නිල්මිණි තෙන්නකෝන්

ජනප්‍රිය ලෙසින් නිල්මිණි තෙන්නකෝන් ලෙසින් හැදින්වෙන, තෙන්නකෝන් පතිරණලාගේ නිල්මිණි (උපත ජනවාරි 23, 1965) යනු, ශ්‍රී ලාංකික සිනමාවෙහි සහ රූපවාහිනියෙහි සම්මාන-ලාභී නිළියකි.

විශේෂයෙන් රූපවාහිනියෙහි සක්‍රීය, අතිශයින් නිපුණතා සපිරි නිළියක් වන ඇය, බොහෝ දේශීය සම්මාන උළෙලන්හිදී හොඳම නිළිය සම්මානයෙන් කිහිප අවස්ථාවන්හිදී පිදුම් ලැබුවාය. සිංහල සිනමාවෙහි "කඳුලු බිංදුව" ලෙසින්ද ඇය බොහෝ විට හැඳින්වෙයි.

නිල්මිණි තෙන්නකෝන්
Nilmini Thennakoon
උපත
තෙන්නකෝන් පතිරණලාගේ නිල්මිණි

ජනවාරි 23, 1965 (1965-01-23) (වයස 59)
ජාතිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනයවේල්ස් කුමරි විදුහල
රැකියාවනිළිය
සක්‍රීය වසර1987–වර්තමානය
කලත්‍රයා(යන්)මධුමාධව අරවින්ද (වි. 1996)
දරුවන්ශ්වෙතා මන්දාකිණි
සම්මානහොඳම නිළිය

පුද්ගලික ජීවිතය

මොරටුවෙහිදී ඇය උපත ලද්දේ 1965 ජනවාරි 23 දිනදීය. ඇය සතුව උරෝජාතයන් දෙදෙනෙකු වන අතර, වැඩිමහල් සොහොයුරෙක් සහ බාල සෙහොයුරියක් ලෙසිනි. ඇයගේ පියා ව්‍යාපාරිකයෙක් විය. ඇයගේ වයස අවුරුදු 13 ක් වෙත්ම ඔහු මිය ගියේය. වේල්ස් කුමරි විදුහලෙන් ඇය අධ්‍යාපනය සම්පූර්ණ කලාය.

ජනප්‍රිය ගායක මධුමාධව අරවින්ද සමග ඇය විවාහ වී සිටි අතර, ඔවුනට ශ්වෙතා මන්දාකිණි නමින් එක් දියණියක් සිටියි. ඇයට මධු හමුවූයේ 1992 වසරෙහිදී පිණි බිඳු ටෙලි නාට්‍යය තුලදීය. ඔවුහූ 1996 මැයි 5 දිනදී විවාහ වූහ. 2000 ගණන් වල මුල් භාගයෙහිදී ඔවුහූ දික්කසාද වූහ. ඇයගේ දෙවන විවාහය යෝජනාවක් ඔස්සේ සිදුවූ අතර එයද දික්කසාදයෙන් කෙළවර විය.

වෘත්තිය

1980 ගණන් වලදී, 7 වන ශ්‍රේණියෙහි උගෙනුම ලබද්දී ඇය පාසැල් වේදිකාවෙහි රඟ දැක්වීමට පටන් ගත් අතර වජිරා චිත්‍රසේන මහත්මිය යටතේ නැටුම් හැදෑරුවාය. ඉන්පසු ඇය මොරටුවෙහිදී ගුවන්විදුලි ශීල්පිණි චිත්‍රා කුමාරි කළුබෝවිල යටතේ "පහත රට" සහඋඩරට නැටුම් පුහුණුව ලද්දාය. චිත්‍රාගේ මගපෙන්වීම යටතේ ඇය රූපවාහිනියෙහි පෙන්වුණු සසර නම් මුද්‍රානාට්‍යයක රංගන දායකත්වය දැක්වූවාය.

