රුද්‍රමා දේවි: ඉන්දියානු රැජින

රාණි රුද්‍රමා දේවි (මරණය 1289 හෝ 1295) හෙවත් රුද්‍රදේවා මහාරාජා යනුවෙනුත්, ඇතැම් අවස්ථාවල රුද්‍රමාදේවී හෙවත් රුද්‍රමා-දේවී යන නම් වලින් හැඳින්වෙන්නේ ඩෙකෑන් සානුවේ කාකතීය රාජවංශයේ විසූ රාජ්‍ය පාලිකාවකි.

ඇය 1263 සිට ඇගේ මරණය තෙක් රාජ්‍ය පාලනය කොට ඇත. ඇය ඉන්දියාවේ විසූ අතලොස්සක් වූ රාජ්‍ය කරන රැජිනියන් අතුරින් එක් අයෙකි. ඇය එහි දී පුරුෂයකු මෙන් රාජ්‍ය පාලනය කළා ය.

රුද්‍රමා දේවි
රුද්‍රමා දේවි
රුද්‍රමා දේවිගේ ප්‍රතිමාවක්
පූර්වප්‍රාප්තිකයාගණපතිදේව
අනුප්‍රාප්තිකයාප්‍රතාපරුද්‍ර
මරණය1289 හෝ 1295
චන්දුපට්ලා විය හැක
(වර්තමාන ඉන්දියාවේ තෙලංගානාහි)
වල්ලභයාවීරභද්‍ර
රාජවංශයකාකතීය
පියාගණපතිදේව

පාලනය

රුද්‍රමා දේවි ඇගේ පාලනය අරඹන්නට ඇත්තේ කාකතීය රාජවංශයේ ඇගේ පියා වූ ගණපතිදේව සමග හවුල් පාලනයක් ගෙන යන්නට ඇත. එලෙසින් ඇය 1261-62 අතර කාලයේ ඔහුගේ සම-අනුරාජයා ලෙස කටයුතු කොට ඇති බව පෙනේ.

1263දී රුද්‍රමා දේවී රැජින සම්පූර්ණ ස්වාධිපත්‍යය හිමි කරගැනීමට සමත් වූවා ය.

ඒකාම්රනාථගේ ප්‍රතාපචන්ත්‍ර කෘතියේ සඳහන් වන්නේ රුද්‍රමා දේවීගේ අර්ධ සොයුරන් වූ හරිහරදේව සහ මුරාරිදේව විසින් ඇයව බලයෙන් ‍පමහකොට ඔරුගල්ලු නුවර අල්ලාගත් බවයි. අනතුරුව ඇය ජනතාවගේ සහ ඇතැම් බලවත් වංශවතුන්ගේ සහාය ඇතිව ඔවුන් සමග අරගල කළ බැව් එහි සඳහන් වේ. කෙසේනමුත්, රුද්‍රමා දේවී රැජිනියට අර්ධ-සොහොයුරන් වූ බවට සෙසු කිසිදු සාක්ෂියක් හමු නොවේ. නමුත් ඇතැම් ගතානුගතික වංශවතුන් සහ ඇගේ සමීප ඥාතීන් පිරිසක් ඇගේ පාලනයට එරෙහිව කැරලි ගැසූ බව විශ්වාස කෙරේ. කායාස්ථ ප්‍රධාන ජන්නිගේදේව සහ ඔහුගේ බාල සොහොයුරන් වූ ත්‍රිපූරාරි හා අම්බදේවත්, රේචේර්ලා ප්‍රාසාදිත්‍ය සහ ගොනා ගන්නා රෙඩ්ඩි වැනි රෙඩ්ඩි ප්‍රධානීනුත් රැජිනියට අතිශයින් පක්ෂපාතී විය. ඔවුහු ඇයව ආරක්ෂා කරගනිමින්, කැරැල්ල මර්දනය කළහ.

