සූර්යාගේ හා චන්ද්‍රයාගේ උදම් ශක්තිය හේතුවෙන් සාගර මත ඇතිවන ජල මට්ටම ඉහළ යාම හා පහත බැසීම උදම් රළ ලෙස හැදින්වේ.
කාලය හා අවකාශය සමඟ වෙනස් වන ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් සහිත ඕනෑම වස්තුවක් මත උදම් සංසිද්ධිය ඇතිවිය හැක. පෘථිවියේ ගොඩබිම් ප්‍රදේශ මෙයට උදාහරණවේ.
උදම් රළ මඟින් සමුද්‍ර පතුළට හා ගං මෝය වල ජල ප්‍රමාණය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. එසේම එමඟින් උදම් ප්‍රවාහනය යනුවෙන් හඳුන්වන දෝලන තරංග ඇති කරයි. උදම් රළ පිළිබඳ අනාවැකි පළ කිරීම වෙරළාශ්‍රිත යාත්‍රා කිරීම් සඳහා වැදගත් වේ. (වැඩි තොරතුරු උදම් රළ හා යාත්‍රා කිරීම) උස් ජල මට්ටමේදී සිය යට පවතින හා ජල මට්ටම අඩු වූ විට නිරාවරණය වන පටු වෙරළ තීරය අන්තර් "උදම් කලාපය" හෝ "පෙර වෙරළ" ලෙස හැඳින්වේ. එය සාගර උදම් මඟින් ඇතිවන වැදගත් පාරිසරික ඵලයකි.
එම ප්‍රදේශයක ඇතිවන උදම් රළෙහි ස්වභාවය තීරණය වන්නේ පෘථිවියට සාපේක්ෂව සුර්යයාගේ හා චන්ද්‍රයාගේ පිහිටීම, පෘථිවිය භ්‍රමණයේ බලපෑම හා මුහුදු පතුලේ ස්භාවය යන කරුණු වල සංයුතියෙනි. උදම් අමානය මඟින් මනින ලද මුහුදු මට්ටම කෙරෙහි සුළගේ ද දැඩි බලපෑමක් තිබිය හැක.
උදම් ඇතිවීමට ගතවන කාලය පැය කිහිපයක සිට වර්ෂ ගණනාවක්1 තෙක් විවිධ විය හැක. එමනිසා නිරවද්‍ය මිනුම් ලබාගැනීම සඳහා උදම් ආමාන,රැළි මඟින් හටගන්නා විචලනයේ බලපෑම මිනිත්තු කිහිපයකට වඩා අඩු ස්ථාන වල පමණක් උස මට්ටම පිළිබඳ මිනුම් ලබා ගනී. මෙලෙස ලබාගන්න දත්ත ' මධ්‍යම මුහුදු මට්ටම' නමින් හඳුන්වන දත්ත හා සංසන්දනය කරයි.
M2 වලින් වෙනස් වූ සංඝටක සමාන්‍යයෙන් සුර්යයාගේ ගුරුත්වාකර්ෂණ බලය පෘථිවි භ්‍රමණය අක්ෂයේ ආනතිය, චන්ද්‍ර කක්ෂයේ ආනතිය හා චන්ද්‍රයා පෘථිවිය වටා මෙන්ම පෘථිවිය චන්ද්‍රයා වටා ඇති කක්ෂ වල ඉලිප්සීය හැඩය වැනි සාධක මත රඳා පවතී. දවසින් අඩකට වඩා අඩු විචල්‍යතාවයක් සහිත කාලාවර්ත වලින් යුත් සංඝටක අනුවර්තී සංඝටක නම් වේ. දීර්ඝ කාලීන සංඝටක වලට දින, මාස හා වර්ෂ වැනි කාලාවර්ත පැවතිය හැක.
Tides |
This article uses material from the Wikipedia සිංහල article උදම්, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.