ජනප්‍රිය අධ්‍යක්ෂක රෝයි ද සිල්වා සහ නිළි සුමනා අමරසිංහ විසින් ඇය සිනමාවට හඳුන්වා දෙන ලදි. හිත හොඳ චණ්ඩියා චිත්‍රපටයෙහි නැටුම් දර්ශනයක ඇය රඟ දැක්වූවාය. ඒම කාල සීමාවෙහිදීම, ඩී. බී. නිහාල්සිංහ විසින් ඔහුගේ රූපවාහිනී වෙළෙඳ දැන්වීම් වල තෙන්නකෝන් භාවිතා කොට ඉන්පසුව දිමුතු මුතු නාට්‍යයෙහි "අමරාවතී" චරිතයද ඉන්පසුව කෙළි මඬල 1991 චිත්‍රපටයෙහි චරිතයක්ද ඇයට ලබා දුනි. ඇගේ ප්‍රධාන රූපවාහිනී රඟපෑම එළිදැක්වුණේ නාලන් මැන්දිස් අධ්‍යක්ෂණය කල පස්සෙ ගෙනා මනමාලි වෙතිනි. ඉන්පසු ඇය ඉරිදා දිනවල රූපවාහිනී නාලිකාවෙහි වසර ගණනක් තුල ප.ව. 8.30ට දර්ශනයවූ දූ දරුවෝ ජනප්‍රිය රූපවාහිනී කතාමාලාවෙහි රඟදැක්වූවාය. මෙම දූ දරුවෝ කතා මාලාවෙහි ඇයගේ '"දීප්ති" නම් චරිතය ඇගේ අභිවෘත්තියෙහි ප්‍රධාන සාර්ථකත්වයක් විය.

ඇයගේ මංගල සිනමා අත්දැකීම වූයේ ලූවී වැන්ඩර්ස්ට්‍රැටන් අධ්‍යක්ෂණය කල මව්බිම නැත්නම් මරණය 1985 චිත්‍රපටයෙහි සුළු චරිතයක් තුලිනි. ඇයගේ පළමු ප්‍රධාන චරිතය පණගැන්වුනේ සුනිල් සෝම පීරිස් අධ්‍යක්ෂණය කල 1990 චිත්‍රපටය යුක්තියට වැඩ වෙතිනි. ඇය දායකත්වය සැපයූ ජනප්‍රිය චිත්‍රපට අතර කෙළි මඬල, නගරන් සහලේ කිරි කඳුල වෙති.

1992 වසරෙහිදී, හොඳම නැගී එන නිළිය වෙනුවෙන් සරසවිය සම්මානය ඇය විසින් දිනා ගන්නා ලද්දේ සුරනිමල චිත්‍රපටයහෙි ඇයගේ භූමිකාව වෙනුවෙනි. ලේ කිරි කඳුළු චිත්‍රපටයෙහි "වීණා" භූමිකාව වෙනුවෙන් ඇය හොඳම නිළිය සඳහා සරසවිය සම්මානය දිනුවාය. ඉන්පසුව වඩාත් ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළිය වෙනුවෙන් සම්මානය ඇය අඛණ්ඩව වාර්තාගත වසර හයක් තිස්සේ දිනා ගති. 2008 රයිගම් ටෙලීස් සම්මාන උළෙල තුලදී, ෂර්ලි. පී. දෙලන්කාවල විසින් අධ්‍යක්ෂණය කෙරුණු හැන්දෑව කතා මාලාවෙහි "ටිකිරි මැණිකා" භූමිකාව වෙනුවෙන් හොඳම නිළිය සම්මානය තෙන්නකෝන් දිනුවාය. 2016 වසරෙහිදී ඇය විසින් හොඳම නිළිය වෙනුවෙන් සුමති සම්මානය දිනුවේ අම්මා තුල ප්‍රධාන නිළි-භූමිකාව සඳහාය.

ශාක්‍යන්ස් කණ්ඩායමෙහි නායිකාව ලෙසින් හිරු මෙගා ස්ටාර්ස් රියැලිටි වැඩසටහනෙහිද ඇය සහභාගී විය. ටීවී දෙරණ වෙතින් ප්‍රචාරය කෙරුණු සිත් ගිමන් හල රූපවාහිනී වැඩසටහනද ඇය විසින් මෙහෙයවන ලදි. නුගේගොඩ ඇය සතුව රූපලාවන්‍ය ව්‍යාපාරයක්ද ඇත.

තෝරාගත් රූපවාහිනී කතාමාලා

  • අම්මා හී අම්මා ලෙසින්
  • අස්වැන්න
  • බෝඩිම
  • දිය සුළිය
  • දිය යට ගිනි
  • දූ දරුවෝ දීප්ති ලෙසින්
  • ගිරිකුළ ඩිංගිරි අම්මා ලෙසින්
  • හැන්දෑව ටිකිරි මැණිකා ලෙසින්
  • හිරු දහසක් යට
  • ඉටි පහන් සෝමේ ලෙසින්
  • කුමාරයාණෙනි
  • මංසල දේවී ලෙසින්
  • නිදිකුම්බා මල්
  • පස්සෙ ගෙනා මනමාලි
  • පාට සරුංගල්
  • සාගරය පරදා
  • සඳ පිණි වැස්ස මායා ලෙසින්

