චිත්‍රපටයක් සඳහා ආරම්භක කතා සංකල්පයක නැතහොත් පිටපත් නිර්මාණය කිරීමේ පටන් පටිගත කිරීම, සංස්කරණය සහ අවසානයේ ග්‍රාහකයන් වෙත බෙදා හැරීම් දක්වා වූ ක්‍රියාවලිය චිත්‍රපට නිර්මාණය නම් වේ.
සාමාන්‍යයෙන් මේ සඳහා පුද්ගලයන් විශාල සංඛ්‍යාවකගේ දායකත්වය ලබාගත යුතු අතර නිර්මාණ ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා මාස කිහිපයක සිට වසර කිහිපයක් දක්වා කාලයක් ගත විය හැකිය. ලෝකය පුරා ආර්ථික සමාජීය හා දේශපාලනික ආදී පසුබිම් රාශියක් පදනම් කොට ගෙන චිත්‍රපට නිර්මාණය සිදු වන අතර එහිදී විවිධ තාක්ෂණයන් සහ ක්‍රමවේද භාවිතා වේ.
මෙම අදියරේදී අදහසක් ජීව්‍ය පිටපතක් බවට පත්කිරීම සිදුවේ. චිත්‍රපටියේ නිෂ්පාදක විසින් පොතක කථාවක් මඟින්, නාටකයක් මඟින්, වෙනත් චිත්‍රපටයක් මඟින්, සත්‍ය කථාවක් මඟින් හෝ ජනිත වූ අදහසක් මඟින් කථාවක් සොයාගනු ලැබේ. කථාවෙහි තේමාව හෝ ඊට පාදක වූ පණිවිඩය හඳුනාගත් විට සාරාංශයක් සකස් කරනු ලැබේ. නාට්‍යමය ව්‍යුහය සලකා බලමින් කථාව එක් පරිච්ජේදයක ජවනිකා ලෙසට බෙදා වෙන් කරන බාහිර සීමාවල් මඟින් මෙය අනුගමනය කරනු ලැබේ. ඉන්පසු පිරියම් කිරීම සකස් කරනු ලැබේ.
මෙය කථාවෙහි විස්තරය, එහි මනෝභාවයන් හා චරිත, කුඩා දෙබස්ඛන්ඩ, රංග දිශාවන් හා බොහෝවිට වැදගත් ලක්ෂණ දැක ගැනීමට උදවුවන චිත්‍රයකින් සමන්විත වන පිටු 20ත් 30ක් අතර වන්නකි.
ඉන්පසු තිර රචනය මාස කිහිපයක් මුළුල්ලේ ලියනු ලැබේ. ඇතැම්විට මෙය නාට්‍ය රෝපණය, පැහැදිල කම, ව්‍යුහය, චරිත, දෙබස් සහ සමස්ථ ශෛලිය වඩා වර්ධනය කිරීමට කිහිප වතාවක්ම නැවත නැවත ලියනු ලැබේ. කෙසේවෙතත් බොහෝවිට නිෂ්පාදක වරුන් ඉහත අදියරයන් මගහරිනු ලබන අතර පිටපත් වැසුම් සරිය (Script coverage) යනුවෙන් හඳුන්වන ක්‍රියාවලියක් මඟින් අගයකරනු ලබන තිර පිටපතක් සංවර්ධනය කරනු ලැබේ. සුදුසු වෙළඳපලක් හා ඇතිවිය හැකි මූල්‍යමය වාසීන් ඇගයීම සඳහා චිත්‍රපට බෙදා හරින්නන් විසින් ඉහත මූලික අදියරයන්ද සිදු කල යුතුය. හොලිවුඩයේ බෙදා හරින්නන් ඉක්මනින් කලබල නොවන සුළු ව්‍යාපාර ප්‍රවේශයන් තෝරාගනු ලබන අතර චිත්‍රපට ප්‍රබේද, ඉලක්ක ප්‍රේක්ෂකාගාරය, සමාන චිත්‍රපට අතීතයේ සාර්තක වී ඇති ආකාරය, චිත්‍රපටියට පෙනී සිටින නළුවන් සහ චිත්‍රපටය සඳහා නළුවන් සහ චිත්‍රපටය සඳහා භාව්‍ය අධක්ෂක වරුන් වැනි සාධක සලකා බලනු ලබයි. මෙම ඉහත සාධක මඟින් අදහස් කරනු ලබන්නේ චිත්‍රපටයේ කොතෙක් සිටිය හැකි ප්‍රේක්ෂකයන් ප්‍රමාණය ආකර්ෂණය කරන්නේද ඒ නිසා චිත්‍රපට දැක්ම නිකුත්කල විට කෙතරම් හිස් ආසන ගණනක් තිබිය හැකිද යන්නයි. සිනමා ශාලාවක් තුළ සිනමා දැක්ම සිදුකිරීමෙන් පමණක් සෑම චිත්‍රපටයම ලාභ උපයන අතර එමනිසා DVD අලෙවිය හා ලෝකය පුරා බෙදා හැරීමේ අයිතිය ගැන සලකා බැලිය යුතුය.
