අවසන් වායුබන්ධක: ඇවටා:අවසන් වායුදුනුවායා

ඇවතාර්:අවසන් වායුබන්ධක(Avatar:The Last Airbender) ඇමරිකාවේ Nickelodeon Animation Studios විසින් නිමවන ලද ළමා සජීවීකරණ ටෙලි වෘතාන්තයකි.

එය අතුරුකතා 61කින් හා ඍතු 3කින් සමන්විත වූ අතර 2005සිට 2008දක්වා නිකලෝඩියන් රූපවාහිනී නාලිකාවේ විකාශය විය. මෙම කතාමාලාව සහනිර්මාතෘන් Michael Dante DiMartino , Bryan Konietzko යන දෙපල හා Aaron Ehasz ගේ උදවුවෙන් නිමවුණි. ඇවතාර්:අවසන් වායුබන්ධක දිගහැරෙන්නේ ආසියානු සංස්කෘතිය මුසු, සතර මහා භූතයින්(ආපෝ,තේජෝ,වායෝ,පඨවි) "බන්ධන" නම් අධිමානසික ශිල්ප ක්‍රම මගින් පාලනය කළහැකි සමහරුන් සිටින ලෝකයක ය. මෙම වෘතාන්තය ජපන් ඇනිමේ හා නූතන ඇමරිකානු සජීවීකරණ ශෛලීන් වල සංකලනයකි. 2013දි මෙහි අලුත්ම කතාමාලාව වන "The Legend Of Korra" කතාමාලාවද එළිදැක්වුනි.

ඇවතාර්:අවසන් වායු වීරයා
අවසන් වායුබන්ධක: කතාමාලා විශ්ලේෂණය, පාදක කතාව, චරිත
ප්‍රභේදය
ආකෘතියසජීවීකරණ කතාමාලා
තැනුවේMichael Dante DiMartino
Bryan Konietzko
රචනය කලේMichael Dante DiMartino
Bryan Konietzko
Aaron Ehasz
Tim Hedrick
John O'Bryan
Elizabeth Welch Ehasz
Joshua Hamilton
May Chan
Matthew Hubbard
James Eagan
අධ්‍යක්ෂණය කලේලෝරන් මැක්මුලන්
ඩේව් ෆිලෝණි
ජියන්කාලෝ වෝල්ප්
ඊතන් ස්පොල්ඩින්ග්
ජෝවාකීම් දොස් සැන්ටෝස්
Voices ofසැක් ටෛලර් ඓසන්
මෑ විට්මන්
ජැක් දෙසේනා
ජෙසී ෆ්ලවර්
ඩී බ්‍රැඩ්ලි බේකර්
ඩාන්ටේ බස්කෝ
Mako Iwamatsu
Composer(s)ජෙරමි සකර්මන්
සම්භව රටඇමරිකානු එක්සත් ජනපදය
භාෂාව(න්)ඉංග්‍රීසි
කථාවාර සංඛ්‍යාව3
කථාංග ගණන61
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)මෛකල් ඩාන්ටේ ඩීමාටීනෝ
ආරොන් ඉහේස්
ධාවන කාලයමිනිත්තු 22
නිෂ්පාදන සමාගමNickelodeon Animation Studios
ප්‍රචාරණය
මුල් නාලිකාවNickelodeon
මුල් ධාවනයපෙබරවාරි 21, 2005 (2005-02-21) – ජූලි 19, 2008 (2008-07-19)
කාලානුක්‍රමය
පූර්වගමනය වනුයේ­Zuko's Story (චිත්‍රකතාව)
අනුගමනය වනුයේThe Promise (චිත්‍රකතාව)
The Search (චිත්‍රකතාව)
The Legend of Korra (ටෙලි වෘතාන්තය)
බාහිර සබැඳි
Official website

මෙම කතාමාලාව දොළොස් හැවිරිදි ආන්ග් නම් වායුබන්ධකයා හා ඔහුගේ යහළුවන් අග්නි රාජ්‍යයේ අග්නි අධිරජු පරදා ලොවට සාමය ගෙන එන්නට දරන ප්‍රයත්නය වටා ගෙතුනකි. කතාමාලාවේ 1වෙනි කොටස 2005,නවම් මස 21වෙනිදා විකාශය වූ අතර, අවසන් කොටස 2008,ඇසල මස 19 වනදා විකාශය විය.

