීමේ හැකියාවක් ඇති බව නව පර්යේෂණයකින් පෙන්වා දී ඇත. මේ හා සමාන අාහාර වර්ග වනුයේ ග්‍රීන් පිස්, ස්වීට් කෝන්, කැරට්, බ්‍රොකොලි, කොන් ෆ්ලවර් හා තක්කාලිය.

8. පොස්පරස් (Phosphorus) - සෛල ක්‍රියාකාරීත්වය, කැල්සියම් පාලනය, දත් සහ අස්ථි වල සවිමත් බාවය අැති කිරිමට සහ ATP (adenosine triphosphate) නිපද වීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයකි. පොස්පරස් උණතාවය නිසා අහාර අභිරුචිය, ලේ අඩුවීම, මස්පිඩු වේදනාව, අවිදිමත් අස්ථි නිර්මාණය, හිරිවැටීම සහ ප්‍රතිශක්ති උෟණතාවය යනාදිය අැති විය හැකිය. ඕට් චීස් හා තල පොසප්රස් අඩංගු අාහාරයන් වේ.

9. යකඩ (Iron) - මෙය රුධිරයේ ඔක්සිජන් ගෙන යාමට උපකාරී වන හිමොග්ලොබින් හා මයෝග්ලොබින්, ශරීරයේ ප්‍රෝටීන් සහ එන්සයිම වලින් කොටසකි. පේශීන් වල වැදගත් සංරචකයකි යකඩ. සම්ප්‍රදායික සහල් සදහා අදේශකයන් ලෙස රතු මාංශ, බිත්තර කහ මදය, කොළ සහිත එළවළු වර්ග (නිවිති), වියළි මිදි සහ බෙල්ලන් යනාදිය ගත හැකිය.

10. විටමින් බී 6 (Vitamin B6) - සෞඛය සම්පන්න ස්නායු සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් අැති කරයි. සාමාන්‍ය සෛලීය වර්ධනයක් සහ පැහැපත් සමක් අැති කරයි. ආහාර, ශක්තිය බවට හැරවීමට උපකාරී වේ. අනෙකුත් උදාහරණ නම් තිරිඟු ඇට, මාංශ වර්ග, බිත්තර, මාළු, බ්‍රිවස්ට් යීස්ට්, කැරට්, නිවිති, සුරියකාන්ත ඇට සහ වොල්නට්ස් වේ.

11. ටි‍්‍රප්ටොපේන් (Tryptophan) - ප්‍රෝටීන් වල අඩංගු අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ලයකි. කොටේජ් චීස්, මාංශ, රට කජු සහ තල ඇට වල මෙම අම්ලය ඉතා අනර්ඝ ලෙස අඩංගුය.

12. කැලරි (Calories) - ශරීරයේ ප්‍රධාන ක්‍රියාකාරකම් පවත්වා ගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය සධයකයකි. උදාහරණ ලෙස ක්ෂණික අාහාර, තෙල් ආහාර, රට කජු, සෝයා බෝංචි, ඔලිව්, ලාඩ් සහ සත්ව තෙල් හැඳින්විය හැක.

13. විටමින් බී 1 (Vitamin B1) - මෙම විටමිනය සෞඛය සම්පන්න භාවය සහ ස්නායු පද්ධතිය සඳහා උදව් වන අතර මොළයේ ක්‍රියාකාරීත්වය මෙන්ම ආහාර ජීර්ණ පද්ධතියේ මනා පැවැත්ම සඳහාද උපකාරී වේ. එමෙන්ම රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය සහ රුධිරය නිපදවීම, ශරීර වර්ධනය , මාංශ පේශි ධ්වනිය, ජවය සහ ඉගෙනුමටද උපකාරී වේ. අල්සයිමා රෝගයෙන් ආරක්ෂා වීමටද උදව් වේ.එළවලු, කරල් වර්ග, ඇට වර්ග, ගෙඩි වර්ග, කුකුල් මස්, මාළු සහ පීකුදු අදේශකයන් ලෙස ගත හැකිය.

14. විටමින් බී 3 (Vitamin B3) - සෞඛය සම්පන්න වූ ස්නායු පද්ධතියක්, සමක්, ජීර්ණ පද්ධතියක් ලබගනිමටද හොඳ රුධිර සංසරණයක් හා ශක්තිය ලබා ගැනීමටද විටමින් බී 3 උදව් වේ. එමෙන්ම අහිතකර( LDL) එල්ඩ්එල් කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන අතර හිතකර එල්ඩ්එල් කොලෙස්ටරෝල් වර්ධනය කරයි.