ඉන්පසු චිත්‍රපට පථය (Movie pitch) සකස්කරනු ලබන අතර භාව්‍ය මුදල් යොදවන්නන් සඳහා ඉදිරිපත් කරනු ලැබේ. මෙහිදි චිත්‍රපට පථය සාර්ථකනම් චිත්‍රපටයට කොල එළියක් එනම් මූල්‍යමය සහයෝගයක් ප්‍රධාන චිත්‍රපට චිත්‍රාගාර, චිත්‍රපට මණ්ඩලය හෝ ස්වාධීන ආයෝජකයන්ගෙන් ලැබේ. ඉන්පසු ගණුදෙනු කථිකාරකගනු ලබන අතර ගිවිසුම් අත්සන් කිරීම සිදු කරනු ලැබේ.
පෙර නිෂ්පාදනයේ දී, චිත්‍රපටය නිර්මාණය සහ සැලසුම් කිරීම සිදුවේ. නිෂ්පාදන ආයතනයක් මඟින් ච්ත්‍රපටය නිර්මාණය කරන අතර නිෂ්පාදන කාර්යාලයක් ද පිහිටුවනු ලැබේ. නිර්මාණයේ කතා ආකෘතියකට නඟන අතර එය චිත්‍ර නිර්මාණකරුවන් සහ සංකල්ප නිර්මාණකරුවන් ආධාරයෙන් දෘශ්‍ය රූපයට නගනු ලැබේ. චිත්‍රපටයේ වියදම බැලීම සඳහා නිෂ්පාදන අයවැයක් ද සටහන් කරගනු ලැබේ. නිෂ්පාදකයා විසින් මුදල් ගෙවා සේවක කණ්ඩායමකගේ සහාය ලබා ගනී. චිත්‍රපටයේ ස්වභාවය සහ වියදම මත, චිත්‍රපට නිෂ්පාදනය අතරතුර යොදා ගනු ලබන කණ්ඩායමේ ප්‍රමාණය සහ වර්ගය තීරණය කෙරේ. හොලිවුඩ්හි අති දැවැන්ත නිර්මාණයන්හි නළුනිළි සහ සහාය කණ්ඩායම් පිරිස ලෙස දහස් ගණනක් කටයුතු කරන අතර, අඩු වියදමින් නිපදවන චිත්‍රපට, අට දෙනෙක් හෝ නව දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක ආධාරයෙන් නිර්මාණය කරනු ලැබේ. නියමාකාර වශයෙන් කණ්ඩායමකට අයත් කාර්යයන් වන්නේ,
චිත්‍රපටයක් තැනීම නිර්මාණය කිරීම හා දර්ශන ඛණ්ඩ ගැනීම දේපල හිමිකරුවන්, පිටපත් අධ්‍යක්ෂකයින්, සහාය අධ්‍යක්ෂකවරුන්, අචල රූප ඡායාරූප ශිල්පීන්, රූප සංස්කාරකවරුන් හා ශබ්ද සංස්කාරක වැනි බොහෝ පිරිස් බඳවා ගන්නේ මෙම අදියරේදීය. චිත්‍රපට තැනීමට පොදු වූ කාර්ය සංකේත බොහෝ ඇති අතර නිෂ්පාදනය කාර්යාලයට චිත්‍රපටයට ගැළපෙන සේ මෙම කාර්ය සංකේත මිශ්‍ර කර එමටම ආවේණික වූ කාර්ය සංකේතයන් ගොඩනැඟීමේ නිදහස හිමිය.
