ධාතු පරිනිර්වාණය

බුදුරජාණන් වහන්සේට පරිනිර්වාණ තුනක් ඇත.

ක්ලේශ පරිනිර්වාණය, ස්කන්‍ධ පරිනිර්වාණය, ධාතු පරිනිර්වාණය යනු එම පරිනිර්වාණ තුන යි. අප බුදුරදුන් ගේ ක්ලේශ පරිනිර්වාණය ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී සිදුවිය. ස්කන්‍ධ පරිනිර්වාණය කුසිනාරා නුවර මල්ල, රජ දරුවන් ගේ උපවත්තන සල් වනයේ දී සිදුවිය. ධාතු පරිනිර්වාණය අනාගතයේ දී සිදු වෙයි. එය කෙසේ සිදුවේ ද?

ගෞතම බුදුසසුනට වසර පන්දහසක් කල් සම්පුර්ණ වූ කල්හි වෙසක් පුර පසළොස්වක පොහෝ දින ලංකාවේ මයියංගනය, මැදිරිගිරිය, කැලණිය, දීඝවාපිය, සේරුවිල , ගිරිහඬු සෑය, ජේතවනය, අභයගිරිය, ථූපාරාමය ආදී බොහෝ ස්තූපයන්හි වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්ථානයට එක් රැස් වෙති. ධාතු නිදන් කළ දිනයේ පටන් ඒ දක්වා ධාතු ගර්භය තුළ දැල්වෙමින් පැවති සිංහ තෙල් පහන් එදින නිවී යයි.

ධාතු පරිනිර්වාණය
රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ

එකල්හි රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භයට රැස් වූ ඒ සියලු ම සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී එක නූලක අමුණන ලද මුතු ඇට පෙළක් මෙන් නාගදීපයේ රාජායතන චෛත්‍යය වෙත වැඩම කර අප බුදුරදුන් දෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ වැඩ හිඳ නාගයින්ට දහම් දෙසූ මැණික් පුටුව මත තැන්පත් වෙති.

එහි දී අප්‍රමාණ දිව්‍ය නාගයින් ගේ මහත් වූ වන්දනා පුද සත්කාර ලබන සර්වඥ ධාතුන් වහන්සේලා මැණික් පුටුවත් සමගින් ම අහසට පැන නැගී දඹදිව ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයට වැඩම කරති.

එකල්හි දඹදිව හා ලෝකයේ තව බොහෝ රටවල්වල වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා ද දිව්‍ය ලෝකයන්හි බ්‍රහ්ම ලෝකයන්හි නාග ලෝකයන්හි වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා ද ඒ ඒ ස්ථානයන් ගෙන් අහසට පැන නැගී දඹදිව ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයට වැඩම කරති.

ඒත් සමග ම මහත් වූ වජ්‍රාසනයක් පොළොව පළාගෙන ඉහළට මතු වෙයි. එවිට සියලු ම සර්වඥ ධාතුන් වහන්සේලා වජ්‍රාසනය මත තැන්පත් වෙති. පසුව ඒ සියලු ම ධාතුන් වහන්සේලා එකට එක්වී බුදුරුව මවා ගනිති.

ලලාට ධාතුව ලලාට ධාතුව තිබූ තැන ම පිහිටයි. අකුධාතු දෙනම අකු ධාතු දෙනම තිබු තැන ම පිහිටයි. සතර දළදා සතර දළදා තිබූ තැන ම පිහිටයි. ශ්‍රීවාස්ථී ධාතුව ශ්‍රීවාස්ථි ධාතුව තිබූ තැන ම පිහිටයි. සියලු කේශ ධාතු හා ලෝම ධාතු පෙර ඒ ධාතු තිබූ ස්ථානයන්හි ම පිහිටයි. මුං ඇට, කඩසහල්, අබ ඇට යන ප්‍රමාණයන්ට කැඩී බිඳී වෙන් වී ගිය නැළි දහසයක අස්ථි ධාතු පෙර ඒ ධාතු තිබූ ස්ථානයන්හි නොවරදවා ම පිහිටයි. ඒ ත් සමග ම දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ හා අසූවක් අනුව්‍යංඡන ලක්‍ෂණ ද පහළ වෙයි.