කතාමාලා විශ්ලේෂණය

ඇවතාර් කතාමාලාව ඇරඹෙන්නේ මිනිසුන්,දෙමුහුන් සතුන් හා දේවතාවන් එකට හා වෙන්වී වාසය කරන ලෝකයකය. මනුෂ්‍ය ශිෂ්ටාචාරය ජල (水),පෘථිවි (土),අග්නි (火),වායු (氣) ලෙස සිව් මහා ජාතීන් වලට බෙදී ඇති අතර එක් එක් ජාතීන්ගෙන් කිහිපදෙනෙකුට තමන් අයත් ජාතියේ මූලධාතුව සටන් කලා,චලන මගින් බන්ධනය කර පාලනය කල හැක. එක් එක් බන්ධන ශිල්ප අනුබන්ධන ශිල්ප වලටද බෙදෙන අතර ඒවායින් සමහරක් ලෙස ලෝහබන්ධනය (පෘථිවි),අකුණුබන්ධනය (අග්නි) හා රුධිරබන්ධනය (ජල) හැඳින්විය හැක. ආකාශබන්ධනය මළගිය ශිල්ප ක්‍රමයක් වන අතර වෘතාන්තයේ අවසන් කොටසට එනතුරුම දක්නට නොලැබේ.

කෙසේ හෝ මෙම මහා ධාතූන් සතරම බන්ධනය කල හැකි එකම එක ජීවියෙකු ද ලොවට උපදී. ඒ නම් ඇවතාර් ය. හේ හෝ ඈ දේවතා බලය රැගෙන මනුලොව පහලවූ සත්ත්වයෙකි. ඇවතාර් වරයකු මියගිය විට හේ සතර මහා භූත පිලිවෙලින් ඊළඟ ජාතියේ උපදී. මෙම නැවත උපදින වාරයක් පාසාම හේ ස්වකීය බන්ධන බලයේ සිට අනෙක් බන්ධන ක්‍රම ද ප්‍රගුණ කොට සම්පූර්ණ ඇවතාර් වරයෙකු විය යුතුය. අවතාර්වරයෙකුට "ඇවතාර් අවස්ථාව" නම් ස්වයංක්‍රීය ආරක්ෂණ ක්‍රමයක් පිහිටන අතර එමගින් ඔහුට තම පෙර ආත්ම භවයන්හි ලබාගත් ශක්තීන් හා දැනුම භාවිතා කල හැක. එමෙන්ම චක්‍ර භාවනා ප්‍රගුණ කිරීමෙන් "ඇවතාර් අවස්ථාව" ඇවතාර් ට වුවමනා ලෙස භාවිතා කිරීමටද හැක. මනුෂ්‍ය ජාතීන් අතර මෙන්ම දේවතාවුන් අතරද ඇති එකම සම්බන්ධය ඔහු නිසා හේ සැමවිටම ලෝක හා ජාතීන් අතර සාමය පවත්වා ගැනීමට උපකාරී විය යුතුය.

පාදක කතාව

කතාමාලාවට අවුරුදු 100කට පමණ පෙර සිදුවූ සිදුවීමකින් සියලුදේ ඇරඹේ.