ඇගේ කාකතීය පූර්වප්‍රාප්තිකයන් මෙන් නොව, ඇය සෙබලුන් ලෙස පත්කළේ බොහෝ වංශවතුන් නොවූ පුද්ගලයන්ව ය. එසේම ඇය ඔවුන්ගේ සහායට ප්‍රතිඋපකාර වශයෙන් ඉඩම් සහ බදු හිමිකම් ප්‍රදානය කරන ලදී. මෙය සුවිශේෂී වෙනස්කමක් ලෙස සැලකෙන අතර, මෙම ක්‍රමය ඇගේ අනුප්‍රාප්තික රජවරුන් මෙන්ම පසුකාලීන විජයනගර අධිරාජ්‍යය විසින් ද ක්‍රියාවට නංවා තිබේ.

සිය රාජ්‍ය පාලනය ඇරඹීමෙන් පසුව, රුද්‍රමා දේවී හට නැගෙනහිර ගංග රාජවංශයේ සහ යාදවවරුන්ගේ තර්ජනයන්ට මුහුණපෑමට සිදු විය. 1270 දශකයේ ඇය විසින් නැගෙනහිර ගංග රාජවංශය ගෝදාවරී ගංගාවෙන් ඈතට පලවාහරින ලදී. එසේම ඇය විසින් යාදවවරුන්ව ද පරාජය කිරීමට සමත්වූ අතර, යාදවවරුනට බටහිර ආන්ධ්‍ර ප්‍රදේශය ඇයට පැවරීමට සිදු විය. 1273දී කායාස්ථ ප්‍රධානී අම්බදේව ඔහුගේ පෙළපතේ නායකයා බවට පත්වීමෙන් පසු, ඇයට අවනත නොවන්නට විය. කාකතීයවරුන්ට යටත්වාසියකු වීම ප්‍රතික්ෂේප කළ අම්බදේව වර්තමාන ගුන්තූර් දිස්ත්‍රික්කයට අයත් පෙදෙස සහ නිරිතදිග ආන්ධ්‍රාහි බොහෝ ප්‍රදේශ සිය පාලනයට නතු කරගත්තේ ය.

පවුල සහ අනුප්‍රාප්තිය

රුද්‍රමා දේවි: පාලනය, පවුල සහ අනුප්‍රාප්තිය, ජනප්‍රිය සංස්කෘතිය තුළ 
චන්දුපට්ලාහි රාණි රුද්‍රමා දේවීගේ මරණය පිළිබඳ සඳහන් ශිලා ලේඛනයක්; ක්‍රි.ව. 1289

රුද්‍රමා දේවී රැජින, චාලුක්‍ය රාජවංශයේ සුළු පෙළපතක සාමාජිකයකු වූ වීරභද්‍ර සමග විවාහ වූවා ය. මෙය ක්‍රි.ව. 1240දී සිදු වන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙය මිත්‍ර සන්ධානය පවත්වා ගැනීමේ අරමුණින් ඇගේ පියා විසින් සිදුකර දෙන ලද දේශපාලන විවාහයක් ලෙස සැලකේ. වීරභද්‍ර ඇගේ රාජ්‍ය පාලනයට සහභාගී වූ බවට කිසිදු ලේඛනයක් හමු නොවේ. මෙම යුවළට දියණියන් දෙදෙනකු විය.

1289 අම්බදේව සමග සටනක දී රුද්‍රමා දේවී මියගිය බව පැවසේ. නමුත් ඇතැම් මූලාශ්‍ර පවසන්නේ ඇය 1295 තෙක් මියනොගිය බවයි. ඇගෙන් පසු ඇගේ දියණියකගේ පුත්‍රයකු වූ ප්‍රතාපරුද්‍ර සිහසුනට පත් විය. නමුත් ඔහුගේ සමයේ රාජධානිය රුද්‍රමා දේවී සිහසුනට පත්වන විට පැවති ප්‍රමාණයට වඩා විශාලත්වයෙන් කුඩා විය.