චිත්‍රපටශිල්පය

වසර චිත්‍රපටය භූමිකාව ආශ්‍ර.
1985 මව්බිම නැත්නම් මරණය
1990 යුක්තියට වැඩ කුංචු
1990 පෙම් රජදහන
1991 කෙළි මඬල ශාරිකා
1992 සුරනිමල
1993 වැලි සුළඟ නිල්මිණි රණසිංහ
1994 එකදා වැහි
1995 අයෝමා
1999 නගරන් සෝමා
2003 ලේ කිරි කඳුළු වීනා ජයවීර
2016 මධුර චාරිකා ආරාධිත භූමිකාව
2016 හෙරෝ නෙරෝ ප්‍රියා සේනාරත්න
2017 බන්ධනය නන්දාවතී
2019 ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්
තීකයු ආකාස පාලම

සම්මාන

සරසවිය සම්මාන

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
1992 සුරනිමල හොඳම නැගීඑන නිළිය දිනාගති
2003 ලේ කිරි කඳුළු හොඳම නිළිය දිනාගති

සුමති සම්මාන

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2000 ඉසිදාසි හොඳම නිළිය දිනාගති
1995 මහජන මනාපය වඩාත් ජනප්‍රිය නිළිය දිනාගති
2015 ගිරිකුළ හොඳම සහාය නිළිය දිනාගති
2016 අම්මා හොඳම නිළිය දිනාගති

රයිගම් ‌ටෙලීස්

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2009 හැන්දෑව හොඳම නිළිය දිනාගති

ආශ්‍රිත

බාහිර සබැඳි


Tags:

නිල්මිණි තෙන්නකෝන් පුද්ගලික ජීවිතයනිල්මිණි තෙන්නකෝන් වෘත්තියනිල්මිණි තෙන්නකෝන් චිත්‍රපටශිල්පයනිල්මිණි තෙන්නකෝන් සම්මානනිල්මිණි තෙන්නකෝන් ආශ්‍රිතනිල්මිණි තෙන්නකෝන් බාහිර සබැඳිනිල්මිණි තෙන්නකෝන්

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවශ්‍රී ලංකාවේ කෑගල්ල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවපිළිකුත්තුව රජ මහා විහාරයඅට විසි බුදුවරුජාත්‍යන්තර සම්මත පොත් අංකයකාබෝහයිඩ්‍රේටසඳකඩපහ‍ණේ විකාසනයආකල්පස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයලෝවැඩ සඟරාවපුවත්පත්ප්‍රථමාධාරඅඟහරු ග්‍රහලොවජලභීතිකාවආනන්ද කුමාරස්වාමිඅවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (ලියනාඩෝ)මොහන්දාස් කරම්චන්ද් ගාන්ධිශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයරිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතයවිහාරමහා දේවියසමනල කන්දඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකඑක්සත් ජනපදයසෛලය (ජීව විද්‍යාව)1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතකාංසා අක්‍රමතාවයචන්ද්‍ර කුමාර කඳනාරච්චිබෝවන රෝගඉන්දුනීසියාවසියදිවි නසාගැනීමමාර්ටින් වික්‍රමසිංහඅධ්‍යාපන මනෝ විද්‍යාවපොල්අන්තර්ජාලයපේශි පටකයසරත් ගුණපාලපෘථිවියෙහි භ්‍රමණයදුරකථනයජාතිකවාදයමහින්දාගමනයඒඩ්ස්ඉතිහාසයදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමසරම්පගැට බෙරයදළදා වහන්සේකඩොලාන පරිසර පද්ධතියසනත් ජයසූරියකුමාරතුංග මුනිදාසපෘතුගීසි ලංකාවක්‍රීඩාගුණදාස අමරසේකරදැඩිමුණ්ඩ දෙවියෝශ්‍රී ලංකා කොටියාජේසුස් වහන්සේගේ උප්පත්තියශ්‍රී ලංකාවේ නර්තනයන්සිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයඝනත්වයෆේස්බුක්ලංකාවේ වාරි කර්මාන්තයපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරමිනිස් මොළයඩී.එන්.ඒ.එස් පහ (5S) ක්‍රමයඋඩරට නැටුම්මහා ප්‍රජාපතී ගෝතමීදෙවන ලෝක යුද්ධයදඹුල්ල රජමහා විහාරයශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාආයුර්වේදයමිනිස් ලිංගික ක්‍රියාහික්කඩුවනාමල් උයනකන්‍යාභාවයකුණකටුවාසතර සතිපට්ඨානය🡆 More