වස් 100කට පෙර අග්නි අධිරජු සෝසින් තම රාජ්‍ය බලය ව්‍යාප්ත කිරීමට ලෝක යුද්ධයක් අරඹන අතර එවකට ඇවතාර් වන රොකු එය වලකාලයි. ඇවතාර් රොකු ගේ අභාවයෙන් පසුව වායු ආරාමයන්හි ඉපදුනු ඇවතාර් ආන්ග් හට තමන් ඇවතාර් බව නිසි වයසට පැමිණීමට පෙරම දැනගන්නට ලැබෙයි. ආන්ග් තමාට දැරීමට සිදුවන වගකීම් හා වෙන්වීම් වලට බියවී ආරාමයෙන් පැනයන අතර,අතරමගදී කුනාටුවකට අසුවී ආන්ග් හා ඔහුගේ පියාඹන ගවයා වන ආපා හිම කුට්ටියක් තුල ශිශිරතාරක නින්දෙන් හිරවේ. අග්නි අධිරජු සෝසින්, නව ඇවතාර් මරාදැමීමේ අදහසින් මුළු වායු ආරාම සතරේම මිනිසුන් සමූලඝාතනය කරන අතර එමගින් ආන්ග් මුළු ලෝකයේම අවසන් වායුබන්ධකයා බවට පත්වේ.

ලෝක යුද්ධය වසර සිය ගණන් දිවයන අතර එම කාලාන්තරයේ සෝසින්ගේ පුත් අසූලෝන් ද ඔහුගෙන් පසු ඔහුගේ බාල පුත් ඕසායි ද බලයට පත්වේ. වැඩිමහල් පුත් ඓරෝ, තම තරුණ කාලයේදී බා-සිං-සේ පෘථිවි නගරයට දින 600ක ප්‍රහාරයක් දියත් කරන ලද්දෙකි.

චරිත

  • ආන්ග් 安昂 (සැක් ටෛලර් ඓසන්)

යනු කතාමාලාවේ ප්‍රධාන චරිතය වන දොළොස්-හැවිරිදි විනෝදකාමී පිරිමි ළමයෙකි. අවිහිංසාවාදියෙකු මෙන්ම සටන් විරෝධියෙකු වුවද,හේ තම මිතුරන්ගේ ආරක්ෂාව තම වගකීමක් ලෙස ගනියි. ඔහු ග්‍රහලෝකයේ අවතාර්ගේ පුනරුප්පත්තිය බැවින් බොහෝ විට ගැටුම් විසඳීමේ විනිශ්චයකාර තනතුර ඔහු අත පැවරේ. වෘතාන්තයේ නිර්මාතෘන්ට අනුව ආන්ග්ගේ සිරුරේ ඇති ඊතලාකාර පච්ච මගින් ඔහු වායුබන්ධක විශාරදයෙක් බව කියවෙන අතර ලෝකයේ බාලම විශාරද වායුබන්ධකයා ඔහු වේ. ආන්ග්ට අනුව ලෝකයේ පහලවූ දක්ෂතම වායුබන්ධකයා ඔහුගේ ගුරුතුමාණන් වන ග්‍යාත්සෝ හිමියන්ය.

  • කටාරා 卡塔拉 (මෑ විට්මන්)

යනු දක්ෂිණ ජල ගෝත්‍රයට අයත්වන දහහතර-හැවිරිදි ජලබන්ධකයෙකි. ඈ තම අයියණ්ඩියත් සමග අග්නි අධිරජු පැරදවීමේ ආන්ග්ගේ ගවේෂණයට සහභාගී වන අතර අවසානයේදී ඔහුගේ ජලබන්ධක ගුරුතුමිය බවට පත්වේ. කටාරා තම ගෝත්‍රයේ අවසන් ජලබන්ධකයන් දෙදෙනාගෙන් කෙනෙකු වන අතර,(අනෙක් පුද්ගලයා "හාමා" ය) රුධිරබන්ධනය (කතාමාලාවෙදී දෙවරක් පමණක් භාවිතා වේ) භාවිතා කල හැකි ජලබන්ධකයන් දෙදෙනාගෙන් කෙනෙකු වේ. කටාරා ස්වභාවයෙන් කරුණාබර හා උදාර තැනැත්තියක් වුවද,පාවාදීම් හා ද්‍රෝහීකම් දුටුවිට ඉතා ඉක්මනින් සැලෙයි. කතාමාලාවේ පළමු සංස්කරණයේදී කටාරාගේ නම "කායා"(琪亞) වූ අතර පසුව එම නම ඇගේ මවට යෙදුණි.

