කොට්ටාව

කොට්ටාව (Kottawa) යනු බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයේ, මහරගම මැතිවරණ කොට්ථාශයට අයත් උප නාගරික ප්‍රදේශයකි.

මෙහි පරිපාලනය මහරගම නගර සභාවට අයත් වේ. කොළඹ කොටුවේ සිට හයිලෙවල් (A4) මාර්ගය ඔස්සේ කොට්ටාවට ඇති දුර කිලෝමීටර් 21ක් පමණ වේ. "කෝට්ටෙන් ආවා"යන අතීත සිංහල වහරෙන් බිදී වර්තමාන කොට්ටාව යන නාමය සෑදුනු බවට අදහසක් පවතී.

කොට්ටාව
Kottawa
නගරය
කොට්ටාව is located in ශ්‍රී ලංකාව
කොට්ටාව
කොට්ටාව
ඛණ්ඩාංක: 6°50′29″N 79°57′53″E / 6.84139°N 79.96472°E / 6.84139; 79.96472 79°57′53″E / 6.84139°N 79.96472°E / 6.84139; 79.96472
රටකොට්ටාව ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකොළඹ දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)
තැපැල් සංකේත අංකය10230

කොට්ටාව නගරය

ජනාකීර්ණ නගරයක් වන කොට්ටාව නගරය මධ්‍යයයෙන් කොළඹ - අවිස්සාවේල්ල/මඩකලපුව A4 මාර්ගය ප්‍රධාන මාර්ගය දිවේ. පස් මංසන්ධියක් ලෙස සැලකිය හැකි මෙම නගර මධ්‍යයයට කොළඹ-කොට්ටාව A4 මාර්ගයත්, කොට්ටාව-අවිස්සාවේල්ල/මඩකලපුව A4 මාර්ගයත්, පැරණි කොට්ටාව-බොරැල්ල මාර්ගයත්, කොට්ටාව-අතුරුගිරිය මාර්ගයත්, කොට්ටාව-මත්තේගොඩ/පිළියන්දල මාර්ගයත් සම්බන්ධ වේ. මෙම සංකීර්ණ මාර්ග පිහිටීම නිසා හා කොට්ටාවට නුදුරින් මාකුඹුර අධ්වේගී මාර්ග ප්‍රධාන පිවිසුම පිහිටීම නිසා කොට්ටාව මංසන්ධිය නිරතුරුව කාර්ය බහුල වාහන තදබදයකට මුහුණ දේ. එසේම ශ්‍රී ලංකාවේ දිගම පදික මාරුව පිහිටා තිබුනේද මෙම මංසන්ධිය හරහායි. මෙම ගැටළු වලට විසදුමක් ලෙස පානදුර නගරයේ මෙන් විදුලියෙන් ක්‍රියාත්මක වන මගී පාලම් කිහිපයක් ඉදි කිරීමටද සැලසුම් කර තිබිණි. කෙසේ වෙතත් නගර මධ්‍යයයේ කොටස් දෙකක් ලෙස පිහිටා තිබු පැරණි එක් බස් නැවතුමක් ඉවත් කර එම භුමිය භාවිතා කර කොට්ටාව නව වටරවුම හා මංසන්ධිය පුළුල් කිරීම සිදු කරන ලදී. මෙම සංවර්ධන කටයුත්තෙන් පසු එහි තදබදය පාලනය වී ඇත. දැනට නගර මධ්‍යයයේ ඇති බස් නැවතුමෙන් අවට නගර හා ගම් වෙත බස් සේවා ක්‍රියාත්මක වේ. ශ්‍රී ලකාවේ ප්‍රථම, පුද්ගලික අංශයේ තට්ටු දෙකේ බස් රථය ධාවනය වන්නේද කොට්ටාව බස් නැවතුමේ සිටයි. නගරයේ සිට කොට්ටාව-අතුරුගිරිය මාර්ගයේ මීටර් 150ක් පමණ ගමන් කල විට කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොට්ටාව දුම්රිය ස්ථානය හමු වේ. කොට්ටාව නගරය ඉතාමත් සීග්‍ර දියුණුවකට ලක් වෙමින් ඇති අතර සියලු පහසුකමක් පාහේ එහි දක්නට ඇත.

මූලාශ්‍ර

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

සිංහල සාහිත්‍යයනායයෑම්වැව්සරම්පසිඟාලෝවාද සූත්‍රයසිංහල ජනයාඅභයගිරි දාගැබලංකාරාමයඩයි⁣නෝසරයන්කමතසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකාවේ 1987-89 කැරැල්ලපරිගණක මෘදුකාංගකන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය අන්තර්ජාතික ජෛවගෝල රක්‍ෂිතයශ්‍රී ලංකාවේ කැටයම් කලාවකෘමියෝමුදල්භික්ෂු සාසනයජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයමුගලන් රහතන්වහන්සේඅධ්‍යාපනයබැක්ටීරියාගෞතම බුද්ධ පරිනිර්වාණයසිලින්ඩරශ්‍රී ලංකාවේ ඉතිහාසයශ්‍රී ලංකා මහ බැංකුවශ්‍රී ලංකාවේ සර්පයෝපාසල්ප්ලීහාවබෞද්ධ ඉතිහාසශ්‍රී ලංකා රේගුවඅනුරාධපුර යුගයේ සිතුවම්එස් පහ (5S) ක්‍රමයශ්‍රී ලංකාවේ විදුලි බලයශ්‍රී ලංකාවේ වී ගොවිතැනකොස්ශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවදිළිඳුබවපේශ කර්මාන්තයමල්ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයආකිමිඩීස්XIV වන දලයි ලාමාබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයලිබරල්වාදයදියවැඩියාවකටු අනෝදාකැලණිය රජ මහා විහාරයජෝන් ඩොයිලිශ්‍රී ලංකාවේ සිනමාවබෝධි ඝරවේ. පිරපාකරනආයතනයදීඝ නිකායශ්‍රී ලංකාවේ මාර්ග සංඥාඵලදායී පාසලදැල්පන්දුකෝළම්අපරාධනාගදීප පුරාණ විහාරයසිදුහත් කුමරු පිළිසිද ගැනීම හා උපතබී එම් ඩබ්ලිව්රුධිර සංසරණ පද්ධතියබුදුගුණ අලංකාරයක්ෂණික මෝචනයඊලෝන් මස්ක්දේවානම්පිය තිස්ස රජසෞඛ්‍යයහෙද සේවයවිකිපීඩියාමද්දුම බණ්ඩාරපන්සියපනස් ජාතක පොතපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරමිනිස් ලිංගික ක්‍රියාශ්‍රී ලංකාවේ කම්කරු නීතියනිල්ලග්ගම බෞද්ධ ස්මාරකනාලන්ද ගෙඩිගේ🡆 More