එදා බුදුරදුන් බුදු වූ දිනයේ දී මෙන් මෙදිනත් දස දහසක් සක්වළ ඒකාලෝක කරමින් බුද්ධ ශරීරයෙන් සවණක් රැස් විහිදෙයි. සියලු දිශා බබළයි. වඩ වඩාත් බබළයි.

මෙය දකින දිව්‍ය බ්‍රහ්මයෝ “ අද අප බුදුන් ගේ ධාතු පරිනිර්වාණය සිදු වේ” යයි කියා වහ වහා දිවමල්, දිවගඳ ගෙන බොහෝ දෙව්බඹුන් ද සමගින් දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත වහ වහා රැස් වෙති.

එකල්හි ඒ බුදුරුව අහසට පැන නැගී යමා මහා පෙළහර දක්වා අහසින් බැස වජ්‍රාසනය මත වැඩ සිටිති. ඒ ත් සමග ම ධාතු ශරීරයෙන් මහත් වූ ගිනි ජාලාවක් හට ගෙන ආදාහනය වෙයි. මෙය දකින දේවතාවෝ “ මේ අප බුදුන් දකින අවසාන වතාවයි. අදින් පසු අපට ධාතුන් වහන්සේ නමක් වත් දැක බලා ගැනීමට නොහැකි වේ. අහෝ ! මුළු ලොව ම හිස් වී ගියේය. අඳුරු වී ගියේය. බුද්ධාලෝකය නිවී ගියේ ය”යි කියා මහත් වූ දුකට පත් ව හඬා වැටෙති.

මේ ආදාහනයේ දී අබ ඇටයක් තරම් කුඩා වූ සර්වඥ ධාතුන් වහන්සේ නමක් වත් ඉතිරි නොවෙයි. සියලු ම ධාතු ආදාහනය වෙයි. අළු වත් දැලිවත් ඉතිරි නොවෙයි. සියලු ධාතු දැවී ගිය කල්හි මහත් වූ ගිනි කඳ අතුරුදහන්වී යයි මෙසේ ධාතු පරිනිර්වාණය සිදු වන බව දත යුතු යි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

මාර්ටින් වික්‍රමසිංහනුවරඑළියජලභීතිකාවගණිකාවබුද්ධත්වයට පත්වීමපේශි පටකයදැල්පන්දුසිඟාලෝවාද සූත්‍රයනෙළුම් කුළුණඋකුස්සාමන්නාරම බයෝබැබ් ගසචෙස්බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිආනන්ද කුමාරස්වාමිපාපන්දු ක්‍රීඩාවතිස්සමහාරාම රජ මහා විහාරයසනත් ජයසූරියශ්‍රී ලංකා ගුවන් හමුදාවශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවබුධඅයිසැක් නිව්ටන්විලියම් ෂේක්ස්පියර්සිද්ධි ලෙබ්බේවිර පුරන් අප්පුඇසළ (ගස)ඩෙංගුකෘමියෝගූගල්අභය වැවශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරක්ෂණික මෝචනයශ්‍රී ලංකාවේ පළාත්සොංක්‍රන් (තායිලන්තය)ඉන්දියාවඩී.එස්. සේනානායකසාර ධර්මජන කවියාපහුව බලකොටුවශ්‍රී ලංකාවේ අපරාධසිංහල අක්ෂර වින්‍යාසයඅනගාරික ධර්මපාලශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියමහනුවරශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තගෞතම බුදුරජාණන් වහන්සේශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවමාතලේ කැරැල්ලඅභයගිරි දාගැබසඳකඩපහණතෛපොංගල්උතුරු පළාත, ශ්‍රී ලංකාවසියම් මහ නිකායආකිමිඩීස්ශ්‍රී ලංකාවේ 1987-89 කැරැල්ලසුරතාන්තයමහ පොළොවලංකාවේ වාරි කර්මාන්තයයුරෝපයමුදල්අභයගිරි විහාරයගෝලීයකරණයබලශක්ති සංරක්‍ෂණයකුණාටුකෘෂිකර්මයහෝමෝ හැබිලිස්ටොලමිගේ ලෝක සිතියමඡායාරූප ශිල්පීකාවන්තිස්ස රජප්‍රථමක සංඛ්‍යාපෘතුගීසි ලංකාවසිංහල හින්දු අලුත් අවුරුද්දපස්වග මහණුන්සියදිවි නසාගැනීමජැක්සන් ඇන්තනීමිශ්‍ර සිංහල හෝඩියසංගීතයජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුව🡆 More