  • සාකා 索卡 (ජැක් දෙසේනා)

පහළොස්-හැවිරිදි දක්ෂිණ ජල ගෝත්‍රික රණශූරයෙකි. ඔහුගේ නැගණියත් සමග ඔහුද අග්නි අධිරජු පැරදවීමේ සටනට ආන්ග් හා එක්වේ. තමාවම "මාංශ කෑමට පෙරේත" හා "උපහාසාත්මක" ලෙස හඳුනාගන්නා සාකා, බොහෝවිට කතාවට හාස විශ්‍රාන්තිය ගෙනදෙයි. ඔහුගේ යහළුවන්ට මෙන් සාකා හට බන්ධන බලය නැති බැවින් හේ සැමවිටම ඔහුගේ ආයුධ ශක්තිය හා අසිපත මත යැපෙයි.

  • ටාෆ් බෙයිෆොං 北方拓芙 (ජෙසී ෆ්ලවර්)

2වෙනි ඍතුවේදී දක්නට ලැබෙන දොළොස්-හැවිරිදි පෘථිවිබන්ධක ප්‍රවීඥයෙකු වන අන්ධ ගැහැණු ළමයෙකි. වගුරුබිමකදී ආන්ග් දකින දර්ශනයකට පසුව ඈ ඔහුගේ පෘථිවිබන්ධන ගුරුවරිය වේ. උපතින් අන්ධ වුවද,තම පෘථිවිබන්ධනය භාවිතයෙන් පොළොවින් ගමන් ගන්නා කම්පන තරංග ඔස්සේ "දැකීමට" ඇයට හැකිය. මෙම දක්ෂතාවය මගින් ඈ හට අනෙකෙකුගේ හෘද ස්පන්දනය අසා අනෙක් පුද්ගලයා පවසන්නේ සත්‍යයක්ද අසත්‍යයක්ද යන්න කීමට හැක. ඇය පසුකාලයේදී ලෝහවල ඇති පෘථිවි ගුණාංග භාවිතයෙන් "ලෝහබන්ධනය" සොයාගනියි.

  • සූකෝ 蘇科 (ඩාන්ටේ බස්කෝ)

යනු දහසය-හැවිරිදි අග්නිබන්ධක, පිටුවහල් කරනලද අග්නිරාජ්යයේ කුමරෙකි. ඔහු පලවන ඍතුවේදී දුෂ්ටයා ලෙසද, දෙවන ඍතුවේදී දුෂ්ටයෙක් නොවන්නෙකු ලෙසද, තෙවන ඍතුවේදී වීරයෙකු ලෙසද දක්නට ලැබෙයි. හේ දැඩි අධිශ්ටානයක් සහිත මුරණ්ඩු පුද්ගලයකු වන අතර, තුන්වන ඍතුව වනතෙක්ම කරුණාව,දයාව දක්වන්නේ ඉතා දුලබ ලෙසය. ඔහු තම අහිමිවූ ගෞරවය ලබාගැනීම සඳහා උමතු ගවේෂණයක් කරන අතර අවසානයේදී එහි සැබෑ අරුත ඔහුට පැහැදිලි වෙයි. මුල් කාලවලදී ඔහු තමාගේම ද්වේශය,ආත්මානුකම්පාව,පවුල් ගැටළු හා හොඳ සහ නරක අතර අතරමං ව වාසය කලද, පසුව ඔහු තම කිරීටය අතහැර සාමය වෙනුවෙන් ඇවතාර් හට එකතුවේ. කතාමාලාව අවසානයේ ඔහු නව අග්නි අධිරජු බවට පත්ව අන් දේශයන් සමග නැතිවූ සාමය නැවත නගාලන්නට උදවුවන බවට දිවුරුම්දෙයි.