බොහෝවිට දිනයක රූ ගත කිරීම් ආරම්භ වන්නේ සහාය අධ්‍යක්ෂ විසින් දවසේ රූ ගත කිරීමේ න්‍යාය පත්‍රය සඳහන් කිරීමෙනි. ඉන් පසු චිත්‍රපට පසුතලය ගොඩනඟනු ලබන අතර අවශ්‍ය දේපල සූදානම් කරීම සිදු කරයි. ආලෝකකරණය සිදු කරනු ලබන අතර කැමරා සහ ශබ්ද පටිගත කිරීමේ උපකරණ සකස් කරනු ලැබේ. මෙම වේලාවෙහිම නළුනිළියන් ඇඳුම් ආයිත්තම් පළඳින අතර හිසකෙස් හා වේශ නිරූපණ අංශයට පැමිණෙනු ඇත.
රංගන ශිල්පීන් තිරපිටපත පෙරහුරු කරනු ලබන අතර අධ්‍යක්ෂකවරු සමඟ නිවැරදි කිරීම් කරගනු ලැබේ. ඉන්පසු රූප සහ ශබ්ද සමූහය සමඟ පෙරහුරුවක් රංගන ශිල්පීන් සිදු කරනු ලබයි. අවසානයේ අධ්‍යක්ෂකගේ බලාපොරොත්තුව අනුව ගැනුම් කීපයකින් රංගනය රූගත කරනු ලැබේ.
සෑම රූගත කිරීමක්ම ලෝහ පතුරු ක්‍රියාවලියක් අනුගමනය කරන අතර ටකපෝරුවක් (Clapper board) මත සළකුණු කරයි. එය පසු නිෂ්පාදනයේදී අදාළ පථය තුල සංස්කාරකවරයා තැබීමට උපකාරී වේ. ටකපෝරුව දර්ශනය, රූගත කිරීම්, අධ්‍යක්ෂක, ඡායාරූප අධ්‍යක්ෂක, දිනය සහ ඉදිරිපස ලියන ලද චිත්‍රපටයේ නම වාර්තා කරනු ලබන අතර කැමරාවට දර්ශනය කරනු ලබයි. රූගත කිරීමේදී හා ශබ්ද ගැනීමේදී ඉතා අත්‍යාවශ්‍ය ශ්‍රිතයක් ලෙස ටකපෝරුව සලකුණු සපයනු ලබයි.ශබ්දය චිත්‍රපටයෙන් වෙන්වූ වෙනම උපකරණයකින් පටිගත කරනු ලබන අතර පසු නිෂ්පාදනය අවධියේදී එකට ගලපන් ලබයි.
ඉන් පසු අධ්‍යක්ෂකවරයා විසින් රූගත කිරීම පිළිගත හැකිද නැද්ද යන්න තීරණය කරනු ලබයි. පිටපත් සුපරීක්ෂක හා කැමරා කණ්ඩායම් තම වාර්ථා වැඩසටහෙන් අනුපිළිවෙළට රූගත කිරීම සටහන් කරනු ලබයිසෙෑම වාර්ථා පත්‍රිකාවකම එක් එක් රූගත කිරීමේ වැදගත් තාක්ෂණික වැඩසටහන් වාර්ථා කරනු ලබයි.
ජවනිකා රූගත කිරීම් අවසන් වූ විට අධ්‍යක්ෂ විසින් අවසානය කියාපායි. ඉන්පසු පිරිස වැඩ නවත්වා ජවනිකාවට අදාළ පසුතලයේ කොටස් ගලවනු ලබයි. අධ්‍යක්ෂක ඊළඟ දිනයේ න්‍යාය පත්‍රය අනුමත කරන අතර දෛනික දියුණුව පිළිබඳ වාර්තාවක් නිෂ්පාදන කාර්යාලයට යවනු ලබයි. මෙහි අඛණ්ඩව කැමරා හා ශබ්ද කණ්ඩායම්වල වාර්ථා පත්‍රිකා ඇතුළත් කරනු ලබයි. මීළඟ රූගත කිරීම් සඳහා දිනය හා වේලාව සඳහන් කරමින් කැඳවීමේ පත්‍රිකා නළුනිළියන්ට බෙදාදෙනු ලබයි. සම්ප්‍රදායික ඡායාරූප කරුණු සිනමා චිත්‍රපටයන් භාවිතා කරන නිෂ්පාදනයන්හි අදාළ දිනයෙහි සකස් නොකළ දල සේයාපට රාත්‍රිය පුරා සකස් කිරීමට චිත්‍රපට රසායනාගාරයට යවනු ලැබේ. සකස් කිරීමෙන් අනතුරුව රසායනාගාරය විසින් ඊට අදාළ දිනපතා විස්තර පත්‍රිකාවක් ලෙස එවනු ලබන අතර අධ්‍යක්ෂකවරයා, පිරිස හා ඇතැම් විට නළු නිළියන් මඟින් සවස් යාමයේදී මෙය බලනු ලැබේ. ඩිජිටල් තාක්ෂණය භාවිතා කරනු ලබන නිෂ්පාදනයන්හි දර්ශන ඛණ්ඩ භාගත කරනු ලබන අතර පරිගණකයෙහි දිනපතා දර්හනය වන ලෙස සංවිධානය කරනු ලබයි. සමස්ත චිත්‍රපටයේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය අවසන් වූ විට නිෂ්පාදන කාර්යාලය සාමාන්‍යයෙන් අවසන් කිරීමේ සාදයක් පවත්වා නළුනිළියන් හා අනෙකුත් පිරිසට ඔවුන්ගේ කැපවීම පිළිබඳව ස්තූති කරනු ලැබේ.
