මාර්ටින් ලූතර් කිං

මාර්ටින් ලූතර් කිං (1929 - 1968) වූ කලි ඇමරිකානු මහජන අයිතිවාසිකම් රැකගැනීම වෙනුවෙන් සටන් කළ ප්‍රධාන නායකයෙකි.

ඔහු බැප්ටිස්ට් දේවගැතිවරයෙක් වූ අතර, එවකට ඔහු වැනි කළු මිනිසුන් හට නායකත්වය ලැබුණේ ඉතා කලාතුරකිනි. නමුත් ඔහු මානව අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් සටන් කළේය. මොන්ට්ගොමෙරි බස් බෝයිකොට් සංවිධානය (1956-1957) පිහිටවූ ඔහු, පසුව දකුණු ක්‍රිස්තියානි නායකත්ව සමුළුවට සහභාගී විය. එම සමුළුවේ සභාපතිවරයා විය. 1963 වොෂින්ටන් හිදී ඔහු ‘මට සිහිනයක් ඇත’ මැයෙන් ඔහු පැවැත්වූ කතාවෙන් ඔහු මානව අයිතිවාසිකම් පිළිබඳව සාමාන්‍ය ජනයා දැනුවත් කිරීමට සමත් වූයේය.

මාර්ටින් ලූතර් කිං
මර්ටින් ලූතර් කිං
උපත 1929 ජනවාරි 15
උපන් ස්ථානය ඇට්ලන්ටා, ජෝර්ජියා, ඇමරිකා එක්සත් ජනපදය
වියෝව 1968 අප්‍රේල් 4 (39 වියේදී)
වියෝවූයේ ඇමරිකා එක්සත් ජනපදයේ ටෙනෙස්සීහි මෙම්පිස් හිදීය.
ව්‍යාපාරය අප්‍රිකා-ඇමෙරිකා මහජන අයිතිවාසිකම් ව්‍යාපාර සහ සාම ව්‍යාපාර
ප්‍රධාන සංවිධාන දකුණු ක්‍රිස්තියානි නායකත්ව සමුළුව
නොබෙල් ත්‍යාග සාමය පිළිබඳ නොබෙල් ත්‍යාගය (1964)
Presidential Medal of Freedom (1977, මරණින් පසු)
Congressional Gold Medal (2004, මරණින් පසු)
ප්‍රධාන සමරු මාර්ටින් ලූතර් කිං ජාතික අනුස්මරණ (සැලසුම් කරමින් සිටී)
ඉගෙනුම් ලත් ස්ථාන මෝහවුස් විද්‍යාලය
ක්‍රෝසර් දේවධර්ම විද්‍යාලය
බොස්ටන් සරසවිය
ආගම බැප්ටිස්ට්
බලපෑ චරිත ජේසුස් වහන්සේ, හෝවඩ් තුර්මන්, මහත්මා ගාන්ධි, හෙන්රි ඩේවිඩ්,තොරියා, රෝසා පාක්ස්, බේයාඩ් රස්ට්න්
බලපෑම් ඇතිකළ චරිත කොරීටා ස්කොට් කිං, ජෙසේ ජැක්සන්

1964 ඔහු නොබෙල් ත්‍යාගය දිනාගන්නා ලාබාලතමයා වීමට තරම් භාග්‍යවන්ත වුයේය. එම සාම ත්‍යාගය ඔහු හට හිමිවූයේ ජාතිවාදය සහ අනෙකුත් ආකාර වල සමාජ බෙදීම්, නොයෙකුත් සමාජ තර්ජන ගර්ජන මධ්‍යයේ වුවද විවේචනය කිරීම හේතුවෙනි.

මාර්ටින් ලූතර් කිං 1968 අප්‍රේල් 4 වැනිදා ඝාතනය කරන ලද්දේ ටෙනෙස්සීහි මෙම්පිස් හිදීය. ඔහුගේ මරණින් පසු ජනාධිපති ජිම් කාටර් විසින් 1977 දී ඔහු Presidential Medal of Freedom සම්මානයෙන් පුදනු ලැබීය. මාර්ටින් ලූතර් කිං ඝාතනය කරන ලද දිනය ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික දිනය වශයෙන් 1986 දී සම්මත කරන ලදී. මරණින් පසු ඔහු Congressional Gold Medal සම්මානයෙන් ද පුදනු ලැබීය. මාර්ටින් ලූතර් කිං උපත ලැබුවේ 1929 ජනවාරි 15 ජෝර්ජියා හි ඇට්ලන්ටාහිදීය. පූජක මාර්ටින් ලූතර් කිං සහ ඇල්බර්ටා විලියම්ස් කිං යන දෙපළගේ පුත්‍රයා ලෙස ඔහු උපත ලැබීය. ඔහුගේ පියාගේ නම මයිකල් කිං වූ අතර, එම නිසාම ඔහුගේ උපන් නම ලෙස භාවිතා කරන ලද්දේ මයිකල් කිං යන්නයි. ඒ 1935 වනතුරුය. ඔහුගේ පියා විසින් පසුව දෙදෙනාගේම නම් ජර්මානු රෙපරමාදුකරුවකු වූ මාර්ටින් ලූතර්ට ගරු කිරීමක් ලෙස වෙනස් කර ගැනීමෙන් පසු, ඔහු මාර්ටින් ලූතර් කිං ලෙස වෙනස් විය. විලි ක්‍රිස්ටින්, ඔහුගේ වැඩිමහලු සොහොයුරිය (1927 සැප්. 11) වූ අතර බාල සොහොයුරා ඇල්පඩ් ඩැනියෙල් (1930 ජුලි 30 – 1969 ජුලි 01) වූයේය.