  • ආපා 阿柏 (ඩී බ්‍රැඩ්ලි බේකර්)

ආන්ග්ගේ පියාඹන ගවයා සහ, ඔහුව ලොව වටේ රැගෙනයන ප්‍රවාහන මාධ්‍යය වේ. හේද ආන්ග් සමගම අවු100ක ශිශිරතාරක නින්දට වැටෙන අතර ආන්ග් සමග ඉතා දැඩි බැඳීමක් ඇතිකරගනී. ඔහුට පියාසර කිරීමේ හැකියාව පවතින අතර තම වලිගයෙන් බලවත් සුළං පහරවල් මැවීමට හැකියාව ඇත. ආන්ග් ට අනුව,ප්‍රථම වායුබන්ධකයන් වූයේ පියාඹන ගවයින්ය.

  • මෝමෝ 模模 (ඩී බ්‍රැඩ්ලි බේකර්)

යනු ආන්ග් දක්ෂිණ වායු ආරාමයෙන් සොයාගන්නා නුවණැති හා කුතුහලය සහිත පියාඹන ලීමර් සතෙකි. ආහාර සඳහා ඔහු බොහෝවිට ආපා හෝ අනෙක් සතුන් සමග පොරබදයි. ඔහුට ආන්ග්ගේ කතාවහර තෙරුනද අන් අයගේ කතාබස වැටහ නොගනී. "Tales of Ba Sing Se" පරිච්ඡේදයේ දී, මෝමෝ ගේ නම ලිය ඇත්තේ 模模 (mó mó)ලෙසය. මෝමෝ යනු ජපන් බසින් "පීච් ගෙඩිය" යන්න(ආන්ග් ඔහුව නම් කිරීමට තැත් කරන වෙලාවේදී ඔහු සාකාගෙන් පීච් ගෙඩියක් උදුරාගනියි)නමුත් ,එය අන් තැන්වල ලියා ඇත්තේ 桃,නොහොත් චීන බසින් පීච් යන අරුත දෙන අකුරෙනි.

  • ඓරෝ 艾洛 (Mako Iwamatsu/ග්‍රෙග් බෝල්ඩ්වින්)

අග්නි රාජ්‍යයේ හිටපු ජනරාල් වරයෙකි. ඔහුව හඳුන්වන අන්වර්ථ නාමය "දටහිරෙහි මකරා" වන අතර, සූකොගේ මහප්පා හා අදුරුතුමාද වේ. ඔවුන්ගේ පියාගේ අභාවයෙන් පසු රජකම ලැබීමට තිබුනේ ඔහුට වුවද, ඔහුගේ රජපෙලපත ගෙනයාමට ඇති නොහැකියාව පෙන්වා ඔහුගේ සොයුරා වන ඕසායි රජකම ගත්තේය. මතුපිටින් හේ විනෝදශීලී,කරුණාබර,සර්වසුභාවාදී,විකාර මහල්ලෙක් ලෙස පෙනුනද,ඇතුලතින් ඔහු ශක්තිමත් හා භක්තිමත් රණකාමියෙකි. ඓරෝ ධවල පියුමේ සංගමය (Order of the White Lotus) යන රහසිගත සමිතියේ ප්‍රබල සාමාජිකයෙකු වේ. අන් අග්නිබන්ධකයින් මෙන් නොව,ඓරෝ තම ශක්ති ප්‍රභවය ලෙස ද්වේශය භාවිත නොකර,මකරුන්ගෙන් ලබාගත් අග්නිබන්ධන රහසක් මත යැපෙයි.