15. Unsaponifiables - සන්ධි ඉදිමිමේ රොගීන් සඳහා ස්වභාවික වූ ප්‍රචලිත ප්‍රතිකාරයකි.අනෙකුත් උදාහරණ සෝයා බෝංචි සහ අලිගැට පේර වේ.

16. ශාක පෝෂ්‍ය පදාර්ථ ප්‍රති ප්‍රදානය (phytonutrients) - අක්මාවේ ක්‍රියාකාරීත්වය සඳහා උපකාරී වේ. මේ හා සමාන පෝෂ්‍යදායි අනෙකුත් ආහාර වර්හ වනුයේ ඔොෂධිය ශාක, කුළුබඩු, බ්ලැක්බෙරි, ගෝවා, කැරට්, තක්කාලි, ගස්ලබු සහ කොමඩුය.

17. ලිග්නන්ස් (lignans) - පිළිකා සෛල වැඩීම වලක්වා පිළිකා අවධානම සහ පිළිකා සෛල වර්ධන වේගයද, හෘද ආශ්‍රිත රෝග අවධානම මෙන්ම එල්ඩ්එල් (LDL) කොලෙස්ටරෝල් මට්ටමද අඩු කරයි. (අනෙකත් උදාහරණ නම් තල, වට්ටක්කා ඇට සහ රයි (rye) වේ.

18. ඇමයිලෝස් සහ ඇමයිලොපෙක්ටින් (Amylose and Amylopectin content) - උසස් තන්තු මූලාශ්‍ර සමග අඩු සීනි දර්ශකයක් සපයනු ලැබේ. අධික ඇමයිලොස් සීනි දර්ශකය අඩු කරයි.ඇමයිලෝන අධික ආහාරයන් දියවැඩියාව වලකාලයි. මහතන්ත්‍රයේ ඇතිවන පිළිකා සහ හෘද රෝග සඳහා ඇමයිලෝන අධික ආහාර වලින් ලැබෙන ප්‍රතිලාභ සඳහා පර්යේෂණ පවත්වාගෙන යනු ලැබේ. මෙතෙක් දුරට ඒ හා සමාන ඇමයිලොස් අඩංගු ආහාර වර්ග ලෙස හඳුවනු ලබන්නේ අර්තාපල් සහ බාර්ලි වලටය.

19. පොටෑසියම් (Potassium) - ශරීරයේ විද්‍යුත් විච්ජේද සමබරතාවය සහ දියර ස්වභාවය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයකි. පොටෑසියම් හීනතාවය නිසා විඩාව, උද්දීපනය, සහ අධි රුධිර පිඩනය අැති කරයි. වියළි අැප්රිකොට්, සුදු බෝංචි, කෙසෙල්, මාළු, යෝගට් ආදිය පොටෑසියම් බහුල ආහාර වේ.

20. ගැමා ඔරිසනොල් (Gamma Oryzanol ) - රුධිර ප්‍රවාහකයේ ඇති සීනි දවාලීම සදහා උපකාරී වේ. එනිසා උදරයේ සහ උකුල ප්‍රදේශ වල මේදය තැන්පත් නොවේ. මේවාට එල්ඩ්එල් (LDL) කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමේද, ඉහල මේද මට්ටම අඩු කිරීමේද, ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඉහල දැමීමේද, සිහින් මාංශ පේෂීන් වර්ධනය කිරිමේද හැකියාවක් පවතී. මේ හා සමාන පෝෂ්‍යදායි අනෙකුත් ආහාර වනුයේ තිරිඟු පිටි සහ ශාක පැළෑටිය.

21. පිෂ්ටය (amylum) - සම්ප්‍රදායික සහල් 54 g ක කෝප්පයක් තුල වැඩි ප්‍රමාණයක කාබොහයිඩේ‍්‍රට් අඩංගු වේ. එමෙන්ම සහල් යනු ශක්තිජනක හා පෝෂ්‍යදායි ආහාරයකි. අර්තාපල්, පාන්, ධාන්‍ය වර්ග සහ පැස්ටා කාබොහයිඩේ‍්‍රට් අඩංගු අාහාර සඳහා උදාහරණ වේ.

22. ප්‍රොටින් (protein) - ශරීර ඇට, පේශීන්, කෝමලාස්ථි, සම හා රුධිරය සඳහා අවශ්‍ය වේ. එමෙන්ම මේවා එන්සයිම, හෝමෝන හා විටමින් නිශ්පාදනය කරීමේ මුලශ්‍රායකි. එනමුත්, එක් කිරි විදුරුවක අඩංගු 8 g ක ප්‍රෝටීන් ප්‍රමාණය සලකා බලා සමහරු සහල් වල ප්‍රෝටීන් අඩු බව නිශ්චය කරනු ලබනවා. නමුත් සම්ප්‍රදායික සහල් නිසැකයෙන්ම වඩා හොඳ තේරීමක් වේ. එමෙන්ම ප්‍රෝටීන් බහුල අාහාර ලෙස මස් , මාළු, කිරි, බිත්තර සහ ධාන්‍ය වර්ග සැලකිය හැකිය.