මාර්ටින් ලූතර් කිං 1939 දී පල්ලියේ ගීතිකා කණ්ඩායම සමඟ Gore with the wind නම් චිත්‍රපටියේ මංගල දර්ශණය දවසේදී ගායනයක් ඉදිරිපත් කළේය. පාසලේ නවවන පන්ති‍යද, දොළොස්වන පන්තියද මඟහරිමින් උසස්වීම් ලද ඔහු වයස අවුරුදු 15 දී මෝහවුස් විද්‍යාලයට ඇතුළත් විය. ප්‍රථම කලා උපාධිය අවසන් කළේ සමාජ විද්‍යා විෂය ධාරාවෙනි.

පසුව පෙන්සිල්වේනියාවේ චෙස්ටර්හි ක්‍රෝසර් දේවධර්ම විද්‍යාලයට ඇතුළු වූ ඔහු, දේවධර්ම ශාස්ත්‍රය පිළිබඳ ප්‍රථම උපාධිය දිනා ගත්තේ 1951 දීය. 1951 සැප්තැම්බර් වලදී ඔහු ආචාර්ය උපාධියට සුදානම් වූ අතර, ඒ බොස්ටන් සරසවියේ දීය. ඔහු හැදෑරුවේ ව්‍යවස්ථික දේවධර්ම ශාස්ත්‍රයයි. 1955 ජුනි 5 වන දින ඔහු ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේය. අවුරුදු 24 දී ඩෙක්ස්ටර් ඇවෙනිව් බැප්ටිස්ට් පල්ලියේදී (මොන්ටොගොමෙරි, ඇලබාව) ඔහු පාදලි තනතුරට පත්විය.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

එස්‌. මහින්ද හිමිමිනිසාමිනිස් ආහාර ජීරණ පද්ධතියථූපාරාමය, අනුරාධපුරඛනිජශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණපටිච්චසමුප්පාදයරූපවාහිනියේ සාමාජීය බලපෑමසිංහල අකුරුවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගවිර පුරන් අප්පුසීගිරියඕස්ට්‍රේලියාවශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික බෞද්ධ අධ්‍යාපනයධාතුසේන රජමානව සැකිලි පද්ධතියජයන්ති කුරු උතුම්පාලක්ෂුද්‍ර ජීවීන්දේශපාලන විද්‍යාවයශෝදරාකාර්මික විප්ලවයතාරකා විද්‍යාවසමාධි බුදු පිළිමයමිනිසාගේ ස්නායු පද්ධතියකාලස් පුයිජ්දෙමොන්ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවඊශ්‍රායලයක්‍රි.ව.1818 පළමු නිදහස් සටනකාවන්තිස්ස රජආගම්චාමර වීරසිංහනව අරහාදී බුදුගුණවිද්‍යුත් තැපෑලඉතිහාසයරණතුංග කරුණානන්දකෘත්‍රීම බුද්ධියඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයජනතා විමුක්ති පෙරමුණප්‍රජාතන්ත්‍රවාදයගෞතම බුදුරජාණන් වහන්සේඉන්දියාවඅධ්‍යාපන මනෝ විද්‍යාවඉන්දුනීසියාවෆේස්බුක්විටමින් Aආසියාවදෙවන පරාක්‍රමබාහු රජමිශ්‍ර සිංහල හෝඩියකාලයමින්නේරිය වැවථූපාරාමයදළදා වහන්සේමහනුවර පාසල් නාමාවලියඅර්ථයළමා අපයෝජනයජී‍.බී. සේනානායකගෝලයලෝකෝපකාරයහෙළ ගණන් ක්‍රමයබැක්ටීරියාරුසියානු-යුක්‍රේන යුද්ධයරිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතයජලයේ රසායනික හා ‍ෙභෟතික ගුණළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාසෙම්ප්‍රතිශ්‍යාවසීගිරි බලකොටුවදුටුගැමුණු රජශ්‍රී ලංකාවේ රබර් වගාවබුධනුවරඑළියමහා ප්‍රජාපතී ගෝතමීකැලණිය රජ මහා විහාරයපුරාවිද්‍යාවසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයඅළු කෑදැත්තා🡆 More