  • අසූලා (ග්‍රේ දීලීල්)

යනු සිව්දස-හැවිරිදි අග්නි අධිරාජ්‍යයේ කුමරිය වන අතර සූකෝ ගේ නැගණියයි. ඈ කතාමාලාවේ ප්‍රධානම දුෂ්ට චරිතයකි. අසූලා උපතින්ම අග්නිබන්ධන ප්‍රවීඥයෙකු වන අතර ලොව ජීවත්වන අකුණුබන්ධකයින් කිහිපදෙනා අතරින් කෙනෙකි. ඈ අන් ඇය හැසිරවීමේ ප්‍රයෝගකාරී විශාරදයක වන අතර ඈ තම යටත් වැස්සන් හා යහළුවන් එකසේ භීතිය මගින් පාලනය කරයි. ඈ සුපරික්ෂාකාරී,කපටි හා මනෝන්මාදාත්මක සර්වතෝභද්‍ර වාදියෙකි. ඇගේ සමර්ථ උපාය දක්ෂ ඥාණයෙන් සමස්ත පෘථිවිරාජ්‍යයම තම අණසක යටතට ගැනීමට ඇයට හැකිවිය. තෙවන ඍතුව අවසන, ගැඹුරු මනෝවිද්‍යාත්මක ගැටළු හා තම මිතුරියන්ගේ පාවාදීමෙන් බිඳීගිය මනසක් සහිත වූ ඈ සිහිවිකල වන්නීය. අවසානයේදී සූකෝ හා කටාරා එකතුවී ඇය පරදාලයි.

යොමුවන්

Tags:

අවසන් වායුබන්ධක කතාමාලා විශ්ලේෂණයඅවසන් වායුබන්ධක පාදක කතාවඅවසන් වායුබන්ධක චරිතඅවසන් වායුබන්ධක යොමුවන්අවසන් වායුබන්ධක

🔥 Trending searches on Wiki සිංහල:

හෘදයාබාධයනිරවි යුද්ධයසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයබෞද්ධ දිනදසුනසේනක බිබිලේවිජය කුමාරණතුංගමානෙල්සිද්ධාර්ථ කුමරුඝනත්වයධම්මපදයගබ්සාවශ්‍රී ලංකා පොලිස් සේවයසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයභික්ෂූන් වහන්සේතෙරේසා මවුතුමියපියයුරු සංසර්ගයසෞරග්‍රහ මණ්ඩලයසිදත් සඟරාවලන්දේසි ලංකාවපරිණාමයඅෂ්ඨ විද්‍යාශ්‍රී ලංකාවේ ආදි වාසීන්ඇදුමමෛත්‍රීපාල සිරිසේනමයිකල් ජැක්සන්ජී‍.බී. සේනානායකඋපායශීලී සැලසුම්කරණයශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියඔලිම්පික්වෛරස් පිළිබඳ හැඳින්වීමක්අටමස්ථානශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාඉන්දියාවේ දේශපාලන පක්ෂබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවපේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයගිරවුඇඩ්වාන්ස්ඩ් මයික්‍රෝ ඩිවයිසර්ස් ඉන්කෝපරේෂන්තොටගමුවේ ශ්‍රී රාහුල හිමිමානව අයිතිවාසිකම් 1945 ට පෙර හා පසුමන්නාරම බයෝබැබ් ගසකැබිලිත්තෑවේ සියඹලා ගසශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමහෙළ ගණන් ක්‍රමයආරුමුග නාවලර්ජලයඊශ්‍රායලයනිකොලස් කොපර්නිකස්ථූපාරාමයතාක්‍ෂණයඇරිස්ටෝටල්අකුණුමානවම්ම රජශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවදිළිඳුබවවොලිබෝල්පුරාතන ග්‍රීක ශිෂ්ටාචාරයකිතුල්සිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාමාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරායආනන්ද විද්‍යාලය, කොළඹමහනුවර යුගයේ සිතුවම් කලාවකම්කරු නීතියපරිගණක ජාලවගුරුප්‍රථමක සංඛ්‍යාවිෂ්ණුප්‍රථම සඳ තරණයශ්‍රී ලංකාවේ පළාත්දුර්ගා දේවියසමනල කන්දවිධායක ඡනාධිපතිකෝළම්රණසිංහ ප්‍රේමදාසවර්ණ සබැඳි සිද්ධාන්තරුවන්වැලිසෑයබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්🡆 More