මෙහිදී චිත්‍රපට සංස්කාරක විසින් චිත්‍රපටය එකලස් කරනු ලබයි. චිත්‍රපට නිර්මාණය කිරීමේ ක්‍රියාවලිෙය් වීඩියෝ කිරීමේ නවීන භාවිතයන් කාර්ය ගලායෑමේ ප්‍රභේද ප්‍රතිඵල 2 ක් ඇති කරයි. එකක් සම්පූර්ණයෙන්ම චිත්‍රපටය භාවිතා කරයි. අනෙක චිත්‍රපටයේ හා වීඩියෝවේ මිශ්‍රණයක් භාවිතා කරයි. චිත්‍රපට කාර්යය ගලා යෑමේදී යාන්ත්‍රික සංස්කරණ යාන්ත්‍රයකින් සංස්කරණය සඳහා මුල් කැමරා චිත්‍රපටය (ප්‍රතිවිරුද්ධ) එක් සැහැල්ලු (one-light) වැඩ මුද්‍රණයකට සංවර්ධනය සහ පිටපත් කිරීම සිදු කරයි. පින්තූර රාමුවේ ස්ථානය දැක්වීම සඳහා ගැට්ටෙහි පිහිටි කේතයක් චිත්‍රපටය සඳහා සටහන් කරයි. ඇවිඩ් (Avid) කොන්ටෙල් (Quantel) හෝ ෆයිනල් කට් ප්‍රෝ (final cut pro) වැනි රේඛාමය නොවන සංස්කරණ පද්ධතීන් සංවර්ධනය වූ දා සිට චිත්‍රපට කාර්යය ගලා යෑම යොදා ගත්තේ කිහිපයක් නිෂ්පාදනයන් සඳහා පමණි.
වීඩියෝ කාර්යය ගලා යෑමේදී කැමරාවේ මුල් පිටපත වීඩියෝ කිරීමට සංවර්ධනය කළේ පරිගනක සංස්කාරක මෘදුකාංගයක් සමඟ සංස්කරණය සඳහාය. කාලකේතයක් වීඩියෝ පටයේ පටිගත කරනුයේ පින්තූර රාමුවේ පිහිටීම නිශ්චය කිරීම සඳහාය. වීඩියෝ පින්තූර රාමුවල නිෂ්පාදන ශබ්දයක් ඇතිවීම මෙම ක්‍රියාවලිය අතරතුරේදී සිදුවේ.