ජනප්‍රිය සංස්කෘතිය තුළ

චිත්‍රපට නිර්මාණ ශිල්පී ගුණසේඛර් විසින් රුද්‍රමා දේවියගේ කථාපුවත අලලා රුද්‍රමාදේවී නැමැති තෙලිඟු චිත්‍රපටයක් නිර්මාණය කොට තිබේ. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන ලද්දේ අනුෂ්කා ෂෙට්ටි, අල්ලු අර්ජුන්, රානා දග්ගුබාති සහ ක්‍රිෂ්ණම් රාජු යන නළු නිළි පරිස විසිනි.

මේවාත් බලන්න

  • චන්ද් බිබි
  • රාණි දුර්ගාවතී
  • අබ්බක්කා චෞටා
  • කිත්තුර් චෙන්නම්මා
  • කේලඩි චෙන්නම්මා
  • මුල්කාලීන නූතන රණකාමයේ කාන්තාවන්ගේ ඉතිහාසය

ආශ්‍රේයයන්

සටහන්

උද්ධෘත

This article uses material from the Wikipedia සිංහල article රුද්‍රමා දේවි, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.

Tags:

රුද්‍රමා දේවි පාලනයරුද්‍රමා දේවි පවුල සහ අනුප්‍රාප්තියරුද්‍රමා දේවි ජනප්‍රිය සංස්කෘතිය තුළරුද්‍රමා දේවි මේවාත් බලන්නරුද්‍රමා දේවි ආශ්‍රේයයන්රුද්‍රමා දේවිකාකතීය රාජවංශයඩෙකෑන් සානුව

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකා ජාතික ගීයප්‍රථමාධාරමොනරාආකිමිඩීස්තනි වචන (සිංහල භාෂාව)පරිසර දූෂණයප්‍රජාතන්ත්‍රවාදයමින්නේරිය වැවකන්‍යා පටලයලන්දේසි ලංකාවදේවානම්පිය තිස්ස රජදඹුල්ල රජමහා විහාරයභූගෝල විද්‍යාවහින්නෝන්මාදයමුල් ළමාවියේ සංවර්ධනයඔගස්ටස්ශ්‍රී ලංකාවේ අධිකරණයඑක්සත් රාජධානියත්‍රිකෝණමිතියවියළි කළාපයේ පසවී වගාවබිල් ගේට්ස්ජර්මනියබර්මියුඩා ත්‍රිකෝණයභූපාලි රාගයධම්මපදයඉංග්‍රීසි භාෂාවමන්දාකිණිසරම්පගෝලීයකරණයශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයශක්තියෙහි ඒකකථේරවාදයශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවපංච කල්‍යාණශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවසිංහල ව්‍යාකරණයුරෝපයේ ජාතික රාජ්‍යකාව්‍යයේ මුඛ්‍යාංගතරුඕ‍සෝන් වියනසිරි පතුලජෛව විවිධත්වයශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්කැසිනෝජසින්ඩා ආර්ඩන්ගේ ඉල්ලා අස්වීමපලිබෝධනාශකයුරෝපියානු සංගමයජේතවනාරාමය, අනුරාධපුරසෙම්ප්‍රතිශ්‍යාවසෝවාන්පළමුවන විජයබාහු රජශ්‍රී ලංකාවේ දුෂ්කර පාසල්සිංහල සාහිත්‍යයශ්‍රී ලාංකේය ඉංග්‍රීසිචිත්‍රපට ඉතිහාසයමාණික්කාවත (ටෙලිනාට්‍යය)ප්‍රභාසංශ්ලේෂණයදේපල නීතියමී ගසඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපකොහොඹා කංකාරියශ්‍රී ලාංකීය සංස්කෘතියහෝමෝ ඉරෙක්ටස්6විදුලි ක්ෂමතාවස්වභාවික වෘක්‍ෂලතාපරිගණක ජාලසිකුරු ග්‍රහලොවබැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානමුල් පිටුවශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිකොවිඩ්-19නාගරීකරණයඅනුරාධපුර යුගයේ සිතුවම්ත්‍රිකෝණවෙසක් උත්සවය🡆 More