අනාගතය

බෞද්ධ, හින්දු හා මුස්ලිම් ජනවර්ගයන් අතර සහල් වලට පුජනීය ස්ථානයක් හිමිවෙි. එමෙන්ම පොල්කිරිත් සමඟ පිසූ සහල් (කිරි බත් ) ප්‍රථමයෙන්ම භාග්‍යවතුන් වහන්සේට බුද්ධ පූජාව ලෙස වෙන් කරන අතර අදටත් ශ්‍රී ලාංකීය සංස්කෘතියට අයත් පුජනිය උත්සව සහ වැදගත් අවස්ථාවන් වලදී කිරිබත් සඳහා හිමි වනුයේ විශේෂ ස්ථානයකි. එසේම එළඟිතෙල් හෝ පිරිසිදු ගිතෙල් සමඟ පිසින ලද සහල් මොහොමඩ් නබි තුමාගේ ප්‍රියතම ආහාරය බව කියැවේ.

වර්තමානයේ සම්ප්‍රදායික සහල් අපනයනය කිරීමද සිදු වේ. එ් අනුව පුරොගාමින් උත්සාහ කරනු ලබන්නේ සමහර තේ නාමයන් සඳහා පවතින අන්තර්ජාතික පිළිගැනීම් ශ්‍රී ලාංකීය සම්ප්‍රදායික සහල් සඳහාද ලබා ගැනිමටයි.


ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

Tags:

ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල් සුවඳැල්ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල් කළු හීනටිශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල් මා වීශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල් පච්චපෙරුමල්ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල් කුරුළු තුඩශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල් රත්දැල්ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල් මඩතවාලුශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල් හැටදා වීශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල් ක්‍රියාකාරිත්වය පිලිබඳ වූ ගුණශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල් අනාගතයශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල් ආශ්‍රිත ලිපිශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල් මූලාශ්‍රශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්

🔥 Trending searches on Wiki සිංහල:

පොන්නම්බලම් රාමනාදන්ත්‍රිපිටකයභූගෝල විද්‍යාවජංගම දුරකථනයේ උපතසොකරි නාටකයමඩොල් දූවශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවමුතියංගණ රජ මහා විහාරයපංච කල්‍යාණආණමඩුව තෝනිගල සෙල් ලිපියඋඩරට ගිවිසුමකන්තලේ වැවපළමුවන පරාක්‍රමබාහු රජනව අරහාදී බුදුගුණසීගිරි ගීඋපත් පාලන කොපුලසිත් මාලිංගහිරුනාගරීකරණය - ශ්‍රී ලංකාසියදිවි නසාගැනීමශ්‍රී ලංකා ජාතික ගීයනැනෝ තාක්‍ෂණයසත්තුසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයචර්යා විද්‍යාවදුන්හිඳ ඇල්ලමහනුවර පාසල් නාමාවලියපවුලත්‍රිකුණාමලයශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවශ්‍රී ලංකාවේ කුල ක්‍රමයD. J. Wimalasurendraඋද්ධමනයජන කවිසිංහල ව්‍යාකරණඅර්ජුන රණතුංගඅන්වීක්ෂයශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලමානව අයිතිවාසිකම්ඩී.එස්. සේනානායකඅර්ථයදේශපාලන විද්‍යාවරාවණා රජකාර්මික විප්ලවයසිංහබාහු රජඋකුස්සාදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමවනාන්තරඅභය වැවබසවක්කුලම වැවඩයලොග් ආසියාටාශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවක්ෂණික මෝචනයපසළොස්වක පොහොය දොළහකජුප්‍රේමසිරි කේමදාසසිලින්ඩරඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපයාල ජාතික වනෝද්‍යානයදානයසීගිරියමහාභාරතයශාන්ති නිකේතන විද්‍යාපීඨයදේවානම්පිය තිස්ස රජරබින්ද්‍රනාත් තාගෝර්මිරිසවැටියලංකා විශ්වවිද්‍යාලයශ්‍රී ලංකාවේ සිවිල් නීතියශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකඩොලාන පරිසර පද්ධතියශ්‍රී ලංකාවේ රබර් වගාවශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්සන්නිවේදනයශ්‍රී ලංකාවේ ආදිවාසීන්මානව සම්පත් කළමනාකරණයලිංගාශ්‍රිත රෝගකාංසා අක්‍රමතාවය🡆 More