චිත්‍රපට සංස්කාරවරයෙකුගේ මුල්ම කාර්යය වන්නේ තනි දර්ශන මත පදනම්ව අනුපිළිවෙලට දළ කොටසක් (rough cut) ගොඩනැඟීමයි. දළ කොටසෙහි අරමුණ වනුයේ හොඳ දර්ශන තෝරා ගැනීම හා පිළිවෙළට සකස් කිරීමය. ඊළඟ පියවර වනුයේ සෑම දර්ශනයක්ම බාධාවක් රහිත කතාවක් ලෙස ප්‍රසන්නව ගලායෑමට ඉඩදී අලංකාර කොටසක් (fine cut) නිර්මාණය කිරීමයි. දර්ශන මිනිත්තු, තත්පර හෝ රාමුවලට පවා කෙටි කිරීම නොහොත් චිත්‍රපට දර්ශන හැඩ කිරීම මෙම පියවරේදී සිදු කරනු ලබයි. අලංකාර කළ කොටස තිරගත කිරීමෙන් හා අධ්‍යක්ෂක විසින් අනුමත කිරීමෙන් පසු චිත්‍රපටය අඟුළු දමනු ලබයි. මෙහි අර්ථය වන්නේ වැඩිදුර වෙනස් කිරීම් නොමැති බවයි. ඉන්පසු ඍණාත්මක දර්ශන ලේඛනයක් (සීමාවෙහි වූ කේතයන් භාවිතයෙන්) හෝ සංස්කරණ තීරණ ලේඛණයක් (කාලකේතයන් භාවිතයෙන්) අතින් හෝ ස්වයංක්‍රීයව සංස්කාරක විසින් ගොඩනඟනු ලබයි. මෙම සංස්කරණ ලේඛන අලංකාර කොටසෙහි (fine cut) වූ සෑම මූලාශ්‍රයක්ම හා චිත්‍රපට රාමුවක්ම හඳුනාගනු ලබයි.
චිත්‍රපටය වැඩිදුර වෙනස්කම් කිරීම්වලින් තොරවූ විට සංස්කාරකගෙන් ශබ්දාගාරය වෙත ස්වරමාලා නිර්මාණය සඳහා යවනු ලබයි. ශබ්ද පටිගත කිරීම් සමකාලීන කිරීමෙන් පසු අවසන් ශබ්ද මිශ්‍රය සාදනු ලබයි. ශබ්ද බලපෑම, වටපිටාවෙහි ශබ්ද, ADR දෙබස්, Walla සහ සංගීතය ශබ්ද මිශ්‍රය මඟින් සංයෝග කරනු ලබයි.
මෙය චිත්‍රපට නිර්මාණයේ අවසන් අදියර වන අතර මෙහිදී චිත්‍රපටය සිනමා ශාලා හෝ කලාතුරකින් DVD, VCD හෝ VHS (VHS පට වර්තමානයේ එතරම් භාවිත නොවන අතර වැඩිදෙනෙක් සතුව DVD ධාවක යන්ත්‍ර පවතී.) ඔස්සේ බෙදාහරිනු ලැබේ. චිත්‍රපටි සිනමාමය බෙදාහැරීම සඳහා අවශ්‍ය පරිදි පිටපත් කරගනු ලැබේ. මාධ්‍ය සඳහා විශේෂිත කට්ටලයන් ලබාදෙන අතර පොස්ටර් සහ අනෙකුත් ප්‍රචාරක ද්‍රව්‍යය පළකිරීම මගින් චිත්‍රපටය පිළිබඳව ප්‍රචාරය කරනු ලැබේ.
සාමාන්‍යයෙන් චිත්‍රපටය උත්සවාකාරයෙන් ප්‍රදර්ශණය ආරම්භ කෙරෙන අතර මාධ්‍ය සාකච්ඡා සිදු කිරීම සහ ප්‍රකාශ නිකුත් කිරීමද සිදුකෙරෙයි. තවද ඇතැම් විට නිර්මාණයෙහි පෙරදසුනක් මාධ්‍ය වෙත ලබාදෙන අතර චිත්‍රපටය සිනමා උත්සව වෙතද ඉදිරිපත් කෙරෙයි. චිත්‍රපටය පිළිබඳ විස්තර ඇතුළත් වෙබ් අඩවියක් ද නිර්මාණය කිරීම බොහෝ විට සිදුවේ. තෝරා ගනු ලැබූ සිනමා ශාලාවල චිත්‍රපටය ප්‍රදර්ශණය කෙරෙන අතර සාමාන්‍යයෙන් මාස කිහිපයකට පසු DVD පිටපත් නිකුත් කෙරෙයි. සාමාන්‍යයෙන් චිත්‍රපටය සහ DVD පිටපත් ලොව පුරා ප්‍රචාරණය සඳහා අලෙවි කිරීමේ බලතල අලෙවි කෙරෙයි. ලැබෙන ලාභය බෙදාහැරීමේ ආයතනය සහ නිෂ්පාදක ආයතනය අතර බෙදා ගනු ලැබේ.
This article uses material from the Wikipedia සිංහල article චිත්‍රපට නිර්මාණය, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.